ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයයේ කොටසක සැකසූ බිලියඩ් පුහුණු මධ්‍යස්ථානය ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා අතින් විවෘත විය. ඊට මුල් වූයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාය.
ගම්පහ කොට්ඨාසයේ පොලිසි 12 සිටින පොලිස් සාමාජිකයනට මේ ස්ථානයේ පුහුණුව ලැබිය හැකි බවත්, ඒ මගින් ඉදිරි වසරේ ජාතික මට්ටමේ තරගවලට පොලිස් සාමාජිකයන් යොමු කිරීමට අදහස් කරන බවත්, පොලිස් නිලදාරීන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවත් බිලියඩ් කාමරය විවෘත කරමින් කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා පැවසීය.
ගම්පහ පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන සඳසිරි බණ්ඩාර, චන්දන කොඩිතුවක්කු සහ පුෂ්පකුමාර පෙරේරා මහත්වරු ද, ගම්පහ කොට්ඨාසයේ පොලිස් දොළහේ ස්ථානාධිපතිවරුන් ද සහභාගී වූහ.
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගම්පහ පොලිසියට බිලියඩ් පුහුණුව
චානක Friday, 28 June 2013 01:35 PM
එතකොට රාලහාමිලටත් මේ පොල්ලෙන්ම සෙල්ලම් කරන්න අවස්තාව ලැබෙනවද? මම එහෙම ඇහුවේ පොලිසි ඇතුලේත් දැන් නිලදාරීවාදය තියෙන නිසයි (නි)
බමුණු Thursday, 27 June 2013 07:21 PM
නිසි පුහුණුවක් නොමැතිව සෙල්ලම් කරලා මේස රෙද්ද ඉරුනොත් ඒ කාලේ 1970 ගණන්වල දඩය රුපියල් 5000 යි. අපේ ක්ලබ් එකේ දැන් කීයක් වෙනවද දන්නේ නැහැ. ඔය මේසයක් පවත්වාගෙන යාමත් අධික වියදම් යන වැඩක්. (නි)
නිල්මිණි Thursday, 27 June 2013 07:40 PM
අඩුවකට තිබ්බේ ඕක විතරයි,මෙච්චර කල් පොකෙට් බිලියඩ්නේ ගහ ගහා හිටියේ (නි)
වීරසිරි Saturday, 29 June 2013 05:55 PM
නාලක කිව්වා වගේ, මේ රට දැන් කොහෙද මේ යන්නේ? පොලිසිය ක්‍රීඩා කරන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. නමුත් රටේ අපරාද අහස උසට. මෙයාල බෝල අල්ලනවා. කොහොමත් වැඩි දෙනෙක් කරන්නෙම ඒකනේ අපේ රටේ. ඔහොම යන්, ඔහොම යන් මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි.(නදී)
නිල් රණා Thursday, 27 June 2013 08:06 PM
ලොක්කෝ සෙට් වෙන තැනක් නොවී ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාව ලැබුනොත් හොඳයි. නමුත් පොලිසියේ රාජකාරි කරන අයට වඩාත්ම සුදුසු ඇතුලත ක්‍රීඩා නොව පිටත පරිසරයේ සිදුකරන කායික ක්‍රීඩා බව අපේ හැගීමයි. (අ)
සන්ජය Friday, 28 June 2013 08:30 PM
මම ඉන්න රටේ මේක මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ඝනයට නම් වැටෙන්නෙ නැහැ (නි)
අනිල් Monday, 01 July 2013 06:34 PM
මේක හොද වැඩක්, පොලිස් නිලදාරින්ටත් මානසික සුවයක් ලබන්න හොද අවස්ථාවක්.(නදී)
නෙතුමි Tuesday, 02 July 2013 10:17 AM
ඔච්චරයි අඩුවට තිබුනේ... (අ)
බන්දුල Monday, 01 July 2013 07:33 PM
කරන්ට වෙන දේවල් නැද්ද?(නදී)
පහන් Thursday, 27 June 2013 03:54 PM
ඔය මේසෙ අලුතෙන් දාපු එකක් නෙමේ නේ. ඕක ඔතන තියෙන්නේ අවුරුදු 20 විතර කාලේ ඉදලා. (නි)
අශේන් Friday, 28 June 2013 10:22 PM
ඔව්වා ගහන්න අපිට එන්න බැරිද ? (නි)
චමී Monday, 01 July 2013 01:48 PM
ගම්පහ පොලිසිය ගැන කියපු නිසයි මේක කියන්නෙ. රටේ විදුලි අර්බුදයක් තියනවලු. ඒ වුනාට ගම්පහ පොලිසිය පරණ තිබුනු තැන තවම කෑල්ලක් තියනවා. රෑට ගිහින් බලන්නකො දාලා තියන ලයිට් තොගේ. මම බොරුද කියන්නෙ කියලා දැකපු අය දන්නවා ඇති. (දී)
අර්ෂා Sunday, 30 June 2013 06:54 PM
නිල්මිණි, මොකක්ද අනේ පොකෙට් බිලියඩ් කියන්නේ අලුත් සෙල්ලමක් ද ? (අ)
ඉෂාර Thursday, 27 June 2013 04:24 PM
නිකන් ඉන්න වෙලාවට ඉතින්.......... ;) (නි)
නිලූ Friday, 28 June 2013 03:53 PM
පොලිසිය කරන්න ඕන දේවල් නෙමේනේ කරන්නේ. මිනිමරනවා,අරක්කු පෙරනවා ,මාල කඩනවා ,ඇටබෝල ගහනවා මේවා කරලා රජයෙන් පින් පඩියකුත් ගන්නවා.(නදී)
නාලක Thursday, 27 June 2013 10:36 PM
පොලිසිය තියෙන්නේ ඇට බෝල ගහන්නද? නැහැ මම මේ නිකමට වගේ ඇහුවේ... (නදී)
දම් Friday, 28 June 2013 04:00 PM
අල්ලාගෙන එන අපරදකරයන්ට බිලිඔඩ් වලට බැහැල රාළහාමි ගහන බෝල අල්ලන හොද අවස්ථාවක්.තරගයේ උච්චතම අවස්ථාවේදී පොලීසියේ ඉස්සරහ දොරින් පැනලත් ය හැකි වේවි. (අ)
හේරත් Sunday, 30 June 2013 08:20 PM
අනේ පොකෙට් බිලියඩ් ද ? අපේ සීය කැප්ටන් හැමවෙලාවේම කලිසමේ සාක්කුවෙමයි අත්දෙක. (අ)
වරුණ Monday, 01 July 2013 02:31 PM
කමක් නැහැ, නිලධාරීන්ටත් නිදහසක් තියෙන්න ඕනෑ. රාජකාරියත් අවංකවම කරනවා නම් ගොඩක් හොඳයි (දී)
කපිල Thursday, 27 June 2013 04:56 PM
හොද වැඩක් මල්ලවපොර වගේ දෙයක් නම් ගොඩක් හොඳයි (අ)
ෂෙරිෆ් Friday, 28 June 2013 05:04 PM
මෙන්න මෙයාටත් ටිකක් පුරුදු කරන්නකෝ, හලාවත පොලිසියේ සොකෝ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හෙට්ටිපොල හල්මිල්ලෑවේ පවත්වාගෙන ගිය බව කියන කසිප්පු තිප්පොලක් වටලා උපකරණ තොගයක් හා ගෝඩා තොගයක් අත්අඩංගුවට ගත් නමුත් සැකකාර උප පොලිස් පරීක්ෂක නොසිටි බව හෙට්ටිපොල පොලිසිය කියයි. (අ)
ගේට් Friday, 28 June 2013 11:57 AM
අයිස් අයිස් බේබි.(නදී)
ඉන්දික Thursday, 27 June 2013 05:19 PM
මාරු, පොලිසියට අල්ලගෙන එන අපරාධකාරයන්ටත් මේකෙන් පුහුණු වෙන්න පුළුවන් වෙයි වගේ. (නි)
අංජන Friday, 28 June 2013 12:26 PM
මගේ තාත්තත් පොලිසියේ හිටියේ. ඉස්සර හැම ලොකු පොලිසියකම මේ වගේ බිලියඩ් මේස තිබුණා. පස්සේ ඒවා ගැන අගයක් දන්නේ නැති පොලිස් ප්‍රධානියෝ ඒවා විසිකළා. දැන්වත් අගය දන්නා අය පත්වෙන එක හොඳයි. මානසික පිඩාවට මේවයේ අගය තේරුම්ගන්න ඕනෑ. (නි)
කෙනත් Tuesday, 02 July 2013 02:47 AM
අනේ අපේ පොලොසියට අඩුවට තිබුනේ ඔන්න ඔච්චරයි. ඇයි ජිල් ගහන්න පුහුණු කළා නම් මීට වැඩ ඵලදායී නේද? ජිල් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමකට ගෙනයන්නත් පුළුවන්. (නි)