IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කන්ටේනර හෝටල් දැන් ලංකාවෙත්

කන්ටේනර භාවිතයෙන් නිවාස තැනීමේ සංකල්පයක් හදුන්වාදීමට පර්ෂිප් ව්‍යාපාර සමූහය සැරසේ.

කන්ටේනර 3 කින් සැදි නවීන පන්නයේ නිවසක් ඔවුන් දැනටමත් ඉදිකර ඇත.ලක්ෂ 20 ක් පමණ මුදලක් වැය කිරීමෙන් නිවසක් තනා ගැනීමට හැකි යැයි පර්ෂිප් ව්‍යාපාර සමූහය කියයි.

සාදාදෙනු ලබන නිවෙස් වල නවීන පන්නයේ උපාංග හා පහසුකම්,නළ ජලය,විදුලිය ආදී සියලූ දෑ අඩංගු වේ.

පාරිභෝගිකයාට අවශ්‍ය ලෙස තමන් නිවාස ඉදිකර දෙන බව පර්ෂිප් ව්‍යාපාර සමූහයේ වෙළද සංවර්ධන අංශයේ ප්‍රධානී සවන්ත ජයසිංහ මහතා කියයි.අතේ ඇති මුදලට ලබාගත හැකි ඉහළම පහසුකම් සහිත නිවසක් ඉදිකර දීම මේ ව්‍යාපෘතියේ අරමුණ බව ඒ මහතා පවසයි.

 



අදහස් (0)

කන්ටේනර හෝටල් දැන් ලංකාවෙත්

මදු Thursday, 11 April 2013 08:31 PM

අප රටේ දේශගුණය එක්ක මේ ගෙවල් ගැලපෙන්නේ නැහැ.(නදී)

:       0       0

දිරාම් Thursday, 11 April 2013 11:51 AM

ලක්‍ෂ 20ක් දීල කන්ටේනර් වල ඉන්න තරම් මොලේ අමාරුකාරයෝ ලංකාවේ ඉන්නවද? (ස)

:       0       0

චමින්ද Monday, 29 April 2013 07:44 AM

ගල් යුගයට නෑකම් කියපු අපිට ඔය පෙට්ටිය මොකක්ද? (නි)

:       0       0

හේවාවිතාරන Saturday, 20 April 2013 05:44 PM

පියාඹන පීරිසි වලින් බේරෙන්න නම් කියාපු ගෙවල්.(නදී)

:       0       0

ක්‍රිෂ් Saturday, 04 May 2013 11:51 AM

වැඩිවන ජනගහණය හැටියට කොහොමත් මේකවත් විසඳුමක් වේවි. .(ස)

:       0       0

උපාලි Saturday, 13 April 2013 03:03 AM

මලකඩ කනකොට තමයි තේරෙන්නේ (නි)

:       0       0

වාසනා Wednesday, 01 May 2013 06:59 PM

අන්න නියම වැඩක්

:       0       0

ජයන්ත Tuesday, 23 April 2013 01:33 PM

මේවා දැන් ගෙවල් ලෙස යොදා ගැනුනත් ටික කලකින් ගණිකා නිවාස වෙයි. මට ඒක ඉර හද වගේ විශෟවාසයි. (නි)

:       0       0

අරුණ Thursday, 11 April 2013 01:10 PM

පින්තුරයකුත් දාන්නකෝ. (නි)

:       0       0

අමිල Wednesday, 17 April 2013 04:12 PM

http://storagecontainerhomes.net/things-to-know-about-container-house-building/ (නි)

:       0       0

හේවා Tuesday, 23 April 2013 09:29 PM

ඔය කියන ගෙයක් ඇතුලේ නමි අපිත් ඉන්නේ. ඒ.සී ඕන නිතරම . ඇත්තටම . හොටෙල් වලටනම් හොදය .නඩත්තුව පහසුයි. එත් . හදනකොට බාත් රූම් ගැන සැලකිලිමත් වන්න (අ)

:       0       0

සුමී Friday, 12 April 2013 01:40 AM

ෆොටෝත් දමන්න බලන්න. (නි)

:       0       0

වසන්ත Saturday, 13 April 2013 10:54 PM

මම දැන් ඉන්නෙත් මේ කාමරයක. තරු පහේ හොටෙලයක එකක් වගේ. (නි)

:       0       0

දාස් Thursday, 18 April 2013 04:17 AM

හොඳ අදහසක්. ගෙවල් විතරක් නෙමේ පත්තර කන්තෝරු, ගුවන් විදුලි මධ්‍යස්ථාන, අන්තර් ජාල බ්ලොග් අඩවි වල කාර්යාල, මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ කඩ සාප්පු සහ සිරස මැදිරියේ කාර්යාලෙත් අපි ඔය විදියටම හදමු. (නි)

:       0       0

දිඅස් Friday, 12 April 2013 04:09 AM

ඇමතිවරුන්ගේ නිල නිවාස වලට නම් නියමයි (නි)

:       0       0

නදී Friday, 12 April 2013 04:34 AM

වාරිකය ගෙව්වේ නැති වුණොත් කන්ටේනරය පිටින් උස්සගෙන යන්නත් පුළුවන් නේ. (නි)

:       0       0

සිතිර Friday, 12 April 2013 07:25 AM

ඉස්සරහට ගණන් අඩුවෙයි. (නි)

:       0       0

රොෂාන් Saturday, 13 April 2013 10:11 AM

ලක්ෂ 20 දීලා කන්ටේනර් වල ඉන්නේ මොකටද? පොඩි ගෙයක් හදාගෙන හොදට ඉන්නවනේ. (නි)

:       0       0

මෝහමඩ් Sunday, 14 April 2013 07:33 PM

අපි කන්ටේනර් වලින් ගෙවල් හදමු, ගඩොල් වලින් නැවු හදමු. ලංකාවට සුබ අනාගතයක්! (නි)

:       0       0

අනුර Friday, 12 April 2013 03:19 PM

හොඳ අදහසක්. (නි)

:       0       0

මොහිදීන් Sunday, 14 April 2013 03:37 AM

හොද ව්‍යාපෘතියක් මේක . පාරිභෝගිකයන්ට අඩු තරමේ අවුරුදු 15 ක වගකීමක් සහතික කළොත් අලවි කිරීමට ඉතා පහසුයි. මෙම සංකල්පය ලංකාවට සුදුසුයි.තවත් ප්‍රායෝගිකව මේ පිලිබදව හදාරන්න. (නි)

:       0       0

අනුර Sunday, 14 April 2013 08:08 PM

මෙම නිවාස ඉදිකිරීම සඳහා පළාත් පාලන හෝ වෙනත් ආයතන වල අනුමැතියක් අවශ්‍ය නොවන අතර තමාගේම හෝ බද්දට ගනු ලැබූ හෝ පර්චස් 5 කට අඩු භූමි ඉඩකඩවල පවා ඉතා පහසුවෙන් හයිබි‍්‍රඞ් නිවාස ඉදිකර ගත හැක්වනු ඇත. වසර 25 කට අධික කාලයක් මෙම පරිසර හිතකාමී නිවාස භාවිතයට යොදා ගත හැකි අතර උපරිම වශයෙන් තට්ටු 6 ක් දක්වා ඉදිකළ හැකිය. මෙම නව ව්‍යාපාරික සහයෝගීතාවයට අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ දී නිවාස 200 ක් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට එක්කිරීමට මේ වන විට කටයුතු සලසා තිබේ. (නි)

:       0       0

ගාමිණී Thursday, 11 April 2013 02:32 PM

ලංකාවේ වැලි ,ගල්,ගඩොල්, සිමෙන්ති ,යකඩ මිලත්, වඩු, මේසන් ,විදුලි කාර්මික මිලත් බලනකොට කන්ටේනර වල තමයි ලගින්න වෙන්නේ. හේක් ගොවියට නම් නියමයි අලිගහනවට. ගණන තමයි සැර.(නදී)

:       0       0

කෙවින් Sunday, 14 April 2013 08:17 PM

http://www.youtube.com/watch?v=T8CVzm12aXI (නි)

:       0       0

දයා අලහකෝන් Thursday, 11 April 2013 02:47 PM

මේකනේ මෙතක තියෙන වාසිය. මෙම ගෙවල් අද ගාල්ලේ, හෙට නුවර, අනිද්දා තවත් කොහටෙ හරි ගිනියන්න පුළුවන්නනේ.(නදී)

:       0       0

ලලිත් සුනන්ද Monday, 15 April 2013 02:04 PM

අපිට බලන්න පොටෝ දාන්න. ඔයාලගේ වැඩි විස්තර කොහොමද අපි දැනගන්නේ? අපිට ඔයාලා එක්ක සම්බන්ධ වෙන්න ක්‍රමයක් කියන්න. (නි)

:       0       0

ලලිත් සුනන්ද Monday, 15 April 2013 02:18 PM

පෙරසි ආයතනය සමග අපිට සම්බන්ධ වෙන්න විදියක් කියන්න පුලුවන්ද? (නි)

:       0       0

කුමුදු Thursday, 11 April 2013 03:00 PM

හොද අදහසක්. ෆොටෝ කිහිපයක් දැම්මොත් තමයි හොද. හොද ඉල්ලුමක් තිබෙන්නට ඉඩ තිබේ. (නි)

:       0       0

ඩිල්ශාන් Wednesday, 24 April 2013 05:36 PM

මෙහෙම ඒවා හොයාගන්න එක නම් ලංකාවට ගොඩක් හොදයි. මොකද හිතෙන හිතෙන වෙලාවට ගෙවල් ඩෝසර් කරනවනේ. එතකොට පුළුවන් පොඩ්ඩක් ඉන්න වෙන තැනකින් ගහ ගන්නකල් මේවායේ ඉන්න කියන්න. (නි)

:       0       0

සිසිර Sunday, 14 April 2013 09:04 PM

බිරිදගේ ගමේ පදිංචි වෙන අයට කියාපු තැන.(නදී)

:       0       0

මිලාන් Monday, 29 April 2013 11:14 PM

සුපිරි වැඩක් (නි)

:       0       0

සකීර් Tuesday, 16 April 2013 01:19 PM

මෙන්න සම්බන්ධ වෙන විදිය Web: www.hybridhomes.lk Email: [email protected] (නි)

:       0       0

අජිත් Saturday, 20 April 2013 02:30 PM

අපිට එව්වයින් පලක් නැහැ . නරකද දැම්ම තියා භූමිතෙල් කුප්පි ලාම්පු ටිකක් හදාගත්තොත්. (නදී)

:       0       0

ජූඩ් Tuesday, 23 April 2013 10:16 AM

බැරිද ෆොටෝ එකක් දාන්න බලන්න (නි)

:       0       0

නිමල් Wednesday, 17 April 2013 06:18 PM

බැරිද රෝද හතරකුත් සවිකරන්න? (නි)

:       0       0

උපුල් Wednesday, 17 April 2013 06:18 PM

ඕනෑ කුණු ගොඩක් බදා ගන්න එක ඉතින් අපේ පුරුද්දනේ. (නි)

:       0       0

අනුරාධ Tuesday, 23 April 2013 10:49 AM

මේක අලුත් වැඩක් නෙමෙයි. වැලිසර පුද්ගලික සමාගමක් කාලයක් ඉඳන්ම මේක කරනවා (නි)

:       0       0

අමිල Sunday, 14 April 2013 10:05 AM

ඉස්සර අපේ පැත්තේ කෝච්චි පෙටිටි ගෙවල් තිබුනා. පස්සේ ඒවා පරණ යකඩ වලට අරගෙන ගියා.(නදී)

:       0       0

හේරත් Monday, 29 April 2013 12:46 AM

නියමයි..නියමයි. සුනාමියක් ආවම කෙලින්ම ඕස්ට්‍රේලියාවට,එංගලන්තෙට පාවෙන්න හදන්නකෝ. ආයේ වීසාත් නැහැ. ගමන් බලපත් ඕනෑත් නැහැ.ලොකු උදව්වයි. (නි)

:       0       0

ලලිත් Monday, 15 April 2013 03:51 PM

ඔයාලගේ ආයතනයේ විස්තර පොඩ්ඩක් දැනගන්න විදියක් නැද්ද?(නදී)

:       0       0

සර්ෆළ් Saturday, 13 April 2013 03:31 PM

මෝඩයෝ කන්ටේනර් ලංකාවේ කාලගුණයට ගෙලපෙන්නේ නැහැ.(නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 12 April 2013 09:21 PM

මෙන්න මේකයි මහත්තයෝ ඇත්ත කතාව. අපේ රටට ආනයනය මිසක් අපනයනයක් වරතමානයේ නැහැ. රටේ ආර්ථිකය කඩා හැලිලා තියෙන්නේ, හිස් කන්ටේනර ආපසු යවන්නත් බැහැ.. මොනවා පටවන්නද? දැන් කරන්න පුළුවන් හොඳම වැඩේ තමයි කන්ටේනර වලින් ගෙවල් හදලා විකුණන එක. (නදී)

:       0       0

දීපාල් Sunday, 14 April 2013 11:58 AM

වායු සමීකරන නැතුව ඕක ඇතුලෙ ජීවත් වෙන්න අමාරුයි අපේ වගේ රටවල්වලට. විදුලිය කියන සාදකය ඕකට බෙහෙවින්ම බලපානවා. ඒකයි ඔතරම් මිල අදික.(නදී)

:       0       0

හේවාවිතාරණ Friday, 19 April 2013 01:42 PM

යුරෝපයේ දියුණු රටවල කන්ටේනර් නිවාස වල ඉන්නේ තාවකාලික වැඩ බිම් වල වැඩ කරන අය සහ රටින් රටට සංක්‍රමණය වෙන අහිකුන්ටික වැනි පවුල්ය (නි)

:       0       0

තෝමස් Saturday, 20 April 2013 03:16 AM

මේ අනුර කියන මහත්මයා අංගොඩ ඉඳලා ඇවිල්ලද මන්දා මෙවැනි ප්‍රකාශ කරන්නේ (නි)

:       0       0

රංජනී Saturday, 20 April 2013 04:11 PM

අජිත් ඔයාට පිස්සු බුමිතෙල් ලාම්පු හැදුවොත් ගැණු ගිනි තියා ගනිවී. (නදී)

:       0       0

හේවාවිතාරණ Friday, 19 April 2013 01:50 PM

යකඩ කන්ටේනර් වලට හෙන වැදීමේ ප්‍රවණතාවය වැඩිය. ඊට පස්සේ යෝජනාවක් ගෙනෙයිද දන්නෙ නැහැ මීට විකල්ප මාර්ගයක් සොය ගැනීමට කොමිසමක් පත් කරනවා කියලා (නි)

:       0       0

සුනිල් Friday, 26 April 2013 11:26 AM

නියම වැඩක් තමයි ඒක

:       0       0

හේවාවිතාරණ Friday, 19 April 2013 02:01 PM

වැරදීමකින් කන්ටේනරය නැවට පැටෙවුවොත් "ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ කෙටිම මග " වේවි නේද? (නි)

:       0       0

සම්පත් Friday, 26 April 2013 11:29 AM

මේක හරියන වැඩක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 67 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 38 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 37 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 18 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 14 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site