කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කාර්යයන් කඩිනමින් ආරම්භ කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කර තමන් වෙත දෙන්නැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කටයුතු ප්‍රමාදව වීමට හේතු සොයා බලන්නැයි ද උපදෙස් දී ඇති අමාත්‍යවරයා එම පර්යන්තයේ සංවර්ධනය වහාම ආරම්භ කළ යුතු බව ද සඳහන් කර තිබේ. එමඟින් කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවිය යුතු යැයි ද ප්‍රනාන්දු මහතා පවසා ඇත.
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රනාන්දු මහතා එම උපදෙස් දී තිබේ. ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා කොළඹ වරායට විශාල මෙහෙයුම් ධාරිතාවක් අහිමි වී ඇති බව ද අමාත්‍ය ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට පෙන්වා දී ඇත.
2015ට පෙර පැවැති ආණ්ඩුව නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සැලැසුම් කර තිබූ බවත් ආණ්ඩුව වෙනස් වීමත් සමඟ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයන් නිසා ව්‍යාපෘතියේ කටයුතු ඇණහිට ඇති බව නිලධාරීන් එම සාකච්ඡාවේදී අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරියට කුකුල්ලු දුන්නා වගේ....
බය වෙලා වගේ... දැක්කම බය හිතෙනවා.
වරාය දෙන්න ඕනේ එම විෂය දන්නා කෙනෙකුටයි.
අපේ තාත්තා පැටිකිරිය හොඳට දන්නවා. අවුරුදු 16 ඉඳලාම හැලි අරක්කු බිස්නස් එක තමයිලු කලේ. එයාම පොළෙන් අහකදාන පලතුරු අරන් ඇවිත්... සීයාගේ කඩෙන් සීනි ගෝනියක් අරන් කැලෑවට ගිහිල්ලා තනියම සියල්ල ලැහැස්ති කරනවලු. ගින්දර දමන්න එකම එක කොල්ලාලු හිටියේ. පොලිසියෙන් පනිද්දීත් අහුවෙන වාර අනන්තයිලු. ගොඩා හැලිය පිටින්ම කරේ තියාගෙන ගිහිල්ලා පොලිස් ජීප් එකේ නැගලා යනවාලු. දඩ ගෙවලා එන ගමන්ම බඩු හදන්න ඕනෑදේවල් අරගෙන තමයිලු එන්නේ... පුදුම ධෛර්යයක් තිබුණු කොලුවෙක්... අන්තිමට දේශපාලුවෙකුට සපෝර්ට් කළා ඡන්දෙකදී. තව අවුරුදු 5කින් පසු බාර් ලයිසන් එකක් ලැබුණා. පස්සේ හිමින් හිමින් දේශපාලනේට ආවා.
ගෝඨාට තිබුණු රෙස්පට් එකත් නැතුව ගියා..