ශ්රී ලංකාවේ ගුවන් කලාපය ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන ගූගල් ලූන් ව්‍යාපෘතියේ ආරම්භක අත්හදා බැලීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානී මුහුන්තන් කන්ගන් පවසයි.
දකුණු ඇමරිකාවෙන් එවූ ගූගල් ලුන් පළමු බැලූනය ලංකාවේ ගුවන් කලාපයට පෙබරවාරි 15 වැනිදා පිවිසි බව ඔහු කියයි.
කුළුණු රහිතව අන්තර්ජාල පහසුකම් ලබාදීමට බැලූන මගින් සංඥා ලබාදීම මෙහි සැලසුමවී ඇත. ගූගල් සමාගම හා ලක් රජය පසුගිය වසරේ මේ සම්බන්ධ ගිවිසුමකට අත්සන් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි විජිත් දැනුම දුන්නට. (ර)
අම්මා තාත්තා බිරිඳ යහළුවෝ පොලිසිය උසාවිය නොදන්නා අපේ රහස් සියල්ල දන්නේ ගුගල් සමාගමයි. අපිට අමතක වූ අතීතය දන්නේ ඒ සමාගමයි. ලෝකයෙන් බොහෝ පිරිසක් කැමැත්ත ඇතිවම වහල්ලු වෙලා. අපේ තොරතුරු වල අගය දන්නේ ඇමරිකාවයි. අපි අසීමිතව මේ තාක්ෂනය මත යැපෙනවා. අපි කවුරුත් කවදා හරි ලොකු අමාරුවක වැටෙනවා වලක්වන්න බෑ. චීනය බොහෝ දුරට මෙයින් ගැලවිලා. මේකත් හොරෙන් ලියන්න බෑ. (බ)
හොද දෙයක් නම් පසුගිය රජය .නරක දෙඅක් නම් මේ රජය.මේක මේ රජයෙන් කල ඉල්ලීමක ප්‍රතිපලයක්.පසුගිය අය කලේ ගූගල් සමාගමට බැන බැන ඉන්න එකනේ. (ර)
විකුම්, ඔයා හරියටම හරි. (නි)
මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට විශේෂයෙන්ම ගූගල් සමාගම උපයෝගිකරගන්නේ අපේ වායුගෝලයේ දෙවැනි ස්තරය හෙවත් " ස්ට්රටෝස් පියරයේ " ඇති විශේෂිත ගුණයකි.අප සැම සිටින වායුගෝල ඉස්තරය " ට්රොපොස් පියරය " කියලා ඔයගොල්ලෝ දන්නවානේ. එය පොලොව මට්ටමේ සිට කිලෝ මීටර් 12 යනතෙක් එහලට විහිදෙනවා.ඉන් පසු තියෙන්නේ මම කියපු ස්ට්රටෝස් පියරයයි.එය ට්රොපොස් පියරයේ සිට කිලෝ මීටර් 50 තෙක් ඉහලට විහිදෙනවා. ඊට පසුව එන්නේ මෙසොස්පියරයයි.මේ ස්ට්රටෝස් පියරයේ ඇති වායු සතර අතර නොයෙකුත් " අසමානකම් " තියෙනවා. එක ස්තරයක ඇති වායුව හමන දිශාවට, හාත්පසින්ම වෙනස් දිශාවකට ඊළඟ තට්ටුවේ ඇති වායුන් හමායන්නේ. ඊළඟ ස්ථරයේ ඊටත් වෙනස් දිශාවකට. ගූගල් සමාගම ස්ට්රටෝස් පියරයේ ඇති මේ අසාමාන්ය ගුණය තමයි උපයෝගිකරගන්නේ තමන්ගේ බැලුනය තමන් කැමති දිශාවකට ප්රවාහනය කරන්න.බැලුම පවතින උස මට්ටම වෙනස් කිරීමෙන් තමන්ට කැමති දිශාවට බැලුම පාකර යැවීමට හැකියි.මේ නිසා බැලුම අවශ්ය තැනට ප්රවාහනය කිරීමට " ශතයක්වත් " මේ සමාගමට වියදම් වෙන්නේ නැහැ. පොලොව මට්ටමේම සිට කිලෝමීටර් 20 උස තමයි මේ බැලුම ස්ථානගත කිරීමට යන්නේ.මේ බැලුම ගැන ඉතාම කෙටියෙන් කියන්නම්...මීටර්12 උස, මීටර් 15 ක විශ්කම්භයක් ඇති මේ බැලුමේ කවරය නිර්මාණය කරලා තියෙන්නේ මිලි මීටර් 3 ක ඝනකමක් ඇති විශේෂ පොලිඑතිලින් අවරනයකින්. ෆැරන්හයිට් අංශක -117 පමණ ඉතාමත් පහල උෂ්ණත්වයක් දරාගැනීමට හැකි මේ බැලුනය දින 100 අහසේ රඳවා තියනවා. ඒ සඳහා හීලියම් වායුව යොදාගන්නවා. සැහැල්ලුබවින් හයිඩ්රජන් වලට පමණක් දෙවනිවන හීලියම්, හයිඩ්රජන් වාගේ " ගිනිගන්නේ නැහැ.දින 100 කට පසු අලුත්වැඩියා සඳහා එයාව පොලොවට ගෙන්නගන්නවා. එයින් කිසිම ප්‍රශ්නයක් සන්නිවේදන ග්‍රහකයින්ට ඇතිවෙන්නේ නැහැ.මොකද මේ බැලුමේ සහෝදරයින් කීපදෙනෙක්ම අහසේ සිටින නිසා. මේ බැලුමට විදුලිය සුර්යබලයෙන් ලබාගන්න අතරම රාත්රියේදී බැටරියකින් සැපයේ.කිලෝ මීටර් 80 ක විෂ්කම්භය ඇති ප්‍රදේශයකට සන්නිවේදන සම්බන්ධතාවන් සැපයිය හැකි මෙහි යොදාගන්නේ එල්.ටි.ඊ ( එල් ටි ටි ඊ එහෙම නොවෙයි )තාක්ෂණයයි.මේ සඳහා මුලින්ම යෝජනාවුනේ වයි ෆයි තාක්ෂණයයි.නමුත් ඒ සඳහා පොළොවෙහි ඇන්ටෙනා පිහිටුවන්නට සිදුවන නිසා ඒ අදහස ඇත හැර දැමුවා.ලැබුනොත් වෙන වෙලාවක මේ එල් ටි ඊ තාක්ෂණයෙන් කොහොමද වැඩ ගන්නේ කියලා කියන්නම්.(අ)
ඕක ඇමෙරිකන් කාරයාගේ තවත් ගේමක්....අපේ රටේ තොරතුරු හොරෙන්ම ගන්න ගහපු ගැටයක්...ආණ්ඩුව ලොකුවට පම්පෝරි ගැහුවට උන් ගානට ගේම දෙනවා (අ)
හොඳ වැඩක් (නි)
විජිත් ඔයාට කියක් ලැබුනද ඔය බොරුව ගොතන්න. අන්න බැලුම කඩාවැටිලා. ඕක කලින් ගුගල් එක්ස් කියලා පටන් ගත්තේ. ඕක අසාර්ථක වුණා. (නි)
බැලුම කඩාවැටිලා නේද? (නි)
කඩන් වැටිලලු නේද (බ)
කඩාගෙන වැටිලා මේක' ? (බ)
ෆර්හාන්, බැලුම තියෙන තැන අහගෙන දුන්නා නේද වැඩේ? අන්න ඒක බිමලු. අපිටත් කියන්න බැරිද ඔය තාක්ෂණය? මේවට අපේ කට්ටියගේ ඇස්වහ කටවහ වුණත් බලපානවා. (නි)
ස්තුතිය් විජිත් දැනුම දුන්නට (බ)
අම්මා තාත්තා බිරිඳ යහළුවෝ පොලිසිය උසාවිය නොදන්නා අපේ රහස් සියල්ල දන්නේ ගුගල් සමාගමයි. අපිට අමතක වූ අතීතය දන්නේ ඒ සමාගමයි. ලෝකයෙන් බොහෝ පිරිසක් කැමැත්ත ඇතිවම වහල්ලු වෙලා. අපේ තොරතුරු වල අගය දන්නේ ඇමරිකාවයි. අපි අසීමිතව මේ තාක්ෂනය මත යැපෙනවා. අපි කවුරුත් කවදා හරි ලොකු අමාරුවක වැටෙනවා වලක්වන්න බෑ. චීනය බොහෝ දුරට මෙයින් ගැලවිලා. මේකත් හොරෙන් ලියන්න බෑ. (ර)
විජිත්,මේ ගූගල් ලූන් බැලුම ගැන ඔයාගේ ලිපියෙන් අපි බොහෝ දේවල් දැනගත්තා. මේ තීරුවේ අදහස් දමන අයට මේක හොඳ ලිපියක්. ඉතුරු ටික කියවනකම් මට ඉවසිල්ලක් නැහැ.... (නි)
පුදපු ගමන් කාපියකා කිවුවා වගේ කඩාවැටුනා නේද? (නි)
විජිත් මහතාට මාගේ උපහාරය. (ර)
විජිත් වගේ අය අපිව මෙහෙම දැනුවත් කරන එක ඇත්තෙම අගයන්නම ඕනා ඉහලින්ම. (ර)
ස්තුතීයි විජිත් මහත්තයා. (ර)
විජිත් මහතාට බොහොම ස්තුතියි, ගොඩක් වටිනා අදහස් පළකළාට. මෝඩ කතා අහලාම අපිට එපාවෙලා (නි)
බෙහෙවින්ම ස්තුතියි විජිත්. අපි ඔයාගේ අනෙකුත් අදහස් ලැබෙනකන් ඉන්නවා. (ර)
අජිත්, අසාධාරණ විධිහට බොරු නොකියා සිටින්න උත්සහ කරන්න. කවුද කියන්නේ ගූගල් එක්ස් අසාර්ථකයි කියලා..? ඔයා දන්නවාද ගූගල් එක්ස් කියන්නේ මොකක්ද කියලා...? ගූගල් එක්ස් කියන්නේ විශාල වියාපෘතියක්. මේ ලූන් එක, ඒ තුල ඇති ඉතාම කුඩා වැඩසටහනක් පමණයි. රියදුරන් නැති වාහන, ඉන්ටෙර්නෙට් ඇස් කන්නාඩි, තැනකින් තැනකට වහාම පියාබිය හැකි කුඩා ගුවන් කාරයක්, කෘතීම බුද්ධිය වැනි දේවල් ගැන පර්යේෂණ කරන ඇති දැවැන්ත වියාපෘතියක් ගූගල් එක්ස් කියන්නේ. මේ බැලුම කඩා වැටුනා කියලා, ඔයා හිතනවාද මේ අය මේ විශාල වැඩසටහන අත හරිවියි කියලා..? රයිට් සහෝදරයින් පළමුවෙනි ගුවන් යානය අහසට නංවලා මිනිත්තු 2න් කඩා වැටුනා.. නමුත් ඒ අය උත්සාහය අත හැර දැමුවාද..?.තව එකක්, විජිත් මහතාගේ ලිපිය ඉතාමත් සත්‍ය සහ සාර්ථක එකක් බවත්, එතුමාට තව තවත් අප දැනුවත් කිරීමට ශක්තිය ලැබේවා කියලා පතමි.! (ර)
විජිත්,ඔයාගේ තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම අපිට බෙදා දීම ගැන බොහොමත්ම ස්තුතියි.(හේ)
විජිත්,ඔයාගේ තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම අපිට බෙදා දීම ගැන බොහොමත්ම ස්තුතියි.(හේ)
මේ බැලුන් ඉන්ටර්නෙට් තාක්ෂණයෙන් ඇත පළාත්වල සිටින ගොවි මහතුන්හට විශාල සේවයක් ලැබෙන බව මම අහලා තියෙනවා.(හේ)
මෙය තනිකරම අපේ රටේ තොරතුරු හොරෙන් ගන්න ගහපු ගැටයක්. මෙම බැලූන් වලට අමුණා ඇති උපකරණ මගින් 4G LTE ෙනමැති අධිවේග රැහැන් රහිත දත්ත හුවමාරු කරන තාක්ෂනය හරහා සීමිත පිරිසකට අනතර්ජාල සේවා සැපයිය හැක. ලංකාවේ සාමාන්‍ය ජනතාවගෙන් කී දෙනෙකුට 4G තාක්ෂනය සහිත ජංගම උපකරණ තිබේද?. එදිනෙදා ජීවිතය පවත්වාගෙනයාම සඳහා පොරබදන ලාංකීය පොදු ජනතාවට මෙයින් ලැබෙන්නේ මොනවාද?. මෙය ඔවුන්ගේ මූලික ප්‍රශ්න විසදීමක්ද? දැනටමත් ලංකාවේ ක්‍රියාත්මක වන අන්තර්ජාල සපයන ආයතන මුළු රටම ආවරණය කර ඇති මොහොතක මෙයින් ජනතාවට ලැබෙන විශේෂ වාසිය කුමක්ද? එක් බැලූනයක් මගින් වර්ග කිලෝමීටර 5000 ප්‍රමාණයක් ආවරණය කල හැකි බවට පැවසුවද එමගින් එකවර සැපයිය හැක්කේ අන්තර්ජාල සබඳතා සිය ගණනක් පමණි. ගූගල් ලූන් වෙබ් අඩවියේම මෙය සඳහන්ව ඇත. ඒ අනුව බැලූන් 13 මගින් ලංකාවම ආවරණය කලද ලබාදිය හැකි සම්බන්දතා ගණන ඉතා අඩුය. එමෙන්ම මෙම බැලූන සඳහා අන්තර්ජාල සම්බන්දතාවය ලබාදිය යුත්තේ අන්තර්ජාල සේවා සපයන සමාගම් මගිනි.මෙසේ ලබාදෙන සම්බන්ධතාවයේ ධාරිතාව බැලූනය හා 4G තාක්ෂණයෙන් සම්බන්ධවන පුද්ගලයන් අතර බෙදී යන බැවින් අන්තර්ජාලයට සම්බන්ධවියහැකි වේගය ඒ අනුව තීරණය වේ. ගූගල් ලූන් තාක්ෂනය 2013 වසරේදී නවසීලන්තයේදී පමණක් අත්හදා බැලීම් කරන ලද , වෙනත් කිසිම ආකාරයෙන් අන්තර්ජාල සේවා සැපයිය නොහැකි භූමි ප්‍රදේශවල සිටින සීමිත පිරිසකට අන්තර්ජාල සේවා සැපයීම සඳහා භාවිතයට යෝජනා කර ඇති ක්‍රමයකි. මෙයට උදාහරණ ලෙස කඳුකර ප්‍රදේශ , කාන්තාර නම් කල හැක. දින 100කට වරක් නැවත නැවත බැලූන යැවිය යුතුය.වෙනත් කිසිදු රටක් මෙම තාක්ෂනය පාවිච්චි නොකරන්නේ එය වියදම් අධික බැවිනි. අධික මිලකින් යුත් මෙවැනි බැලූන ඇමෙරිකාවේ සිට මෙරටට නොමිලේ එවන්නේනම් එය පිටුපස ඇත්තේ කුමක්දැයි සොයා බැලිය යුතු කාරණාවකි.ඇමෙරිකානු සමාගමකට තම ගුවන් සීමාවේ රිසිසේ බැලූන හසුරවා ඔත්තු බැලීමට ඉඩදෙන ලෝකයේ පළමු මෝඩයන් සිටින රට බවට අපි පත්ව ඇත්තෙමු. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමතිවරුන් කිහිපදෙනෙකු නිතර නිතර විදෙස් ගත වන අතර ඔවුන්ගේ හිතවතෙකු මේ සඳහාම ආයතනයක් ලියාපදිංචි කර ඇත්තේ කුමක් සඳහාදැයි සිතීම ඔබට බාරය. අවසානයේ මෙම සියල්ලේ බරපැන විදීමට සිදුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවටයි. තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවට ප්‍රයෝජනවත් වන වෙනත් ව්‍යපෘති ඇත්තේම නැද්ද?(හේ)
ලංකාව වගේ රටකට ගූගල් ලූන් ඕන නෑ.(හේ)
බොහොම හොඳයි (නි)
හොද වැඩක්.! (ර)
ඒ කියන්නේ මේක පසුගිය රජයෙන් අත්සන් කරපු ගිවිසුමක්ද? (ර)
අනතුරු සහිතයි, ඔත්තු බැලිය හැක. (නි)
කුමාර, පසුගිය වසරේ තිබුනේ මෙම රජයයි (බ)
කුමාර, පසුගිය වසරේ තිබුනේ මෙම රජයයි (බ)
කුමාර හරි මේක අපේ රජතුමා ඇමෙරිකාව සමග ගහපු ගිවිසුමක් , අපේ රජතුමා චිනෙත් එක්ක එකතු වෙලා යවපු රොකට් එකත් දැන් වැඩ පටන් අරන් ......(කෞ)
කුමාර ඔබට ජල භීතිකා රෝගය සැදී එන වග පේනවා , මේවා පසුගිය රජයෙන් නොවේ , අලුත් රජයෙන් සිදුවන දේවල් ,(බ)
මේ මිනිසුන්ට ඇස් කන් නැද්ද? හැමදේටම පරණ දේවල් ගාවාගන්නවා (නි)
ලංකාව වගේ රටකට ගූගල් ලූන් ඕනෑ නැහැ කියන එකයි මගේ තර්කය. (නි)
ලංකාව වගේ රටකට ගූගල් ලූන් ඔන නැ කියන එකයි මගේ තර්කය. ගුගල් ලූන් කියන්නේ,නගර අතත දුර වැඩි ,මිනිසුන් ගහනය අඩු ප්‍රදේශ වලට අඩු වියදමකින් කුලුනු රහිත සන්නිවේදන කටයුතු කරන මෙවලමක්.හැබැයි අපේ රටේ වැඩි හරියකට දුරකතන ජාල වල සිග්නල් තියෙනවා.එ නැතත් දැන් එක දුරකතන කුලුනක ජාල කිහිපයක සන්නිවේදක උපකරන සවිකරන්න අවසරය තියන නිසා වියදමත් කොහොමත් අඩුයි.අනික අපේ රට පිහිටල තියන භුවිෂමතාවත් එක්ක බලනකොට නිතරම කාලගුනික හා දෙෂගුනික විපර්යාසයන්ට ලක්වන රටක්.(බ)
මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගත්තොත් විශාල වාසී රැසක් ලැබෙයි.(හේ)
මෙය තිබෙන ප්‍රදේශය කුමක්ද? (ර)
මේ වැඩේ සාර්ථක වෙයිද?(හේ)
ලංකාව වගේ රටකට ගූගල් ලූන් ඕන නෑ කියන එකයි මගේ තර්කය. ගුගල් ලූන් කියන්නේ,නගර අතත දුර වැඩි ,මිනිසුන් ගහනය අඩු ප්‍රදේශ වලට අඩු වියදමකින් කුලුනු රහිත සන්නිවේදන කටයුතු කරන මෙවලමක්.හැබැයි අපේ රටේ වැඩි හරියකට ඩයලොග් ,මොබිටෙල්, එටිසෙලාට් හා අනිකුත් දුරකතන ජාල වල සිග්නල් තියෙනවා.එ නැතත් දැන් එක දුරකතන කුලුනක ජාල කිහිපයක සන්නිවෙදක උපකරන සවිකරන්න අවසරය තියන නිසා වියදමත් කොහොමත් අඩුයි.අනික අපේ රට පිහිටල තියන භුවිෂමතාවත් එක්ක බලනකොට නිතරම කාලගුනික හා දෙෂගුනික විපර්යාසයන්ට ලක්වන රටක්.ඉතින් එහෙම රටක ඔය බැලුන් එකම ස්තානයේ හරි ආකාරව පවතීද යන්න සැකයක්.අනික මෙක ගුගල්ලාගේ තවත් එක් අසාර්තක ප්‍රොජෙක්ට් එකක් කියලයි මන් දකින්නේ.(හේ)
ඇයි ෆර්හාන්, ඉඩම් බිස්නස් එකක්වත් කරනවද ඒ පැත්තේ? (නි)
අපිට තියෙන ආදරේට ඇමෙරිකාවේ ඉඳලම එවලා නේද ගූගල් බැලුම්. අපමණ අගයක්. (නි)
හොඳ වැඩක් (නි)
අධ් තාක්ෂණය මිනිසුන්ගේ සෞඛයට කොහොම වෙයිද? දන්නා අය කියන්න. (ර)
හොඳ ව්‍යාපෘතියක්.(හේ)
හොඳයි ඉතින් වැඩක් වෙනවා නම්.(හේ)
මේකෙන් නොමිලේ ඉන්ටෙර්නෙට් දුන්නම කොම්පැනි ටික වහන්න වෙයිනෙ . (ර)
හොද වැඩේට යටින් තියෙන්නේ මොකක්ද කියලා ,හොයල බැලුවොත් හොද නැද්ද ? (ර)
හොද වැඩේට යටින් තියෙන්නේ මොකක්ද කියල ,හොයල බැලුවොත් හොද නැද්ද ? (බ)