
(නිමල කොඩිතුවක්කු)
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මාදම්පේ හොරකැලේ ගොවිපලේ සාර්ථකව කෘත්‍රිම සිංචනය සිදුකිරීමෙන් ලංකාව තුළ පළමුවරට බැටලු පැටව් තුන්දෙනෙකු උපත ලබා තිබේ.
ඉන්දීය වර්ගයක් වන රෙඞ් මැඞ්රාස් වර්ගයේ බැටලුවන් කෘත්‍රිම සිංචනය කිරීම මඟින් මෙසේ පැටවුන් බිහිකර ඇත. බැටලු පැටවුන් තිදෙනා ඉතා නිරෝගීව සිටින බව හොරකැලේ ගොවිපලේ නිලධාරීහු සඳහන් කරති.
මෙරට බැටලු ගොවිපල කර්මාන්ත දියුණු කිරීමට මෙය යහපත් පෙරනිමිත්තක් බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා සඳහන් කරයි. උසස් ගණයේ දේශීය බැටලු පැටවුන් නිපදවා ගැනීමේ අවස්ථාව මින් උදාවී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2019 වසරේ දී බැටලුවන් 65 දෙනෙකුට කෘත්‍රිම සිංචනය සිදුකළත් එය අසාර්ථක වී ඇත.
මේ වසරේ දී කෘත්‍රිම සිංචනය සිදුකිරීමට සත්වයින් 48 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඉන් සතුන් 28කට මේ වන විටත් කෘත්‍රිම සිංචනය සිදුකර තිබේ. ඉන් 8දෙනෙකු ගැබ් ගෙන අතර තුන් දෙනෙකු පැටවුන් බිහිකර ඇත. මේ වන විට මාදම්පේ හොරකැලේ ගොවිපලේ බැටලුවෝ 2880ක් සිටිති.
රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල පී.මාගමගේ, හොරකැලේ ගොවිපල කළමනාකරු දේවමිත්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් බැටලු පැටවුන් පරීක්ෂා කිරීමේ අවස්ථාවට එක්ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අපේ රටට අලුත් ප්‍රවෘත්තියක් වුණාට, ඒ ප්‍රවෘත්තියෙන් කියැවෙන යටි අදහස නම් හරිම ලැජ්ජාවක් සමග ඇතිවන දුකක් වැනි දෙයක්... ලෝකය අප පසුකරගෙන කොයි තරම් දුරක් ගිහින්ද...? කෘත්‍රිම සිංචනයෙන් සත්වයන් ජනනය කිරීම ලෝකයේ බොහෝ කලකට පෙර පටන්ගත්ත දෙයක්... ඒ වුණාට අපේ රටේ අයට මෙය තවමත් අලුත් අාරංචියන් වෙලා. අද විද්‍යාඥයින් මහන්සි වෙන්නේ ඈත අතීතයේ විසූ ඩයිනෝසරයන්, මැමත්, ඇතුන්.. වැනි අයගේ පොසිලවල "සක්‍රිය" DNA සොයාගන්නටයි. ඒ වගෙන් නව ඩයිනසෝරයන් බිහිකරගන්නටයි. ඒ වගේම අපේ ගෙවල්වල සිටින කුකුලා, පරවියා වගේ අය ඒ ඩයිනසෝර්ලාගේ නෑදැයින්... ඩයිනෝසරයින්ගේ තිබුණු විශාලත්වයට බලපාන ජාන මේ සත්තුන්ගේ සයිල තුළත් "නිලීනව" තිබෙනවලු. ඒ ජානය හරියටම හඳුනාගෙන විශේෂිත වූ "එන්සයිමයක්" මගින් නැවතත් ඒ නිලීන ජානය සක්‍රීය කරගන්න විද්‍යාඥයින් මහත් වෙහෙසක් දරන යුගයක් මේ.... මේ පරීක්ෂණ සාර්ථක වුණොත්.. තට්ටු 2ක නිවසක උඩ මහලේ ජනේලයකින් විශාල කුකුලෙක් ගේ ඇතුලට ඔලුව දැම්මොත්...
අපිනම් මෙයාලට කියන්නේ එළුවෝ කියලා.
විජිත් මහතාගේ අන්තිම වැකියට මගේ මුවඟට සිනාවක් නැඟුණත්, ඔහු ඉතාමත්ම ආකර්ශණීයව එය පැහැදිලි කර ඇත. පින්තූරයේ පෙනෙන බැටලු පැටවාත් හරිම හුරතල් පාටයි.