IMG-LOGO

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට DFCCබැංකුවට ඩොලර් මිලියන 150 ක්

වර්තමාන ආර්ථික අභියෝගවලට මුහුණ දීමට අත්වැලක් වීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පරිත්‍යාගයක් සිදුකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) වෙතින් ද්විපාර්ශ්වික ණයක් ලෙසDFCCබැංකුව වෙත පිරිනමන ලද මෙම මුදල මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාරවල උන්නතිය උදෙසා යෙදවීමට නියමිතය.

මෙම ණය පහසුකම, DFC ආයතනය වෙතින් මෙතෙක් ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම ණය පහසුකම ලෙස සැළකේ. ලොව පුරා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ අසමානතාව සහ ආර්ථික අසාමානතාව වැනි ගැටලු‍ නිසා පීඩාවට පත්ව සිටින (COVID-19 රෝග ව්‍යාප්තිය නිසා මෙම ගැටලු‍ දැන් තවත් උග්‍ර අතට හැරී ඇත) ප්‍රජාවන්ට යහපත සැලසීම සඳහා DFC ආයතනය දරන උත්සාහයේ එක් අදියරක් ලෙස මෙම ණය පහසුකම ශ්‍රී ලංකාව වෙත පිරිනමා තිබේ.

මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට ප්‍රමුඛත්වය හිමිවිය යුතු ක්ෂේත්‍රවලට පරිපූර්ණ හා සුවිශේෂී ණය පහසුකම් පිරිනැමීමටDFCC බැංකුවට හැකියාව ලැබී ඇත. එය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (විශේෂයෙන්ම එහි 5 වන ඉලක්කය වන ස්ත්‍රී පුරුෂ සමානත්වය) ළඟා කරගැනීම සඳහා බැංකුව දක්වන දායකත්වයේ එක් වැදගත් අංශයක් ද වේ. මෙම ඉලක්කය ළඟා කරගැනීමේ පියවරක් වශයෙන්, කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අරමුණු කරගෙන, මෙම ණය පහසුකම් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත පිරිනැමීමට DFCCබැංකුව පියවර ගනු ඇත. මූල්‍ය පහසුකම් නොමැති වීම නිසා තම ව්‍යාපාර දියුණු කරගැනීමට නොහැකි වීම ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු‍වක් වන අතර, මෙම වැඩසටහන එම ගැටලු‍වට කිසියම් ආකාරයක විසඳුමක් වනු ඇත.

ඇමරිකා එක්සත් ජනපදය මගින් සිදුකරන ලද මෙම අරමුදල් සම්පාදනය, DFCCබැංකුවේ ‘Resilient Business’ ’ ක්‍රමෝපායික අංශයට අයත් බහුවිධ හා දීර්ඝ කාලීන දැක්ම තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වනු ඇත. ඉදිරියටත්, තම 'Triple-bottom line value creation' ආකෘතිය හා සමගාමී වන සහ සියලු‍ම දෙනා වෙත ප්‍රතිලාභ සලසන මෙවැනි වැඩසටහන් ඔස්සේ රටේ සංවර්ධනයට දායක වීමටDFCC බැංකුව අපේක්ෂා කරයි.

ලක්ෂ්මන් සිල්වා

අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී - DFCC බැංකුව

ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ඇමරිකානු තානාපති

 



අදහස් (1)

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට DFCCබැංකුවට ඩොලර් මිලියන 150 ක්

Kumar (Gulf) Monday, 26 July 2021 11:59 PM

ඔය සල්ලි ටික ආණ්ඩුවේ අය හිතවතුන්ට දෙයි . එයා්ල ගෙනුත් කමිෂන් එකක ගනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 569 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1001 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site