කොළඹ සිට යාපනය දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයක් සදහා වන ගිවිසුමකට ශී‍්‍රලංකා රජය හා චීන රජය පසුගියදා එළැඹිණි.
ගිවිසුමට අනුව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට චීන රජය මුදල් ආධාර සපයනු ඇත.ගිවිසුම ඇතිවූයේ ශී‍්‍රලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරය අතරතුරදීය.මිට අමතරව කොළඹ - නුවර - කුරුණෑගල නගරයන් සම්බන්ධ කරමින් අධිවේගී මාරගයක් සැළැසුම් කිරීමටත් එය ඉදිකිරීමේදී සහය ලබාදීමටත් චීන රජය කැමැත්ත පළ කර තිබේ.චීන රජයේ සහය ඇතිව දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය මාතර සිට කතරගම දක්වාම දිගු කිරීමටත් සැළැසුම් කෙරුණි.
ජනපතිවරයා සමග සංචාරයට එක්ව සිටි විදේශ අමාත්‍ය ජී.එල් පිරිස් මහතා හා චීන ආයෝජකයන් හා සමාගම් නියෝජිතයන් අතර හමුවක්ද බීජිං නුවරදී පැවැත්විණි.එහිදී අමාත්‍යවරයා ශී‍්‍රලංකාවේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීමද සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිබිල්ට තිබෙන ඉරිසියාව... බණ්ඩාට උපමා උපමේය තේරෙන්නේ නැහැ. මාටින් පිටි ගන්න යන්න ඉන්නේ අධිවේගය හදනකන්, එතකන් එයට රොටි කන්නත් බැරිලු. ඒ අස්සේ සදරේඛ සිතියම් වල රූලෙන් ඉරිගහගෙන විකාර දොඩවනවා. අනේ මන්දා මේ මිනිස්සු කීයට යනකම්වත් ඉගෙනගත් එකාලද කියලා? අපෙත් කාලේ නාස්ති වෙනවා මේවා කියවලා. කෙනත් අයියේ , ඔහොම අයට උත්තර බදින්ට ගියොත් ඔබෙත් මගෙත් වටිනා කාලයයි නාස්ති වෙන්නේ. ඔබට ස්තුතියි වටිනා කරුණු වලට! (නි)
අධි වේගයෙන් රට දියුණු වෙනවා කීම හරියට රුපවාහිනිය ලැබීමෙන් ලංකාව දියුණු උනා කීම වගෙයි. කපටි ජපනා අපිට රුපවාහිනිය දුන්නේ ඇයි?(නදී)
කෙනත්ගේ සැලසුම් කොහොම වෙතත් මට පිටරටවල අත්දැකීම් නැතත් අනුරාධපුරයේ ඉපදිලා අනුරාධපුරයේ ජිවත් වෙන මිනිහෙක් හැටියට අපේ නෑදෑයෝ සහෝදර සහෝදරියෝ මෙහෙ දුෂ්කර ප්‍රදේශවල විදින දුක මට හොදට තේරෙනවා. අනුරාධපුරයට උඩින් මේ මාර්ගය ගියත්, යටින් ගියත්, අනුරාධපුර අත හැරලා ගියත් වෙන්නේ කොළඹ යාපනය සම්බන්ධ වෙලා, අනුරාධපුරය හුදකලා වෙන එකයි. අපේ අනුරාධපුරයේ දුක් විදින ජනතාවට මේ සංවර්ධනයේ වාසි නොලැබෙන එක. අනිත් එක ඉතිහාසය හොයන්න, ඔය කෙනත්ම කියන අඩි 15 කට යටින් තියෙනවා කියන සිංහල ශිෂ්ටාචාරය හොයන්න මුළු අනුරාධපුරයම හාරන්න පුලුවන්ද, ඒක ප්‍රායෝගිකද? ඒකට ඔය වගේ අධිවේග 100 ක වත් සල්ලි ඕනෑ. මිනිස්සු නැති ලෝකයක්වත්, ලස්සන පරිසරයක්වත්, ශිෂ්ටාචාරයක් වත් තිබිලා මොකටද. අනිත් එක පරිසර ප්‍රශ්න දැන් ගෝලීය ප්‍රශ්නයක්. සරලව කියනවා නම් අපි ආරක්ෂා කරන පරිසරයේ ප්‍රතිලාභ ලැබෙන්නේ සමහර විට වෙනත් රටවලට. කෙනත්ලා වගේ අය හදන සැලසුම් හින්දා තමයි අද ලංකාවට මේ තත්වය උදාවෙලා තියෙන්නේ. (නි)
මේ අධිවේගී මාර්ගය ඉදිවීම ඉතාම කාලෝචිත ක්‍රියාවක්. උදාහරණයක් වශයෙන් අනුරාධපුර නගරයේදී උමං පාරක් නිර්මාණය කලොත් නගරයේ අලංකාරයට හානිවීම වලක්වා ගත හැක. මෙසේ ඉදිකළ උමන් මාර්ග ලෝකයේ ඔනා තරම් තියෙනවා. මේ සියල්ල අපට ලබාදෙන අපේ ජනධිපති තුමාට හද පිරි තුති.(නදී)
රටක් දියුණු වෙන්න නම් හොඳ පාරවල් පද්ධතියක් ඕනෑ, මැලේසියාවේ වගේ.හොඳ ආයෝජනයක්. ජය පතමි (නි)
මේ කරන දේවල් වල ණය ,අසරණ අපේ දරුවන්ගේත් දරුවෝත් ගෙවාවි (නි)
මාටින්, කොළඹ අවට මාර්ග තදබදයක් නැහැයි කිවුවේ හීනෙන්ද? අපිට බියගම ඉඳලා කඩුවෙලට (කිලෝ මීටර් 1 ක්) වාහනයකින් යන්න උදේට /හවසට විනාඩි 55 ක් විතර යනවා. බත්තරමුල්ලට යන්න පැය 1.5 ක් විතර යනවා. හවසට එන්න පය 2ක් වත් යනවා. ඔය ඔක්කොම වුනේ දක්ෂිණ අඩිවේගී මාර්ගය නිසා.නුවර සිට එන වාහන දැන් යන්නේ මේ පැත්තෙන්. අධිවේගී මගට යන්නෙත් මෙතනින්. (නි)
අනුරාධපුරය යටින් උමං හාරන එක නොකළ යුතු දෙයක්. ඊට බරපතල හේතු ගණනාවක් තිබෙනවා. එකක්, අනුරපුර කැනීම් වලින් මතුකර ඇති සිංහල ශිෂ්ටාචාරය ගොඩගත්තේ අඩි 7ක් පමණ වැළලී තිබියදීයි. තවත් සොයා නොගත් පුරාවස්තු හා ස්ථාන බොහොමයක් තිබිය හැකියි (වසර 1500ක් පුරා ජනාවාස වී දියුණු වුණ නගරයක් ලොව කිසිම රටක නැහැ , මෙය මුළු රෝම ශීෂ්ටාචාරයටත් වඩා පරණයි) ඒ අනුව එවන් විශාල කාල පරාසයක් තුල කොපමණ දේවල් බිහිවෙන්න ඇතිද? කොපමණ දේවල් තව සොයාගැනීමට ඇද්ද? දෙවැන්න, මේ නගරයට යටින් අඩි 14, 16ක් තව යටට යනකොට තවත් අති පුරාන නගරයක නටඹුන් මතු වෙලා තිබෙනවා. මම විශ්වාස කරන්නේ පෙර කස්සප බුදුන් කල පැවතී නගරයයි මේ. මේ නගර ගැන විස්තර හෙළිකළේ මිහිදු මහා රහතන් වහන්සේයි. මේ ගැන තව පර්යේෂණ කරන්න ඕනෑ. මේ නිසා අනුරපුර පොලව අපි නොදන්නා වසර ලක්ෂ ගණනක ලෝක පුදුම ඉතිහාසයක් සගවාගෙන සිටී. තුන්වැන්න උමං හෑරුවොත්, පවතින මහා ස්තුප හා ගොඩනැගිලි වලට හානි සිදුවිය හැකියි. අපට පෙනෙන මහා සෑයවල් වල පොලව යටට තව දෙගුණයක් විතර විසාලෙට තිබෙනවා. මව් පාෂාණය දක්වා පාදම පිහිටනවා. ඉදිකිරීම් වලදීත් ඉන් පසු වාහන යාම නිසා ඇතිවන කම්පන වලින් මේවට හානි වෙන්න පුළුවන්. හතරවැන්න, රජරට වාරි කර්මාන්තය වැවූ අමුණු භූගත උමං වලින් සම්බන්ධ වනවා.(උදාහරණය තිසා වැවේ සිට ඈත පිහිටි කුට්ටම් පොකුණු වෙත උමං ජාල සැපයුම) මේවට හානි වෙන්න පුළුවන්. මේ වගේ තව බොහෝ කරුණු නිසා පොලොව යටින් අධික වියදම් දරා කිරීමට වඩා කණු මතින් අවම හානි සහිතව අනුරපුරය මගහැර යන විදිහට සැලසුම් කරන්න ඕනෑ. දේශීය ඉංජිනේරු, පුරාවිද්‍යා සහ වාස්තු විද්‍යා ශිල්පීය දැනුම සහ පර්යේෂණ සැලසුම් සදහා යොදාගන්න ඕනෑ. (නි)
කෙනත් කියන්නේ "දැනුම හැමවෙලේම නිර්මාණය වෙන්නේ රටක සංස්කෘතිය සහ දේශීය උරුමය අනුව මිසක් අනෙක් ජාතීන් කරන කරන දේ කරලා නොවෙයි. සැලසුමක් සැකසීමේදී නිර්මාණකරු මානව සහ පරිසර හිතකාමී වීම තමයි අද නුතන විද්‍යාව කියන්නේ." මෙහි යම් පරස්පර විරෝධී බවක් මට පෙනේ. සංස්කෘතිය සහ දේශීය උරුමය. නුතන විද්‍යාව (සුද්දන්ගේ මත) අනුව ගලපන්න පුලුවන්ද මන්දා. මේ වචන ටික නම් නියමයි. හැබැයි ඔය වචන සියල්ල බටහිර අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ ආරක්ෂාව සලසගන්න අපි වගේ දුප්පත් රටවලට දීපු කැරට්.ඒ වගේ රටවල වැඩකරපු, ඉගෙනගත්තු කෙනත් අයියා වගේ අයට මේවා තේරෙන්නේ නැහැ. අවාසනාවට එයාලා දන්නවා ලංකාවේ සල්ලි දීලා හරි එයාලට ඕනැ විදියට නම්මා ගන්න පුළුවන් කණ්ඩායම් ඉන්නවා කියලා මෙවැනි හොද දේවල් වලට විරුද්ධ වෙන (නි)
ඇත්තටම මේ පාර කොළඹ ඉදලා යාපනේට හදන්නේ මොන නගර මැදින්ද? ඔයාලා දන්නවද ? ඉඩම නිවාස ගොඩනෙගිලි ගොඩක් ඉවත් කරන්න සිදු වෙයි නේද? ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? (නි)
කොරේ පිටට මරේ කියලා තවත් චන්ද්‍රිකාවක් යවන්නත් අත්සන් කලාලු නේද? (නි)
මාටින්, ඔබේ කරුණු දැක්වීමට ස්තුතියි. එතොකොට ඔබේ අදහසට අනුව දක්ෂිණ අධිවේගය අසාර්ථකයි. හේතුව මේ පාවච්චි කරන්නේ ඉතාම සුළු ජන කොටසක් සහ අවාසනාවට ලංකාවේ තීරණ ගන්න අය මෙවැනි තීරණ ගන්නකොට බලන්නේ කෙටිකාලීනව ලැබෙන පුංචි මුදල විතරයි. එහෙනම් මෙයට ජාතික ධනය විනාශ කරන සුදු අලියෙක් කීම නිවරදි වියයුතුයි.(නදී)
කෙනත් හරියටම හරි. (නදී)
මාටින්, දකුණේ නගරවලත්, කොළඹ තදාසන්න නගරවලත් වාහන තදබදය අඩුවෙලා තියෙනවා. මොන ලෝකේ ඉඳන්ද ඔබ අදහස් දාන්නේ ?(නදී)
අරුණ, ජනාධිපතිතුමාගේ වටේම බහුතරය ඉන්නේ හොරු ටිකක්නේ. එහෙම වුනාම රටක් ගොඩනගන්න අමාරුයි මොනතරම් හොඳ හිතින් වැඩ කළත්. (නි)
නාමල්, දැන් දක්ෂිණ අධිවේගය දාලා දකුණ කොයි තරම් දියුණු වෙලා තියනවද කියලා පෙනෙනවා නේද? දකුණේ ලක්ෂපති කෝටිපතින් දැන් වැහි වැහැලා නේද? අන්න ඒ වගේම උතුරත් දියුණුවෙයි මේ පාර නිසා. උතුරත් දකුණත් දියුණු වුනා කියන්නේ මුළුරටම දියුණු වුනා කියන එකයි. යම් විදියකින් රටේ කොහේ හරි අඩු දියුණුවක් පවතිනවා නම් එක එල්ලේම තවත් කෝටි ගණනක විදේශ ණයක් අරන් එහාටත් අධිවේගයක් දාලා දීලා ඒ පැත්තත් දියුණු කරවලා දෙන්ට පුළුවනි. (නි)
අපි කරන්ඩ ඕනෑ ඕවා නෙමෙයි. නිෂ්පාදනය ඇති කරන එක.දැනටත් අපි මිරිස් සියයට 80 ම ගේන්නේ පිටින් (නි)
යාපනයට විතරක් නෙවෙයි මුළු ලංකාවටම ගොඩක් බඩු එන්නේ ඉන්දියාවෙන් තමයි. එහෙන් බඩු නැති වුනොත් ලංකාවේ ජනගහනයෙන් බාගයකට විතර කන්න වෙන්නේ පස් .(නදී)
අපේ රට දියුණු කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා . කවුරු මොනා කිව්වත් ඔබතුම නිසයි අද ලංකාව මේ තත්වෙට ඇවිත් තියෙන්නේ ජනාධිපතිතුමනි, ඔබතුමා මේ රට රැක ගන්න කරපු දේවල් අමතක කරලා කතා කරන මේ නුගතුන් කවදා සත්‍ය තේරුම් ගනීද මන්දා?(නදී)
චීනයට මේවා ගෙවන්න ගියාම තමයි වැඩේ (දී)
කෙනත්, ඔබ ඔබේ අල්පේච්ඡ පණ්ඩිත කම ප්‍රදර්ශනය කරන්න අදහස් දැම්මාට ඒවායේ කිසිම තේරුමක් නැහැ. ලෝකේ කිසිම රටක (ඇමෙරිකාව ඇතුළුව) අධි වේගයක් නිසා තනි ජාතියක් ජාතින් දෙකක් බවට පරිනාමනය වෙලා නැහැ. මේ අදහස ඔබ දාලා තියෙන්නේ ඔබේ බොරු පණ්ඩිත කම පෙන්වන්නට මිස වෙන දෙයකට නොවෙයි.(නදී)
මම අහලා තියෙනවා පල් හොරු එකතු වෙන්නේ කම්බ හොරුත් එක්ක කියලා.(නදී)
මෙන්න ගොන් කතාවක්. " අධිවේගය නිසා දකුණේ නගරවලත්, කොළඹ තදාසන්න නගරවලත් වාහන තදබදය අඩුවෙලා තියෙනවා." මාටින්, හඳේ ඇත්තටම හාවෙක් ඉන්නවද?(නදී)
ඉතින් දෙයියනේ හොද වැඩක් නේ (දී)
කිසිදාක අධිවේගී මාර්ග හැදුවට රට දෙකට කැඩෙන්නේ නෑ.....එහෙම වුනොත් මේ ලෝකේ තියෙන හැම රටක්ම දෙකට කැඩිලා තියෙයි......මේ කතා ඉතින් කවුද විශ්වාස කරන්නේ ?මේ දේවල් කවදා හරි ඉතුරු වෙන්නේ අපේ අනාගත පරපුරටමයි..... (දී)
අජිත්, හැබැයි මත්තල ගුවන් තොට, හම්බන්තොට වරාය මේවානම් සුදු අලි නොවෙයි.(නදී)
අන්න හරි සිබිල්, ඔය නටඹුන් මොකටද අපිට? වැව ගොඩ දාලා හරි කොන්ක්‍රීට් පාරවල් ගැහුවම මොනවා වෙනවද? රට දියුණු වෙනවනේ. ඔය ගඩොල් ගොඩවල් ගලවලා අලුත් ගොඩනැගිලි හදන්න තියෙන්නේ. (නි)
වසන්ති, දුම්රියේ යන්නේ සාමාන්‍ය මිනිස්සු. අපේ සේවය ඉස්සෙලාම සුපිරි වාහන තියෙන අයටයි. අනිත් අය ගැන පසුව සලකා බලන්නම්. (නි)
කෙනත් අයිය හරියට බොරු කියනවා. මම නිකන් ලංකා සිතියමක් අරගෙන කොලඹ ඉදලා යාපනය නගරයට රූලක් තියලා බැලුවා. දෙකට තියා 100 න් එකක්වත් බෙදෙන් නෑ බටහිර පැත්තට. අනුරාධපුරය ලගින්වත් යන්නෑ අලි බැම්මක් ගැහුවත්. හැබැයි මන්නාරමයි පුත්තලමයි අහු වෙනවා. කෙනත් අයිය පුත්තලමේ අපේ ශිෂ්ටාචාරය තියෙන්නේ අඩි කියක් යටින්ද?(නදී)
මේක නය දියුණු කිරීමක්ද රට දියුණු කිරීමක්ද?(නදී)
සිබිල් සහ මුස්තාක් වගේ අයගේ අදහස් හොදට පෑහෙනවා වගේ බලාගෙන ගියාම. අනේ මෙහෙව් අයත් ඉන්නවනේ (නි)
කෙනත් , නියම පැහැදිලි කිරීම. ස්තුතියි. (නි)
රටේ සුබ අනාගතයක් උදෙසා ඔබ ගන්නා බුද්ධිමත් තීරණ ඉදිරියේ අපි ඔබ සමගයි ජනාධිපතිතුමනි ! අද ඇස් පනාපිටම රටේ වාණිජ අගනගර සංවර්ධන ඉලක්ක පසු කරයන අන්දමත්, මුළු රටම එකම ධජයක් යට සුරක්ෂිතව පවතින අන්දමත් දකින්නට වාසනාවන්ත වූ යුගයක් කරා අප එළඹෙනු ඇත. ආසියාවේ පමණක් නොව ලෝකයේ ම ආශ්චර්යය වනු ඇත්තේ එයයි. අද අප නිදහසේ පය ගසා සිටින්නේද ඔබතුමාට පින් සිදුවන්නටය.අපි ඔබට සදා ණයගැති වෙන්නෙමු (නි)
අපිට ණය දෙන චීන ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
සරත් මල්ලියේ, අධිවේගේ ඉතින් යනවා නම් වැවට උඩින්නේ යන්නේ. එතකොට ඔය හැංගි හැංගි බලන්නේ නැතිව අධිවේගේ උඩ ඉදලම මං දියබුන් ගහන හැටි බලපන් මල්ලියේ (නි)
මේකේ බස් දාන්න අවසර දෙන්නේ කාටද? දක්ෂිනේ බස් දාල තියෙන්නේ කවුද කියලා අපි දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)
කෙනත්ටයි අමිලටයි විකාර. අධිවේගී මාර්ග ගැහුවට රට දෙකට බෙදෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මැලෙසියාව එහෙම 40-50 කට කැඩෙන්න එපැයි ඔය කියන හැටියට. අනිත් එක අනුරාධපුරේ විතරද ආරක්ෂා කරන්න ඕනෑ.දඹුල්ල කුරුණෑගල අපේ උරුමය නෙමෙයිද? උරුමය තිබුනට විතරක් මදි. එයින් ප්‍රයෝජන ගන්නත් ඕනෑ. නැත්නම් ඉතින් අර වංශේ කබල් ගැවා වගේ තමයි. මෙයාලා කියන හැමදේම අහන්න ගියොත් රට එතනමයි (නි)
හොද දෙයක් උනත් ගැහිලි නැතිව වැඩේ වේවා කියල ප්‍රර්ථනා කරනවා.(ස)
අරුණ, අපි නොකඩවාම සහයෝගය දුන්නා ත්‍රස්ත විරෝදී සටනට. නමුත් බොරු වැඩ වලට අපි සහයෝගය දෙන්නේ නැහැ. ඒවාට කඩේ යන්න ඕනෑතරම් අය ඉන්නවානේ. කොහෙද ඔය කියන සංවර්දනය? අධ්‍යාපනය, නිතිය, ආර්ථිකය, රෝහල් , අපනයනය, මේවායේ තියෙන්නේ දරුණු පරිහානියක්. ප්‍රසන්න, ඕස්ට්‍රේලියාවේ ලොකුම ආයෝජකයා චීනය තමයි, නමුත් ඕස්ට්‍රේලියාවට ඒ ණය ගෙවන්න සැලැස්මක් සහ සම්පත් තියෙනවා. (නි)
ඉන්න ඉඩම විකුණගෙන කනවා වගේ වැඩක්.(ස)
ඉතාමත් කෙටි කාලයක් ඇතුලත දැවැන්ත සංවර්ධනයක් රට පුරාවටම සිදුව ඇත. කොලඹට පමණක් සිමා වුන සුඛෝපභෝගී පහසුකම් අද වනවිට රට ඇතුලට විහිදී ඇත. එමගින් දෙස් විදෙස් සංචාරකයන්ටද විදෙස් ආයෝජකයන්ටද විශාල පහසුවක් අත්වී ඇත.(නදී)
අනේ රූපවතී අක්කේ , එහෙම අධිවේගේ උඩ ඉදගෙන අක්ක නානවා බල බලා හිටියොත් හොදට හිටී! එහෙම කලොත් පොලිසියෙන් ඇවිත් වැරදි දෙකකට මාව අල්ලාගෙන යයි! අම්මෝ අක්කේ මට නම් බැහැ (නි)
මේ වගේ සීග්‍ර සංවර්දනයක් සිදු වෙන්නේ මේ ආණ්ඩුවෙන් විතරයි. වෙන කිසිම ආණ්ඩුවක් මේ විදියට රට දියුණු කරලා නැහැ. අපි දුන්න ඡන්දය අපතේ යන්න නොදුන්නා එකට පින් ජනාධිපතිතුමනි. සැමදා අපි ඔබ සමගයි.(නදී)
සමන්ත කොලුවෝ මි මුණුබුරෝ ගැන හිතන්න කලින් දැන් ඉන්න පරම්පරාව කාල ඇදල ඉන්න එපැයි. මේ පරම්පරාව විනාශ උනොත් ආයේ කොහෙද බොල මි මුනුපුරෝ තියා මුණු පුරෝවත්. අධි වේගයක් අවොත් අපේ පලාතුත් දියුණුවෙලා රොටියක් කන්න පිටි ටිකක්වත් කඩේකින් ගන්න පුළුවන් වෙයි.(නදී)
මේකට අදහස් දන පිටරට ඉන්න ඔක්කොම මහම මහා මෝඩ අය ටිකක්! එයාලට ලංකාවේ ඉදලා හෝ ලංකාවට ඇවිල්ලා මොනවාහරි කරගන්න හැකියාවක් තියෙනවා නම් පිටරටට වෙලා ඉන්නේ මොකටද? ලංකාවේ වැලේ වැල් නැතුව ඉදලා රට ඇවිල්ලා තමන්ගේ මෝඩකමත් ප්‍රදර්ශනය කරනවා (නි)
මේක හොඳ මදි. චීනයෙන් විතරක් නොවේ අපි මුළු ලෝකෙන්ම ණය අරගෙන ලෝකේ ලොකුම අන්තර්ජාතික හිගන්නා බවට පත්වෙන්නට උත්සාහ කළ යුතුයි. (නි)
මේ කෑගහන අයම තමා අධිවේගී මාර්ග හැදුවට පස්සේ මුලින්ම සැප වාහන වලින් යන්නේ... (නදී)
ඉස්සර අපට ලැබුනේ "ආධාර" ඒවා ආපසු ගෙවිය යුතු නැහැ. ඉන්පසු ඒවා නොලැබෙනකොට පොලිය සමග ආපසු ගෙවිය යුතු "ණය", නිකම්ම ණය කියන්නේ නැතුව "ණය ආධාර " වුනා. දැන් එකෙනුත් "ණය" කොටස හැලිලා පොලිය සමග ආපසු ගෙවිය යුතු ණය අඳුන්වන්නේ ආධාර කියලා. (නි)
සිල්වා මහත්මය කියන විදිහට පාර හදන්න ගියොත් යාපනේට පාර හදන්න අවුරුදු 39 ක් යනවා. (නි)
අපිට ණයට අරගෙන හරි කොළොඹ සිට මිගමුව දක්වා විදුලි දුම්රියක් දැම්මොත් හොඳයි.(ත)
මේවා අපේ රටට ඔරොත්තු දෙන්නේ නැහැ. අධිවේග හදන එක හොදයි. ණය වෙලා ණය වෙලා මේවා කරලා අපිට හාල් කිලෝ එකක් වත් ගන්න බැරි තරමට ගණන් ගියාම හිගා කන්න වෙන්නේ. (නි)
දිල්හානි මොරටු විශ්ව විද්‍යාලයේ ඉදගෙන මොනවා ඉගෙන ගන්නවද අපි දන්නේ නෑ. ඉංජිනේරු තාක්ෂනය අනුව ගත්තම මේ වගේ පාරක් කණු මතින් යනකොට පරිසරයට සහ අපේ උරුමයට සිදුවිය හැකි විනාශය වැඩියි. මෙවැනි එකක් පොලව මතින් යනවට වඩා. එකට හේතුව තමයි ඉහල තියෙන සියලු බරෙහි පීඩනය කණු කීපයකට එනකොට අත්තිවාරම බොහෝ ශක්තිමත් විය යුතු සහ බොහෝ ගැඹුරට යායුතු වන නිසා. ඊට අමතරව එහිදී සිදුවෙන පාරට යටින් ඇති පරිසරයේ විනාශය, පොලව මතින් පාර යද්දී සිදුවන විනාශයට වැඩි වෙනසක් නෑ.(නදී)
කිරිමාටින්, අපේ රට කුඩා වැඩියි, ජනගහනය මදි, අපිට තෙල් නැහැ... මේවා අපිව මොඩයෝ කරන්න උගන්නපුවා. සින්ගප්පුරුවේ ජනගහනය මිලියන 5යි. බොන්න වතුරත් නැහැ. සිංගපුරුව දියුණු වුනේ "විනය" නිසයි. ලංකාව දියුණු නොවන්නේ යටිතල පහසුකම් නැති නිසා නොවෙයි, විනය නැති නිසයි. (නි)
අපි අපේම ශක්තියෙන් හෙමිහිට වසරකට කිලෝමිටෙර් 10 බැගින්වත් අධිවේගී මාර්ගය හදා ගත්තනම් නේද හොඳ, මෙවයින් ලැබෙන ආදායම ඔක්කොම යන්නේ චීනයට නේද? (ස)
හැකිතාක් හොඳින් යාපනය හා කොළඹ යාකරන මාර්ග පද්ධතිය සන්නද්ධකොට දිවයිනේ ඒකීය භාවය ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කිරීම අගය කලයුතු බුද්ධිමත් වැඩපිළිවෙලක්. ඊට දුම්රිය මාර්ගයද ඇතුලත්විය යුතුයි. චීනයට දැනටමත් ලංකාවේ අධි වේගී මාර්ග පද්ධතිය ගොඩනැගීමේ අත්දැකීම් ඇති නිසා ඔවුන්ගේ යම් යම් අඩුපාඩු කම්ද ඉවසන්නට සිදුවෙනවා. මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමෙන් පසු විශාල යුධ හමුදාවක් රටේ ආරක්ෂාව පිණිස යාපන අර්ධද්වීපයේ තබන්න අවශ්‍ය වෙන්නේ නැහැ. (දී)
චීන ආධාර නම් කමක් නැහැ (නි)
අපේ මව්බිම සුබ අනාගතයකට ගෙනියන අපේ ජනාදිපතිතුමාට තව තවත් ශක්තිය ලැබේවා.. සුබ අනාගතයක් මහරජාණෙනි.. (ස)
බෙදුම්වාදයට හොදම පිලිතුර.(නදී)
අනේ චීනෝ නුඹලා අපේ රටට ගෞරවයක් වෙනවා (නි)
කොළඹ සිට ගාල්ලට මාර්ගය හදන්නත් අවුරුදු 10 විතර ගත වුණා නේද? ණය අරගත්තත් කොහොමත් අවුරුදු 25 විතර යාවි පාර යාපනයට හදන්න. මම ලිවුවේ එක කොනකින් පටන් අරන් අවුරුද්දකට කිලෝ මීටර් 10ක් විතර හදාගන්න පුළුවන් නම් අවුරුදු 3 විතර ගියාට පස්සේ පාරෙන් ලැබෙන ආදායමෙන් පුලුවන් පාර ටික ටික ඉවර කරන්න. එතකොට පාර අයිති ශ්‍රී ලංකාවට. කොමිස් කාරයෝ සහ හොර කොන්තරත් කාරයෝ නැත්නම් අපේ රටේ මාර්ග පධතිය මෙයට වඩා දියුණු වෙලා (නි)
ණය අරගෙන හරි අධිවේගය හදන එක හොඳයි. කොළඹ සිට කතරගමටත් ණයට හරි හදන්නකෝ. බඩු මිල ටිකක් වැඩි කලාට කමක් නැහැ(නි)
ශ්රී ලාංකිකයිනි, සැළකිල්‍ලෙන් සිටිය යුතු කාලයයි මේ (නි)
ද සිල්වා, ඔබේ අදහසට මමත් එකඟයි. ණය වීමේත් සීමාවක් තියෙන්න ඕනෑ තමයි. මේවා ගෙවන්නේ අපි විතරක් නොවෙයි. අපේ ඉදිරි පරපුරටත් ගෙවන්න වෙනවා. ලෝකෙට ණය නොවී තියෙන පාර හදා ගත්තම මදිද අපිට? (නි)
අරහත්වයට ගෙනයන්න පුළුවන් සිත් ඇති මිනිසුන් බිහිවෙන්නේ සහ ඊට රුකුල් දෙන සමාජ චින්තන බිහිවන්නේ පෙරදිගින් පමණි. සුද්දන්ට කොපමණ බණ කිව්වත් ශ්‍රද්ධාවටවත් එන්න බැරිකම මම හොදින්ම අත්දැකලා තිබෙනවා. ඒ අයගේ චින්තනය වෙනස් . ඒ සන්කෘතියෙන් භාෂාවන්ට ගැඹුරු මානසික හරයන් ග්‍රහණය කරන්න බැහැ. සිතුවිලි හිතන්නේ භාෂාවෙන් නිසා ගැඹුරට සිතන්නටද බැහැ. නමුත් අනෙක් බාහිර දේ වලට දක්ෂයි. මේ රටවල ජීවත් වන නිසාම මම දන්නවා බටහිරයන්ගේ හැකියාව මෙන්ම දුර්වලකම් ගැනත්.බෝසතාණන් වහන්සේ පස් මහා බැලුම් බලා භාරතයේ පහළවීමට තීරණය කලේ එවකට දියුණුව තිබුන ග්‍රීක, මිසර ශිස්ඨාචාර පසෙක දමමින් මේ සංස්කෘතිමය හැකියාව නිසායි. (නි)
චීන ආධාරද වැඩි පොලියට චීන ණයද? (ස)
අදිවේගී මාර්ගය නම් නියමෙට වටිනවා. ඒක තේරුනේ මට ඒකේ ගියාම. වෙනදා පැය ගානක් යන ගමන විනාඩි ගානයි අම්මප හැම තැනම හැදුවත් කමක් නැ. වැය වෙන තෙල් ටිකත් අඩුයි නේ. කතරගමට හදනවා කියන්නේ ඉතින් සුපිරි ගමනක් යන්න පුළුවන්.(නදී)
ණය අරගෙන පාරවල් හැදීම හොඳයි. ණයකාරයෝ ණය ඉල්ලගෙන එනකොට මේ පාරවල් වලින්ම අපිට් අධිවේගයෙන් පැනලා යන්න පුළුවනි. (නි)
සාමාන්‍ය බුද්ධියෙන් බැලුවම මම කියන ඒවා විකාර වගේ පෙනෙනවා, ටිකක් ඉන්න තැනින් එහාට හිතන්න බැරි අයට. මම වසර ගණනක් මේ රටවල ජීවත්වෙලා ඒවායේ සංවර්ධන කටයුතු කරනහැටි දැකල තිබෙනවා. ඒවායේ සැලසුම් සකස් කරලත් අත්දැකීම් තිබෙනවා. මේ වගේ ලොකු ගොඩනැගීම් කරද්දී අපේ වගේ රටවල මිනිස්සු මේ දිහා බලන්නේ මොලයට වඩා හදවතින්. ඕනෑම ස්වභාවික පරිසරයක් වෙනස්කරලා නිර්මාණ පරිසරයක් ගොඩනැගීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෑ කරුණු ඕනෑ තරම් තිබෙනවා. එකට තමයි කියන්නේ දැනුම කියලා. දැනුම හැමවෙලේම නිර්මාණය වෙන්නේ රටක සංස්කෘතිය සහ දේශීය උරුමය අනුව මිසක් අනෙක් ජාතීන් කොරන කොරන දේ කරලා නොවෙයි. සැලසුමක් සැකසීමේදී නිර්මාණකරු මානව සහ පරිසර හිතකාමී වීම තමයි අද නුතන විද්‍යාව කියන්නේ. (නි)
ණයට ගැනීම ගැන සුපර් ස්ටාර් වගේ තරඟයක් තිබ්බොත් ලංකාවට කී වැනි තැන ලැබෙයිද? (අ)
කෙනත් මහත්මා කිව්ව දේවල් හරියටම හරි. ඔබේ අදහස් වලට ප්‍රණාමය. අපි මීට වැඩිය අපේ පරිසරය, උරුමය ගැන හිතන්න ඕනෑ. (නි)
1948 සිට කුඩම්මාගේ සැලකිලි.. ඇති යාන්තන් යාපනයට යමක් වෙනවා.. (නි)
කෙනත්, ඔබ හරි. නියමයි.ඔහොම හිතන්න පුළුවන් අය තව බිහිවෙන්න ඕනෑ. රෑ වැටුන වලේ දවල් නොවැටී යන්න ඕනෑ. (නි)
සල්ලි නැත්නම් ඉතින් ආධාර වලින් හරි හදන්න වෙනවා. නැතුව දියුණු වෙන්න බැ. ඒවා ගෙවන්න පුළුවන් දියුණු වුනහම. මේවා ඉවසන්න බැරිව ඇති ඉතින් සමහර අයට.(නදී)
චීනය රටේ සංවර්ධනයට ගොඩාක් උදව් කරනවා
ලංකාවට ජයවේවා
පිටරටින් ණය අරගෙන පාරවල් හදලා දියුණු වෙච්ච රටක් ලෝකේ නැහැ. හැබැයි, තමන්ගේ ආර්ථිකය දියුණු කරගෙන ඒ ශක්තියක්, ඉන් ලැබෙන වාසිත් උපයෝගී කරගෙන තාමයි දැන් දියුණුයි කියන රටවල් කරලා තියෙන්නේ. (නි)
අනේ සදරේකා, ඔහොම සිතියම් අරගෙන රූලෙන් ඉරිගහලා පාරවල් හදන්න බැහැනේ. ඔය සාමාන්‍ය පෙළ දක්වාවත් ඉගෙන ගත්තද? කෙනත් කියන දේ වටහාගන්න පුළුවන් අය ඉන්නේ ටිකයි. මේ නිසා තමයි සැලසුම් කිරීම ඒ කට්ටිය පමණක් කරන්න ඕනෑ. (නි)
වැඩි පණ්ඩිත කතා නෙමෙයි මේක හොද වැඩක්. රට දියුණු වෙනවා, ඕනෑම රටක පාරවල් හැදෙන්න ඕනේ, යටිතල පහසුකම් නැතිව යෝජනා එන්නේ නැහැ. අපේ රටේ සල්ලි නැත්නම් නයට හෝ ආධාර තමයි ගන්න ඕනේ. නය ගන්න එපා කියන අය එයාල ඉතුරු කරලා තියෙන මුදලෙන් රටේ ආයෝජනය කරන්න කියන්න. එහෙම ඉතුරුවක් නැත්තේ අවුරුදු 30 යුද්ධයට සාප වෙන්න. දැන් අපි අපේ රට ගොඩ ගමු. ඕස්ට්‍රලියාවේ ලොකුම ආයෝජකයා චීනය. බොහොමයක් දියුණු රටවල එහෙමයි. සල්ලි තියෙන කෙනා තමා ආයෝජනය හෝ නය හෝ දෙන්නේ. වඩා වැදගත් මේ නය හෝ ආධාර කලමනාකරණය කිරීමයි.(නදී)
තවත් අධිවේදයක්....?? (නි)
දැන් බලපුවම නය අරගෙන හරි අපේ රටේ යටිතල පහසුකම් දියුණු කරනවට අකමැති අය සියලු දෙනා පදිංචි වෙලා ඉන්නේ කැනඩාව, ඇමෙරිකාව, යුරෝපියන් යුනියන් වගේ දියුණු රටවල. ඔයාලට ඉරිසියද අපේ රට දියුණුවෙලා අපිත් ඔයාල විදින සැප පහසුකම් විදිනවට. (නදී)
මෙන්න තවත් පොහොසතුන් බිහි කරන ලොතරැයියක්..... කැමති කෙනෙක් ඉන්නවා නම් උප කොන්තරක් එකක් වත් චිනාගෙන් ඉල්ලා ගන්න බලන්න. (නි)
කෙනත් සමග මාත් ඉන්නවා. ඔබ හරි. අවුරුදු 30 යුද්ධයක් අස්සේ හිරවෙලා හිටපු ලංකාවේ මිනිස්සුන්ට, එකපාරටම ලෝකේ පෙන්නුවම ලෝකේ ඔක්කොම මෙතක් නොලැබුන දේවල් එක රැයෙන් කරගන්න ඕනෑ වෙනවා. නමුත් ඒ රටවල් ඒවා අත්කරගත්තේ බොහෝ කල් සෙමින් දියුණු වීමෙන්, පාඩම් ඉගෙන ගනිමින්. ඉතින් අපේ අය දැන් පරිසරය , ඉතිහාස උරුමය වගේ දේවල් දකින්නේ මේ සංවර්ධනය යන මිත්‍යාවට ඇති බාධක ලෙසයි. කව්රුහරි දුර දිග පෙනෙන විද්වත් අදහසක් පෙන්වා දුන්නොත් එයාට බනිනවා පණ්ඩිතකම් කතාකරනවා කියලා. ඒ වගේම බටහිර රටවලට වෛර කරනවා, නමුත් චීනෙන් බිලියන් ගණන් ණයට අරගෙන බටහිර රටවල් කරන දේම කරන්න යනවා. මේක පරිහානියේ ලක්ෂණයක්. (නි)
ණය අරගෙන හරි පාරවල් හදන එකෙන් රටේ මාර්ග පහසුකම් දියුණු වෙනකොට රට සංවර්ධනය වෙනවා. අපේ සල්ලි වලින් පාරවල් හදන්න ගියොත් කොයි තරම් කාලයක් යනවද ?රටක් දියුණු වෙන්න නම් ඉස්සෙල්ලම රටේ මාර්ග පද්ධතිය හරියට දියුණු වෙන්න ඕනේ.(ත)
කෙනත්, ඔය වැඩකට නැති නටඹුන් කන්නද? ඕවා තමයි දියුණු වෙන්න තිබෙන බාධා. ඕවා ගලවලා දාලා අනුරාධපුරේ උඩින් යටින් පාරවල්, හෝටල් දාලා ඩුබායි වගේ කරන්න ඕනෑ. කෙනත් කියන විදිහට පරිසරය රැකගෙන මේවා කරන්න බැහැ , අපිට කන්න නැත්නම් ගස්කොලන් සත්තු හිටියට මොනවා කරන්නද? බලන්න අරාබිය. ඔය මුකුත් නැතුව සල්ලි ගොඩක් තියන් ඉන්නේ (නි)
මේ ආධාර වලින් රට සංවර්ධනය කරනවාට ස්තුති (දී)
හොදක් වෙනවා නම් එපනයි (දී)
මාටින් අයි අධිවේගය නැතුව මෙච්චරකල් පිටි රොටි ගන්න කඩේ යන්න බැරුවද හිටියේ? පාන් පිටි එන්නේත් ඇමෙරිකාවෙන් බව දන්නේ නැද්ද? තුන් වේලම සිංහල හාලේ බත් කන්න, ඔය පාන් පිටි ගිලින්න බලාගෙන ඉන්නේ නැතුව, ලැජ්ජයි ඔබ ගැන! (නි)
අරුණ, මට තමුන්ට ආමන්ත්‍රණය කරන්න තියෙන වචන මෙතන පාවිචියෙන් වැළකෙනවා. මම හිතන විදියට තමුන් කුඩු උරනවද, නැත්නම් කුඩු ඇල් දියෙන් දියකර බීලා මේ වගේ බුරු කතා කියනවද යන්න ප්‍රශ්නයක් (නි)
චීනයට ජයවේවා (දී)
අපොන්සු, සිංගප්පුරුව දියුණු වුනේ ''වීනය'' නිසයි. අපි දියුණු වෙන්නේ ''චීනය'' නිසයි. මොනවා වුනත් යටිතල පහසුකම් තමා ඉස්සෙල්ල ඇති කරන්න ඕනෑ. (නි)
මම නම් කැමති මීට වඩා හොද අධිවේගී දුම්රිය පාරවල් ටිකක් දැම්මොත්. මොකද ඒකෙන් සාමාන්‍ය ජනතාවට ලොකු සේවයක් වෙනවා. අපි අනුගමනය කරන්නේ ඇමෙරිකන් මොඩ්ල් එකේ සංවර්ධනයක්ද? නැත්නම් යුරෝපීය මොඩ්ල් එකේ සංවර්ධනයක්ද? අපි වගේ කුඩා, නමුත් ලොකු ජනගහනයක් ඉන්න රටකට ඕනෑ යුරෝපය වගේ හොද දුම්රිය සහ බහුවිධ මහජන ප්‍රවාහනය මිසක් අධික ඉන්ධන වැයවෙන ධනය නාස්තිවෙන ජනගහනයෙන් 3% කට පමණක් බලපාන ඇමෙරිකන් මොඩලයක් නොවෙයි. මෙතන අදහස් වලින් ටිකක් ප්‍රබුද්ධ සංවාදයක් කරා යන්නේ කෙනත් පමණයි (නි)
මාටින්, අධි වේගයක් නිවැරදි ආර්ථික පදනමකින් තොරව දැමීම දියුණුවක් නොවේ පරිහානියක්. පිටරට වල ඉන්න අපිව ඔය වගේ ඇස් බැන්දුම් වලින් තම්බන්න බැහැ. ගොඩයාට මැජික් කිව්වා වගේ සමහර මෝඩ ලාංකිකයන්ට මේ වාගේ ඇස්බැන්දුම් හරි අගෙයි.(නදී)
කෙනෙත් මෝඩකතා කියන්න එපා. එහෙමනම් දියුණු රටවල් සේරම දෙකට බෙදිලද තියෙන්නේ? (නි)
ගත්ත ණය ගෙවන්න තව කොච්චර කල්ප කාලයක් ඉන්නවෙයිද. නුපන් පරම් පරා උගස් තියන අපිට යන්න, ලෝකයක් හදා ගන්න වෙනවා. (ස)
මාටින් , අපේ දැනුමත් වර්ධනය වෙන්නත් එක්ක මිනුම් ඇතුවම විස්තර කරලා දෙන්නකෝ දකුණේ ඇතිවී තියෙන දියුණුව අධිවේගය නිසා. (නි)
ණය ගොඩට තවත් ණය. අපි චීනට චීන අපිට (ස)
දිල්හානි, කෙනත්ගේ අදහස උතුරු අධිවේගය නිසා රට දෙකඩ වෙනවා කියන එකයි. ලෝකේ කිසිම දාක එහෙමවෙලා නැහැ. කෙනත් බොරු කතාවක් ගොතාගෙන එයාගේ පුහු පණ්ඩිතකම් පෙන්වනවා. මේවාට රැවටෙන ඔබ වාගේ අය අපේ රටේ වැඩි බව රහසක් නොවෙයි. (නි)
කැනඩාවේ දිසාට, මේ කරන දේවල් ණය නෙවෙයි.මේ කරන දේවල ප්‍රතිලාභ අපිට නැතත් අපේ දරුවන්ට හරි කවදාහරි ලැබේවි (නි)
නිරෝෂා. දක්ෂිනෙන් දකුණට ඇති වෙලා තියෙන දියුණුව ගණන් මිනුම් ඇතිව ඔප්පු කර පෙන්වන්න. ගත්ත නයත් පොලියත් එකතු කරාම වැඩේ පල ප්‍රොයෝජන ප්‍රමාණවත්ද?(නදී)
කෙනත්,සංස්කෘතිය කියන්නේ වෙනස්වෙන දෙයක්. හැමදාම , මොහොතකම අලුත් වෙනවා දැන් ලෝකය වෙනස් ගෝලීය කරණය වෙලා කියල කියන්න පුළුවන් , තාක්ෂණයේ දියුණුව හරහා සංස්කෘතියේ වෙනස් වීම් වේගවත් වෙලා. එතකොට ඔය කියන බටහිර , පෙරදිග, කියල හරියටම වෙන් කරන්න ක්‍රමයක් නැහැ. උදාහරණයකට ලෝකයේ ඕනෑම බටහිර සංගීතය, පෙරදිග සංගීතය එකට මුසුවෙනවා, බටහිර නැටුම් වලට අප්‍රිකාවේ ගෝත්‍රිකයන්ගේ නැටුම් එකතු වෙලා, දැන් බලන්න විලාසිත සමහර අප්‍රිකානු ඉන්දීය ගෝත්‍රික විලාසිත ඔය කියන බටහිරට එකතු වෙලා. ඒ වගේම නුතන දැනුම අපි හැමෝටම අය්ත්ය්. එක දැන් බටහිර, පෙරදිග කියල වෙන් කරන්න බහ මොකද ඔය සංස්කෘතිය දැන් ගෝලීයකරණය වෙලා නිසා. දැනුමට සංස්කෘතිය පාදක වෙන බව ඇත්ත. එත් සංස්කෘතිය ගෝලීය වෙනකොට නුතන දැනුමත් ගෝලීය කරණය වෙලා. කොහොම උනත් සමහර වැදගත් තර්ක ඉදිරිපත් කිරීම හොද දෙයක්. අපි අපේ රට ගොඩනගමු. (නදී)
චීනය නිකන් සල්ලි විසි කරන්නේ නැහැ. කොන්දේසි මොනවද කියල කවුරුත් කියන්නේ නැහැ. චීනය මේ වගේම අප්‍රිකාවේ රටවල් ගොඩකට උදව් කරනවා. ඒ රටවල් වලට චීනයේ අන්තර්ජාතික අවශ්‍යතා හා ආර්ථික අවශ්‍යතා වෙනුවන් වැඩ කරන්න වෙලා තියනවා.(නදී)
ප්‍රසන්න, ඕස්ට්‍රේලියාවේ සම්පත් ඔක්කොම විකුණලා තියෙන්නේ යැයි කීම ඉතාම වැරදි කියමනක්. ඕස්ට්‍රේලියාවේ තවමත් ගොඩගෙන නැති සම්පත් අසීමිත ප්‍රමානයක් තියෙනවා. ඕස්ට්‍රේලියාව ණය ගත්තට ඒවා ගෙවන්න නියමිත ආර්ථික ප්‍රතිපත්තියකුත් , ස්වාභාවික සම්පතුත් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ කොයිතරම් රත්‍රන් ඇතිදැයි ඔබ දන්නවද? සංවර්දනය කියන්නේ ඉතාම සාපේක්ෂ දෙයක් නොවේ.සංවර්දනය කියන්නේ තමන්ගේ ඉන්න රට උගස් තැබීමද? (නි)
ප්‍රසන්න, ඔබ දවල් හීන දකිනවද? (නි)
කෙනත් , පණ්ඩිතයාට ඒ දන්ඩේ යන්නට නොහැක. බොරු පණ්ඩිතයාට ඒ දන්ඩ අදුනා ගන්නටත් බැරිය. (නි)
ප්‍රසන්න, නිවැරදි වන්නේ "යහපත් ආර්ථික කළමනාකරණක් නැතුව රටක් දියුණු කරන්න බැහැ" කියන එක නේද? මොනතරම් රටින් ණය ගෙනාවත් සංවර්දනය පිටරටින් ආනයනය කරන්න බැහැ. ඒක රට ඇතුලෙම නිපදවිය යුතුයි. දක්ෂිණ අධිවේගය දැම්මා. උදේට මිනිස්සු කීදාහක් ඒකෙන් වැඩට ගිහින් රටේ ආර්ථිකයට උදව් කරනවද ? ගාලේ ඉඳන් ලොරි කීයක් ඒකෙන් වරායට ගෙනෙනවද? ලංකාවේ අයට මේවා තේරෙනකොට ප්‍රමාද වුනා වැඩියි. (නි)
අනෙ අම්මේ හාමුදුරුවනේ. ලංකාවේ රහත් වෙච්ච අය නම් කොච්චර ඉන්නවද. අපේ ගමේම නයට සල්ලි ඉල්ලගෙන කි දෙනෙක් නම් රහත් උනාද. වක්‍රාකාරව හරි වෘතාකාරව හරි කෙනත් අයිය කියනවා වගේ ඉන්දියනුවෝයි, චින්නුයිත් හරිම දක්ෂයි මේවට. මේ ලගකදිත් මැණිකක් ගිලල චීනෙක් රහත් වෙන්න හදනකොට අමාරුවෙන් අල්ලගත්තලු. හැබැයි බටහිර අය නම් එහෙම රහත් වෙච්ච හෝ රහත් වෙන කතාවක් මම අහලවත් නෑ තමයි. ඒ හින්දා කෙනත් අයියගේ "බටහිර විද්යාඥනයන් අතරින් රහතුන් බිහි නොවේවා" කියන කතාවේ ඇත්තක් තියෙන්නත් පුළුවන්.(නදී)
ප්‍රසන්න, ස්තුතියි වැදගත් විදිහට මතය ඉදිරිපත් කිරීම ගැන. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ ඔය කියන ගෝලීය දැනුමට හැමවිටම මුල් වෙලා සංකල්ප නිර්මාණය කරලා තිබෙන්නේ බටහිර කෙනෙක්. ගොඩක් දැනුම් පද්දතීන් යුරෝපයේ පුනරුදය සමග පැනනැගුන ඒවා. අපි දැන් දකින ගෝලීය දැනුම බටහිර දැනුම කියන්නේ එකයි. ගෝලීය දනුමනම් එහි නිර්මාපකයන් අතර ඉන්දියානුවන්, චීන්නු සැලකිය යුතු ලෙස ඉන්න ඕනා. නමුත් එහෙම නැති බව පැහැදිලියි. අනෙක නුතන විද්‍යාවේ රේඛීය චින්තනය අපේ සංස්කෘතියට ආගන්තුකයි. අපේ රටේ සාමාන්‍ය ජනයා අතර මේ විද්‍යාව ගණිතය ප්‍රචලිත නොවන්නේ එය අප මත සංකෘතියට එපිටින් බලෙන් පටවන්නක් නිසයි, එය අපේ නොවන නිසයි. දැනුම අපේ සංස්කෘතියෙන් නිර්මාණය නොවන තාක් අපිට ජාතියක් වශයෙන් අලුතින් යමක් කරන්න (දැනුම නිර්මාණය) බැහැ. හැමදාම බටහිරයන් අනුගමනය කිරීම පමණයි වන්නේ. අපේ දැනුම පාදකවන්නේ බුදු දහම සහ ඉන් ගොඩනැගුන සිංහල බෞද්ධ සංස්කෘතිය තුලයි. එහි ඇත්තේ වක්‍රාකාර නැතහොත් වුර්තාකාර චින්තනයයි, බෞද්ධයාට පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමට හැක්කේත් මේ නිසයි ,බටහිර විද්යාඥනයන් අතරින් රහතුන් බිහි නොවන්නේත් මේ නිසයි.(නදී)
ජනාධිපතිතුමාටත් උගන්නන නම් අපේ රටේ ඕනෑතරම් කටියනම් ඉන්නවා. ඒ වුනාට වැඩක් කරන්න ගියහම ඒවාට සහයෝගය දක්වන්න නම් කවුරුවත් නැහැ. ඒවට බාල්දි දාන්නේ යූ.එන්.පී එකේ හෙන්චයියෝ ටික තමා ඉතින්. එයාලට ඉතින් මොනාද කරන්න පුළුවන් වුනේ. අද මෙ රටේ කොයි තරම් සංවර්ධනයක් වෙලා තියේද?(නදී)
කිරිමාටින් මම කියන දෙය වටහාගෙන නැහැ, මම කිව්වද අනුරපුරයට පාරවල් පහසුකම් ඕන නැහැ කියල? ඒවා හැදෙන්න ඕන , නමුත් හැදෙන්න ඕන විදිහක් තිබෙනවා. හම්බන්තොට කල වගේ නුවර කරන්න බැහැ, අනුරාධපුරයට කරන්නත් බැහැ, මොකද තැනින් තැනට ඇති පාරිසරික සමාජමය සහ වෙනත් සාධක වෙනස් වන නිසා. (අ)
ලලිත් මෙහිදී බලන්න ඕන ඉදිකිරීම නම් සුළු කාල වකවානුවේදී වන හානිය නොවෙයි, සිවිල් හා සැකිලි ඉංජිනේරු විද්‍යාව අතින් බැලුවම ගණන් හදල කියන්න පුළුවන් කණු ගහන එකේදී වැඩියෙන් හාරන්න ඕන කියලා. නමුත් විශාල කාල පරාසයක් තුළ මේ ඉදිකිරීම පරිසරයට කරන බලපෑම ගත්තම පස් බැම්මක් ගහනවට වඩා කණු ගැහීම පරිසර හා සත්ව පැවැත්මට කරන හානිය අවම කරනවා. ගොඩක් බලන්න ඕන ඕක වව්නියාව පහුකරලා විල්පත්තු වගේ වනගත ප්‍රදේශ හරහා යන නිසා වල් අලි සංක්‍රමණ තීරු මතින් ඉදිවෙන්න තිබෙන නිසා. කොහොමත් අධිවේගයෙන් යද්දී පාර මැද්දේ වල් අලි රංචු පාරේ හිටියොත්. පාරිසරික හිතකාමී සංවර්ධන හොදින්ම කරන්න ඕන මේ නිසයි. ස්වභාවික පරිසරයේ දිගු පැවැත්මට වඩා හොද කණු මිසක් පස් වැටියක් නෙමෙයිනේ. නැත්නම් විල්පත්තුවේ අලින්ට මුලතිව් කැලෑවේ අලින්ව යලි කිසිදා හමු නොවන්න පුළුවන්. එහෙම බැලුවම කෙනත් කිව්ව පරිණාම කතාවෙත් හරයක් තිබෙනවා.(නදී)
දෙයියන්ගේ නාමෙට කියන්නේ, අනේ දැන් මේක සැලසුම් කරන්න එපා, අනුරාධපුර පූජා නගරය මැදින් ඔන්න. නැත්නම් පස්සේ කියයි රුවන්මැලි සෑයත් අහක් කරන්න , ජය සිරිමහ බෝධියත් කපන්න වෙනවා කියලා. මේක හදන්නේ අපේ රටේ වඩාත්ම වැදගත් රජරට , වැව් බැදී රට , සිංහල බෞද්ධ උරුමය වෙච්චි සිංහලේ මහා ශිශ්ඨාචාරය උද්දීපනය වුණ හදවත හරහා නිසා ගොඩාක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනෑ. පුළුවන් හැම තැනකදීම කණු දාලා උඩින් යන්න හදන්න ඕනෑ. නැත්නම් රට මැද්දෙන් අලි බැම්මක් ගැහුවා වගේ බෙදිලා ගිහින්, වසර සීයකට විතර පස්සේ නැගෙනහිර ලාංකිකයෝ සහ බටහිර ලාංකිකයෝ කියලා දෙවර්ගයක් පරිණාමය වෙයි !!! (නි)
අපි මුලින්ම මෙහි ඇති වටිනාකම තේරුම් ගන්න ඕනෑ. යටිතල පහසුකම් නැතුව රටක් දියුණු කරන්න බැහැ. ඕනෑම රටක මාර්ග පද්ධතිය ඉතාම වැදගත් වෙනවා. ඇමෙරිකාවේ දුම්රිය මාර්ග හැදුවේ චීනෙන්. එතැනදී මිනුස්සු සියගණන් මියගියා. නමුත් චීන්නු අන්තිමට ජයගත්තා. කෙනත් ගේ අදහස පටු අදහසක් වෙනවා සමහර තැන් වල. මුලින්ම වෙඩිබෙහෙත් හොයාගත්තේ චීනෙන්. ඇබකස් එක එහෙම නැතිනම් මුල්ම කැල්කියුලේටරය හොයාගත්තේ චීනෙන්. සීමා සංකල්පය එහෙම නැත්නම් කලනය ගණිත ක්‍රමය මුලිම ඉන්දියාවේ තම බාවිතා වුනේ. එතකොට චන්ද්‍රගුප්ත තමා ගනකාධිකරණය විෂය මුලිම ලෝකයට දායාද කලේ. රසායන විද්‍යාවට බොහෝ දේවල් එකතු වෙන්නේ මැදපෙරදිගින් අරාබියෙන්.මේ විදියට බැලුවහම තාක්ෂනය සහ දැනුම ගෝලීයකරණය වෙලා තියෙන්නේ අද ඊයේ ඉදන් නෙමෙයි. සංස්කෘතිය වගේම තාක්ෂණයත් ගෝලීයකරණය වෙනවා වෙනස් වෙනවා. ඒ නිසා පටු විදියට හිතන්නේ නැතුව අපි ලෝකයත් එක්ක ඉස්සරහට යමු. නුතන තාක්ෂනය අපිට බටහිර පෙරදිග කියලා වෙන්කරන්න බැහැ. මේ තාක්ෂනයට අපි හැමෝම හවුල් වෙලා තියෙනවා. මෙය අපි හැමෝටම අයිති දෙයක්. මෙයින් ප්‍රයෝජන ගැනීම තමා වැදගත් වෙන්නේ. මලයාසියාව දියුණු කරපු මහතීර් මොහොමඩ් වදනක් එකතු කරන්න කැමතියි. "ඕනෑම රටක මාර්ග පද්ධතිය අපේ සිරුරේ ලේ ගමන් කරන නහර පද්ධතිය වගේම වැදගත්. " (නි)
මාටින් මොනවා කියනවද මන්දා. හම්බ වෙන්න ඕන උනත් ලංකාවේ අලින්ට ඉංග්‍රීසි පුලුවන්ද. ඔය බටහිර අලිත් එක්ක කතාකරන්න.(නදී)
ද සිල්වා, ගාල්ලට පර හදන්න අවුරුදු 30 පමණ ගියා. ඕකේ සැලසුම් හැදුවේ අසු ගණන් වල. වැඩේ ඉවර වුණේ,මේ ලගදි. (නි)
ඔයකියන කණු ටික හදාගන්නවත් තරම් සිමෙන්ති නිෂ්පාදනයක් ලංකාවේ තියෙනවද? නැතිනම් එකත් රටින්ම ගෙන්වන්වද? (ස)
ජයා, ජර්මනිය සංවර්දනය කියන්නේ ඉතාම සාපේක්ෂ දෙයක්. ලංකාවේ සංවර්ධනය බලන්න ඕනෑ සාපේක්ෂව. කාලයට, කලාපයට සාපේක්ෂව. කොහොම වුනත් ඕස්ට්‍රේලියාවේ සම්පත් තියෙන එක ඇත්ත. ඒත් ඒ සම්පත්වල අයිතිය එහෙට නෙමේ තියෙන්නේ. ඒවා දැනටමත් අනෙක් රටවල් වලට (එංගලන්තය , ඇමෙරිකාව, චීනය, ජපානය ) වගේ රටවල් වලට අයිති වෙලා ඉවරයි. ඉතින් ඒ සම්පත් ඔක්කොම විකුණලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒ රට වැඩක් නැහැ. අපි අපේ රට ගොඩනගමු. ණය සහ ආධාර හොදින් කළමනාකරණය කරමු. (නි)
දේශප්‍රේමියා නමින් සගව සිටින කෙනා වෙත, ඔබ නුතන විද්‍යාව කියන්නේ කුමටද? නුතන විද්‍යාව බටහිර විද්‍යාව කියලා හිතන නිසයි ඔබට මේ නොගැලපීම වෙලා තිබෙන්නේ. දැනුම නිර්මාණය වෙන්නේ සංස්කෘතියට අනුවයි. මොකද දැනුම කියන්නේ නිර්මාණයක් මිස සොයාගැනීමක් පමණක්ම නොවෙයි. දැනුම සොයාගැනීමක් නම්, කලකදී එතුලින් නිර්මාණය වන න්‍යායන් බොරුවෙන්න බැහැ , නමුත් එහෙම වෙනවා, මිනිස්සු බොරු දැනුම සොයාගන්නේද ? නැහැ දැනුම නිර්මාණයක් බවයි ඉන් පෙනෙන්නේ. මිනිස්සු නිර්මාණයක් කරන්නේ තම සංස්කෘතිය තුල සිටයි. අද අපි විද්‍යාව ලෙස ගන්නේ බටහිර සංකෘතිය තුල නිර්මාණය වුන දැනුමටයි. ඒ නිසයි පෙරදිග ලෝකයේ කිසිවෙක් ඒ දැනුමට අලුත් දෙයක් එක කිරීමට මෙතරම් කලක් ගියත් අපොහොසත් වෙලා තිබෙන්නේ. හේතුව අපි අදක්ෂ නිසා නොවෙයි, හුදෙක් එය අපේ දැනුම නොවන නිසා. (නි)
මේ දමපු අදහස් බැලුවම පිස්සු වගේ. අරයට මෝඩයලු, අරය මෙයාට මෝඩයලු. මට නම් හිතෙන්නේ අදිවේගය හොදයි කියලා. කොහොම හරි හදාගනිමු. ආදී වේගේ යන විට ලංකාවද කියා හිතා ගන්නත් අමාරුයි හරිම ලස්සනයි. ජනාදිපතිතුමාට ගොඩක් පින්.(නදී)
මාටින්ට මම ලකුණු 100 ක්ම දුන්නා ඕන්. පිටරට ඉදගෙන ලංකාවේ සංවර්ධනය ගැන කතාකරන්න වැඩක් නැහැ, ලංකාවට ඇවිල්ල ඕනෑ ලංකාවේ සංවර්ධනය ගැන කතා කරන්න. අධිවේගයෙන් "රට මැද්දෙන් අලි බැම්මක් ගැහුවා වගේ බෙදිලා ගිහින් රට දෙකට කැඩෙනවලු" මොන විහිළුද මේ ....හැම නගරයක්ම සම්බන්ධකරණ පිටවීම් දොරවල් අධිවේග වල තියෙනවා (නි)
කෙනත්, ලංකාවේ කළුතර දකුණ සහ කළුතර උතුර කියා ප්‍රදේශ දෙකක් ඇති බව ඔබ දන්නවා ඇතියි සිතමි. කළුතර උතුරේ සහ කළුතර දකුණේ මිනිස්සු තාම දීග තුලා එහෙමත් කර ගන්නවා. බෙදීමේ කිසිම ලකුණක් පේන්නට නැහැ. ඉතාම දරුණු බෙදීමේ ලකුණු ලංකාවේ මිනිසුන්ගේ පෙනෙන්න තියෙනවා දේශපාලන පක්ෂ වශයෙන්. ඔබේ මතයට සාදක ඉදිරි පත්කරන්න. (නි)
සංවර්දනයත් සමගම අපේ උරුමයන් ආරක්ෂා කරන්න අවශ්‍යයි (නි)
නාමල්, ලංකාවේ ඉතාම ඈත අතීතයේ පාරවල් තිබුනේ නැත. මිනිස්සු කොළඹ ඉදලා යාපනයට පයින් යන්න මාසයක් විතර ගතවෙලා තියෙනවා. සමහරු මගදී මියගියා. ඊට පස්සේ රජකාලේ අශ්වයන්ට යන්න පුළුවන් මාර්ගවලදී එහෙම යන්න දවස් 5 ක් විතර ගතවුණා. දැන් මේ බස් පාරවල් වල යාපනයට යන්න දවසක් ගතවෙනවා. මේවගේ අධිවේගී මාර්ගයකින් යාපනයට පැය 3 න් (වේග සිමා අනුව තීරණය වෙයි) යන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ගේ අනවශ්‍ය විදියට වැයවුණු කාලය යම් ප්‍රයෝජනවත් කාර්යකට යොදාගන්න ඉඩකඩ ලැබෙනවා. ව්‍යාපාරික අදහසින් බලපුවම ඊටත් වැඩි ප්‍රතිලාභ තියෙනවා. සංවර්ධනයට විවිධ අර්ථ තිබුනත් ...ලෝකයේ බහුතරය යන්නේ දැන් මෙවැනි වෙළද ක්‍රමය මුල් කරගත් සංවර්ධනයකටයි. (නි)
කිරිමටින් ගොයියෝ, කෙනෙක් වලිගෙ පාගගන්න සීමාවක් තියෙනවා කියල අහලා නැද්ද? කියන දේ දෙතුන් පාරක් හරි කියවලම අදහස් දාන්න පුලුවන්නම් හොදයි. මොකද ඔබේ තර්ක කොහෙද යන්නේ මල්ලේ පොල් වගේනේ. කෙනත්ට මම එකගයි, එහෙම තම වෙන්න ඕනෑ, පරිසරය විනාස කරලා වැඩකලොත් අපි නැතිදාට ගහක් කොලක් නැති ලෝකෙක අපේ මී මුණුබුරෝ අපිට සාප කොරයි. (නි)
අධිවේගී මාර්ග අපට අවශ්‍යයි. නමුත් අපේ රටට ඔරොත්තුදෙන තරමට වැඩිය දැන් ණයපොලි පැටව් ගහලා! කවදද මේවා ඉවර කරගන්න ලැබෙන්නේ?සීග්‍ර සංවර්දනය කීවට හැම අමාත්‍යංශයක්ම පාඩු ලබන්නේ අල්ලස් කොමිස් දුෂණ වැහිවැහැලා නිසයි. තාමත් රටේ කොයිතරම් ජනතාවක් හරිහැටි කන්න නැතුව දුක් විදිනවද? (නි)
කෙනත් නියමයි....! මට ඔබව හදුනාගන්න ආසයි..! (නි)
දිල්හානි (මොරටුව විශ්ව විද්‍යාලය) , ඔයා විශ්ව විද්‍යාලය කියලා දැම්මේ, උගත් කියලා පෙන්නන්නද? විල්පත්තුවයි, වව්නියාවයි දන්නේ නැති ඔයා සිගිරි ගිහිල්ල නැති අර දේශප්‍රේමී උත්තමයට දෙවෙනි නැහැ. අධිවෙගයක් ජීවිතේට දැකල නැති, ගිහින් නැති ලිං ගෙම්බන්ගේ කතා අහල අපිට සිනාවෙලාම පන යනවා. පිට රට ඉන්න අපිවනම් තම්බන්න බැහැ ඔය වගේ චන්ඳ ගුණ්ඩු වලින්. චීනා ණය ඉල්ලගෙන ආපු දාට අධිවෙගයෙන්ම පැනලා දුවන්න. අපේ ළමයින්ගේ අනාගතය නම් සුරක්ෂිතයි , නමුත් ලංකාවේ දරුවන්ගේ අනාගතය චිනාට බාරයි.(නදී)
අජිත්, අධිවේගය නිසා දකුණේ නගරවලත්, කොළඹ තදාසන්න නගරවලත් වාහන තදබදය අඩුවෙලා තියෙනවා. එයින් ඉතිරිවන ඉන්දන වල අගයම සරල උදාහරණයක් විතරයි මෙවැනි අධිවේගයක ප්‍රයෝජනවත් බව පෙන්වන්න. හැබැයි එක දෙයක් තියෙනවා අපි පිළිගත යුතු, වෙනත් බොහෝ රටවල අධිවේගවල සල්ලි එකතු කරන්නේ නැහැ. සල්ලි එකතු කරන අධිවේග ලෝකයේ බොහෝ තැන්වල සාර්ථක වෙලත් නැහැ. සල්ලි එකතු කරන එකෙන් වෙන්නේ මිනිස්සු මේක පාවිච්චිකරන එක අඩුවෙන එක. එයින් මෙහි නියම ප්‍රතිපල ලැබෙන්නේ නැහැ. මෙහි නියම ප්‍රයෝජන ලැබෙන්න නම් සල්ලි එකතුකරන එක නවතින්න ඕනෑ, එතකොට මෙය භාවිත කරන ප්‍රමාණය වැඩිවෙනවා ..එතකොට ඔය එකතුකරන සල්ලි වලට වඩා ලොකු දේශීය නිෂ්පාදිතයක් රටට එකතුවෙනවා. සාර්ව ආර්ථික මුලධර්ම වලට අනුව, මිනිස්සුන්ගේ ජීවිතය පහසුවෙනවා. අවාසනාවට ලංකාවේ තීරණ ගන්න අය මෙවැනි තීරණ ගන්නකොට බලන්නේ කෙටිකාලීනව ලැබෙන පුංචි මුදල විතරයි (නි)
ලංකාව සංවර්දනය කරන්න චීනය ආදාර කරනවා (දී)
සරත් හරියටම හරි .... ඉදල හිටලා එයාල ලංකාවට එනකොට අර යනකොට තිබුණු පරණ රටම දකින්නයි එයාලට ඕන... එහෙයි මෙහෙයි වෙනසක් නැති උනාම ....රටේ දුප්පත් මිනිස්සු ටිකට කොකා පෙන්නලා යන්න බැහැනේ මෙයාලට ....අනේ අපි නොදන්න පිටරට (අ)
සදරේඛා, රනිල්ට, තිස්සට, රවිට ඉංග්‍රීසි පුලුවන්.(නදී)
ද සිල්වා මහතා/මහත්මිය වෙත, අපිට අපේම ශක්තියෙන් හෙමිහිට වැඩ කරගෙන යාමට නායකත්වය දෙන්නේ කවුද? නමුත් ඔබේ අදහස අගෙයි. (නි)
කෙනත් අයියා යකෙක්ව කොලේක ඇදලා, ඒක දිහා බල බලා බයවෙනවා. (නි)
වජ්ජා, ඔබේ නොදන්නාකම ඉතාම පැහැදිලියි. සිංගප්පුරුවේ දියුණුව ඇතිකළ ලී ක්වාන්යූ ගැන අන්තර්ජාලයෙන් කියවා ඉගෙනගෙන අදහස් දමන්න. ඔබත් අනිත් ලක්ෂ ගණන් මෝඩ ලාංකිකයනුත් "යටිතල " ඇම ගිලලා .(නදී)
කොලබ ඉන්න අපි යාපනය අපිට සම්බන්ධ කලේ නැත්නම් .....ඉන්දියාව යාපනය ඔවුන්ට සම්බන්ධ කරගන්නවා අනිවාර්යයෙන්ම. දැනටත් යාපනයට ගොඩක් බඩු එන්නේ ඉන්දියාවෙන් කියල සමහරු දන්නේ නැහැ (නි)
ජයවේවා
කෙනත් මහත්තයා, චින්තනය බටහිරද පෙරදිගද කියනවට වඩා අද කාලෙට ඔබිනවද නැද්ද කියන දේ වැදගත් නැද්ද? ඔබ කියන විදියට ගණිතය විද්‍යාව ඉවත් කරලා ආගම පමණක් පාසල් වල උගන්වන්න පුළුවන්ද? මැද පෙරදිගත් එහෙම නැහැ නොවැ. (නි)
මොනවද කෙනත් කියවන්නේ? ගණිතය විද්‍යාව නැතුව කරත්තයක්වත් හදන්න පුලුවන්ද? ඔය කියන විදියට අපි හැමෝම ඉගනගන්න එක පැත්තක තියලා පන්සල් යමු.රහත් වෙන්න උත්සාහ කරමු.ඔයා ඔහාට වෙලා මොනවද කරන්නේ එතකොට. (නි)
කෙනත්, ඔයා මෙතන කියන්නේ බටහිර ජාතීන්ගේ තර්ක කිරීමේ ලක්ෂණය ගැනද? කිසිම දෙයක් තර්ක කරලා ඇස් දෙකින් හෝ පරීක්ෂණ හරහා කල්පිතයක් ලෙසවත් ඔප්පුවන තාක් පිලි නොගැනීමේ ගතියද? ඉතින් ඒකේ වරද මොකද්ද? අපි හැමෝම එහෙම වෙන්න එපැයි. (නි)
කෙනත් මහත්තයත් නිකන් කකුළුවා වගේ. තමන් බටහිර රටක ඉදගෙන, බටහිරයන් අනුගමනය කරමින් ලංකාවේ අපිට කියනවා බුදුදහම සහ සිංහල සංස්කෘතිය ගැන. මේවට තමයි වැදී බන කියන්නේ. බුදු දහමට අනුව ඕනෑම කෙනෙකුට රහත් වෙන්න පුළුවන් කැපවීම තියෙනවනම්. බටහිරද පෙරදිගද කියල නෑ. එකට ආතම ගණනාවකදී පෙරුම් පුරලා තියෙන්න ඕනා. ඕනෑම ආගමක් තියෙන්නේ සමාජය සාමකාමිව තියාගන්නයි. කෙනත් මහත්තයා දැකලා තියෙනවද පෙරදිග රහත් වෙච්ච අය.(නදී)
චීනයෙන් ලංකාවට ගොඩාක් උදව් තියෙනවා (දී)
නොදැනෙන නිසයි අහන්නේ, කාට හරි පුලුවන්ද කොළඹ සිට යාපනයට පාරක් දැමීමෙන් රට දියුණු වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරලා දෙන්න? (ස)
ලංකාව බොරතෙල් රටින් ගෙන්වන්නේ නැතුව පෙට්‍රෝල් ඩීසල් රටින් ගෙන්වීම නිසා පාඩුව දිනකට කෝටි ගණනක් නේද? අපේ ජලාශ වල පතුලේ රොන් මඩ පිරිලා නිසා ඒවගේ ධාරිතාව අඩුවෙලා. විදුලිබලය නිපදවන්න වෙන්නේ ඩිසල් වලින්. නරකද මේ වැනි විශාල ව්‍යාපෘති ආරම්භ කරන්න ඉස්සරවෙලා , ණයවෙලා හරි තෙල් පිරිපහදුවක් හදාගෙන , ජලාශ ටික පිළිසකර කරගත්තා නම්.මේවා අත්‍යවශ්‍ය දේවල්. විදුලිබිල , ඉන්ධන මිල අඩුකරගන්න පුලුවන් නම් දුප්පත් මිනිස්සුන්ගේ ජිවන බර අඩු වේවි. එතකොට මධ්‍යම පන්තිය ශක්තිමත් වේවි. ශක්තිමත් මධ්‍යම පන්තියක් නැතුව රට දියුණු කරන්න බැහැ. සුපිරි පෝසතුන් අතලොසක් හිටියට රට දියුණු වෙන්නේ නැහැ (නි)
දැන් දක්ෂිණ අධිවේගේ දාලා යටිතලේ හදලා දිලා ගාල්ලේ කුරුඳු තලනන්න්ට මොන දියුණුවක් ද වෙලා තියෙන්නේ? දඹුල්ලේ ඉදන් කොළඹට කාපට් දැම්මා. දඹුල්ලේ එළවලු ගොවියා ගොඩද ?කියන්න බලන්න (නි)
දිල්හානිට විකාර වව්නියාව පහු කරලා කොහෙද විල්පත්තුවක් තියෙන්නේ. ලංකාවේ ඔයා අධිවේග දැකලත් නෑ මගේ හිතේ. ඒවා දෙපැත්තෙන් ඇතුල්වෙන්න බැරි විදිහට ආවරණය කරලයි හදන්නේ. අලි රංචු ඒ හින්ද පාර මැද්දේ ඉන්නේ නෑ. අනිත් එක විල්පත්තුවේ අලින්ට මුලතිව් කැලෑවේ අලින්ව හම්බ වෙන්ඩම ඕනද? ඒක එහෙම නම් ඔය ඉන්දියාවේ, අප්‍රිකාවේ, ඇමෙරිකාවේ ඉන්න අලිත් මෙයාලට හම්බවෙන්න ඕන ඇතිනේ.(නදී)
මේ මාර්ගය නම් පැයට කිමී 100 මන්දගාමී අධි වේගයක් නොවේවා. (අ)
කෙනත්, බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලයි. හැම දෙයකම අන්තයටම ගියහම තමන් විතරයි සියල්ල දත් කියලා ඔබට හැගෙනවා. බුදුන් වහන්සේ පමණයි ශ්‍රේෂ්ට, ඒකෙනුත් ලංකාවේ තමයි හොදම බුදුසසුන තියෙන්නේ කියලා හිතනවා. බුදුන් වහන්සේ වගේම අනිත් ආගම වලටත් ගරු කරන්න පුරුදුවෙන්න. මොකද අපි අකමැති වුනත් පිළිගන්න ඕනෑ සත්‍යය තමයි ලෝකයේ බුද්ධාගම අදහන ප්‍රමාණය නොසැලකිය හැකි තරම් සුළු ප්‍රමාණයක්, අනෙකුත් ආගම හා සලකා බලද්දී. මේ සියලු ආගම් පවතින්නේ සමාජ සහජීවනය ඇතිකිරීමට සහ සමාජ සාමකාමිත්වය පවත්වා ගැනීමටයි. (නි)
අපොන්සු, අපේ රට පුංචි රටක් ,විශාල ජනගහනයක් සහිත.ඒ හින්දා රට ඇතුලේ නිෂ්පාදනය කරලා අපිට තව කල්පයක් ඉන්න වෙයි අධිවේගය හදන්න (නි)
නිරෝෂා , "ණය අරගෙන හරි පාරවල් හදන එකෙන් රටේ මාර්ග පහසුකම් දියුණු වෙනකොට රට සංවර්ධනය වෙනවා." කියන එක මිනිසුන්ගේ ඡන්ද ගන්න කපටි දේශපාලුවන් ගහන පචයක්. රට සංවර්ධනය වෙන්න නම් ගත්ත නය සෝබන වැඩ වලට වියදම් නොකර ආර්ථික ප්‍රතිලාබ ලබන දේවල් වලට දුරදර්ශීව ආයෝජනය කල යුතයි.(නදී)
අධිවේගී මාර්ගය කොහොම අනුරාධපුරය හරහා ගියත් රූපවතී අක්කට නාගන්න තියෙන වැව් ටික හරහානම් යවන්න එපා. රූපවතී අක්ක වැවට බැහැල දියබුන් ගහල නාලා ඕලු කොළ ඔලුව උඩ තියාගෙන උඩට මතුවෙනවා බලන්න හරිම ලස්සනයි.(නදී)