කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ඉංග්‍රිසි භාෂා කුසලතාවය ඉහළ නැංවීමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම මගින් පාසල් දරුවන් 25,000ක් සඳහා නොමිලේ ඉංග්‍රිසි අධ්‍යාපනය ලබාදීමට සැරැසේ.
පළමු වන ශ්‍රේණියේ සිට අ.පො.ස (සා/පෙළ) දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ යටතේ පාසල් විෂයය මාලාවට සමගාමීව ඉංග්‍රිසී භාෂාවේ මූලිකාංග, ව්‍යාකරණ, නිවැරදි භාෂා භාවිතය මෙන්ම කථනය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට සැලසුම් කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 68 ක් පිහිටුවා ඇති අතර වසර දහයක් පුරා මේ පාඨමාලාව පවත්වයි.
නොමිලේ පවත්වන මෙම ඉංග්‍රීසි අධ්‍යාපන වැඩසටහන සඳහා තම දරුවන් ඇතුලත් කිරීමට අපේක්‍ෂා කරන දෙමාපියන්ට තම නම, ලිපිනය ලියූ මුද්දර කවරයක් "පාසල් ඉංග්‍රීසි අධ්‍යාපන වැඩසටහන", මොහාන් ලාල් ග්‍රේරු පදනම, අංක 18, පීටර්ස් පෙදෙස, නුගේගොඩ යන ලිපිනයට එලබෙන ජනවාරි මස 30වන දිනට ප්‍රථම යොමු කළ යුතු අතර පහත සඳහන් දුරකථන අංකයන්ගෙන් කොට්ඨාශ භාර නිලධාරීන් අමතා වැඩි විස්තර ලබා ගත හැක.
හෝමාගම - 0712307023,රත්මලාන සහ මොරටුව - 0775903636,මහරගම - 0779038510,උතුරු කොළඹ - 0773335062
කොළොන්නාව සහ බොරැල්ල - 0775082572,කඩුවෙල - 0716183760,කැස්බෑව සහ කෝට්ටේ - 0772660963,අවිස්සාවේල්ල - 0716480881,මැද කොළඹ - 0721027666

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කාලේ ළංවෙන නිසා ගොඩක් දෙනෙක් මොන මොනවා හරි පටන්ගන්නවා. (අ)
මොකක්ද මේ කඩුව කියන්නේ? (නදී)
ගම්බද දුප්පත් දරුවන් විසිපන්දහසක් සොයාගන්න. මුදල් නැති ඉගෙනගන්න හැකි දරුවන් තෝරාගෙන ඉගෙන්නුවොත් රටට සේවයක් වේවි.(නදී)
වසර 10 නොමිලේ උගන්වන්න එතුමාට ආපු අදහසට ගරු කල යුතුයි.(නදී)
හොද වැඩක්. කවදත් ඉතින් ග්‍රේරො සර් ළමන්ට හොද මග යන්න පාර හදන්න මහන්සි වෙන පින්වත් මහත්මයෙක්නේ. ඔබට පින්. (අ)
එතකොට මින් ඉස්සරහට ඉංග්‍රීසි උගන්වන්න අමාත්‍යංශයෙන් නැතිව ග්‍රේරු පදනමින්ද ?(දිල්)
ග්‍රේරෝ මහත්මයට පුළුවන් නේද ලයිසියම දරුවන් ගෙන් මුදල් ගන්නේ නැතිව උගන් වන්න. (අ)
උසස් සමාජ සේවයක්.(නදී)
මේක ගොඩක් හොද වැඩක්. නමුත් කොළඹ දරුවන් හට ගුරුවරු සොයා ගැනීම, ආයතන සොයා ගැනීම පහසු වේ. ඔබතුමාට හැකි නම් කොළඹින් පිටත් මේ වගේ දෙයක් කරන්න බලන්න. ග්‍රාමීය දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම ඉතා පහත්. ඔබට පින්. (නදී)
කාන්ති... ලයිසියම් එකේ ඉගෙන ගන්න දරුවන් ඇතුලත් කරන්නෙ ඒකට එවන්න පුලුවන් අය.ඒ සල්ලි වලින් ගම් වල මෙහෙම හරි දෙයක් කරන එක ගැන සතුටු වෙන්න ඕනා.අනෙක ග්‍රේරු නියෝජ්‍ය ඇමති වුන ගමන් ලයිසියම් එකෙන් අස් වුනා කියා තිබුණා දන්නේ නැතිද?අනික ග්‍රේරු මහත්තයාගෙන් ඉගෙන ගත්ත අය කියන්නේ නැහැ එයා සල්ලි වලට ඒක පස්සෙම ගියා කියා.පිට ඉදන් කහින්න එපා.ඉගෙන ගත්තු ගෝලයන්ගෙන් අසා දැන ගන්න. (අ)
අනාගත ජනාධිපති නැත්නම් අගමැති
මෙයා එතකොට ග්‍රේරෝ කන්නන්ගරද ? බස්නාහිර ඡන්දය ඉවර වෙනකන් මොකක්ද කියලා හරියටම කියන්න බැහැ. ඒත් හිතට ආපු එකත් හොඳ දෙයක්.(නදී)
මහත්පල මහා නිසංශ ලැබෙන පිංකමක්. (නදී)
ග්‍රේරු පදනමෙන් දැන් ආයුධ බෙදනවාද (දී)
දුප්පත් දරුවන්ගේ ඇස් පාදන මඟක්. ඔබතුමා ඇතුළු මෙම කර්තව්‍යයට උරදෙන සැමට පිං සිදු වෙයි. (නදී)