
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ඉපැරණි සංස්කෘතික උරුම සුරැකීමේ ආයතනික කැපවීම අඛණ්ඩව ඉදිරියට රැගෙන යමින්, ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර මාලාව වෙනුවෙන් 11 වැනි වසරටත් සිය දායකත්වය පුද කරනු ලැබීය.
මෙවර සැප්තැම්බර් 20 වැනිදා සිට 28 වැනිදා තෙක් පැවැති මෙම පෙරහර මාලාව ඇතුළත් උත්සවය, රුහුණු රටට ආවේණික සංස්කෘතික හා නර්තන අංගවලින් සමන්විතව, දහස් ගණනක් බැතිමතුන්ගේ ආකර්ෂණය දිනා ගනිමින් පැවැත්විණි. මෙරට සාම්ප්‍රදායික අංග සහ ආගමික වතාවත්වලින් සමන්විත මෙම වාර්ෂික පෙරහර, මෙරට බෞද්ධ සම්ප්‍රදායද, ආගමික සංස්කෘතික අනන්‍යතාවද විදහා දැක්වෙන දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංස්කෘතික දායාදයකි.
මෙම පෙරහර වෙනුවෙන් දශකයක් පුරා තම දායකත්වය සලසන සමාජ වගකීම් පෙරදැරි ආයතනයක් ලෙසින් ඩයලොග්, ඒ හරහා ආගමික සම්ප්‍රදාය රැකගනිමින්, ශ්‍රී ලාංකික ජන සමාජයේ එකමුතුකම් ගොඩනගා ගැනීම උදෙසා කැපවෙයි.
ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය රැකීමට උරදෙන ප්‍රධාන දායකයකු ලෙසින් ඩයලොග් සමාගම ගැටබරු ඇසළ පෙරහරට අමතරව, ගංගාරාම නවම් මහා පෙරහර, බෞද්ධාලෝක වෙසක් කලාපය, කැලණි දුරුතු මහා පෙරහර, කතරගම ඇසළ පෙරහර හා කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහර ඇතුළු සංස්කෘතික හා ආගමික උත්සව සඳහා දීර්ඝ කාලයක් මුළුල්ලේ සිය අනුග්‍රාහකත්වය සපයයි.
ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා උරුමයන් සුරැකීමේ ආයතනික ආකල්පවලට අනුකූලව ඩයලොග් මෙම කර්තව්‍යයන් සිදු කරනු ලබන අතර විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ සංස්කෘතික ඉතිහාසය නගාසිටුවීමට දායකත්වය ලබා දෙමින්, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වාහල්කඩ ඉදිකිරීමේදී, අමරපුර මහා නිකායේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ විහාරස්ථානවල යාවත්කාලීන නාමාවලිය එළිදැක්වීමේදී හා අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමේදී ද මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd