IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කොමර්ෂල් බැංකුවට ඒෂියාමනි සම්මාන යුගලක්

ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පවත්වනු ලැබූ නවතම සම්මාන ප්‍රදානෝත්සවයේ දී ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සම්බන්ධව හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ.

ඒෂියාමනි විසින් පවත්වනු ලැබූ සම්මාන ප්‍රදානෝත්සවයන්හි දී කොමර්ෂල් බැංකුව සම්මාන යුගලක් ජයග්‍රහණය කළ පිට පිටම තුන්වන අවස්ථාව මෙය වේ.

‘මෙම සම්මාන මගින් වර්තමාන තත්ත්වය තුළ අතිශයින් වැදගත් අංශ දෙකක බැංකුව විසින් දක්වා තිබෙන ඉහළම කාර්ය සාධනය ඇගයීමට ලක්කර තිබෙනවා,’ යනුවෙන් මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා ප්‍රකාශ කළේය. ‘සුළු හා මධ්‍යම පරිමාණ ක්ෂේත්‍රය ආර්ථිකයක කොඳු නාරටිය ලෙසින් දැක්විය හැකිය. මේ වනවිට අපගේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙම ක්ෂේත්‍රයට සහයෝගය ලබාදීම වෙනදාට වඩා මේ අවස්ථාවේ වැදගත් වෙනවා. වර්තමාන ආර්ථික අර්බුදයේ දී පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය සමග අපි අඛණ්ඩවම සබඳතාව ගොඩනගා ගන්නවා. බැංකුව විසින් දෙවැනි සම්මානය දිනාගත් පාරිසරික, සමාජ සහ පාලනය (ESG) යන ක්ෂේත්‍රය කොටස් කරුවන්ට, පාරිභෝගිකයන්ට මෙන්ම නියාමකයන්ට ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක්. මේ නිසා, උපාය මාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත්‍ර දෙකක් සඳහා ඒෂියාමනි වෙතින් මෙම සම්මාන දිනා ගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා.’ මනතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

595



අදහස් (0)

කොමර්ෂල් බැංකුවට ඒෂියාමනි සම්මාන යුගලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site