දෛනික ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) ඒකක 169.16 කින් ඉහළ ගියේය.
ඒ අනුව දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,028.20ක් ලෙසින් දැක්විණි. සියලු කොටස් මිල දර්ශකයේ අද දිනයේ වර්ධනය ප්‍රතිශතයක් ලෙස සියයට 2.89කි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 ඉක්මවා ගියේ මාස අටකට පසුවය. අවසන් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 ඉක්මවා ගියේ ජනවාරි මස 7 වැනිදා ය.
දෛනික ගනුදෙනු අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ දර්ශකය ද සියයට 0.55කින් එනම් ඒකක 13.64කින් ඉහළ ගියේය. දිනයේ ගනුදෙනු අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ දර්ශකය ඒකක 2,495.72ක් ලෙස දැක්විණි.
මේ අනුව අද දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙදපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.89ක් ලෙස සටහන්ව තිබිණි.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්
Buddhika P Tuesday, 29 September 2020 09:46 AM
මේ ඒඑස්පීඅයි එක ඉහල ගියාට ඉන් හැඟෙන්නේ නෑ සමස්ත ලාංකීය ව්‍යාපාරික නැගිටීමක් හෝ ආර්ථික පිබිදීමක්. ඒඑස්පීඅයි ඉන්ඩෙක්ස් එකේ තියෙන කොම්පැනි ලාංකීය ආර්ථිකේ නියෝජනය කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. උදාහරණ ලෙස, කොටස් 20කට පමණ ලංකා ව්‍යාපාර බෙදලා තියෙනවා. ඉන් කුමන කොටස් කුමන % ප්‍රතිශතයකින් කොටස් වෙළඳ පොලේ ගැනීම් විකිණීම් වෙනවද කියන ප්‍රශ්නේ තමයි, සමස්ත ආර්ථික දත්තයක් හැටියට වැදගත් වෙන්නේ.