IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොරියාවේ ව්‍යාපාරිකයෝ ජනපති සමඟ

දකුණු කොරියාවේ ප‍්‍රකට ව්‍යාපාර කිහිපයක ප‍්‍රධානීන් හා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත් විණි.

එහිදී මෝටර් රථ නිෂ්පාදන,ප‍්‍රවාහන ආදී ක්ෂේත්‍රයින්ට  ශී‍්‍රලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිඹදව සාකච්ඡුා කෙරුණි.දකුණු කොරියානු ව්‍යාපාරික පිරිස තම ව්‍යාපාරයන් ශී‍්‍රලංකාවේත් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සදහා ජනපතිවරයාගේ සහය අපේක්ෂාකරන බවත් පවසා සිටි අතර ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා පූර්ණ සහය ලබා දෙන බව සදහන් කළේය.



අදහස් (0)

කොරියාවේ ව්‍යාපාරිකයෝ ජනපති සමඟ

දිනේෂ් Tuesday, 11 June 2013 08:38 PM

එහෙම වුනොත් අපි කොරියාව දාලා ලංකාවට එනවා.හැබැයි මෙහෙ පඩියම අපට ඕනෑ. (නි)

:       0       0

බෙනට් Monday, 10 June 2013 12:54 PM

ඔය කට්ටිය ආවයි කියමුකෝ .. ෆැක්ටරි පටන් ගත්ත කියමුකෝ ..අපේ අයව වැඩට ගත්ත කියමුකෝ ..ඊට පස්සේ මොකද වෙන්නේ .. කට්ටිය පඩි වැඩි කරන්න කියයි , අයිතිවාසිකම් දෙන්න කියයි .. බෝනස් දෙන්න කියයි .. ස්ට්‍රයික් කරයි .. ඔය ගැන බය හින්ද තමයි ලෝකයේ ගොඩක් කොම්පැනි ලංකාවට එන්න බය.(නදී)

:       0       0

ඩී.උපුල් Tuesday, 11 June 2013 11:42 AM

අනේ, තවම සාකච්ඡා කරනවද? එතකොට පෙරහැර ගිහින් තියෙයි.(නදී)

:       0       0

සුනන්ද Sunday, 16 June 2013 08:48 AM

වැඩේ නම් හොදයි. ඔය කොම්පැනිවල වැඩ කරන්ට හරියන්නේ කොරියාවේ කට්ට කාපු අපේ කොල්ලන් තමයි.(නදී)

:       0       0

නීල්-රානා Sunday, 09 June 2013 01:46 PM

ස්ලෝවැකියාව වැනි යුරෝපීය රටවල මෙය ඉතා සාර්ථකව කෙරෙනවා. විශාල සේවක පිරිසකට රැකියා අවස්ථා උදාකරගෙන තිබෙනවා. නිවැරදි සැලසුමක් හා අත්දැකීම් සහිත මගපෙන්වීමක් ඇතිව ආරම්භ කිරීමෙන් හොඳ ප්‍රතිපල ලබා ගත හැකියි.(නදී)

:       0       0

සමිත් Monday, 10 June 2013 09:24 AM

අනිවාර්යෙන්ම මේක නම් නියමෙට වටිනවා. කොහොමහරි වැඩේ කර ගත්තොත් අපිට හොදයි. රැකියා අවස්ථා ගොඩක් ලැබේවි.(නදී)

:       0       0

සංජු Monday, 10 June 2013 01:37 PM

දවසට පය 12 16 වැඩ කරන මිනිස්සු එක්ක අපේ කට්ටිය වැඩ කරයිද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. (ස)

:       0       0

සජිත් Sunday, 09 June 2013 03:16 PM

මෝටර් රථ නිෂ්පාදන එකක් නම් හොඳයි.(නදී)

:       0       0

සාජු Sunday, 09 June 2013 03:30 PM

කොරියාව සමග එකතු උනොත් ලංකාවට හොද කලක් යාවී.(නදී)

:       0       0

අමරදාස Sunday, 09 June 2013 03:44 PM

සන්තෝසයි

:       0       0

අසංක Wednesday, 12 June 2013 07:47 PM

කොරියන් වාහන වමෙන් නේද තියෙන්නේ. ඕක හරියයිද? අපට ලංකාවට එනකොට 2 ක් 3 ක් අරගෙන එන්න පුලුවන්ද සර්. ඒවත් රජයට ගනීද? (නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 02:49 PM

බෙනට් ඔයා කියන කතාව මාත් අනුමත කරනවා. (නි)

:       0       0

පාල Monday, 10 June 2013 10:37 AM

අපේ අයගේ හොරකම,කම්මැලිකම,තක්කඩිකම,අලසකම, වංචාව වගේ අසික්කිත පුරුදු ඉස්සරලා නවතාල ඉන්න.එහෙම නැති උනොත් ඔය ආයෝජකයෝ ආවට වඩා ඉක්මනට යාවි. (ස)

:       0       0

රාණි Monday, 10 June 2013 10:38 AM

ලංකාව කියන්නේ ලොව වැඩිම නිවාඩු තියෙන රට. මේ වැඩේ හරියන්නේ නැහැ. (ස)

:       0       0

සුධීර Monday, 10 June 2013 10:37 AM

අපේ අය ඇමරිකාවට බැන බැන,ඇමරිකන් විරෝධී කතා සටන්පාට කියන අතරේම.... ඇමරිකාවට කඩේ ගිහින් දියුණු වුණ කොරියාව වගේ රටවලට රැකියා කිරීමට,ආයෝජකයන් සොයාගැනීමට පාවිච්චි කරනවා. ඉතින් එකවරම අපිම ඇමරිකාවට රට ගැන සිතා හෝ කඩේ ගොස් අපේ රට දියුණු කරන එක නරකද. (අ)

:       0       0

උපුල් Tuesday, 11 June 2013 09:08 AM

රජයේ සේවකයන්ගේ නිවාඩු කප්පාදු කල යුතුය.කොරියාවට වැඩ පෙන්විය යුතුය. (ස)

:       0       0

ඇසල Tuesday, 11 June 2013 06:59 PM

කොරියාවෙන් කර්මාන්ත ශාලා පටන්ගනියි. අපේ දේශප්‍රේමී කට්ටිය ස්ට්‍රයික් කරලා වහල දමයි.(නදී)

:       0       0

නිමාලි Monday, 10 June 2013 02:44 PM

මේ ආණ්ඩුවෙන් තමා රැකියා වැඩිම ප්‍රමාණයක් ලබා දුන්නේ. ජනාදිපතිතුමා නිසා තම අද පවුල් ගොඩක් රැකිලා තියෙන්නේ. ඔබතුමා ජනාදිපති උනේ නැත්තම් අද අපේ රට ප්‍රභකරන්ට ගිහිල්ලා.ඔබතුමාට ගොඩක් පින්. (ස)

:       0       0

අනුර Wednesday, 12 June 2013 03:21 PM

වැඩේ නම් හොඳයි. එත් ඉතින් ලංකාවේ හැදුවත් ජපන් වාහනයක් ගන්න ගානම යනවා. අර මයික්‍රෝ එකට වෙලා තියන දේ පේනවා නේද. ජපන් වාහනේ ලංකාවේ හදන ඒ වගේ මුදලේ ලොකු වෙනසක් තියෙන්න ඕනේ. නැත්නම් මිනිස්සු ගන්නේ නැහැ. මොන විකාරද සරුංගලෙත්, වෙසක් කූඩුවත් චීනෙන් ගෙන්නනවා. පස්ස පැත්ත හපා ගන්නවා ඔයිට වැඩිය හොදයි.(නදී)

:       0       0

නිෂාන්ත Wednesday, 12 June 2013 03:37 PM

දිනේෂ් ඔයා කොරියවේම ඉන්න.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site