IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කොමර්ෂල් බැංකුවට සහ කළමනාකාර අධ්‍යක්ෂට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතමයන් ලෙස සම්මාන

ශ්‍රී ලංකාවේ කළමනාකරණය සඳහා හොඳම බැංකුව ලෙස ද එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද ඒෂියන් බෑන්කර් (TAB) සඟරාව විසින් සෑම වසර තුනකටම වරක් පිරිනමන කීර්තිමත් සම්මාන දෙකක් ද කොමර්ෂල් බැංකුවට පිරිනමා ඇත.
2022 - 2024 කාල පරිච්ඡේදය වෙනුවෙන් මෙම සම්මාන පිරිනමන ලද්දේ, ආසියානු පැසිෆික් කලාපයේ මූල්‍ය සේවා කර්මාන්තයේ වෘත්තිකයන්ගේ විශාලතම වාර්ෂික රැස්වීම වන ආසියානු බැංකුකරුවන්ගේ සමුළුවේ 2025 සංස්කරණයට සමගාමීව ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවති අති උත්කර්ෂවත් ඒෂියන් බෑන්කර් ගෝලීය නායකත්ව ජයග්‍රහණ සම්මාන උළෙලේදීය.
ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරී සම්මානය මගින් අස්ථාවර කාල පරිච්ඡේදයකදී මනතුංග මහතා පෙන්වූ දූරදර්ශී නායකත්වය අගය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම, වඩාත්ම ස්ථාවර හා වඩාත්ම විශ්වාසදායක මූල්‍ය ආයතනය ලෙස තම ආයතනය වර්ධනය කරමින් කොමර්ෂල් බැංකුව සැලකිය යුතු සාර්ව ආර්ථික අභියෝග ජයගත් ආකාරය මෙහිදී පිළිගැනීමට ලක් විය. 
“2022 - 2024 වර්ෂ පුරාවටම සනත් මනතුංග මහතා පෙර නොවූ විරූ ආර්ථික, මූල්‍ය සහ මෙහෙයුම් අභියෝග මධ්‍යයේ බැංකුව මෙහෙයවීමේදී අසමසම ධෛර්යයක් හා උද්‍යෝගයක් පෙන්වූවේය. ඔහුගේ නිර්භීත උපායමාර්ගික තීරණ, ඩිජිටල් නව්‍යෝත්පාදන වෙනුවෙන් වූ කැපවීම, පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය හා තිරසාරභාවය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම සහ වඩාත්ම ස්ථාවර මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුවේ ස්ථාවරය ශක්තිමත් කර ඇත,” යනුවෙන් බැංකුව පැවසීය. “ප්‍රධාන විධායක නිලධාරියාගේ නායකත්වය හරහා ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය නැවත අර්ථ දක්වා ඇති අතර කොමර්ෂල් බැංකුව, ස්ථාවරභාවය, නවෝත්පාදනය සහ තිරසාර බැංකුකරණය සම්බන්ධයෙන් ගෝලීය මිනුම් දණ්ඩක් බවට පත් කර ඇත.”
මෙම සම්මාන සඳහා තක්සේරු කරන ලද කාල පරිච්ඡේදයේ කැපී පෙනෙන සිදුවීම් අතරට ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය, මූල්‍ය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සඳහා හිමිකම් නිකුතුවක් සහ ණයකර නිකුතුවක් හරහා පිළිවෙළින් රුපියල් බිලියන 22.54 ක් හා රුපියල් බිලියන 20 ක් රැස් කිරීම, අඛණ්ඩව සිව් වැනි වරටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට මෙරට විශාලතම ණය දෙන්නා ලෙස ශ්‍රේණිගත කිරීම, සැපයුම් දාම සම්බන්ධතාව සහ වෙළෙඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ LEAP GlobalLinker නමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පුළුල් වේදිකාවක් ඇති කිරීම, ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් ව්‍යවසාය විසඳුම් යටතේ “Host-to-Host” (H2H) අතර ගෙවීම් සේවා දියත් කිරීම, කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් වේදිකාව පරිශීලකයන් මිලියන 1.5 ඉක්මවා වසරකට රුපියල් ට්‍රිලියන 4 ඉක්මවූ ගනුදෙනු ප්‍රමාණයක් සිදු කිරීම, මෙන්ම බැංකුවේ පාරිසරික කැපවීම ශක්තිමත් කරමින් වාර්ෂිකව පැළ 100,000 ක් සිටුවීම සම්පූර්ණ කිරීම, කැපී පෙනෙන ජයග්‍රහණ වේ.
වත්කම්, ණය හා තැන්පතු අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව ලෙසත්, වත්කම් හා තැන්පතු රුපියල් ට්‍රිලියන 2 බැගින් සහ ණය රුපියල් ට්‍රිලියන 1 ඉක්මවූ පළමු පෞද්ගලික අංශයේ බැංකුව ලෙසත්, 2024 අවසන් වන විට සියයට 38.07 ක CASA  අනුපාතයත් සහිත බැංකුව ලෙසත් කොමර්ෂල් බැංකුවේ ස්ථාවරය තහවුරු කර ගනිමින් තවත් වැදගත් සංධිස්ථාන ද අත්පත් කර ගන්නා ලදී.



අදහස් (0)

කොමර්ෂල් බැංකුවට සහ කළමනාකාර අධ්‍යක්ෂට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතමයන් ලෙස සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site