IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කටුනායක ගුවන් තොටේ ආහාර පාන ජාලා මෙහෙයවීමට ජාත්‍යන්තර සමාගම්

නිමල කොඩිතුවක්කු


කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පොළේ පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාල වල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ පිටත් වීමේ/ සංක්‍රමණ ප්‍රදේශයේ  20-D, 29-D, 39-D සහ 42-D  යන අවකාශ 4 හි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාර පාන ජාලාවල අලෙවිසැල් වසර 03 ක කාල සීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය මෙහෙයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 06 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

 ඒ ඒ සමාගම් එළැඹි කොන්ත්‍රාත්වල ඇතුළත් කොන්දේසිවලට අනුව එච්.එම්.එස් හොස්ට් සර්විස් ඉන්දියා සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.57 ක් සහ ඊට අදාළ බදු ඇතුළත්ව 20ඩී කොටස ලබාදී ඇති අතර බැරිස්ටා කෝපි ලංකා සමාගමට ඩොලර් මිලියන 0.60 ක් සහ ඊට අදාළ බදු ඇතුළත්ව 29ඩී කොටස පිරිනමා ඇත. එසේම ජුබිලියන්ට් ෆුඞ් වර්ක් ලංකා සමාගමට ඩොලර් මිලියන 1.99 ක් සහ ඊට අදාළ බදු ඇතුළත්ව 39ඩී කොටසත් ගැමා පීසාක්‍රාෆ්ට් ලංකා සමාගමට ඩොලර් මිලියන 3.06 ක් සහ ඊට අදාළ බදු ඇතුළත්ව 42ඩී කොටසත් කොන්ත්‍රාත් පදනම මත ලබාදී තිබිණි.

 



අදහස් (0)

කටුනායක ගුවන් තොටේ ආහාර පාන ජාලා මෙහෙයවීමට ජාත්‍යන්තර සමාගම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site