IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොමර්ෂල් බැංකුව - යාපනය විශ්වවිද්‍යාලය සුහුරු කෘෂිකර්මයට ගොවීන් සවිබල ගන්වයි

කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත.
බැංකුවේ ‘කෘෂිකාර්මික නවීකරණ ගම්මාන’ වැඩසටහන යටතේ සංවිධානය කළ මෙම එක් දින වැඩමුළුව විශ්ව විද්‍යාලයේ හරිතාගාර සහ නිරූපණ යායේහි පැවැත්විණි. ගොවීන්, තරුණයන්, කෘෂිකර්ම සිසුන් සහ උපදේශකයන් ඒකරාශී කර ගනිමින් අක්‍රමවත් කාලගුණික රටා, පළිබෝධ පැතිරීම් සහ බෝග අස්වැන්න අඩු වීම නිසා නිර්මාණය වන අභියෝගවලට මුහුණ දීමට ප්‍රායෝගික, පාරිසරික තිරසර ක්‍රම ගවේෂණය කරන ලදී.
සහභාගී වූ පිරිස කොම්පෝස්ට් යන්ත්‍ර (චොපර්), නියඟයට ඔරොත්තු දෙන භෝග ප්‍රභේද, කාර්යක්ෂම වාරිමාර්ග පද්ධති සහ පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වන මෙවලම් ඇතුළු දේශගුණික-සුහුරු නවෝත්පාදන සමග සෘජුවම සම්බන්ධ විය. මෙම වැඩමුළුව තරුණ පිරිස බලගැන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර එහි අරමුණ වූයේ ගොවිතැන නවීන තාක්ෂණය මත පදනම් වූ ලාභදායී ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීමට මනසක් සහ මාධ්‍යයක් යන ද්විත්වයෙන් ම සන්නද්ධ වූ නව පරම්පරාවේ කෘෂිකාර්මික ව්‍යවසායකයන් බිහි කිරීමයි.
විශ්වවිද්‍යාලයේ ප්‍රජා සත්කාර කමිටුව සම්බන්ධීකරණය කරනු ලැබු මෙම පුහුණු වැඩසටහන කිලිනොච්චියේ ස්වයංක්‍රීය හරිතාගාර, ගොවිපොළ ඒකක සහ ගොවීන් විසින් නඩත්තු කරන ලද ප්‍රදර්ශන යායන් භාවිතයෙන් සිදු කරන ලදී. කොමර්ෂල් බැංකුව මූල්‍යමය වශයෙන් මීට සහාය දැක්වූ අතර බැංකුවේ කෘෂිකාර්මික ණය ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වය සඳහා පහසුකම් සපයමින් බැංකුව හරහා ලබා දෙන මූල්‍ය විසඳුම් ආධාරයෙන් ගොවීන්ට අනුගමනය කළ හැකි තාක්ෂණික ක්‍රම පිළිබඳ දැනුම ලබා දෙන ලදී.
මෙම නවතම මැදිහත්වීම ඔස්සේ කෘෂිකාර්මික නවීකරණය තුළ බැංකුවේ වර්ධනය වන පියසටහන සහ තිරසාර සංවර්ධනය, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සහ පාරිසරික කළමනාකරණය සඳහා බැංකුව විසින් කරනු ලබන පුළුල් කැපවීම පිළිබිඹු කරයි.



අදහස් (0)

කොමර්ෂල් බැංකුව - යාපනය විශ්වවිද්‍යාලය සුහුරු කෘෂිකර්මයට ගොවීන් සවිබල ගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site