IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොමර්ෂල් බැංකුවට ජාත්‍යන්තර සම්මන දෙකක්

ආසියාවේ කීර්තිමත් සඟරාවක් වන ‘ඒෂියාමනි’ සඟරාව වාර්ෂිකව පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ වගකීම සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය ජාත්‍යන්තර සම්මාන ද්විත්වය දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව ඇත.

කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව බැංකු සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවල ආයතනික හඬ ලෙස සැලකේ.

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය දියුණු කිරීම තුළින් බැංකුව රටේ ආර්ථිකයට ලබාදී තිබෙන දායකත්වය සහ එම ක්ෂේත්‍රය සවිබල ගැන්වීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන මූල්‍ය සේවා ඇගයීමෙන් පසුව බැංකුව වෙත ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ යන ජාත්‍යන්තර සම්මානය ප්‍රදානය කර ඇත.

කොමර්ෂල් බැංකුව සිය ආයතනික සමාජ වගකීම් ඉටු කරමින් මෙරට අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය සහ ප්‍රජා සංවර්ධනය දියුණු කිරීම සඳහා රටපුරා ජාතික මට්ටමින් කරන මෙහෙවර ඇගයීමට ලක් කරමින් ‘ආයතනික සමාජ වගකීම සඳහා හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මානය පිරිනමා ඇත.

කොමර්ෂල් බැංකුවේ සිය ආයතනික වගකීම් ඉටු කරමින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට තුළ නිමකර ඇති ව්‍යාපෘති ප්‍රමාණයක් 480ක් වූ අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කර තිබේ.

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා කරන ලද ඉහළ කැපවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව 2019 වසරේදී විදේශීය උපදේශන සමාගමක විශේෂඥ සහාය ලබාගනිමින් සුළු හා මධ්‍යම පරිමාණ බැංකුකරණ ප්‍රතිසන්ධාන වැඩසටහනක් ආරම්භ කළේය. නිවැරැදි ණය කළමනාකරණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම එහි අරමුණ විය.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා ණය ලබාදීම වෙනුවෙන් වාර්ෂිකව විශාල වර්ධනයක් ලබාගැනීමට මෙහිදී ඉලක්ක කර තිබූ අතර එමගින් එම ණය සැකසීම අතින් වෙළෙඳපොළ තුළ හොඳම බැංකුව බවට පත්වීම කොමර්ෂල් බැංකුවේ අපේක්ෂාව විය.

ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් සැලකීමේදී කොමර්ෂල් බැංකුව වැඩිපුරම දායකත්වයක් දක්වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සඳහායි. මේ දක්වා බැංකුව අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 190කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණ කර දිවයිනේ පාසල් සඳහා බාර දී තිබේ. බස්නාහිර පළාතේ පාසල් 65ක් සඳහා පුළුල් ඉගැනීමේ කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදෙන ‘ස්මාර්ට් ස්කූල්ස්’ ව්‍යාපෘතියේ පාර්ශවකරුවකු ලෙස ද බැංකුව කටයුතු කරයි.

 

 

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුවට ජාත්‍යන්තර සම්මන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site