IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


කාර්මික ලොවට නොමිලේ අත්වැලක්

කොළඹ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ පෙළට (අවුරුදු 18-30) සදහා  නොමිලේ වෘත්තිය පාඨමාලා හැදැරීම සදහා  මොහාන් ලාල් ග්‍රේරු පදනමෙන්  අවස්ථාව ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කැර ඇතැයි අධ්‍යාපන  නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කියයි.

පදනමට  අනුබද්ධිත  වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ දී  විදුලි කාර්මික,මෝටර් රථ කාර්මික,ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියාව,පරිගණක ,ගුවන් විදුලි හා ඉලෙක්ට්‍රොනික්,ඉංග්‍රීසි ,රූපලාවන්‍ය ,විද්‍යානූකූල ඇඳුම් කැපීම සහ මැසීම  සුපවේදය යන පාඨමාලා පුහුණු නොමිලේ හැදැරීමට අවස්ථාව හිමි වේ.

‘මොහාන් ලාල් ග්‍රේරු පදනම ,අංක 207/01/01, ගාලුපාර ,රත්මලාන’ ලිපිනයට දෙසැම්බර 15 වැනි දිනට පෙර අයදුම්පතක් යොමු කළ යුතු බවත්

 011 4 216 591 දුරකතන අංකයට සතියේ දිනයන්හි උදෑසන 9 -2 අතර අමතා වැඩි විස්තර ලබා ගත හැකි බවත් පදනම කියයි.

 



අදහස් (0)

කාර්මික ලොවට නොමිලේ අත්වැලක්

දයා අලහාකෝන් Tuesday, 03 December 2013 06:26 PM

ග්‍රේරු මහතානෙනි, ඔබ අප රටට කරන අනගි මෙහෙවර කෙසේ නම් අගය කරන්නද? (නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 03 December 2013 06:28 PM

ඉතාම හොඳ වැඩක්. අගය කල යුතුයි.(නදී) .

:       0       0

ප්‍රසන්න. රත්මලාන Wednesday, 11 December 2013 03:51 PM

මමත් ඉගෙන ගත්තෙ මේකේ. අපෙ ගෙවල් ලඟ තියෙන්නේ. ගොඩක් කට්ටිය එනවා ඒකට ඉගෙන ගන්න. අපෙ ස්කොලෙටත් ගේරු ඇමතිතුමා කරන්නේ ලොකු කාර්යක්. ඔබතුමාට තවත් මෙවැනි කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

ලහිරු Thursday, 05 December 2013 01:33 PM

තිහ පැන්නා විතරයි. (ස)

:       0       0

දිල්රුක්ෂි Monday, 30 December 2013 02:10 PM

රටේ තරුණ පරම්පරාවේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න එක මනුස්සයෙක් හරි ඉන්න එක සතුටුයි . .සුබ පැතුම්.(දිල්)

:       0       0

කුමාරි Wednesday, 04 December 2013 06:33 PM

ඉතාම අගය කරන අතරම ලංකාව පුරා ව්‍යාප්ත කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

රොහාන් Thursday, 12 December 2013 03:25 PM

මෙය හොඳ දෙයක්. ලංකාව පුරා ව්‍යාප්ත කරන්න. (ස)

:       0       0

රන්දිව් පෙරේරා Thursday, 05 December 2013 09:45 AM

කුමාරි, ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ඉන්නේ ග්‍රේරු මහත්තයා විතරක් නෙමෙයි.ඔහු රට වෙනුවෙන් ලොකු මෙහෙයක් කරන කෙනෙක්.කොහොම වුනත් අපේ ඡන්ද වලින් ආපු තව 224 ක් ඉන්නවා නේ. ඒ අයත් තමුන්ට පුලුවන් තරමින් මේ වගේ වැඩයක් කරනවා නම් ඉබේම තව මධ්‍යස්ථාන රට පුරා බිහි වෙනවා.මෙන්න ආදර්ශවත් දේශපාලකයන්. (ස)

:       0       0

තිසුරි Thursday, 26 December 2013 03:54 PM

සුභ පැතුම්(දිල්)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 10 December 2013 01:01 PM

මෙම වැඩ සටහනට රැකියා නැති පිරිමි සහ ගැහැණු ළමෝ උනන්දුවෙව කියා පතමි. මෙවැනි ක්‍රියා තුලින් අපර ටේ විරැකියාව තුරන් කිරීමට කහි වනු ඇත. පාඨමාලා අවසන් කරන යට රැකියා ලබා දීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙනු නොඅනුමානය. සැමට ජය වේවා. ලංකාදීපයට ස්තුති කරමු. (නදී)

:       0       0

රුවන් Wednesday, 04 December 2013 11:55 AM

මෙන්න ආදර්ශවත් දේශපාලකයන්.ග්‍රේරු මහතා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන කෙනෙක්, ඒ අතරේ තමුන්ගේ දිස්ත්‍රික්කයේ තරුණ පිරිස අමතක නොකිරීම ගැන ආඩම්බර වෙමි.සමහරු පක්ෂ මාරු කළේ තමුන්ගේ වාසියට.ඔබ එහෙම නොවන බව අපි දන්නවා.මෙම වැඩපිළිවෙල තරුණ ඔබට සුබ අනාගතයක් එක් කරාවි.හොඳ වැඩක්, ඇත්තටම. (ස)

:       0       0

දුමින්ද Sunday, 08 December 2013 08:43 AM

මෙයාලව රැකියා පුහුණුවෙන් පසු රැකියා ලබාදෙන්න පුද්ගලික ආයතන සහ අනිත් වගකිව යුත්තන්ද දායකත්වය ලබා දෙත්වා.(නදී)

:       0       0

ජ. තිසර Tuesday, 10 December 2013 04:16 AM

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කර ඇත්තේ ඉතාමත් අගය කළයුතු ප්‍රශංසනීය කාර්යයකි. දුමින්ද දක්වා ඇති අදහසද ඉතා වැදගත් දෙයකියි මටද සිතේ. එපමණක් නොවේ වෘත්තිය පාඨමාලාව අවසානවීමට පෙර පුහුණුවන කාලයේදී පවා පුද්ගලික ආයතන ආදිය සමගද එකමුතුව ක්‍රියා කළහොත් මෙයින් තවත් උසස් ප්‍රතිඵල ලබාගත හැකිය. පාඨමාලාව හදාරන අයට එලෙස ඒ ඒ ආයතන වලද සුළු වශයෙන් හෝ ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීමට අවස්ථාවක් ලැබෙන බැවින් පාඨමාලාව හොඳින් අවසාන් කිරීමෙන් පසු ඒ ආයතනවල ඔවුනට රැකියාවක් ලබාගැනීමට එය එක්තරා සුදුසුකමක් වේ.අද අපි ජීවත්වන්නේ ඉතාමත් කරඟකාරී ලෝකයක බැවින් විශේෂයෙන්ම පුද්ගලික ආයතන සොයන්නේ වැඩිම සුදුසුකම් ඇත්තෝය. ලෝකයේ දියුණු කාර්මික රටවලද මෙවැනි ක්‍රම යොදාගෙන ඇත. (නි)

:       0       0

ශ්‍යාමලී Thursday, 02 January 2014 01:47 PM

ඔබගේ වටිනා මෙහෙවර අගය කරමි.(නදී).

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 79 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 173 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 118 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 252 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 608 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2108 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1833 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site