IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ඉහළ ලාභයක් වාර්තා කරයි

ගෝලීය කොරෝනා වසංගතයෙන් වසර පුරා පැන නැගී ඇති දැඩි අභියෝග මධ්‍යයේ වුව ද, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සිය විශිෂ්ටතම මූල්‍ය වර්ෂය වාර්තා කර ඇතැයි එම සමාගම කියයි. එමෙන්ම බදු ගෙවීමට පෙර ලාභයේ සියයට34 ක වර්ධනයක් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම අත්කරගෙන තිබෙන අතර එම ලාභය පසුගිය වසරේ දී රු. බිලියන 2.67කි. බදු ගෙවීමෙන් පසු ලාභය පෙර වසරට වඩා සියයට43 කින් ඉහළ ගොස් තිබෙන අතර එම ලාභය රු. බිලියන 2.2 කි.

2020/21 මූල්‍ය වර්ෂය තුළ කාලෝචිත ලෙස සමාගම මගින් 60,000 ක ණය පමා සහන කාලයක් ලබා දී තිබීම නිසාත් මෙවැනි අර්බුදකාරී වතාවරණයක් හමුවේ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යපාර හා ක්ෂුද්‍ර ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම නිසාත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම ඉමහත් පාරිභෝගික ප්‍රසාදයට ලක්ව ඇතැයි ද එම සමාගම සඳහන් කරයි.

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC), රථ වාහන මූල්‍ය, කෘෂි මූල්‍ය, පෞද්ගලික ණය, රන් ණය සහ ෆැක්ටරින් ඇතුළු සේවා රැසකින් සමන්විත වේ. ක්‍රෙඩිට් කාඩ් සේවාව සක්‍රීය කිරීමත්, සමඟ මූල්‍ය සේවා නුදුරු අනාගතයේ දී වැඩි දියුණු වනු ඇති අතර ipay වැනි ගෙවීම් ක්‍රම හඳුන්වා දීම මගින් ඩිජිටල් බැංකු මෙහෙයුම් වැඩි දියුණු කිරීමට ද කටයුතු දියත් කරයි. CLCහි සාර්ථකත්වය තවදුරටත් වැඩිදියුණු කරමින් නවතම ශාඛා 10 ක් ඉදිරි මූල්‍ය වර්ෂයේ දී ආරම්භ කිරීමට නියමිතය.

සමාගමේ විශිෂ්ට ක්‍රියාකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් CLC අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිෂාන් තිලකරත්න මහතා මෙසේ පැවසීය. ‘‘අර්බුදකාරී වසරක් මධ්‍යයේ වුවද ඉහළම ලාභයක් අත්පත් කර ගැනීමට හැකි වීම සතුටට කරුණකි. තවද මෙම අර්බුදකාරී වාතාවරණය, අහිතකර ලෙස බලපෑ අපගේ ගනුදෙනුකාර භවතුන්ට සහයවීම ද මෙවැනි විශිෂ්ටත්වයක් ලබා ගැනීම සඳහා හේතුවක් විය. සමාගම් ප්‍රාග්ධන පදනම රු. බිලියන 21 ක් වන අතර එය අවම නියාමන අනුපාතය වන සියයට6.5ට සාපේක්ෂව සියට22.25 ක ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක්. අප වඩාත් උත්සහ කරන්නේ තිරසාර ආකාරයකින් ලාභයේ වර්ධනයක් ලබා ගැනීමටය. ”

2020/21 දී සිදුකරන ලද කැපී පෙනෙන කාර්යසාධනයෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI) ලෙස තම අනන්‍යතාවය ශක්තිමත් කරගත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම මගින් LOLCසමූහයේ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි.

LMDවඩාත් කීර්තිමත් වෙළෙඳ සන්නාම 50 අතරට CLC ඇතුළත් වී ඇති අතර ශ්‍රී ලංකාවේ ඉහළම ගෞරවයට පාත්‍ර වූ සමාගමක් ලෙස ද ලැයිස්තු ගත කර ඇත. CLCයනු ICRA Lanka ලිමිටඩ් විසින් SL (A) ස්ථාවර ශ්‍රේණිගත මූල්‍ය සමාගමකි.

 



අදහස් (0)

කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ඉහළ ලාභයක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site