IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ කටයුතු කඩිනම් කරන්න යයි

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කාර්යයන් කඩිනමින් ආරම්භ කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කර තමන් වෙත දෙන්නැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කටයුතු ප්‍රමාදව වීමට හේතු සොයා බලන්නැයි ද උපදෙස් දී ඇති අමාත්‍යවරයා එම පර්යන්තයේ සංවර්ධනය වහාම ආරම්භ කළ යුතු බව ද සඳහන් කර තිබේ. එමඟින් කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවිය යුතු යැයි ද ප්‍රනාන්දු මහතා පවසා ඇත.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රනාන්දු මහතා එම උපදෙස් දී තිබේ. ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා කොළඹ වරායට විශාල මෙහෙයුම් ධාරිතාවක් අහිමි වී ඇති බව ද අමාත්‍ය ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට පෙන්වා දී ඇත.

 2015ට පෙර පැවැති ආණ්ඩුව නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සැලැසුම් කර තිබූ බවත් ආණ්ඩුව වෙනස් වීමත් සමඟ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයන් නිසා ව්‍යාපෘතියේ කටයුතු ඇණහිට ඇති බව නිලධාරීන් එම සාකච්ඡාවේදී අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

 වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත. 

 
 (055)



අදහස් (8)

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ කටයුතු කඩිනම් කරන්න යයි

Kumara Thursday, 05 December 2019 08:33 AM

නරියට කුකුල්ලු දුන්නා වගේ....

:       5       127

Nandi Thursday, 05 December 2019 11:09 AM

බය වෙලා වගේ... දැක්කම බය හිතෙනවා.

:       2       54

seneviratne Thursday, 05 December 2019 11:18 AM

වරාය දෙන්න ඕනේ එම විෂය දන්නා කෙනෙකුටයි.

:       2       59

විජිත් Thursday, 05 December 2019 02:53 PM

නැහැ.., මෙයා දක්ෂයා, ඕනෑදෙයක් විකුණයි. හොර කසිප්පු විකුණලා ජීවිතය පටන්ගත්ත මෙයා.. මේ එන මාස 3ට නැගෙනහිර පර්යන්තය එහෙම පිටින්ම ඉන්දියාවට හරි, කොරියාවට හරි බැරිම වුණොත් බෝලවත්තේ කසිප්පු මුදලාලිට හරි විකුණාවි. මේ රස්තියාදුකාරයින්ට ඡන්දය දෙන වහල්ලු ඉන්නකම් ඔහොම තමයි...

:       1       252

ravinThursday, 05 December 2019 06:15 PM

ඔබ හරි විජිත් මහත්තයෝ, මේ රටේ සිටින බහුතරයක් මෝඩ, බුද්ධි හීන, වහල් මානසිකත්වයකින් යුක්ත බව මෙවර ජනාධිපති ඡන්දයේ ප්‍රතිපල වලින් මොනවට පැහැදිලි වෙනවා.

:       1       57

rajiva Friday, 06 December 2019 11:53 AM

අපේ තාත්තා පැටිකිරිය හොඳට දන්නවා. අවුරුදු 16 ඉඳලාම හැලි අරක්කු බිස්නස් එක තමයිලු කලේ. එයාම පොළෙන් අහකදාන පලතුරු අරන් ඇවිත්... සීයාගේ කඩෙන් සීනි ගෝනියක් අරන් කැලෑවට ගිහිල්ලා තනියම සියල්ල ලැහැස්ති කරනවලු. ගින්දර දමන්න එකම එක කොල්ලාලු හිටියේ. පොලිසියෙන් පනිද්දීත් අහුවෙන වාර අනන්තයිලු. ගොඩා හැලිය පිටින්ම කරේ තියාගෙන ගිහිල්ලා පොලිස් ජීප් එකේ නැගලා යනවාලු. දඩ ගෙවලා එන ගමන්ම බඩු හදන්න ඕනෑදේවල් අරගෙන තමයිලු එන්නේ... පුදුම ධෛර්යයක් තිබුණු කොලුවෙක්... අන්තිමට දේශපාලුවෙකුට සපෝර්ට් කළා ඡන්දෙකදී. තව අවුරුදු 5කින් පසු බාර් ලයිසන් එකක් ලැබුණා. පස්සේ හිමින් හිමින් දේශපාලනේට ආවා.

:       1       72

RAVINDRA HALLINNAGE Saturday, 07 December 2019 08:14 AM

ගෝඨාට තිබුණු රෙස්පට් එකත් නැතුව ගියා..

:       1       18

ravinSunday, 08 December 2019 07:48 PM

ගෝඨාට එහෙම එකක් තිබුණාද..?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site