කන්ටේනර භාවිතයෙන් නිවාස තැනීමේ සංකල්පයක් හදුන්වාදීමට පර්ෂිප් ව්‍යාපාර සමූහය සැරසේ.
කන්ටේනර 3 කින් සැදි නවීන පන්නයේ නිවසක් ඔවුන් දැනටමත් ඉදිකර ඇත.ලක්ෂ 20 ක් පමණ මුදලක් වැය කිරීමෙන් නිවසක් තනා ගැනීමට හැකි යැයි පර්ෂිප් ව්‍යාපාර සමූහය කියයි.
සාදාදෙනු ලබන නිවෙස් වල නවීන පන්නයේ උපාංග හා පහසුකම්,නළ ජලය,විදුලිය ආදී සියලූ දෑ අඩංගු වේ.
පාරිභෝගිකයාට අවශ්‍ය ලෙස තමන් නිවාස ඉදිකර දෙන බව පර්ෂිප් ව්‍යාපාර සමූහයේ වෙළද සංවර්ධන අංශයේ ප්‍රධානී සවන්ත ජයසිංහ මහතා කියයි.අතේ ඇති මුදලට ලබාගත හැකි ඉහළම පහසුකම් සහිත නිවසක් ඉදිකර දීම මේ ව්‍යාපෘතියේ අරමුණ බව ඒ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටේ දේශගුණය එක්ක මේ ගෙවල් ගැලපෙන්නේ නැහැ.(නදී)
ලක්ෂ 20ක් දීල කන්ටේනර් වල ඉන්න තරම් මොලේ අමාරුකාරයෝ ලංකාවේ ඉන්නවද? (ස)
ගල් යුගයට නෑකම් කියපු අපිට ඔය පෙට්ටිය මොකක්ද? (නි)
පියාඹන පීරිසි වලින් බේරෙන්න නම් කියාපු ගෙවල්.(නදී)
වැඩිවන ජනගහණය හැටියට කොහොමත් මේකවත් විසඳුමක් වේවි. .(ස)
මලකඩ කනකොට තමයි තේරෙන්නේ (නි)
අන්න නියම වැඩක්
මේවා දැන් ගෙවල් ලෙස යොදා ගැනුනත් ටික කලකින් ගණිකා නිවාස වෙයි. මට ඒක ඉර හද වගේ විශෟවාසයි. (නි)
පින්තුරයකුත් දාන්නකෝ. (නි)
http://storagecontainerhomes.net/things-to-know-about-container-house-building/ (නි)
ඔය කියන ගෙයක් ඇතුලේ නමි අපිත් ඉන්නේ. ඒ.සී ඕන නිතරම . ඇත්තටම . හොටෙල් වලටනම් හොදය .නඩත්තුව පහසුයි. එත් . හදනකොට බාත් රූම් ගැන සැලකිලිමත් වන්න (අ)
ෆොටෝත් දමන්න බලන්න. (නි)
මම දැන් ඉන්නෙත් මේ කාමරයක. තරු පහේ හොටෙලයක එකක් වගේ. (නි)
හොඳ අදහසක්. ගෙවල් විතරක් නෙමේ පත්තර කන්තෝරු, ගුවන් විදුලි මධ්‍යස්ථාන, අන්තර් ජාල බ්ලොග් අඩවි වල කාර්යාල, මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ කඩ සාප්පු සහ සිරස මැදිරියේ කාර්යාලෙත් අපි ඔය විදියටම හදමු. (නි)
ඇමතිවරුන්ගේ නිල නිවාස වලට නම් නියමයි (නි)
වාරිකය ගෙව්වේ නැති වුණොත් කන්ටේනරය පිටින් උස්සගෙන යන්නත් පුළුවන් නේ. (නි)
ඉස්සරහට ගණන් අඩුවෙයි. (නි)
ලක්ෂ 20 දීලා කන්ටේනර් වල ඉන්නේ මොකටද? පොඩි ගෙයක් හදාගෙන හොදට ඉන්නවනේ. (නි)
අපි කන්ටේනර් වලින් ගෙවල් හදමු, ගඩොල් වලින් නැවු හදමු. ලංකාවට සුබ අනාගතයක්! (නි)
හොඳ අදහසක්. (නි)
හොද ව්‍යාපෘතියක් මේක . පාරිභෝගිකයන්ට අඩු තරමේ අවුරුදු 15 ක වගකීමක් සහතික කළොත් අලවි කිරීමට ඉතා පහසුයි. මෙම සංකල්පය ලංකාවට සුදුසුයි.තවත් ප්‍රායෝගිකව මේ පිලිබදව හදාරන්න. (නි)
මෙම නිවාස ඉදිකිරීම සඳහා පළාත් පාලන හෝ වෙනත් ආයතන වල අනුමැතියක් අවශ්‍ය නොවන අතර තමාගේම හෝ බද්දට ගනු ලැබූ හෝ පර්චස් 5 කට අඩු භූමි ඉඩකඩවල පවා ඉතා පහසුවෙන් හයිබි‍්‍රඞ් නිවාස ඉදිකර ගත හැක්වනු ඇත. වසර 25 කට අධික කාලයක් මෙම පරිසර හිතකාමී නිවාස භාවිතයට යොදා ගත හැකි අතර උපරිම වශයෙන් තට්ටු 6 ක් දක්වා ඉදිකළ හැකිය. මෙම නව ව්‍යාපාරික සහයෝගීතාවයට අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ දී නිවාස 200 ක් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට එක්කිරීමට මේ වන විට කටයුතු සලසා තිබේ. (නි)
ලංකාවේ වැලි ,ගල්,ගඩොල්, සිමෙන්ති ,යකඩ මිලත්, වඩු, මේසන් ,විදුලි කාර්මික මිලත් බලනකොට කන්ටේනර වල තමයි ලගින්න වෙන්නේ. හේක් ගොවියට නම් නියමයි අලිගහනවට. ගණන තමයි සැර.(නදී)
http://www.youtube.com/watch?v=T8CVzm12aXI (නි)
මේකනේ මෙතක තියෙන වාසිය. මෙම ගෙවල් අද ගාල්ලේ, හෙට නුවර, අනිද්දා තවත් කොහටෙ හරි ගිනියන්න පුළුවන්නනේ.(නදී)
අපිට බලන්න පොටෝ දාන්න. ඔයාලගේ වැඩි විස්තර කොහොමද අපි දැනගන්නේ? අපිට ඔයාලා එක්ක සම්බන්ධ වෙන්න ක්‍රමයක් කියන්න. (නි)
පෙරසි ආයතනය සමග අපිට සම්බන්ධ වෙන්න විදියක් කියන්න පුලුවන්ද? (නි)
හොද අදහසක්. ෆොටෝ කිහිපයක් දැම්මොත් තමයි හොද. හොද ඉල්ලුමක් තිබෙන්නට ඉඩ තිබේ. (නි)
මෙහෙම ඒවා හොයාගන්න එක නම් ලංකාවට ගොඩක් හොදයි. මොකද හිතෙන හිතෙන වෙලාවට ගෙවල් ඩෝසර් කරනවනේ. එතකොට පුළුවන් පොඩ්ඩක් ඉන්න වෙන තැනකින් ගහ ගන්නකල් මේවායේ ඉන්න කියන්න. (නි)
බිරිදගේ ගමේ පදිංචි වෙන අයට කියාපු තැන.(නදී)
සුපිරි වැඩක් (නි)
මෙන්න සම්බන්ධ වෙන විදිය Web: www.hybridhomes.lk Email: [email protected] (නි)
අපිට එව්වයින් පලක් නැහැ . නරකද දැම්ම තියා භූමිතෙල් කුප්පි ලාම්පු ටිකක් හදාගත්තොත්. (නදී)
බැරිද ෆොටෝ එකක් දාන්න බලන්න (නි)
බැරිද රෝද හතරකුත් සවිකරන්න? (නි)
ඕනෑ කුණු ගොඩක් බදා ගන්න එක ඉතින් අපේ පුරුද්දනේ. (නි)
මේක අලුත් වැඩක් නෙමෙයි. වැලිසර පුද්ගලික සමාගමක් කාලයක් ඉඳන්ම මේක කරනවා (නි)
ඉස්සර අපේ පැත්තේ කෝච්චි පෙටිටි ගෙවල් තිබුනා. පස්සේ ඒවා පරණ යකඩ වලට අරගෙන ගියා.(නදී)
නියමයි..නියමයි. සුනාමියක් ආවම කෙලින්ම ඕස්ට්‍රේලියාවට,එංගලන්තෙට පාවෙන්න හදන්නකෝ. ආයේ වීසාත් නැහැ. ගමන් බලපත් ඕනෑත් නැහැ.ලොකු උදව්වයි. (නි)
ඔයාලගේ ආයතනයේ විස්තර පොඩ්ඩක් දැනගන්න විදියක් නැද්ද?(නදී)
මෝඩයෝ කන්ටේනර් ලංකාවේ කාලගුණයට ගෙලපෙන්නේ නැහැ.(නදී)
මෙන්න මේකයි මහත්තයෝ ඇත්ත කතාව. අපේ රටට ආනයනය මිසක් අපනයනයක් වරතමානයේ නැහැ. රටේ ආර්ථිකය කඩා හැලිලා තියෙන්නේ, හිස් කන්ටේනර ආපසු යවන්නත් බැහැ.. මොනවා පටවන්නද? දැන් කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි කන්ටේනර වලින් ගෙවල් හදලා විකුණන එක. (නදී)
වායු සමීකරන නැතුව ඕක ඇතුලෙ ජීවත් වෙන්න අමාරුයි අපේ වගේ රටවල්වලට. විදුලිය කියන සාදකය ඕකට බෙහෙවින්ම බලපානවා. ඒකයි ඔතරම් මිල අදික.(නදී)
යුරෝපයේ දියුණු රටවල කන්ටේනර් නිවාස වල ඉන්නේ තාවකාලික වැඩ බිම් වල වැඩ කරන අය සහ රටින් රටට සංක්‍රමණය වෙන අහිකුන්ටික වැනි පවුල්ය (නි)
මේ අනුර කියන මහත්මයා අංගොඩ ඉඳලා ඇවිල්ලද මන්දා මෙවැනි ප්‍රකාශ කරන්නේ (නි)
අජිත් ඔයාට පිස්සු බුමිතෙල් ලාම්පු හැදුවොත් ගැණු ගිනි තියා ගනිවී. (නදී)
යකඩ කන්ටේනර් වලට හෙන වැදීමේ ප්‍රවණතාවය වැඩිය. ඊට පස්සේ යෝජනාවක් ගෙනෙයිද දන්නෙ නැහැ මීට විකල්ප මාර්ගයක් සොය ගැනීමට කොමිසමක් පත් කරනවා කියලා (නි)
නියම වැඩක් තමයි ඒක
වැරදීමකින් කන්ටේනරය නැවට පැටෙවුවොත් "ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ කෙටිම මග " වේවි නේද? (නි)
මේක හරියන වැඩක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)