රුපියල අවප්‍රමාණය විදේශ ආයෝජනවලට තල්ලුවක් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්රමාණයවීම රට වෙත වැඩි වශයෙන් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා අවස්ථාවක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පවසය.. 25 May 2026
Y රමසි රහමෙන් - මඩකලපුව · 1 hour ago ඉතාම හොදයි. නමුත් ඔය හෙළිදරව් කිරීම් වලින් මේ රටේ වැඩක් වෙන්නේ නැහැ. මේක සිරි ලංකාව. (නි) Reply 0
Y පියමාල්, කලගෙඩිහේන · 1 hour ago කාගේත් දෙනෙතට විමතිය නංවමින් "ආශ්චර්යය මාවතේ" ඉදිරියට පියනගන මහ බැංකුවට අපගේ උණුසුම් සුබ පැතුම්! (නි) Reply 0
Y ව්ක්ටර් · 1 hour ago ඔයා ඉපදෙන්න තිබුනේ ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය වගේ රටක. ආසියාවේ ආශ්චර්යය කරා වේගයෙන් ළගාවන සිරි ලංකාවට ඔයාගේ අදහස් ගැළපෙන්නේ නැහැ යාළුවා. (නි) Reply 0
Y දර්ශන වෙත්තසිංහ · 1 hour ago කාලෙකින් අර්ථවත් හරවත් අපව දැනුවත් කරන ලිපියක් කියෙව්වා. නමුත් ප්‍රවේශමෙන්. (නි) Reply 0
Y සුභාෂන - වත්තල · 1 hour ago හංසිකා නංගි, චතුරිකා නංගි , මටත් මේ වගේ හොඳට ලියන්න පුළුවන් , මටත් දැනුම තියෙනවා, මගේ නමත් ලස්සනයි නේද ? මගේ වයස අවුරුදු 22 යි. මොකද කියන්නේ මගේ "ටෙලිෆෝන් නම්බර් " එක දෙන්නද ? (ස) Reply 0
Y මාධවී , කොළඹ සරසවිය · 1 hour ago කැලුම්, අපේ රටේ නීතිය පිළිබද හොඳම ප්‍රකාශය, " අලි යන සුවිසල් කපොලු තිබියදී , කුඹි යන ගුල් වසනු ලැබේ." (නි) Reply 0
Y නිහාල් - පමුණුව · 1 hour ago අපේ ගෙවල් ළගත් පව්ලක් ඉන්නවා. සියළු සේසතම නැතිවෙලා දැන් හිගා නොකා හිගා කනවා. (නි) Reply 0
Y සනත් ජයසුරිය, මාතර · 1 hour ago හොදම ලිපියක්. නමුත් මගෙනම් මේකට කිසිම සම්බන්දයක් නැහැ.(දිල්) Reply 0
Y සුධීර · 1 hour ago මහා බැංකුවට මෙදා පාර සෙල්ලම් කරන්න බැරිවෙයි. මොකද "සි. එෆ් .ඇෆ. ඇල් තැන්පතුකරුවන්ගේ සංගමය " ගොඩක් ශක්තිමත් බව පේනවා. උගත් ජනතාව ඔවුන් සමග ඉන්නවා. හොදම දේ තමා අර ලිපියේ කියනවා වගේ රුපියල් බිලියනයක් මහා බැංකුවෙන් දාල මේක ගොඩ අරන් රටටත් යහපතක් කරලා මහා බැංකුවේ ජාම බේරගන්න එක. (අ) Reply 0
Y දහනායක · 1 hour ago මොනවා වුණත් මේ ලිපිය ලියූ කෙනා නම් "නියමම කොල්ලෙක්".අන්න දෙමවුපියෝ. හොද කොන්දක් ඇතුව හදපු ළමයෙක්. ආඩම්බර වෙනවා පුතේ නුඹ ගැන (නි) Reply 0
Y ෆෙඩ්රික් කිරුලපන · 1 hour ago මේ යන විදිහට ලියාපදිංචි බැංකු වලවත් සල්ලි දාන එකත් විශ්වාස නැහැ. හොඳම දේ ගෙදර වළක් කපලා සල්ලි පෙට්ටියක දාලා වළලන එකයි. (නි) Reply 0
Y කමල් රත්නදිවකාර - පානදුර · 1 hour ago මෙබඳු "කාලෝචිත" එසේම "දස දහසකට " වැඩි පිරිසකගේ දැවෙන ජීවිත හා බලාපොරොත්තු " පිළිබඳ නොකිවූ , නොලිවු කතාවක් හඩ ගා කියන මෙවන් ලිපියකට අපේ උත්තමාචාරය. (ස) Reply 0
Y සුජානි සමන්මලී · 1 hour ago මමනම් කියන්නේ ඔය කියන මහබැංකුවේ 70 ක් විතර "සේවය කරන" ? දෙපාර්තුමේන්තුව වහල දැම්ම නම් හරි, මොකද හරියට සේවයක් වෙන්නෙත් නැතිකොට ආණ්ඩුවට ඔය අංශය නඩත්තු කරන්න පුහුණු කරන්න යන සල්ලි ගොඩ හරි ඉතිරි වෙනවා. අසරණ තැන්පතුකරුවන්ට ඒ සල්ලි දෙන්න පුළුවන්නේ (දී) Reply 0
Y දාබරේ . යුනියන් ප්ලේස් , කොළඹ · 1 hour ago අසරණ වූ තැන්පතුකරුවනි, බිය නොවන්න, අධෛයමත් නොවන්න. මහා බැංකුවට චෝදනා නොකරන්න. මන්දයත් නොබෝ දිනකින් ඔබට මේ අහිමි වූ සියලු මුදල් පොලියත් සමග ලබා ගැනීමට මහගු අවස්ථාවක් උදාකර දෙනු ඇත. ඔව් "කැසිනෝ" , ඔබ එනතෙක් මේ අසරණයන් බලාසිටී. (නි) Reply 0
Y ප්‍රියදර්ශනී , සීදුව · 1 hour ago මහා බැංකුවට යන පාර දෙපැත්තේම මේ ලිපිය ෆොටෝ කොපි ගහලා ඇලෙවුවා නම් කදිමයි. කඩුවක් වගේ පුවත්පත්වේදියෙක් ලියලා තියෙන්නේ කියලා පේනවා (නි) Reply 0
Y චන්දන එගොඩවත්ත , මහනුවර · 1 hour ago ප්‍රථමවරට මහා බැංකුවේ කාර්යභාරය පිළිබදව මේ වගේ විද්වත් විග්‍රහයක් කිරීම ගැන සමීර අබේවර්ධන මහතාට තුති. මමත් නුවර පිළිගත් මුල්‍ය සමාගමක විධායක තනතුරක් දරනවා. ඔය කියන මහබැංකු අධීක්ෂණ කණ්ඩායම් අපේ සමාගමටත් වසරකට වරක් වගේ එනවා. එකේ ඉන්න තරුණ නිලධාරීන් නම් යම් වැඩකොටසක් කරනවා. නමුත් ජ්‍යෙෂ්ඨ නිළදාරීන් කිසිම වැඩක් නැහැ. නිකන්ම ඉදල කාලේ කාල දාලා යනවා.(දිල්) Reply 0
Y කුමාර · 1 hour ago ඉතාම විස්තරාත්මක ලිපියක්. මහා බැංකුව අධීක්ෂණය කියන වචනය දන්නවද. මේ මුල්‍ය සමාගමේ සාකා විවෘත්ත කරන්න ගියේ මහා බැංකුවේ ප්‍රධානියෙක්. අනික මෙහි සල්ලි දාපු මිනිස්සු සල්ලි දාල තියෙන්නේ වැඩි පොලියට තියන තණ්හාවට. මිනිස්සුන්ට මේවා හොඳ පාඩම් . (ත) Reply 0
Y ලුම්බිණි · 1 hour ago මහා බැංකුව කියන එකට ඉස්සර කාලේ හොඳ නමක් තිබුන ස්වාධීන ආයතනයක් වශයෙන් වැදගත් සේවයක් කරමින් තිබුන නිසා. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒකත් අනෙක් රජයේ දෙපාර්තමේන්තු වගේම අකාර්යක්ෂම ආයතනයක් උනා. එදා කාලේ මහා බැංකු අධිපතිවරුන් වශයෙන් කටයුතු කල අය අපට මතකයි. කණගාටුව තියෙන්නේ මෙවන් ආයතන සහ නිලධාරීන් නිසා සාමාන්‍ය මිනිසුන් කරදරයට පත් වෙන එක ගැන. (දිල්) Reply 0
Y චතුරංග · 1 hour ago දැනුවත් කිරීම් මගින් නැවතත් මුල්‍ය පද්ධතිය කඩා දැමීමට රුකුලක් ලැබෙන බව මගේ හැගීමයි (නි) Reply 0
Y චුලා ද සිල්වා , කොට්ටාව · 1 hour ago විශිෂ්ටයි , පුතා විශිෂ්ටයි....දිගටම අප වැනි අන්ත අසරණ ජේෂ්ඨ පුරවැසියෝ වෙනුවෙන් පෙනී සිටින්න. ඔබට සියලු දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය ලැබේවා. "තුණුරුවන් සරණයි.(දිල්) Reply 0
Y දිමුතු රණවක · 1 hour ago මේ වගේ හොද හෙළිදරව් කිරීම් කරන ලිපි වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ ඔය වගේ සමාගම් වල මුදල් ආයෝජනය කරන අන්තර්ජාලයට පිවිසිලා දැනුම ලබාගන්න අවකාශයක් හෝ හැකියාවක් නොමැති සාමාන්‍ය මහ ජනතාවටයි. ඒ නිසා මම යෝජනා කරනවා "ලංකාදීපයට" කරුණාකර මේක "ඉරිදා ලංකාදීප" හෝ "සන්ඩේ ටයම්ස්" වගේ පත්තරයකටත් දමන්න කියලා. (නි) Reply 0
Y අබේ · 1 hour ago කිසිම දවසක කොතරම් විශාල පොලියක් දෙනවා කිවිවත් පුද්ගලික බැංකුවලත් මූල්‍ය ආයතනවලත් ෆික්ස් ඩිපෝසිට්ස් දාන්න එපා. රාජ්‍ය බැංකු ගැනත් එතරම් විශ්වාසය තියන්නත් එපා. (නි) Reply 0
Y ගාමිණි · 1 hour ago බ්‍රාවෝ සමීර....මේ ලිපිය මහබැංකුව ඉස්සරහ බිත්තියේ අලවන්න පුළුවන්නන්!!!!!!!!එකේ ඇතුලේ ඉන්න අයට ඒගොල්ලන්ගෙම කෙරුවාව බලාගන්න පුළුවන්....ලජ්ජා නැද්ද .....දැනටමත් එක මහත්තයෙක් හාර්ට් ඇටච්ක් එකකකින් මරුන....මහජනතාව දැනගන්න ඕන අනුකුත් මුල්‍ය සමාගම්වලටත් මේ ඉරණම මයි කියල. (දී) Reply 0
Y අජිත් සාලින්ද · 1 hour ago අද ඉන්ටෙර්නෙට් එක බලන්න. මේකේ සල්ලි දාල ගන්න බැරිවුණු අසරණ වයසක තන්පතුකරුවෙක් "හාර්ට් අටක් " එකකින් මිය ගිහිල්ලා. මහා බැංකුවට ශාප වේවා. (දී) Reply 0
Y කාන්චනා · 1 hour ago මෙච්චර බරපතල "ද්‍රවශීලතා ගැටළු" හා "විධිවිධාන උල්ලංඝනය කිරීම්" තිබෙද්දී ඇයි දෙයියනේ මහා බැංකුව මේකේ බලපත්‍රය 2013 වසරටත් අලුත් කළේ? තේ කඩයක්වත් කරන්න පුලුවන්ද අද කාලේ "ද්‍රවශීලතා ගැටළු" තියාගෙන ? අනේ මම වගේ සාමාන්‍ය පෙළ යන්තම් පාස් කෙනෙකුට තේරෙන දේ ඔය ලොකු ලොකු "පණ්ඩිතයන්ට" නොතේරුණේ ඔය තැන්පත්කරුවන්ගේ අවාසනාවට. (නි) Reply 0
Y හර්ෂි · 1 hour ago ඔච්චර විග්‍රහ කරලත් මේකේ තවත් සල්ලි දැම්මොත් ඉතින් කරන්න දෙයක් නැහැ (නි) Reply 0
Y ප්‍රසාද් · 1 hour ago වටිනා ලිපියක්. මහ බැංකුව මෙම ගැටලුව දන්නවා. නමුත් ක්‍රියාත්මක වීමක් නැති බැවි පේනවා . හෙලිදරව්ව පිලිබදව ක්‍රියාත්මක වේවි. මහජන වැටුප් ලබන මහා බැංකු නිලදාරීන් වෘත්තිමය වගකීම් ඉටු නොකිරීම රටේ අවාසනාව. මුදල් තැන්පත් කරුවන්ට වැරදි නැහැ. අදාල නීතිය හරියට ක්‍රියාත්මක උනා නම්.(නදී) Reply 0
Y රවින්ද්‍ර - හික්කඩුව · 1 hour ago මේක ලියපු මහත්තයයි අර හේමා සේනානායක කියන මහත්තයයි එකතුවෙලා ලිව්වා නම් එතුමන්ලාගේ පෑන් වලින් මේ අසාධාරණයේදී සෑහෙන වැඩ කොටසක් අසරණ වුනු තැන්පතුකරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් වේවි. (ස) Reply 0
Y ශ්‍රියානි · 1 hour ago මම මේක නිසා අන්ත අසරණ වුණු අම්මා කෙනෙක්. මම සල්ලි දැම්මේ මගේ දුවගේ මගුල් ගෙදරට ගන්න සහ එයාගේ දෑවැද්දට දෙන්න. නැකත තිබුනේ මාර්තු 2013 . කොච්චර ඇඩුවත් සතයක්වත් ලැබුනේ නැහැ . අන්තිමට අතේ සල්ලි නැති නිසා මගුල් ගෙදර දෙසැම්බර් 2013 ට කල් දමන්න සිදු වුණා. නමුත් බැංකුව තවම ඉබිගමනේ. අපේ පවුලේම ජීවිත ගිනිගොඩක. (නි) Reply 0
Y යොහාන් · 1 hour ago මෙහෙමත් රටක්! කූට ව්‍යාපාරය කළ අය පැත්තක. ඔවුන්ට කවුරුවත් ශාප කරන්නේ නැහැ. මහ බැංකුව තමයි ඔක්කොටම වැරදි. (නි) Reply 0
Y චමිල ප්‍රසාද් - වල්පිට · 1 hour ago මේ ලිපිය කියවන සියලු දෙනා කරුණාකර "සි අයි එෆ් එල් තැන්පතුකරුවන්ගේ සංගමයේ බ්ලොග් " එක බලන්න. " මහා බැංකුවේ නිරුවත " ඔබට කදිමට පෙනේවි.(දිල්) Reply 0
Y මදුමනි සදමාලි, පිටකෝට්ටේ · 1 hour ago මේක නිසා ගොඩක් අසරණ වෙලා හිටිය තන්පතුකරුවෙක් ඊයේ මියගිහිල්ලා. මේකට හොද ප්‍රචාරයක් ලබාකරගන්නේ ඔබට හා ඔබේ දරුවන්ටත් අනුමෝදන් වන ලොකු පිනක්.මොකද ඔය තැන්පතුකරුවන් අතර බහුතරය වයස 55 ට වැඩි විශ්‍රාමිකයෝ. (දී) Reply 0
Y නිල්මිණි තිසේරා, ඉතාලිය · 1 hour ago මගේ යාලුවෙක් ඉතාලියේ දහදුක් විදලා හම්බකරපු සේසතම ලංකාවට අව ගමන් මේකේ දාල දැන් එල්ලෙන්න වල නැතිව හුල්ලනවා. බලද්දී මේ මුල්‍ය සමාගම් හා මහබැංකුව දෙකම එකම ජාතියේ.(දිල්) Reply 0
Y සිරි පියවර්දන අත්තදස්සි හිමි · 1 hour ago මේ ලිපිය ලියූ සමීර මහතාට හා පලකළ ලංකාදීප ඊ නිව්ස් කණ්ඩායමට ගොඩක් පින්. ලංකාදීප ඊ නිව්ස් මහතුනි, බලන්න මේ ලිපිය ජනතාවට කරන සේවය. වැඩි වැඩියෙන් මෙබදු ලිපි පළකරන්න. (නි) Reply 0
Y විමලසිරි මුදන්නයකේ · 1 hour ago මම විශ්‍රාමිකයෙක්. මට ලැබුණු ලක්ෂ 10 මේකේ දැම්මේ ගිය වසරේ අගෝස්තු වල. මේ වසරේ ජනවාරි වෙනකම් මාසික පොලිය ලැබුණා. දැන්නම් මම පුදුම දුකකින් කළකිරීමකින් ජීවත් වෙන්නේ. ජීවිතයේ අවසාන කාලය පිනක් දහමක් කරගෙන දරුවන්ට බරක් නොවී ඉන්න තිබුණු බලාපොරොත්තු ඔක්කොම බිදිලා. මහ බැංකු යෝජනා වලට අනුව සල්ලි ගෙවද්දී අපි මියගොස් තිබේවි. (නි) Reply 0
Y බ්‍රියටිස් විදානපතිරණ - මාබෝල · 1 hour ago මේ ලිපිය ලිව්වා මහත්තයව මහා බැංකුවේ ඔය කියන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කරලා දැම්ම නම් මීට වඩා හොද සේවයක් කරාවි කියල හිතෙනවා.(දිල්) Reply 0
Y තිලකසිරි , සාම විනිසුරු , රත්මලාන · 1 hour ago ගරු ස්වාමීන් වහන්සේ සමග 100% එකග වෙමි. මේ ලිපිය පළකරන්න සම්බන්ධ වුණ සියල්ලෝම කරන්නේ "ජාතික සේවයක්". (නි) Reply 0
Y රාජිත සිල්වා කුරුණෑගල · 1 hour ago වැඩක් නැහැ අශාන්, නිදා සිටින මිනිස්සුන්ව අවදි කරවන්න පුළුවන් වුණාට සදාකාලික අන්ධයන්ට පෙනීම ලබා දෙන්න බැහැනේ. අනෙක කිසිම වෙලාවක මහ බැංකුව තමන්ගේ වැරදි පිළිගන්න තැනක් නෙමෙයි. (නි) Reply 0
Y විශාකා සුබසිංහ , හම්බන්තොට · 1 hour ago අර කිව්වා වගේ ඔය නිලධාරීන්ට පෙනෙන්න මේ ලිපිය ඒකේ දොරේ අලවන්න තියෙන්නේ. (නි) Reply 0
Y විමලසේන දරීජු · 1 hour ago අනේ අපි මේ නිසා අන්ත අසරණ වුනු ජේෂ්ඨ පුරවැසියෝ. අපේ සල්ලි නැවත අපට ලබාගන්න (පොලිය නැතත් කමක් නැහැ) මේ මහත්තුරුන්ට මොනවා හරි කරන්න පුළුවන් නම් ගොඩක් පින්. මහා බැංකුවට "කෝල් " දීල ඇති රුපියල් 4,000 - 5000 විතර මේ අවුරුද්දේ . කිසිම වැඩක් නැහැ . හැමදාම එකම උත්තරේ . " අපි ඒක සලකා බලන් යනවා". අපිට කියන්න කිසි කෙනෙක් නැහැ. කොටින්ම කියනවා නම් අපිට සැනසිල්ලේ මැරෙන්න ලැබෙන එකක් නැහැ. (අ) Reply 0
Y සෙනෙවි - කදාන · 1 hour ago මට තැන්පතුකරුවන්ගේ සංගමයේ අයෙක් කිව්වා මේ සමාගම කොච්චර කුටද කියනවනම් බිද වැටුණට පස්සේ මැයි 2013 දීත් මනුස්සයෙකුගෙන් ලක්ෂ 50 ක් තැන්පතු අරගෙන. මහා බැංකුව ඒ වගේ දේවල් වලක්වන්න ගත්ත ක්‍රියාමාර්ග මොනවද?(දිල්) Reply 0
Y හපුආරච්චි - මිරිස්වත්ත, ගම්පහ · 1 hour ago දැන් සතියකට විතර පෙර මහබැංකුව උජාරුවට ප්‍රකාශයක් කරලා තිබුණා." පසුගිය අවුරුදු 7 තුලදී කිසිම මුල්‍ය සමාගමක් කඩාවැටී නැත " කියලා. ඇත්තම තමා, ඒ ගොඩනැගිලි එහෙමම තියෙනවා. තැන්පතු කරපු අපේ ජීවිත හා බලාපොරොත්තු නේන්නම් කඩා වැටිලා තියෙන්නේ. අනේ , මහා බැංකුවේ උගත් නිලදරුවනි, කියන්න මට ඔවැනි ප්‍රකාශ වලට අපි හිනාවෙන්න ඕනෑ මොන පැත්තෙන්ද? (නි) Reply 0
Y පණ්ඩුක · 1 hour ago ඉතිහාසය පිරික්සීමේදී සැමදාම මෙබදු ලියාපදිංචි මුල්‍ය සමාගමක් බිදවැටුණු විට සිදුව ඇත්තේ ඊට වගකිවුතු ප්‍රධාන පාර්ශව 2 වන එහි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළත් ඉහළ කළමනාකරණය හා මහා බැංකුව මාස කිහිපයක ඇනුම් බැනුම්, චෝදනා ලබා නඩු වාර කිහිපයකට පෙනී සිට ඉන් නිදහස්වීමය. ඔවුන්ට කිසිම මුල්‍යමය අලාභයක් සිදු නොවේ. අවසානයේදී අසරණ තැන්පත්කරුවන්ට කඩින්කඩ ඉතා අඩු පොළී අනුපාත යටතේ ඔවුන්ගේ මුදල් අවුරුදු ගණනාවක් තුළදී ලබාදේ. බලන්න මෙය කෙතරම් අසාධාරණද? මෙම ක්‍රමය වෙනස් කළ යුතුය. (නි) Reply 0
Y පෙරේරා එම්.ඩී.එස් බටුවත්ත · 1 hour ago මමත් විශ්‍රාමික තැන්පතුකරුවෙක්. මම මට ලැබුණු ඊ.පි.එෆ්. එක මගේ මෝඩකමට ඔකේ දැම්ම. මම දැන් හැම දවසකටම දෙතුන් පාරක් මහබැංකුවේ ඔය කියන අංශයට කෝල් කරනවා. ඒවාට උත්තර දෙන විදිහෙන්ම ඔය නිලදාරීන්ගේ " වගකීමේ තරම" හිතා ගන්න පුළුවන්. ඒවගේම තමා නිකමට හවස 4 ට පස්සේ කෝල් කලොත් කව්රුවත් නෑ උත්තර දෙන්න.(දිල්) Reply 0
Y චාමර ද සිල්වා , මට්ටක්කුලිය · 1 hour ago මට හිතෙන්නේ "මේ මුල්‍ය සමාගම" සම්බන්ධව මහා බැංකුව "පක්ෂපාති ප්‍රතිපත්තියක්" අනුගමනය කරනවා කියලයි. (නි) Reply 0
Y නිම්මි සදරේකා - කොල්ලුපිටිය · 1 hour ago මම ලියාපදිංචි මුල්‍ය සමාගමක වැඩකළා. ගිය අවුරුද්දෙ ඔය කියලා තිබෙන පරීක්ෂණ කණ්ඩායම අපේ ආයතනයටත් ආවා. කියලා වැඩක් නැහැ. ෆයිල් 100 ක් විතර අපෙන් අරගෙන මේසයක ඉදගෙන කතාකර හිටියා. (නි) Reply 0
Y කරු - ගුරුකුලාව · 1 hour ago සම්පත් බණ්ඩාරගේ කතාව හරියට හරි. ඔය 70 ක් ඉන්නවා කියන දෙපාර්තුමේන්තුවට අධීක්ෂණය කරන්න තියෙන්නේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 47 ක් පමණයි. මේකෙනුත් 80% විතර පොඩි පොඩි මුල්‍ය සමාගම්. අර කිව්වා වගේ ඔතන තියෙන්නේ "උනන්දුවක් නැතිකම හා ජාතික වගකීම පිළිබද කැක්කුමක් නැතිකම" (නි) Reply 0
Y කර්ත්ලිස් · 1 hour ago අර දෙහිවල පැත්තෙත් තියනවා මේ වගේ ආයතනයක්. ඒක ටැබ් දීලා මිනිස්සුන්ගේ 60,000 කට විදිනවා, තව ටික දවසකින් ඒකත් මේ වගේ වේවි.(නදී) Reply 0
Y මාන්නප්පෙරුම · 1 hour ago ඇත්ත පණ්ඩුක, මෙනිසා තමයි ඔය කිව්ව පාර්ශව 2 කිසිම බයක්, වගකීමක් නැතුව කටයුතු කරන්නේ. (නි) Reply 0
Y ප්‍රියා · 1 hour ago සමාජවාදය, ධනවාදය, අතරට ප්‍රජාතන්ත්‍රවාදය ආවා.ඒ වෙනුවට අද තියෙන්න ත්‍රස්තවාදය හා පවුල්වාදය. මහා බැංකුවත් දැන් බලවතුන්ගේ, මුල්‍ය සමාගම් විතරක් නොවෙයි, සමස්ත බැංකු පද්ධතියම බිදවැටිල ඇති. රටක් නගරයක් ආයතනයක් පාලනය කළ යුතු බුද්ධි මණ්ඩලයක් කතිරය ගහලා අපිමයි මේ විදවන්නේ. (නි) Reply 0
Y අශාන්ති - ජ'පුර සරසවිය · 1 hour ago ඉගෙනගන්න නම් කියාපු තැන "මහ බැංකුව". මගේ යාලුවෙකුගේ මාමා කෙනෙක් වැඩ කරනවා. වැඩ කරනවා කිව්වට අවරුදු ගානක ඉදලා පිටරට ඉගෙන ගන්නවා. අවරුද්දකට දවස් දහයක්වත් ලංකාවේ මිනිස්සුන්ට සේවයක් කරන්නේ නැහැ මගේ හිතේ. (නි) Reply 0
Y අජ්වර්ඩ් මුසාමිල් - පොල්හේන , මාතර · 1 hour ago සමීර, ඔබගේ ලිපිය 'සුපිරි' තත්ත්වයේ එකක් බව කිව යුතුමය. (නි) Reply 0
Y උපාලි · 1 hour ago විනිසුරු: තමුන්ගේ මුල්‍ය සමගම ගැන ඉතා දැඩි විශ්වාසයක් තියල මුදල් තැන්පත් කල මේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කරන්න ඇයි තමන් හිතුවේ? අධ්‍යක්ෂ: ඒක හරි කතාවක්නේ ස්වාමීනි, අපි ගැන විශ්වාසය තියල තැන්පත් කරපු අයගේ සල්ලි මිසක් අපි ළඟ තැන්පත් නොකළ මිනිස්සුන්ගේ සල්ලි කොහොමද අපි වංචා කරන්නේ? (ස) Reply 0
Y ජයසිංහ · 1 hour ago ඉතාමත් අගන ලිපියක් අපි අගය කරනවා ඒවගේම ඔබට සුබ අනාගතයක් තිබෙන බව සහතිකයි. නමුත් සොහොයුරා ඔබ ඉතාමත් ප්‍රවේසම් වන්න. බාහිර කරදඅර වැලකිය නොහැක.නිතර මෙවැනි ලිපිඉදිරියටත් පළකර අසරණ තෙන්පත් කරුවන් දෙනුවත් කරන්න.(අ) Reply 0
Y චතුරිකා - ජපුර' සරසවිය · 1 hour ago නිකමට හිතලා බලන්න. කවදාවත් අපට ආරංචි වෙලා නැහැ , මහා බැංකුවේ ඔය දෙොර්තමේන්තුවල ඉන්න නිලධාරීන් ඔය මුල්‍ය සමාගම් වල මුදල් තැන්පත් කරනවා කියලා. තමන්ගේ අධීක්ෂණය පිළිබද හොද විශ්වාශයක් තිබෙනවා නම් ඔවුන්නේ ඕවායේ මුලින්ම මුදල් තැන්පත් කරන්න ඕනෑ. (නි) Reply 0
Y විජිත බණ්ඩාර - මාලබේ · 1 hour ago මටනම් ඔය ලිපියේ ගොඩක් දේවල් තෙරෙනේ නැහැ. නමුත් ලියල තියෙන විදිහට ඇත්ත ඇති සැටියෙන් නොබියව කියල තියෙන බවත්, මහා බැංකුව වැඩ වැරැද්ද ගෙන කියලත් හිතෙනවා. (දී) Reply 0
Y තරිදු සේනානායක , කොට්ටාව · 1 hour ago අපේ රටේ නීතිය කොපමණ දුර්වලද ? අර පෙර කියලා තිබුණා වගේ නැතිබැරිකමට පාසලට දෙන්න සල්ලි හොයන්න පොල් ගෙඩිය හොරකම් කරපු කුඩා දැරියක්ව උසාවි ගෙනා රටේ ඇස් පනාපිට දහස් ගණන් සාක්ෂි තිබෙන තැන්පත්කරුවන්ගේ රුපියල් මිලියන 3,300 ට වංචා කරපු අය අල්ලලා ඔවුන්ගේ වත්කම් රාජසන්තක කරලා තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න සමත් නීතියක් මේ රටේ නැති හැටි .....? (නි) Reply 0
Y සුගත් - බඩල්ගම · 1 hour ago පෙරේරා මහතා හරි. උදේ 8.30 - හවස 4 ට සිමා වුනු "සේවයක් ?" කරන නිලධාරින්ද ? මේ අපේ රටේ "මුල්‍ය අංශයේ ස්ථාවරත්වය " රැකගන්න ඉන්නේ ? මොන විහිලුවක්ද ? (ස) Reply 0
Y සමන්ත මහරගම · 1 hour ago නිම්මි, ඔයා 100% හරි. මමත් ලංකාවේ හොඳම මුල්‍ය සමාගමක වැඩ කරන්නේ. ඉහත ලිපියේ කියනවා වගේ තාර්කිකව හිතලා, හොයලා බලලා කරන අධීක්ෂණයක් කළ යුතුයි. (නි) Reply 0
Y සුනිල් - වේයන්ගොඩ · 1 hour ago මම හදිසියෙන් මේ ලිපිය දැක්කේ. ඇත්තටම හොද ලිපියක්. මම අවුරුදු ගානක් මහා බැංකුවේ "මාණ්ඩලික නොවන නිලධාරියෙක් " විදිහට වැඩ කර වී . ආර්. එස් එකකින් විශ්‍රාම ගියා. මහා බැංකුව තමන්ගේ නිලධාරීන් පුහුණු කරන්න වියදම් කරන මුදල මේ කාටවත් හිතා ගන්නවත් බැහැ. නමුත් අපට අවබෝධයක් තිබෙනවා. ඇත්තටම මට හරිම කලකිරීමක් ඇති වෙනවා මහා බැංකුව විදෙස් රටවල පුහුණුවට යවන ගොඩක් නිලධාරීන් නැවත ලංකාවට එන්නෙත් නැහැ. (නි) Reply 0
Y සිරිකුමාර · 1 hour ago "අපට කන්න දෙනවානම්, අපට බොන්න දෙනවානම්, මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ? ඕනෑ දෙයක් කියන හැටියට කරන්නම් අපේ කටට ලෝදිය ටික හැලෙනවා නම් ?......." (නි) Reply 0
Y ප්‍රේමලාල් කවිරත්න · 1 hour ago ඔය ලිපියේ කියලා තිබෙන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ දැන් සිංදුව තමා " මම තොප නොහදුනමි, මට තොප මතක නැත".... (නි) Reply 0
Y චමරි නිසංසලා - විජේරාම · 1 hour ago අනේ මේ ලිපිය කරුණාකරලා "සි අයි එෆ් එල් තැන්පතුකරුවන්ගේ සංගමයේ බ්ලොග් " එකට එකතු කරන්න. පින්සිද්ද වෙනවා. ගොඩක් අසරණ මිනිස්සු දැනුවත් වේවි.(දිල්) Reply 0
Y ට.ද.පද්මසිරි · 1 hour ago සල්ලි දැම්මේ මහබැංකුවේ ලියාපදිංචි නිසා. සල්ලි දැම්මේ මොකද කියලා දැන් අහනවා.මේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා හොඳයි. (නි) Reply 0
Y සුපුන් වික්‍රමාරච්චි - ආරච්චිකට්ටුව හලාවත · 1 hour ago ඉතා හොද දැනුවත් කිරීමක්. මහා බැංකුවේ, උගත් නිලධාරීනි, කරුණාකර ඔබෙන් ලක්මව බලාපොරොත්තු වෙන යුතුකම අඩුවක් පාඩුවක් නැතිව ඉටු කිරීමට දැන්වත් සිතට ගන්න. (නි) Reply 0
Y හිරාන් වැලිවේරිය · 1 hour ago අභීත පුවත්පත් කලාවේදීතුමනි , රතුපස්වල අපේ හාමුදුරුවන්ට වගේ වෙස් පෙරළියක් ඔබතුමාට සිදු නොවේවා කියා , සාධාරණ සමාජයක් වෙනුවෙන් අප සියලු දෙනා ප්‍රාර්ථනා කර සිටිමු. අවසානය දක්වා සාධාරණය වෙනුවෙන් ඔබගේ පෑන මෙහෙයවීමට ඔබට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා! (නි) Reply 0
Y පොදු ජනතාව - සිරි ලංකාව · 1 hour ago ශ්‍රී ලංකාවාසී ජනතාවනි , ඔබ ඔබේ ජන්දය භාවිතා කළ යුතු වන්නේ අඩු වශයෙන් ඔබ අන්ත අසරණ අවස්ථාවකදී ඔබ වෙනුවෙන් වචනයක් හෝ කතා කළහැකි උදාර මිනිසුන් වෙනුවෙනි. ඔබට මේ රටේ දැන් කළහැක්කේ "ශාප කිරීම " පමණකි. (නි) Reply 0
Y සුකුමාරන්, අලිමංකඩ · 1 hour ago උතුරු පළාතේ නම් මීට පස්සේ මේ වගේ අසාධාරණ කම් වුනොත් අපේ මහා ඇමතිතුමාට කියල නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. බල පුලුවන්කාරයන්ට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්ට දෙන් නෑ. (ස) Reply 0
Y රෆීක් සෙඉදු - රත්මලාන · 1 hour ago මම ඔය සම්බන්දව ලියවුණු ලිපි රාශියක් කියවල තියෙනවා. නමුත් මේ තරම් හොදට විග්‍රහ කරපු එකක් පළමුවරට දැක්කේ. ඒවගේම මම ලගදි දැක්ක ඔය කියන දෙපාර්තුමේන්තුවේ නිලදාරියෙක් කියල තිබුණා " මහබැංකුවට හොරෙන් වැඩි පොලි අනුපාතයක් සමාගමෙන් දෙනවා එක අධීක්ෂණයට අහුකර ගන්න බැහැ කියල". ඔවනම් බාලාංශ කතා, එහෙනම් බාහිර විගනකවරු කොම්පැනිවල කොච්චර හොර වැඩ අගේට හොයාගන්නවද , අර කියනවා වගේ ඔතන තියෙන්නේ "වුර්තියමය නොසැලකිල්ල ".(ත) Reply 0
Y රත්නායක - යක්කල · 1 hour ago මෙම ප්‍රශ්නයේදී මහා බැංකුවට පමණක්ම චෝදනා කිරීම සාධාරණ නැහැ. වරද 50 % 50 % මහා බැංකුව හා මුල්‍ය සමාගමේ සිටි අධ්‍යක්ෂක මණ්ඩල ඇතුළු විධායක නිලධාරීන් අතර බෙදී යා යුතුය. නමුත් සිදු වන්නේ අවසාන සියල්ල්ලෝම "බබාලා" බවට පත්වීමය. ඔය නිලධාරීන් බොහොමයක් "වෘත්තිමය සුදුසුකම් " ලැබූ එකී "වෘත්තිමය ආයතනවල " සාමාජිකත්වය ලද අය වෙති. නීතිය හැබෑ නම් කල යුත්තේ මොවුන්ගේ "වෘත්තිමය නොසැළකිල්ල" මත පිහිටා කිසියම් කාලයකට ඔවුන්ගේ "සාමාජිකත්වය" අත් හිටුවීමය. (ස) Reply 0
Y මහගෙදර, හගුරන්කෙත · 1 hour ago මට ඒ -නිව්ස් කණ්ඩායමෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙචචර ගොඩක් බලලත් ඇයි මේ "ලිපිය" තාම "ජනප්‍රිය " ලිපිවලට වැටිලා නැත්තේ ?(නදී) Reply 0
Y නිසලා සුබාෂිනී · 1 hour ago සමීර මහතා, ඔබගේ ලිපිය ඉතා උසස්ය. මෙවන් හරබර ලිපි ඉරිදා පුවත්පත් වල ප්‍රධාන පිටුවල පළ කළ හැකිනම් තවත් අගනේය. එවිට මෙවන් සමාගම් වල මුදල් තැන්පත් කරන සාමාන්‍ය මහ ජනතාව දැනුවත් වීම තව තවත් සිදුවේ. ඔබට ජය ශ්‍රී! (නි) Reply 0
Y සුසන්ත · 1 hour ago මහා බැංකුවේ කාර්ය මගහැරීම පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සංවිධානය වෙමු. (නි) Reply 0
Y පොදු ජනයා, සිරි ලංකාව · 1 hour ago අනේ සනත් අය්යේ, හඩ්සන් මාමේ ඇයි ඔහොම කියන්නේ ඔයලානේ අපේ විශ්වාසය ඇති කලේ ඔය කොම්පැනියේ සල්ලි දාන්න. අනේ අපිව දැන් තනි කරන්න එපා.(දිල්) Reply 0
Y හෙන්රි - රාජගිරිය · 1 hour ago මහා බැංකුවේ ඔය කියන "උගත් නිලධාරී රොත්තම" මේ වගේ දැනුවත් මනුස්සයෙකුට කියලා පුහුණු කළා නම් හොද නැද්ද? (නි) Reply 0
Y සිරිවංශ අනුරපුර · 1 hour ago මෙවන් කාලෝචිත හරවත් ලිපි දේශපාලන බලපෑමකින් තොරව මෙසේ පළකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම සම්බන්ධව "ලංකාදීප ඊ නිව්ස්" කණ්ඩායමට අපගේ හද පිරි ප්‍රණාමය පුදකරමු (නි) Reply 0
Y මඩුගල්ල - මහනුවර · 1 hour ago රත්නායක මහතා සමග 100% එකග වෙනවා. නිදසුනක් වශයෙන් මෙම ප්‍රශ්නයේදී "වෘත්තිමය නොසැළකිල්ල" දැක්වූ සියලු "වරලත් ගණකාධිකාරීන්ගේ "ආශ්‍රිත සාමාජිකත්වය" අවම කාලයකට අත් හිටුවීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය පියවර ගතයුතුය. එවිටය "වෘත්තිමය සධම්බරත්වය " රැකෙන්නේ.(දිල්) Reply 0
Y අතුල · 1 hour ago මෙම ආයතන මහා බැංකුවේ ලියාපදිංචියි. නමුත් තැන්පත් ගැන වගකීම තැන්පත්කරුවන්ටමයි. මේ ලිපියේ හැටියට මහා බැංකුවට ලොකු වගකීමක් තිබෙනවා. ඒක හරියට කළා නම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. මහා බැංකුවට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. (නි) Reply 0
Y තිලිනි මදුවන්ති · 1 hour ago හරි පුදුමයි . මම කවදවත් හිතුවේ නැහැ මෙතරම් නීති ගොඩක් තියෙනවා කියල මුල්‍ය සමාගම් අධීක්ෂණය කරන්න.මෙච්චර හොදට නීති රීති හදල තියෙද්දී ඕකවත් හරියට කරගන්න බැරි නිලදාරී කාණ්ඩයක්ද ඔය මහා බැංකුවේ ඉන්නේ. අහන්නත් ලැජ්ජයි.(අ) Reply 0
Y නලීන් · 1 hour ago බොහෝ මහා බැංකු අධ්‍යක්ෂකවරු විශ්‍රාම යාමෙන් පසු මුල්‍ය ආයතන වල ඉහල රැකියා වලට යනවා. මෙය කලින් කල උදව් වලට ප්‍රති උපකාර කිරීමක්ද සැක සහිතයි. කවුරු කෙසේ කීවත් මෙම මුල්‍ය ආයතන අධීක්ෂණය කිරීමට මහා බැංකුව අසමත් වෙලා තියෙන්නේ. අහිංසක ජනතාව තමාගේම මිනුම් දඩු පාවිච්චි කල යුතුයි. විශාල වශයෙන් වෙළඳ දැන්වීම් දාලා මහා වියදම කරන මුල්‍ය ආයතන වලින් පරිස්සම් වන්න... (ස) Reply 0
Y ස්වර්ණා ද අල්විස් - කොච්චිකඩේ · 1 hour ago මම අසා තිබෙන විදිහට මහ බැංකුවේ ඉන්නේ ගොඩක් උගත්, සරසවි වල ඉහළම ලකුණු ගත්, පළමු පෙළ සාමාර්ථ ගත් උදවිය. අනේ ඉතින් ඔය කට්ටියටත් ඔය අධීක්ෂණය හරියට කරන්න බැරි නම් "රහස් පොලිසියට " තමා දෙන්න වෙන්නේ. (නි) Reply 0
Y ලසන්ත - මාදම්පේ · 1 hour ago ඉස්සර මහා බැංකුව කියන්නේ මිනිස්සු කොච්චර ගරු කරන තැනක්ද ? දැන් හැමදේම "දේශපාලනකරණීය " වෙලා. "ස්වාධීනත්වය" කියන වචනයේ මුල් අකුරු දෙකම නැතිවෙලා. "ආර්ථික ස්ථාවරත්වය" රැකීම හා "මිල ස්ථාවර කිරිම" කියන අරමුණු " සල්ලි අච්චු ගැසීම" හා "කඩේ යාම" යන තත්ත්වයට ලඝු වෙලා. (නි) Reply 0
Y සිරි රාජන් ගනේෂ් , වැල්ලවත්ත · 1 hour ago ස්වර්ණා, ඔබට ඇත්තේ වෘත්තිමය නොසැළකිල්ල නොවේද? (නි) Reply 0
Y වසන්තා සෙව්වන්දි එම්. සී · 1 hour ago අසංක මහතාට වදනක්... ඔහොම කතා කරන්න එපා. කව්රුත් කැමති වැඩි පොලියක් ගන්න මහබැංකුව අධීක්ෂණය කරන තැනක සල්ලි තැන්පත් කරන්න. ඒ මනුස්ස ස්වභාවය. (නි) Reply 0
Y ප්‍රියන්ත - නීති විද්‍යාලය · 1 hour ago අද උදේ එද්දී "බැලුම්ගලට" සවන් දුන්නා. පුදුම හිතෙනවා රටේ සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ "දේශපාළුවන්ව" සතුටු කරන්න. යුද්ධය නිම වුවත් මේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවට එහි ප්‍රතිලාභ කිසිම දිනක නිසි පරිදි නොලැබේවි මේ "දේශපාලුවා" කේන්ද්‍ර කරගත් ක්‍රමය තිබෙනකම්. (නි) Reply 0
Y ස්ටැන්ලි ලිවේරා · 1 hour ago සමීර, ප්‍රවේශමෙන්... ඔය වගේ ලිපි ලංකාව වගේ රටක මේ වගේ කාලයක පළකරන්නේ. මොකද දැන් මහබැංකුව කියන්නේ කාගේ බුදලයක්ද කියලා දන්නවානේ. ඔයා බුද්ධිමත් බව පෙනෙනවා. නමුත් ප්‍රවේශමෙන්. මම කියන්නේ ඔයාගේ හොදට. (නි) Reply 0
Y ජයශාන්ත - මෙල්බන් · 1 hour ago මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියැවූ විට මම හිතා සිටි උපකල්පනයක් ස්ථීර කරගන්න පුළුවන් වුණා. "මහා බැංකුවේ උගතුන් සිටින්නේ වී නමුත් " බුද්ධිමතුන් " නොමැත.ඔවුන් ප්‍රයෝගිකද නැත. (නි) Reply 0
Y උදයන්ති , නාවල · 1 hour ago ඉක්මන් හා ක්ෂණික ප්‍රතිකාර අවශ්‍යකර තිබේ. "කොන්ද කඩා දැමු පොලිසියකට, දෙඇස් අන්ධ වූ මහ බැංකුවකට, අංශභාගය හැදුනු නීති පද්ධතියකට, අධික ලෙස නිදිපෙති පානය කළ විපක්ෂයකට හා මේ සියල්ලෙන් මහත් අසහනයට පත්ව ඇති මොවුන්ව බලාකියා ගන්නා "පොදු ජනතාවට". ..... (නි) Reply 0
Y නිලුපුල් සොන්ගලාරච්චි · 1 hour ago මට විශ්වාස කරන්නත් අපහසුයි. පළවැනි වර තමා මේ වගේ මුල්‍ය සමාගම් අධික්ෂණයේ ලා මහ බැංකුවේ කාර්යභාරය ගැන මේ තරම් විස්තරාත්මකව හොඳ තාර්කිකව ලියැවුණු ලිපියක් කියෙව්වේ. මේවා ඇත්ත නම් මගේ රට ගැන මට දුකයි. (නි) Reply 0
Y හංසිකා දිලානි - මොරටුව · 1 hour ago "පුවර් ඩිපොසිට් හෝල්ඩර් " ට මේල් කරන්න කිව්වට මොකද මේ ලියපු කොල්ලා නම් (නමේ හැටියට කොල්ලෙක් වෙන්න ඕන..) දැනුමෙන් ගොඩක් පෝසත් වගේ පේනවා. මගේ "අදහස් " කියන්න මට ඔයාගේ "ටෙලිපොන් නම්බර් " එක දෙන්න පුලුවන්ද ? කරුණාකරලා. (ස) Reply 0
Y චන්දන ශ්‍රීමාල් · 1 hour ago මගේ තාත්තාත් මේකේ සල්ලි දාලා දැන් පුදුම අසහනයකින් දවස ගෙවන්නේ. ගෙදර ඉන්නත් අප්‍රසන්නයි. ශාප වෙන දේවල් මේවා. (නි) Reply 0
Y එච් . එම් . ඒකනායක , කිරිල්ලවල , කඩවත. · 1 hour ago මේකට මහා බැංකුවට බැනලා වැඩක් නැහැ. මහා බැංකුවේත් ඉන්නේ හොදට කන බොන මිනිස්සු. තැන්පත්කරුවෝ දැනගන්න ඕනෑ සල්ලි දාන්න පෙර හොදට අදාල සමාගම ගැන පර්යේෂණ, අධීක්ෂණය කරලා , මුල්‍ය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල ඇතුළු විධායක නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා , ගිණුම් වාර්තා, විගණක වාර්තා මාස ගණනක් අධ්‍යයනය කරලා , අධ්‍යක්ෂක මණ්ඩලය ගැන "සි.අයි.ඩි" එකෙනුත් අහලා මුදල් දමන්න. (නි) Reply 0
Y වෛද්‍ය මිල්ටන් ප්‍රේමසිරි · 1 hour ago මම මෙතෙක් ලංකාදීප ‘ඊ නිව්ස්‘ වල කියැවූ දීර්ඝතම , හරවත්ම හා මොළයක් ඇති මිනිසුන්ට තමාගේ අනාගත මුදල් රුපියල් මිලියන ගණනක් ඉතිරි කරගත හැකි ලිපිය මෙයයි. ඔබට ජය ශ්‍රී! නොබියව දිගටම ලියන්න. අසරණ තැන්පත්කරුවන්ව දැනුවත් කරන්න. (නි) Reply 0
Y ප්‍රියංකර තේවත්ත, රාගම · 1 hour ago මොන අපරාධයක්ද? අවරුදු 3 ක් දිගටම නීති උල්ලංඝනය කරද්දී මහා බැංකුව බලා සිටියේ ඇයි? ඔය පිළිබදව මහ ජනතාව පොඩ්ඩක් හරි දැනුවත් කළා නම් අද කී දෙනෙක්ගේ සල්ලි ඉතුරුද? අයියෝ! එහෙනම් මගේ සල්ලි ටිකත් අද මා ළග. (නි) Reply 0
Y බුද්ධිකා · 1 hour ago අනේ පව් මේ අසරණ වයසක මිනිස්සුන්ට. මොකද නැතිචූ සල්ලි හම්බ කරන්න කියලා නැවතත් රැකියාවක් කරන්න කියලද? (නි) Reply 0
Y අජිත් · 1 hour ago ඔව් , ඒකනායක මහතා සමඟ 100% එකඟ වෙනවා. මහා බැංකුවට ඔය ඔක්කොම කරන්න බැහැ. ලොකු බිස්නස් කාරයෝ ගැන බලන එක මහා බැංකුවේ "ජාතික වගකීමක්" . එතකොට තමා රටක් වශයෙන් අපට ඉදිරියට යන්න පුළුවන්.ලොකු බිස්නස් කාරයෝ සුරක්ෂිත වෙනකොට ඔය "පොඩි පොඩි මිනිස්සු "නිකන්ම රැකෙනවා. (ස) Reply 0
Y නිශාන්ති බාලසුරිය · 1 hour ago ලියාපදිංචි මුල්‍ය සමාගම් වල තැන්පතුකරුවන්ගේ "ශෝකාලාපය" " දැමු මුදලත් නැතිවා - කියූ පොලියත් නැතිවා කියන්න කෙනෙකුත් නැතිවා - අහන්න කෙනෙකුත් නැතිවා මෙලෙස කල් ගත වී - වයසක අප මල විටදී මහා බැංකුවේ උතුමනි - සාන්ගීක දානයක් දෙනු මැන අප සියලු දෙන සිහිකර ..... (ස) Reply 0
Y අප්සරා නදීකා · 1 hour ago වල්පල්, වැල්වටාරම් මේකේ නැහැ."අදහස්" ටික බැලුවත් ඇති සෑහෙන දෙයක් ඉගෙනගන්න. ලංකාදීපයට අපේ තුති මල්. (නි) Reply 0
Y දමයන්ති දරීජු - මිනුවන්ගොඩ · 1 hour ago සර් , ඔබට අපේ හදපිරි උත්තමාචාරය , අද අපි දහදිය මහන්සියෙන් උපයු අපේ මුදල් ගැන , අපේ දුක ගැන , අපේ ජීවිත ගැන, අපේ අනාගත සිහින ගැන කතා කිරීමට කිසිවකුත් නැති තැන , ඔබ ඔබේ පෑන අභිතව හසුරුවා ඇති ආකාරය විශිෂ්ටය. (ස) Reply 0
Y චතුරිකා - ජපුර' සරසවිය · 1 hour ago හංසි කියන එක ඇත්ත . "පුවර් ඩිපොසිට් හෝල්ඩර් " ට කොච්චර මේල් කලත් ප්‍රතිචාර නැහැ. අපට ඔයාගේ "ටෙලිපොන් නම්බර් " එක දෙන්න පුලුවන් නම් අපේ අදහස් ඔයත් එක්ක ෂෙයා කරන්න වගේම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. (ස) Reply 0
Y සම්පත් බණ්ඩාර , මහජන බැංකුව · 1 hour ago යොහාන්, මොවුන් මහා බැංකුවට ශාප කිරීම සාධාරණය. මක්නිසාද යත් "ලියාපදිංචි මුල්‍ය සමාගම් වල" සිටින අධ්‍යක්ෂක මණ්ඩල ඇතුළු විධායක නිලධාරීන් මහා බැංකුව විසින් පනවා ඇති නීති රීති රාමුව තුල ක්‍රියාත්මක වෙමින් "තැන්පතුකරුවන්ගේ හිමිකම් " තහවුරු කරන බවට වූ වගකීම මහා බැංකුව සතු වන බැවිනි. මේ නිසාය රජය විශාල පිරිවැයක් දරමින් ඉහත සදහන් පරිදි වෙනමම දෙපාර්තමේන්තුවක් මහා බැංකුව තුළ "ලියාපදිංචි මුල්‍ය සමාගම්" අධීක්ෂණය සදහාම පිහිටුවා ඇත්තේ. (නි) Reply 0
Y අරවින්දි ඕෂධී , කොළඹ සරසවිය · 1 hour ago මෑත කාලයේ මා දකින බරපතලම "සමාජ අසාධාරණ" දෙකක්, එසේ නැතහොත් " මානව හිමිකම් කඩකිරීම් 2 ක් වන්නේ ජලය වෙනුවෙන් තවමත් මහත් වූ අරගල කරන අසරණ "රතුපස්වල ජනතාව" හා තමන් දහදිය මහන්සියෙන් හම්බකොට ඉහත ලියාපදිංචි මුල්‍ය සමාගමේ දමා ඒ වෙනුවෙන් අද සියලුම වගකිවයුත්තන්ගෙන් යුක්තිය යදින මේ අසරණ "ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය." (නි) Reply 0
Y සුනිල්චන්ද්‍ර - ගම්පහ · 1 hour ago ඉතාම හොද වෘත්තිමය කාලෝචිත විග්‍රහයක්. ඔබගේ උදාහරණය වන "සමාගම් සැලසුම් " පිළිබද කතාව මසුරන් වටී. මක්නිසාද යත්, බොහොමයක් රාජ්‍ය ආයතන වල හොඳට පුහුණුවෙලා , නීතිරීති පොත් හදලා ඒවා ප්‍රායෝගිකව යොදවන්නේ නැතුව "හමස් පෙට්ටිවල" දාලා තියෙන්නේ. (නි) Reply 0
Y ලහිරු ද සිල්වා , මහරගම · 1 hour ago මමත් මේකේ සල්ලි දාලා අද දුකට පත්වෙලා ඉන්න කෙනෙක්. මුළු රටේම නීතිය , සාධාරණය ගැන පුදුම කලකීරීමක් මට තිබෙන්නේ. නීතිවල මොනවා තිබුනත් අද අසරණ අපි වෙනුවෙන් පෙනී සිටින්න කව්රුත් නැහැ. අපි දැන් ජීවත් වෙන්නෙත් යාලුවන්ගෙන් පොලියට සල්ලි අරගෙන. ශාපවෙන්න ඕනෑ අපිව මේ දුකට පත්කළ සියල්ලන්ටම. (නි) Reply 0
Y සමන්ත · 1 hour ago මෙය ඉතා හොද කාලීන ලිපියක්. අනෙක් සමාගම් ගැනත් මේ වගේ විස්තර ඉදිරියේදී පළකරන්න. අපිට වැදගත් වෙනවා (නි) Reply 0
Y කැලුම් සුදේශ් පණ්ඩිතරත්න · 1 hour ago පුවතක්!!!!! පොල්ගෙඩියක් සොරකම් කළ දැරියක් උසාවියට.....රුපියල් බිලියන ගණනක් වංචා කළ මුල්‍ය සමාගම් ලොක්කෝ නිදැල්ලේ. තැන්පතුකරුවන් බංකොලොත් සමාගමේ කොටස් ශත වලට මිලදී ගෙන පාඩුව දරා ගත යුතුයි.(දිල්) Reply 0
Y යාපා - නිකවැරටිය · 1 hour ago අදහස් පළ කරපු ලසන්ත, සම්පත් බණ්ඩාර, අරවින්දි , පණ්ඩුක යන අයගේ කටේ "මසුරන්" දාලා අර යොහාන් කියන හාදයාගේ කටේ "මැටි ගුලියක් දැම්ම නම් හරි. (ස) Reply 0
Y ඉරේෂා විමලසුරේන්ද්‍ර - කතරගම · 1 hour ago සමීර මහතා, ආඩම්බර වෙනවා ඔබ ගැන. නිර්භයව, ලස්සනට, තාර්කිකව පෑන හසුරුවා තිබෙනවා.ඔබ ඔය අංශයේ උසස් දැනුමක් තිබෙන කෙනෙක් බව පෙනෙනවා.දිගටම ලියන්න. අපි හරිම කැමතියි මේ විදිහට දැනුවත් වෙන්න. (නි) Reply 0
Y කුසුම් · 1 hour ago සමීර අභයවර්ධන මහතාණෙනි, මෙවන් හරවත් ලිපියක් තුලින් පාඨකයන් දැනුවත් කලාට ඔබට, අපගේ ප්‍රණාමය! මහබැංකු අධීක්ෂණ නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හා වගකීම් පැහැර හැරීම හේතුවෙන් අසරණ තැන්පත් කරුවන් පමණක් නොව මුල්‍ය සමාගම්ද විශාල අර්බුදයකට පත් වෙන බව පැහැදිලියි. මහා බැංකුවේ ලියා පදිංචි මුල්‍ය සමාගම් ගැන ඔවුන්ගේ වගකීම මෙවැන්නක් නම් අසරණ තැන්පත් කරුවන් හට කාගේ පිහිටක්ද? අඩුම තරමේ නිත්‍යානුකුල පොලි අනුපාතය ගැනවත් ඔවුන්ගේ කිසිදු අධීක්ෂණයක් නොමැති බව පැහැදිලියි. කරුණාකර ඉදිරියේදීත් මෙවන් ලිපි තුලින් අපව දැනුවත් කරන්න. ඔබට තුති.(දිල්) Reply 0
Y දොස්තර . ඩන්කන් කොරයා පවුල , කේම්බ්‍රිරිජ් ප්ලේස් . · 1 hour ago සමීර, අප ඔබව හොදින් හදුනනවා. මෙවන් අවස්ථා වලදී ඔබ හැසිරෙන ආකාරය , ඔබගේ ආකල්ප , නොබියව අනුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන ආකාරය අප මහත් සේ අගය කරනවා. ඔබට ජය හා සතුට..! (නි) Reply 0
Y අහිංසක තැන්පත්කරුවෙක් · 1 hour ago මෙය පමණක් නොවේ, මුල්‍ය සමාගම් කිහිපයක් සහ සක්විති වැනි ලෝක හොරුන්ට අනුබල දුන් අයට සහ නිලධාරීන්ට ශාපයක්ම වේවා! මෙම මුදල් වලට වුණේ මොනවාද කියා දන්නෝ දනිති. (නි) Reply 0
Y ජනිත ලක්ෂණ , බදුල්ල · 1 hour ago විශිෂ්ට හෙළිදරව් කිරීම් රැසක්. ඔයා ඉන්න තිබුනේ මහබැංකුවේ. නමුත් ඕවලින් කිසි වැඩක් නැහැ. ව්‍යාපාරිකයෝ ටික බේරිලා. (අ) Reply 0
Y වන්නිගම, බොරැල්ල · 1 hour ago මම වරලත් ගණකාධිවරයෙක්. මේ අදහස් මමත් බොහොම අගය කරනවා. මමත් ඔය අරුම පුදුම යෝජනාවලිය කියෙව්වා. ඇත්තටම මේ වගේ වැදගත් මිනිස්සුන්ගේ ජීවිත හා සම්බන්ධ වන යෝජනාවලි හදද්දී මහා බැංකුව මීට වැඩ සැළකිලිමත් විය යුතුය. (නි) Reply 0
Y යමුනා බස්නායක · 1 hour ago ඔය කියන මහබැංකුවේ අරුම පුදුම යෝජනාවලිය මමත් කියෙව්වා. ඒක උසස්පෙළ කරන ළමයෙකුට උනත් ලේසියෙන්ම හදන්න පුළුවන් එකක්. ඕක හදන්න මාස දෙකක් විතර ගත්තලු. අනික බැලු බැල්මට පේනවා ඒක හදල තියෙන්න ගැනුම්කරයෙක්ව ඉලක්ක කරලා ඔහුගේ යහපතට මිසක් අද අසරණවෙලා ඉන්න මිනිස්සු ගැන හිටලා නෙමේ කියල.(ත) Reply 0
Y සංගීත් තංගල්ල · 1 hour ago ඔයා නම් සුපිරි වීරයෙක්. බලාගෙන සුදු වෑන් එකකින් උස්සාවී. කළුගල් එක්ක හැප්පෙන්න එපා සමීර ..... (ත) Reply 0
Y ඩොනල්ඩ් මෙන්ඩිස්, දෙහිවල · 1 hour ago මමත් පොඩි ගානක් මේකේ දාලා තිබුණා. මම දැනගත්තා මේක යනපොට හොද නැහැ කියලා. මොකද මම ඒ පොඩි ගාණ නැවත ගන්න යනකොට මේ මුල්‍ය සමාගමේ නිලධාරීන්ගේ හැසිරීම ගැන මට සැක සිතුනා. ඉතින් මම ඔය කියන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට කතා කළ විට කිව්වේ ,"ආ , ඒක මේ සුළු ප්‍රශ්නයක්. එහෙ සිස්ටම් බ්රේක් ඩවුන් එකක්නේ. ඒක ඉක්මනට හරි යයි කියලා." ඔන්න වගකීමේ තරම. (නි) Reply 0
Y ජාගොඩ · 1 hour ago පේනවා නේද ? අර රජ කාලේ මිනිහෙක් " මී කුණකිනුත් ගොඩ ගියා වගේ "ගොඩ යන කොල්ලෙකුට "ලිපියක් ලිව්වත්" ඇති. ඒත් මේවා බැරි අපි හැමදාම වේලෙනවා. අයියෝ, සංසාර චක්කරේ. (ස) Reply 0
Y බර්නාඩ් · 1 hour ago මමත් අවුරුදු 59ක විශ්‍රාමිකයෙක්. මම නම් මේකේ සල්ලි දාලා නැහැ. නමුත් මට හොදට තේරෙනවා ඕකේ සල්ලි දාලා ලැබෙන පාටක් නොපෙනෙනකොට ඒ අයගේ මානසික මට්ටම. ඒ වගේම මම මේකේ තැන්පත්කරුවන් දාල තිබෙන ඔක්කොම අදහස් කියෙව්වා. කොච්චර දුක්මුසුද? මේ වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නොහැකිව ඒ වගේ මොනතරම් ශෝකාන්ත සැගවිලා ඇතිද? ඕවට අදාල වැරදිකරුවන්ට මේ රටේ නම් දඩුවම් ලැබෙන්නේ නැහැ, මොකද ඔවුන් බලවතුන් නිසා. නමුත් ඔවුන්ට දෛවය දඩුවම් දේවී (නි) Reply 0
Y විජේවර්ධන · 1 hour ago මේක මම මතක ඇති කාලෙකට කියැවූ බිදවැටෙන මුල්‍ය සමාගම් වලට බලපාන අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය මනාව විග්‍රහ කරන හොඳම ලිපිය කියලා බය නැතිව කියත හැකියි. (නි) Reply 0
Y අෂාන් · 1 hour ago මේ ලිපිය බොහොම හොඳට කරුණු ගොනුකරගෙන ලිය තිබෙනවා. මේක බලල හරි මහා බැංකුවේ අදාල නිලධාරින්ගේ ඇස් ඇරෙනවානම් හොදයි. මේවගේ තැන්පත් කරුවන් කීප දෙනෙකුත් ඔය කියන අධීක්ෂණ මණ්ඩලයට පත් කර ගන්නවානම් වඩාත් හොඳයි (දිල්) Reply 0
Y ලාල් කැන්ඩි · 1 hour ago මේකෙන් කියන්නේ රාජ්‍ය බැංකු වල විතරක් මුදල් තැම්පත් කරන්න කියලද. (දිල්) Reply 0
Y ජගත් දල්පදාදු · 1 hour ago මමත් ඔය මුල්‍ය සමාගමේ ලක්ෂ විසිපහක් දැම්මා. දාන්න පෙර ඔය කියන දෙපාර්තුමේන්තුවට කතා කරලා ඇහුවා සල්ලි දාන්න හොද තැනක්ද කියලා. එතකොට කිව්වේ "අයියෝ කිසිදේකට බයවෙන්න එපා. මේක අපි අධීක්ෂණය කරන ආයතනයක් කියලා". දැන් ඇහුවම කියනවා "අයියෝ මොකද ඕකේ සල්ලි දැම්මේ කියලා". කාට කියන්නද මේවා? අපෙත් අවාසනාව, රටෙත් අවාසනාව. (නි) Reply 0
Y පියසේන විතානරච්චි · 1 hour ago මමත් මගේ "පාරිතෝෂික " ඔකේ දැම්ම විශ්‍රාමිකයෙක්. ඔය විකාර යෝජනාවලිය අපටත් ලැබුණා. එකේ විදිහට අපිට සල්ලි වෙනුවට දෙන්නේ "කඩදාසි ටිකක්" සල්ලි ලැබෙන්නේ අවරුදු 5 ට විතර පස්සේ. මගේ වයස දැන් 63 අනේ, එතකොට අපි මැරිලා . (දිල්) Reply 0
Y රමණි කල්පනී · 1 hour ago මම සරසවි සිසුවියක්. ඔය අංශය මමත් හදාරලා තියෙනවා මගේ 'රිසර්ච්' එකකට. මේ කියන ඒවා සම්පුර්ණ ඇත්ත. නමුත් කිසිම මාධ්‍යයකින් ඔය වගේ ගැඹුරින් ඇතුලාන්තයට බැහැලා ඕවා විග්‍රහ කරන්නේ නැහැ. සමීර මහතා, ඔබට බොහොම ස්තුතියි. (නි) Reply 0
Y විජේගුණවර්ධන - කොලොන්නාව · 1 hour ago ඉතාම හොඳ ලිපියක්. වෙනස්ම පැති කඩකින් කෙරුණු වටිනා හෙළිදරව් කිරීම් රැසක්. දිගටම මෙබඳු ලිපි පල කරන්න. (ස) Reply 0
Y සල්මලී · 1 hour ago " අභයවර්දන මහතා" - ඔබටම ගැලපෙන "නමක්" ඔබගේ දෙමාපියන් තබා ඇති බව පේනවා. අපගේ ආශීර්වාද සමග ඔවැනි "දැනුවත් කීරීම් අඛණ්ඩව සිදු කරන්න. ඔබට ජය හා ධෛර්යය.(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොදයි. නමුත් ඔය හෙළිදරව් කිරීම් වලින් මේ රටේ වැඩක් වෙන්නේ නැහැ. මේක සිරි ලංකාව. (නි)
මේ සියල්ලේ වගඋත්තරකරු කවුදැයි දන්නවනේ ඉතින් (නි)
කාගේත් දෙනෙතට විමතිය නංවමින් "ආශ්චර්යය මාවතේ" ඉදිරියට පියනගන මහ බැංකුවට අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)
ඔයා ඉපදෙන්න තිබුනේ ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය වගේ රටක. ආසියාවේ ආශ්චර්යය කරා වේගයෙන් ළගාවන සිරි ලංකාවට ඔයාගේ අදහස් ගැළපෙන්නේ නැහැ යාළුවා. (නි)
කාලෙකින් අර්ථවත් හරවත් අපව දැනුවත් කරන ලිපියක් කියෙව්වා. නමුත් ප්‍රවේශමෙන්. (නි)
සල්ලි දාලා දැන් වැරදුනාම මහ බැංකුවට බනිනවා. (නි)
හංසිකා නංගි, චතුරිකා නංගි , මටත් මේ වගේ හොඳට ලියන්න පුළුවන් , මටත් දැනුම තියෙනවා, මගේ නමත් ලස්සනයි නේද ? මගේ වයස අවුරුදු 22 යි. මොකද කියන්නේ මගේ "ටෙලිෆෝන් නම්බර් " එක දෙන්නද ? (ස)
කැලුම්, අපේ රටේ නීතිය පිළිබද හොඳම ප්‍රකාශය, " අලි යන සුවිසල් කපොලු තිබියදී , කුඹි යන ගුල් වසනු ලැබේ." (නි)
අපේ ගෙවල් ළගත් පව්ලක් ඉන්නවා. සියළු සේසතම නැතිවෙලා දැන් හිගා නොකා හිගා කනවා. (නි)
හොදම ලිපියක්. නමුත් මගෙනම් මේකට කිසිම සම්බන්දයක් නැහැ.(දිල්)
මහා බැංකුවට මෙදා පාර සෙල්ලම් කරන්න බැරිවෙයි. මොකද "සි. එෆ් .ඇෆ. ඇල් තැන්පතුකරුවන්ගේ සංගමය " ගොඩක් ශක්තිමත් බව පේනවා. උගත් ජනතාව ඔවුන් සමග ඉන්නවා. හොදම දේ තමා අර ලිපියේ කියනවා වගේ රුපියල් බිලියනයක් මහා බැංකුවෙන් දාල මේක ගොඩ අරන් රටටත් යහපතක් කරලා මහා බැංකුවේ ජාම බේරගන්න එක. (අ)
මොනවා වුණත් මේ ලිපිය ලියූ කෙනා නම් "නියමම කොල්ලෙක්".අන්න දෙමවුපියෝ. හොද කොන්දක් ඇතුව හදපු ළමයෙක්. ආඩම්බර වෙනවා පුතේ නුඹ ගැන (නි)
මේ යන විදිහට ලියාපදිංචි බැංකු වලවත් සල්ලි දාන එකත් විශ්වාස නැහැ. හොඳම දේ ගෙදර වළක් කපලා සල්ලි පෙට්ටියක දාලා වළලන එකයි. (නි)
මෙබඳු "කාලෝචිත" එසේම "දස දහසකට " වැඩි පිරිසකගේ දැවෙන ජීවිත හා බලාපොරොත්තු " පිළිබඳ නොකිවූ , නොලිවු කතාවක් හඩ ගා කියන මෙවන් ලිපියකට අපේ උත්තමාචාරය. (ස)
මේවා ගැන මහා ජනතාව දැනුවත් කරන්න ඕනේ (දී)
මමනම් කියන්නේ ඔය කියන මහබැංකුවේ 70 ක් විතර "සේවය කරන" ? දෙපාර්තුමේන්තුව වහල දැම්ම නම් හරි, මොකද හරියට සේවයක් වෙන්නෙත් නැතිකොට ආණ්ඩුවට ඔය අංශය නඩත්තු කරන්න පුහුණු කරන්න යන සල්ලි ගොඩ හරි ඉතිරි වෙනවා. අසරණ තැන්පතුකරුවන්ට ඒ සල්ලි දෙන්න පුළුවන්නේ (දී)
අසරණ වූ තැන්පතුකරුවනි, බිය නොවන්න, අධෛයමත් නොවන්න. මහා බැංකුවට චෝදනා නොකරන්න. මන්දයත් නොබෝ දිනකින් ඔබට මේ අහිමි වූ සියලු මුදල් පොලියත් සමග ලබා ගැනීමට මහගු අවස්ථාවක් උදාකර දෙනු ඇත. ඔව් "කැසිනෝ" , ඔබ එනතෙක් මේ අසරණයන් බලාසිටී. (නි)
මහා බැංකුවට යන පාර දෙපැත්තේම මේ ලිපිය ෆොටෝ කොපි ගහලා ඇලෙවුවා නම් කදිමයි. කඩුවක් වගේ පුවත්පත්වේදියෙක් ලියලා තියෙන්නේ කියලා පේනවා (නි)
ප්‍රථමවරට මහා බැංකුවේ කාර්යභාරය පිළිබදව මේ වගේ විද්වත් විග්‍රහයක් කිරීම ගැන සමීර අබේවර්ධන මහතාට තුති. මමත් නුවර පිළිගත් මුල්‍ය සමාගමක විධායක තනතුරක් දරනවා. ඔය කියන මහබැංකු අධීක්ෂණ කණ්ඩායම් අපේ සමාගමටත් වසරකට වරක් වගේ එනවා. එකේ ඉන්න තරුණ නිලධාරීන් නම් යම් වැඩකොටසක් කරනවා. නමුත් ජ්‍යෙෂ්ඨ නිළදාරීන් කිසිම වැඩක් නැහැ. නිකන්ම ඉදල කාලේ කාල දාලා යනවා.(දිල්)
ඉතාම විස්තරාත්මක ලිපියක්. මහා බැංකුව අධීක්ෂණය කියන වචනය දන්නවද. මේ මුල්‍ය සමාගමේ සාකා විවෘත්ත කරන්න ගියේ මහා බැංකුවේ ප්‍රධානියෙක්. අනික මෙහි සල්ලි දාපු මිනිස්සු සල්ලි දාල තියෙන්නේ වැඩි පොලියට තියන තණ්හාවට. මිනිස්සුන්ට මේවා හොඳ පාඩම් . (ත)
මහා බැංකුව කියන එකට ඉස්සර කාලේ හොඳ නමක් තිබුන ස්වාධීන ආයතනයක් වශයෙන් වැදගත් සේවයක් කරමින් තිබුන නිසා. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒකත් අනෙක් රජයේ දෙපාර්තමේන්තු වගේම අකාර්යක්ෂම ආයතනයක් උනා. එදා කාලේ මහා බැංකු අධිපතිවරුන් වශයෙන් කටයුතු කල අය අපට මතකයි. කණගාටුව තියෙන්නේ මෙවන් ආයතන සහ නිලධාරීන් නිසා සාමාන්‍ය මිනිසුන් කරදරයට පත් වෙන එක ගැන. (දිල්)
දැනුවත් කිරීම් මගින් නැවතත් මුල්‍ය පද්ධතිය කඩා දැමීමට රුකුලක් ලැබෙන බව මගේ හැගීමයි (නි)
විශිෂ්ටයි , පුතා විශිෂ්ටයි....දිගටම අප වැනි අන්ත අසරණ ජේෂ්ඨ පුරවැසියෝ වෙනුවෙන් පෙනී සිටින්න. ඔබට සියලු දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය ලැබේවා. "තුණුරුවන් සරණයි.(දිල්)
මේ වගේ හොද හෙළිදරව් කිරීම් කරන ලිපි වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ ඔය වගේ සමාගම් වල මුදල් ආයෝජනය කරන අන්තර්ජාලයට පිවිසිලා දැනුම ලබාගන්න අවකාශයක් හෝ හැකියාවක් නොමැති සාමාන්‍ය මහ ජනතාවටයි. ඒ නිසා මම යෝජනා කරනවා "ලංකාදීපයට" කරුණාකර මේක "ඉරිදා ලංකාදීප" හෝ "සන්ඩේ ටයම්ස්" වගේ පත්තරයකටත් දමන්න කියලා. (නි)
කිසිම දවසක කොතරම් විශාල පොලියක් දෙනවා කිවිවත් පුද්ගලික බැංකුවලත් මූල්‍ය ආයතනවලත් ෆික්ස් ඩිපෝසිට්ස් දාන්න එපා. රාජ්‍ය බැංකු ගැනත් එතරම් විශ්වාසය තියන්නත් එපා. (නි)
බ්‍රාවෝ සමීර....මේ ලිපිය මහබැංකුව ඉස්සරහ බිත්තියේ අලවන්න පුළුවන්නන්!!!!!!!!එකේ ඇතුලේ ඉන්න අයට ඒගොල්ලන්ගෙම කෙරුවාව බලාගන්න පුළුවන්....ලජ්ජා නැද්ද .....දැනටමත් එක මහත්තයෙක් හාර්ට් ඇටච්ක් එකකකින් මරුන....මහජනතාව දැනගන්න ඕන අනුකුත් මුල්‍ය සමාගම්වලටත් මේ ඉරණම මයි කියල. (දී)
අද ඉන්ටෙර්නෙට් එක බලන්න. මේකේ සල්ලි දාල ගන්න බැරිවුණු අසරණ වයසක තන්පතුකරුවෙක් "හාර්ට් අටක් " එකකින් මිය ගිහිල්ලා. මහා බැංකුවට ශාප වේවා. (දී)
මෙච්චර බරපතල "ද්‍රවශීලතා ගැටළු" හා "විධිවිධාන උල්ලංඝනය කිරීම්" තිබෙද්දී ඇයි දෙයියනේ මහා බැංකුව මේකේ බලපත්‍රය 2013 වසරටත් අලුත් කළේ? තේ කඩයක්වත් කරන්න පුලුවන්ද අද කාලේ "ද්‍රවශීලතා ගැටළු" තියාගෙන ? අනේ මම වගේ සාමාන්‍ය පෙළ යන්තම් පාස් කෙනෙකුට තේරෙන දේ ඔය ලොකු ලොකු "පණ්ඩිතයන්ට" නොතේරුණේ ඔය තැන්පත්කරුවන්ගේ අවාසනාවට. (නි)
ඔච්චර විග්‍රහ කරලත් මේකේ තවත් සල්ලි දැම්මොත් ඉතින් කරන්න දෙයක් නැහැ (නි)
වටිනා ලිපියක්. මහ බැංකුව මෙම ගැටලුව දන්නවා. නමුත් ක්‍රියාත්මක වීමක් නැති බැවි පේනවා . හෙලිදරව්ව පිලිබදව ක්‍රියාත්මක වේවි. මහජන වැටුප් ලබන මහා බැංකු නිලදාරීන් වෘත්තිමය වගකීම් ඉටු නොකිරීම රටේ අවාසනාව. මුදල් තැන්පත් කරුවන්ට වැරදි නැහැ. අදාල නීතිය හරියට ක්‍රියාත්මක උනා නම්.(නදී)
මේක ලියපු මහත්තයයි අර හේමා සේනානායක කියන මහත්තයයි එකතුවෙලා ලිව්වා නම් එතුමන්ලාගේ පෑන් වලින් මේ අසාධාරණයේදී සෑහෙන වැඩ කොටසක් අසරණ වුනු තැන්පතුකරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් වේවි. (ස)
මම මේක නිසා අන්ත අසරණ වුණු අම්මා කෙනෙක්. මම සල්ලි දැම්මේ මගේ දුවගේ මගුල් ගෙදරට ගන්න සහ එයාගේ දෑවැද්දට දෙන්න. නැකත තිබුනේ මාර්තු 2013 . කොච්චර ඇඩුවත් සතයක්වත් ලැබුනේ නැහැ . අන්තිමට අතේ සල්ලි නැති නිසා මගුල් ගෙදර දෙසැම්බර් 2013 ට කල් දමන්න සිදු වුණා. නමුත් බැංකුව තවම ඉබිගමනේ. අපේ පවුලේම ජීවිත ගිනිගොඩක. (නි)
මෙහෙමත් රටක්! කූට ව්‍යාපාරය කළ අය පැත්තක. ඔවුන්ට කවුරුවත් ශාප කරන්නේ නැහැ. මහ බැංකුව තමයි ඔක්කොටම වැරදි. (නි)
මේ ලිපිය කියවන සියලු දෙනා කරුණාකර "සි අයි එෆ් එල් තැන්පතුකරුවන්ගේ සංගමයේ බ්ලොග් " එක බලන්න. " මහා බැංකුවේ නිරුවත " ඔබට කදිමට පෙනේවි.(දිල්)
මේක නිසා ගොඩක් අසරණ වෙලා හිටිය තන්පතුකරුවෙක් ඊයේ මියගිහිල්ලා. මේකට හොද ප්‍රචාරයක් ලබාකරගන්නේ ඔබට හා ඔබේ දරුවන්ටත් අනුමෝදන් වන ලොකු පිනක්.මොකද ඔය තැන්පතුකරුවන් අතර බහුතරය වයස 55 ට වැඩි විශ්‍රාමිකයෝ. (දී)
මගේ යාලුවෙක් ඉතාලියේ දහදුක් විදලා හම්බකරපු සේසතම ලංකාවට අව ගමන් මේකේ දාල දැන් එල්ලෙන්න වල නැතිව හුල්ලනවා. බලද්දී මේ මුල්‍ය සමාගම් හා මහබැංකුව දෙකම එකම ජාතියේ.(දිල්)
මේ ලිපිය ලියූ සමීර මහතාට හා පලකළ ලංකාදීප ඊ නිව්ස් කණ්ඩායමට ගොඩක් පින්. ලංකාදීප ඊ නිව්ස් මහතුනි, බලන්න මේ ලිපිය ජනතාවට කරන සේවය. වැඩි වැඩියෙන් මෙබදු ලිපි පළකරන්න. (නි)
මම විශ්‍රාමිකයෙක්. මට ලැබුණු ලක්ෂ 10 මේකේ දැම්මේ ගිය වසරේ අගෝස්තු වල. මේ වසරේ ජනවාරි වෙනකම් මාසික පොලිය ලැබුණා. දැන්නම් මම පුදුම දුකකින් කළකිරීමකින් ජීවත් වෙන්නේ. ජීවිතයේ අවසාන කාලය පිනක් දහමක් කරගෙන දරුවන්ට බරක් නොවී ඉන්න තිබුණු බලාපොරොත්තු ඔක්කොම බිදිලා. මහ බැංකු යෝජනා වලට අනුව සල්ලි ගෙවද්දී අපි මියගොස් තිබේවි. (නි)
මේ ලිපිය ලිව්වා මහත්තයව මහා බැංකුවේ ඔය කියන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කරලා දැම්ම නම් මීට වඩා හොද සේවයක් කරාවි කියල හිතෙනවා.(දිල්)
ගරු ස්වාමීන් වහන්සේ සමග 100% එකග වෙමි. මේ ලිපිය පළකරන්න සම්බන්ධ වුණ සියල්ලෝම කරන්නේ "ජාතික සේවයක්". (නි)
මහා බැංකුවේ නිලධාරීන් අනිවාර්යෙන්ම මේකේ වගකීම බාර ගන්න ඕනේ (අ)
වැඩක් නැහැ අශාන්, නිදා සිටින මිනිස්සුන්ව අවදි කරවන්න පුළුවන් වුණාට සදාකාලික අන්ධයන්ට පෙනීම ලබා දෙන්න බැහැනේ. අනෙක කිසිම වෙලාවක මහ බැංකුව තමන්ගේ වැරදි පිළිගන්න තැනක් නෙමෙයි. (නි)
අර කිව්වා වගේ ඔය නිලධාරීන්ට පෙනෙන්න මේ ලිපිය ඒකේ දොරේ අලවන්න තියෙන්නේ. (නි)
අනේ අපි මේ නිසා අන්ත අසරණ වුනු ජේෂ්ඨ පුරවැසියෝ. අපේ සල්ලි නැවත අපට ලබාගන්න (පොලිය නැතත් කමක් නැහැ) මේ මහත්තුරුන්ට මොනවා හරි කරන්න පුළුවන් නම් ගොඩක් පින්. මහා බැංකුවට "කෝල් " දීල ඇති රුපියල් 4,000 - 5000 විතර මේ අවුරුද්දේ . කිසිම වැඩක් නැහැ . හැමදාම එකම උත්තරේ . " අපි ඒක සලකා බලන් යනවා". අපිට කියන්න කිසි කෙනෙක් නැහැ. කොටින්ම කියනවා නම් අපිට සැනසිල්ලේ මැරෙන්න ලැබෙන එකක් නැහැ. (අ)
මට තැන්පතුකරුවන්ගේ සංගමයේ අයෙක් කිව්වා මේ සමාගම කොච්චර කුටද කියනවනම් බිද වැටුණට පස්සේ මැයි 2013 දීත් මනුස්සයෙකුගෙන් ලක්ෂ 50 ක් තැන්පතු අරගෙන. මහා බැංකුව ඒ වගේ දේවල් වලක්වන්න ගත්ත ක්‍රියාමාර්ග මොනවද?(දිල්)
දැන් සතියකට විතර පෙර මහබැංකුව උජාරුවට ප්‍රකාශයක් කරලා තිබුණා." පසුගිය අවුරුදු 7 තුලදී කිසිම මුල්‍ය සමාගමක් කඩාවැටී නැත " කියලා. ඇත්තම තමා, ඒ ගොඩනැගිලි එහෙමම තියෙනවා. තැන්පතු කරපු අපේ ජීවිත හා බලාපොරොත්තු නේන්නම් කඩා වැටිලා තියෙන්නේ. අනේ , මහා බැංකුවේ උගත් නිලදරුවනි, කියන්න මට ඔවැනි ප්‍රකාශ වලට අපි හිනාවෙන්න ඕනෑ මොන පැත්තෙන්ද? (නි)
ඉතිහාසය පිරික්සීමේදී සැමදාම මෙබදු ලියාපදිංචි මුල්‍ය සමාගමක් බිදවැටුණු විට සිදුව ඇත්තේ ඊට වගකිවුතු ප්‍රධාන පාර්ශව 2 වන එහි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළත් ඉහළ කළමනාකරණය හා මහා බැංකුව මාස කිහිපයක ඇනුම් බැනුම්, චෝදනා ලබා නඩු වාර කිහිපයකට පෙනී සිට ඉන් නිදහස්වීමය. ඔවුන්ට කිසිම මුල්‍යමය අලාභයක් සිදු නොවේ. අවසානයේදී අසරණ තැන්පත්කරුවන්ට කඩින්කඩ ඉතා අඩු පොළී අනුපාත යටතේ ඔවුන්ගේ මුදල් අවුරුදු ගණනාවක් තුළදී ලබාදේ. බලන්න මෙය කෙතරම් අසාධාරණද? මෙම ක්‍රමය වෙනස් කළ යුතුය. (නි)
මමත් විශ්‍රාමික තැන්පතුකරුවෙක්. මම මට ලැබුණු ඊ.පි.එෆ්. එක මගේ මෝඩකමට ඔකේ දැම්ම. මම දැන් හැම දවසකටම දෙතුන් පාරක් මහබැංකුවේ ඔය කියන අංශයට කෝල් කරනවා. ඒවාට උත්තර දෙන විදිහෙන්ම ඔය නිලදාරීන්ගේ " වගකීමේ තරම" හිතා ගන්න පුළුවන්. ඒවගේම තමා නිකමට හවස 4 ට පස්සේ කෝල් කලොත් කව්රුවත් නෑ උත්තර දෙන්න.(දිල්)
මට හිතෙන්නේ "මේ මුල්‍ය සමාගම" සම්බන්ධව මහා බැංකුව "පක්ෂපාති ප්‍රතිපත්තියක්" අනුගමනය කරනවා කියලයි. (නි)
මම ලියාපදිංචි මුල්‍ය සමාගමක වැඩකළා. ගිය අවුරුද්දෙ ඔය කියලා තිබෙන පරීක්ෂණ කණ්ඩායම අපේ ආයතනයටත් ආවා. කියලා වැඩක් නැහැ. ෆයිල් 100 ක් විතර අපෙන් අරගෙන මේසයක ඉදගෙන කතාකර හිටියා. (නි)
සම්පත් බණ්ඩාරගේ කතාව හරියට හරි. ඔය 70 ක් ඉන්නවා කියන දෙපාර්තුමේන්තුවට අධීක්ෂණය කරන්න තියෙන්නේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 47 ක් පමණයි. මේකෙනුත් 80% විතර පොඩි පොඩි මුල්‍ය සමාගම්. අර කිව්වා වගේ ඔතන තියෙන්නේ "උනන්දුවක් නැතිකම හා ජාතික වගකීම පිළිබද කැක්කුමක් නැතිකම" (නි)
අර දෙහිවල පැත්තෙත් තියනවා මේ වගේ ආයතනයක්. ඒක ටැබ් දීලා මිනිස්සුන්ගේ 60,000 කට විදිනවා, තව ටික දවසකින් ඒකත් මේ වගේ වේවි.(නදී)
ඇත්ත පණ්ඩුක, මෙනිසා තමයි ඔය කිව්ව පාර්ශව 2 කිසිම බයක්, වගකීමක් නැතුව කටයුතු කරන්නේ. (නි)
සමාජවාදය, ධනවාදය, අතරට ප්‍රජාතන්ත්‍රවාදය ආවා.ඒ වෙනුවට අද තියෙන්න ත්‍රස්තවාදය හා පවුල්වාදය. මහා බැංකුවත් දැන් බලවතුන්ගේ, මුල්‍ය සමාගම් විතරක් නොවෙයි, සමස්ත බැංකු පද්ධතියම බිදවැටිල ඇති. රටක් නගරයක් ආයතනයක් පාලනය කළ යුතු බුද්ධි මණ්ඩලයක් කතිරය ගහලා අපිමයි මේ විදවන්නේ. (නි)
ඉගෙනගන්න නම් කියාපු තැන "මහ බැංකුව". මගේ යාලුවෙකුගේ මාමා කෙනෙක් වැඩ කරනවා. වැඩ කරනවා කිව්වට අවරුදු ගානක ඉදලා පිටරට ඉගෙන ගන්නවා. අවරුද්දකට දවස් දහයක්වත් ලංකාවේ මිනිස්සුන්ට සේවයක් කරන්නේ නැහැ මගේ හිතේ. (නි)
සමීර, ඔබගේ ලිපිය 'සුපිරි' තත්ත්වයේ එකක් බව කිව යුතුමය. (නි)
විනිසුරු: තමුන්ගේ මුල්‍ය සමගම ගැන ඉතා දැඩි විශ්වාසයක් තියල මුදල් තැන්පත් කල මේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කරන්න ඇයි තමන් හිතුවේ? අධ්‍යක්ෂ: ඒක හරි කතාවක්නේ ස්වාමීනි, අපි ගැන විශ්වාසය තියල තැන්පත් කරපු අයගේ සල්ලි මිසක් අපි ළඟ තැන්පත් නොකළ මිනිස්සුන්ගේ සල්ලි කොහොමද අපි වංචා කරන්නේ? (ස)
ඉතාමත් අගන ලිපියක් අපි අගය කරනවා ඒවගේම ඔබට සුබ අනාගතයක් තිබෙන බව සහතිකයි. නමුත් සොහොයුරා ඔබ ඉතාමත් ප්‍රවේසම් වන්න. බාහිර කරදඅර වැලකිය නොහැක.නිතර මෙවැනි ලිපිඉදිරියටත් පළකර අසරණ තෙන්පත් කරුවන් දෙනුවත් කරන්න.(අ)
නිකමට හිතලා බලන්න. කවදාවත් අපට ආරංචි වෙලා නැහැ , මහා බැංකුවේ ඔය දෙොර්තමේන්තුවල ඉන්න නිලධාරීන් ඔය මුල්‍ය සමාගම් වල මුදල් තැන්පත් කරනවා කියලා. තමන්ගේ අධීක්ෂණය පිළිබද හොද විශ්වාශයක් තිබෙනවා නම් ඔවුන්නේ ඕවායේ මුලින්ම මුදල් තැන්පත් කරන්න ඕනෑ. (නි)
මටනම් ඔය ලිපියේ ගොඩක් දේවල් තෙරෙනේ නැහැ. නමුත් ලියල තියෙන විදිහට ඇත්ත ඇති සැටියෙන් නොබියව කියල තියෙන බවත්, මහා බැංකුව වැඩ වැරැද්ද ගෙන කියලත් හිතෙනවා. (දී)
මේ රටේ නීතියක් නැද්ද? (නි)
අපේ රටේ නීතිය කොපමණ දුර්වලද ? අර පෙර කියලා තිබුණා වගේ නැතිබැරිකමට පාසලට දෙන්න සල්ලි හොයන්න පොල් ගෙඩිය හොරකම් කරපු කුඩා දැරියක්ව උසාවි ගෙනා රටේ ඇස් පනාපිට දහස් ගණන් සාක්ෂි තිබෙන තැන්පත්කරුවන්ගේ රුපියල් මිලියන 3,300 ට වංචා කරපු අය අල්ලලා ඔවුන්ගේ වත්කම් රාජසන්තක කරලා තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න සමත් නීතියක් මේ රටේ නැති හැටි .....? (නි)
පෙරේරා මහතා හරි. උදේ 8.30 - හවස 4 ට සිමා වුනු "සේවයක් ?" කරන නිලධාරින්ද ? මේ අපේ රටේ "මුල්‍ය අංශයේ ස්ථාවරත්වය " රැකගන්න ඉන්නේ ? මොන විහිලුවක්ද ? (ස)
නිම්මි, ඔයා 100% හරි. මමත් ලංකාවේ හොඳම මුල්‍ය සමාගමක වැඩ කරන්නේ. ඉහත ලිපියේ කියනවා වගේ තාර්කිකව හිතලා, හොයලා බලලා කරන අධීක්ෂණයක් කළ යුතුයි. (නි)
මම හදිසියෙන් මේ ලිපිය දැක්කේ. ඇත්තටම හොද ලිපියක්. මම අවුරුදු ගානක් මහා බැංකුවේ "මාණ්ඩලික නොවන නිලධාරියෙක් " විදිහට වැඩ කර වී . ආර්. එස් එකකින් විශ්‍රාම ගියා. මහා බැංකුව තමන්ගේ නිලධාරීන් පුහුණු කරන්න වියදම් කරන මුදල මේ කාටවත් හිතා ගන්නවත් බැහැ. නමුත් අපට අවබෝධයක් තිබෙනවා. ඇත්තටම මට හරිම කලකිරීමක් ඇති වෙනවා මහා බැංකුව විදෙස් රටවල පුහුණුවට යවන ගොඩක් නිලධාරීන් නැවත ලංකාවට එන්නෙත් නැහැ. (නි)
"අපට කන්න දෙනවානම්, අපට බොන්න දෙනවානම්, මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ? ඕනෑ දෙයක් කියන හැටියට කරන්නම් අපේ කටට ලෝදිය ටික හැලෙනවා නම් ?......." (නි)
ඔය ලිපියේ කියලා තිබෙන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ දැන් සිංදුව තමා " මම තොප නොහදුනමි, මට තොප මතක නැත".... (නි)
අනේ මේ ලිපිය කරුණාකරලා "සි අයි එෆ් එල් තැන්පතුකරුවන්ගේ සංගමයේ බ්ලොග් " එකට එකතු කරන්න. පින්සිද්ද වෙනවා. ගොඩක් අසරණ මිනිස්සු දැනුවත් වේවි.(දිල්)
සල්ලි දැම්මේ මහබැංකුවේ ලියාපදිංචි නිසා. සල්ලි දැම්මේ මොකද කියලා දැන් අහනවා.මේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා හොඳයි. (නි)
ඉතා හොද දැනුවත් කිරීමක්. මහා බැංකුවේ, උගත් නිලධාරීනි, කරුණාකර ඔබෙන් ලක්මව බලාපොරොත්තු වෙන යුතුකම අඩුවක් පාඩුවක් නැතිව ඉටු කිරීමට දැන්වත් සිතට ගන්න. (නි)
අභීත පුවත්පත් කලාවේදීතුමනි , රතුපස්වල අපේ හාමුදුරුවන්ට වගේ වෙස් පෙරළියක් ඔබතුමාට සිදු නොවේවා කියා , සාධාරණ සමාජයක් වෙනුවෙන් අප සියලු දෙනා ප්‍රාර්ථනා කර සිටිමු. අවසානය දක්වා සාධාරණය වෙනුවෙන් ඔබගේ පෑන මෙහෙයවීමට ඔබට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)
ශ්‍රී ලංකාවාසී ජනතාවනි , ඔබ ඔබේ ජන්දය භාවිතා කළ යුතු වන්නේ අඩු වශයෙන් ඔබ අන්ත අසරණ අවස්ථාවකදී ඔබ වෙනුවෙන් වචනයක් හෝ කතා කළහැකි උදාර මිනිසුන් වෙනුවෙනි. ඔබට මේ රටේ දැන් කළහැක්කේ "ශාප කිරීම " පමණකි. (නි)
උතුරු පළාතේ නම් මීට පස්සේ මේ වගේ අසාධාරණ කම් වුනොත් අපේ මහා ඇමතිතුමාට කියල නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. බල පුලුවන්කාරයන්ට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්ට දෙන් නෑ. (ස)
මම ඔය සම්බන්දව ලියවුණු ලිපි රාශියක් කියවල තියෙනවා. නමුත් මේ තරම් හොදට විග්‍රහ කරපු එකක් පළමුවරට දැක්කේ. ඒවගේම මම ලගදි දැක්ක ඔය කියන දෙපාර්තුමේන්තුවේ නිලදාරියෙක් කියල තිබුණා " මහබැංකුවට හොරෙන් වැඩි පොලි අනුපාතයක් සමාගමෙන් දෙනවා එක අධීක්ෂණයට අහුකර ගන්න බැහැ කියල". ඔවනම් බාලාංශ කතා, එහෙනම් බාහිර විගනකවරු කොම්පැනිවල කොච්චර හොර වැඩ අගේට හොයාගන්නවද , අර කියනවා වගේ ඔතන තියෙන්නේ "වුර්තියමය නොසැලකිල්ල ".(ත)
දැනුවත් කිරීම ඉතා හොඳයි.හොඳ ලිපියක් (ස)
මෙම ප්‍රශ්නයේදී මහා බැංකුවට පමණක්ම චෝදනා කිරීම සාධාරණ නැහැ. වරද 50 % 50 % මහා බැංකුව හා මුල්‍ය සමාගමේ සිටි අධ්‍යක්ෂක මණ්ඩල ඇතුළු විධායක නිලධාරීන් අතර බෙදී යා යුතුය. නමුත් සිදු වන්නේ අවසාන සියල්ල්ලෝම "බබාලා" බවට පත්වීමය. ඔය නිලධාරීන් බොහොමයක් "වෘත්තිමය සුදුසුකම් " ලැබූ එකී "වෘත්තිමය ආයතනවල " සාමාජිකත්වය ලද අය වෙති. නීතිය හැබෑ නම් කල යුත්තේ මොවුන්ගේ "වෘත්තිමය නොසැළකිල්ල" මත පිහිටා කිසියම් කාලයකට ඔවුන්ගේ "සාමාජිකත්වය" අත් හිටුවීමය. (ස)
මට ඒ -නිව්ස් කණ්ඩායමෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙචචර ගොඩක් බලලත් ඇයි මේ "ලිපිය" තාම "ජනප්‍රිය " ලිපිවලට වැටිලා නැත්තේ ?(නදී)
සමීර මහතා, ඔබගේ ලිපිය ඉතා උසස්ය. මෙවන් හරබර ලිපි ඉරිදා පුවත්පත් වල ප්‍රධාන පිටුවල පළ කළ හැකිනම් තවත් අගනේය. එවිට මෙවන් සමාගම් වල මුදල් තැන්පත් කරන සාමාන්‍ය මහ ජනතාව දැනුවත් වීම තව තවත් සිදුවේ. ඔබට ජය ශ්‍රී! (නි)
සමීර,නියමයි. මේ කරන වැඩේට අපේ උපරිම සහාය දෙනවා. (නි)
අනේ සනත් වගේම මගෙත් මේකට කිසිම සම්බන්දයක් නැහැ.(නදී)
මහා බැංකුවේ කාර්ය මගහැරීම පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සංවිධානය වෙමු. (නි)
අනේ සනත් අය්යේ, හඩ්සන් මාමේ ඇයි ඔහොම කියන්නේ ඔයලානේ අපේ විශ්වාසය ඇති කලේ ඔය කොම්පැනියේ සල්ලි දාන්න. අනේ අපිව දැන් තනි කරන්න එපා.(දිල්)
මහා බැංකුවේ ඔය කියන "උගත් නිලධාරී රොත්තම" මේ වගේ දැනුවත් මනුස්සයෙකුට කියලා පුහුණු කළා නම් හොද නැද්ද? (නි)
මෙවන් කාලෝචිත හරවත් ලිපි දේශපාලන බලපෑමකින් තොරව මෙසේ පළකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම සම්බන්ධව "ලංකාදීප ඊ නිව්ස්" කණ්ඩායමට අපගේ හද පිරි ප්‍රණාමය පුදකරමු (නි)
රත්නායක මහතා සමග 100% එකග වෙනවා. නිදසුනක් වශයෙන් මෙම ප්‍රශ්නයේදී "වෘත්තිමය නොසැළකිල්ල" දැක්වූ සියලු "වරලත් ගණකාධිකාරීන්ගේ "ආශ්‍රිත සාමාජිකත්වය" අවම කාලයකට අත් හිටුවීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය පියවර ගතයුතුය. එවිටය "වෘත්තිමය සධම්බරත්වය " රැකෙන්නේ.(දිල්)
මෙම ආයතන මහා බැංකුවේ ලියාපදිංචියි. නමුත් තැන්පත් ගැන වගකීම තැන්පත්කරුවන්ටමයි. මේ ලිපියේ හැටියට මහා බැංකුවට ලොකු වගකීමක් තිබෙනවා. ඒක හරියට කළා නම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. මහා බැංකුවට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. (නි)
මහා බැංකුව අපිට එපා, එපාමයි... (නි)
හරි පුදුමයි . මම කවදවත් හිතුවේ නැහැ මෙතරම් නීති ගොඩක් තියෙනවා කියල මුල්‍ය සමාගම් අධීක්ෂණය කරන්න.මෙච්චර හොදට නීති රීති හදල තියෙද්දී ඕකවත් හරියට කරගන්න බැරි නිලදාරී කාණ්ඩයක්ද ඔය මහා බැංකුවේ ඉන්නේ. අහන්නත් ලැජ්ජයි.(අ)
බොහෝ මහා බැංකු අධ්‍යක්ෂකවරු විශ්‍රාම යාමෙන් පසු මුල්‍ය ආයතන වල ඉහල රැකියා වලට යනවා. මෙය කලින් කල උදව් වලට ප්‍රති උපකාර කිරීමක්ද සැක සහිතයි. කවුරු කෙසේ කීවත් මෙම මුල්‍ය ආයතන අධීක්ෂණය කිරීමට මහා බැංකුව අසමත් වෙලා තියෙන්නේ. අහිංසක ජනතාව තමාගේම මිනුම් දඩු පාවිච්චි කල යුතුයි. විශාල වශයෙන් වෙළඳ දැන්වීම් දාලා මහා වියදම කරන මුල්‍ය ආයතන වලින් පරිස්සම් වන්න... (ස)
මම අසා තිබෙන විදිහට මහ බැංකුවේ ඉන්නේ ගොඩක් උගත්, සරසවි වල ඉහළම ලකුණු ගත්, පළමු පෙළ සාමාර්ථ ගත් උදවිය. අනේ ඉතින් ඔය කට්ටියටත් ඔය අධීක්ෂණය හරියට කරන්න බැරි නම් "රහස් පොලිසියට " තමා දෙන්න වෙන්නේ. (නි)
ඉස්සර මහා බැංකුව කියන්නේ මිනිස්සු කොච්චර ගරු කරන තැනක්ද ? දැන් හැමදේම "දේශපාලනකරණීය " වෙලා. "ස්වාධීනත්වය" කියන වචනයේ මුල් අකුරු දෙකම නැතිවෙලා. "ආර්ථික ස්ථාවරත්වය" රැකීම හා "මිල ස්ථාවර කිරිම" කියන අරමුණු " සල්ලි අච්චු ගැසීම" හා "කඩේ යාම" යන තත්ත්වයට ලඝු වෙලා. (නි)
ස්වර්ණා, ඔබට ඇත්තේ වෘත්තිමය නොසැළකිල්ල නොවේද? (නි)
අසංක මහතාට වදනක්... ඔහොම කතා කරන්න එපා. කව්රුත් කැමති වැඩි පොලියක් ගන්න මහබැංකුව අධීක්ෂණය කරන තැනක සල්ලි තැන්පත් කරන්න. ඒ මනුස්ස ස්වභාවය. (නි)
අද උදේ එද්දී "බැලුම්ගලට" සවන් දුන්නා. පුදුම හිතෙනවා රටේ සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ "දේශපාළුවන්ව" සතුටු කරන්න. යුද්ධය නිම වුවත් මේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවට එහි ප්‍රතිලාභ කිසිම දිනක නිසි පරිදි නොලැබේවි මේ "දේශපාලුවා" කේන්ද්‍ර කරගත් ක්‍රමය තිබෙනකම්. (නි)
සමීර, ප්‍රවේශමෙන්... ඔය වගේ ලිපි ලංකාව වගේ රටක මේ වගේ කාලයක පළකරන්නේ. මොකද දැන් මහබැංකුව කියන්නේ කාගේ බුදලයක්ද කියලා දන්නවානේ. ඔයා බුද්ධිමත් බව පෙනෙනවා. නමුත් ප්‍රවේශමෙන්. මම කියන්නේ ඔයාගේ හොදට. (නි)
මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියැවූ විට මම හිතා සිටි උපකල්පනයක් ස්ථීර කරගන්න පුළුවන් වුණා. "මහා බැංකුවේ උගතුන් සිටින්නේ වී නමුත් " බුද්ධිමතුන් " නොමැත.ඔවුන් ප්‍රයෝගිකද නැත. (නි)
ඉතා හොඳ ලිපියක්. හොඳින් දැනුවත් වුනා... (ස)
ඉක්මන් හා ක්ෂණික ප්‍රතිකාර අවශ්‍යකර තිබේ. "කොන්ද කඩා දැමු පොලිසියකට, දෙඇස් අන්ධ වූ මහ බැංකුවකට, අංශභාගය හැදුනු නීති පද්ධතියකට, අධික ලෙස නිදිපෙති පානය කළ විපක්ෂයකට හා මේ සියල්ලෙන් මහත් අසහනයට පත්ව ඇති මොවුන්ව බලාකියා ගන්නා "පොදු ජනතාවට". ..... (නි)
මට විශ්වාස කරන්නත් අපහසුයි. පළවැනි වර තමා මේ වගේ මුල්‍ය සමාගම් අධික්ෂණයේ ලා මහ බැංකුවේ කාර්යභාරය ගැන මේ තරම් විස්තරාත්මකව හොඳ තාර්කිකව ලියැවුණු ලිපියක් කියෙව්වේ. මේවා ඇත්ත නම් මගේ රට ගැන මට දුකයි. (නි)
"පුවර් ඩිපොසිට් හෝල්ඩර් " ට මේල් කරන්න කිව්වට මොකද මේ ලියපු කොල්ලා නම් (නමේ හැටියට කොල්ලෙක් වෙන්න ඕන..) දැනුමෙන් ගොඩක් පෝසත් වගේ පේනවා. මගේ "අදහස් " කියන්න මට ඔයාගේ "ටෙලිපොන් නම්බර් " එක දෙන්න පුලුවන්ද ? කරුණාකරලා. (ස)
මගේ තාත්තාත් මේකේ සල්ලි දාලා දැන් පුදුම අසහනයකින් දවස ගෙවන්නේ. ගෙදර ඉන්නත් අප්‍රසන්නයි. ශාප වෙන දේවල් මේවා. (නි)
මේකට මහා බැංකුවට බැනලා වැඩක් නැහැ. මහා බැංකුවේත් ඉන්නේ හොදට කන බොන මිනිස්සු. තැන්පත්කරුවෝ දැනගන්න ඕනෑ සල්ලි දාන්න පෙර හොදට අදාල සමාගම ගැන පර්යේෂණ, අධීක්ෂණය කරලා , මුල්‍ය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල ඇතුළු විධායක නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා , ගිණුම් වාර්තා, විගණක වාර්තා මාස ගණනක් අධ්‍යයනය කරලා , අධ්‍යක්ෂක මණ්ඩලය ගැන "සි.අයි.ඩි" එකෙනුත් අහලා මුදල් දමන්න. (නි)
මම මෙතෙක් ලංකාදීප ‘ඊ නිව්ස්‘ වල කියැවූ දීර්ඝතම , හරවත්ම හා මොළයක් ඇති මිනිසුන්ට තමාගේ අනාගත මුදල් රුපියල් මිලියන ගණනක් ඉතිරි කරගත හැකි ලිපිය මෙයයි. ඔබට ජය ශ්‍රී! නොබියව දිගටම ලියන්න. අසරණ තැන්පත්කරුවන්ව දැනුවත් කරන්න. (නි)
මොන අපරාධයක්ද? අවරුදු 3 ක් දිගටම නීති උල්ලංඝනය කරද්දී මහා බැංකුව බලා සිටියේ ඇයි? ඔය පිළිබදව මහ ජනතාව පොඩ්ඩක් හරි දැනුවත් කළා නම් අද කී දෙනෙක්ගේ සල්ලි ඉතුරුද? අයියෝ! එහෙනම් මගේ සල්ලි ටිකත් අද මා ළග. (නි)
අනේ පව් මේ අසරණ වයසක මිනිස්සුන්ට. මොකද නැතිචූ සල්ලි හම්බ කරන්න කියලා නැවතත් රැකියාවක් කරන්න කියලද? (නි)
ඔව් , ඒකනායක මහතා සමඟ 100% එකඟ වෙනවා. මහා බැංකුවට ඔය ඔක්කොම කරන්න බැහැ. ලොකු බිස්නස් කාරයෝ ගැන බලන එක මහා බැංකුවේ "ජාතික වගකීමක්" . එතකොට තමා රටක් වශයෙන් අපට ඉදිරියට යන්න පුළුවන්.ලොකු බිස්නස් කාරයෝ සුරක්ෂිත වෙනකොට ඔය "පොඩි පොඩි මිනිස්සු "නිකන්ම රැකෙනවා. (ස)
ලියාපදිංචි මුල්‍ය සමාගම් වල තැන්පතුකරුවන්ගේ "ශෝකාලාපය" " දැමු මුදලත් නැතිවා - කියූ පොලියත් නැතිවා කියන්න කෙනෙකුත් නැතිවා - අහන්න කෙනෙකුත් නැතිවා මෙලෙස කල් ගත වී - වයසක අප මල විටදී මහා බැංකුවේ උතුමනි - සාන්ගීක දානයක් දෙනු මැන අප සියලු දෙන සිහිකර ..... (ස)
වල්පල්, වැල්වටාරම් මේකේ නැහැ."අදහස්" ටික බැලුවත් ඇති සෑහෙන දෙයක් ඉගෙනගන්න. ලංකාදීපයට අපේ තුති මල්. (නි)
සර් , ඔබට අපේ හදපිරි උත්තමාචාරය , අද අපි දහදිය මහන්සියෙන් උපයු අපේ මුදල් ගැන , අපේ දුක ගැන , අපේ ජීවිත ගැන, අපේ අනාගත සිහින ගැන කතා කිරීමට කිසිවකුත් නැති තැන , ඔබ ඔබේ පෑන අභිතව හසුරුවා ඇති ආකාරය විශිෂ්ටය. (ස)
හංසි කියන එක ඇත්ත . "පුවර් ඩිපොසිට් හෝල්ඩර් " ට කොච්චර මේල් කලත් ප්‍රතිචාර නැහැ. අපට ඔයාගේ "ටෙලිපොන් නම්බර් " එක දෙන්න පුලුවන් නම් අපේ අදහස් ඔයත් එක්ක ෂෙයා කරන්න වගේම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. (ස)
යොහාන්, මොවුන් මහා බැංකුවට ශාප කිරීම සාධාරණය. මක්නිසාද යත් "ලියාපදිංචි මුල්‍ය සමාගම් වල" සිටින අධ්‍යක්ෂක මණ්ඩල ඇතුළු විධායක නිලධාරීන් මහා බැංකුව විසින් පනවා ඇති නීති රීති රාමුව තුල ක්‍රියාත්මක වෙමින් "තැන්පතුකරුවන්ගේ හිමිකම් " තහවුරු කරන බවට වූ වගකීම මහා බැංකුව සතු වන බැවිනි. මේ නිසාය රජය විශාල පිරිවැයක් දරමින් ඉහත සදහන් පරිදි වෙනමම දෙපාර්තමේන්තුවක් මහා බැංකුව තුළ "ලියාපදිංචි මුල්‍ය සමාගම්" අධීක්ෂණය සදහාම පිහිටුවා ඇත්තේ. (නි)
මෑත කාලයේ මා දකින බරපතලම "සමාජ අසාධාරණ" දෙකක්, එසේ නැතහොත් " මානව හිමිකම් කඩකිරීම් 2 ක් වන්නේ ජලය වෙනුවෙන් තවමත් මහත් වූ අරගල කරන අසරණ "රතුපස්වල ජනතාව" හා තමන් දහදිය මහන්සියෙන් හම්බකොට ඉහත ලියාපදිංචි මුල්‍ය සමාගමේ දමා ඒ වෙනුවෙන් අද සියලුම වගකිවයුත්තන්ගෙන් යුක්තිය යදින මේ අසරණ "ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය." (නි)
ඉතාම හොද වෘත්තිමය කාලෝචිත විග්‍රහයක්. ඔබගේ උදාහරණය වන "සමාගම් සැලසුම් " පිළිබද කතාව මසුරන් වටී. මක්නිසාද යත්, බොහොමයක් රාජ්‍ය ආයතන වල හොඳට පුහුණුවෙලා , නීතිරීති පොත් හදලා ඒවා ප්‍රායෝගිකව යොදවන්නේ නැතුව "හමස් පෙට්ටිවල" දාලා තියෙන්නේ. (නි)
මමත් මේකේ සල්ලි දාලා අද දුකට පත්වෙලා ඉන්න කෙනෙක්. මුළු රටේම නීතිය , සාධාරණය ගැන පුදුම කලකීරීමක් මට තිබෙන්නේ. නීතිවල මොනවා තිබුනත් අද අසරණ අපි වෙනුවෙන් පෙනී සිටින්න කව්රුත් නැහැ. අපි දැන් ජීවත් වෙන්නෙත් යාලුවන්ගෙන් පොලියට සල්ලි අරගෙන. ශාපවෙන්න ඕනෑ අපිව මේ දුකට පත්කළ සියල්ලන්ටම. (නි)
කරන දේ හරියට කරන්න තිබුණනේ උඩ බලාගෙන කෙළ ගහනවට වඩා (නි)
මෙය ඉතා හොද කාලීන ලිපියක්. අනෙක් සමාගම් ගැනත් මේ වගේ විස්තර ඉදිරියේදී පළකරන්න. අපිට වැදගත් වෙනවා (නි)
පුවතක්!!!!! පොල්ගෙඩියක් සොරකම් කළ දැරියක් උසාවියට.....රුපියල් බිලියන ගණනක් වංචා කළ මුල්‍ය සමාගම් ලොක්කෝ නිදැල්ලේ. තැන්පතුකරුවන් බංකොලොත් සමාගමේ කොටස් ශත වලට මිලදී ගෙන පාඩුව දරා ගත යුතුයි.(දිල්)
අදහස් පළ කරපු ලසන්ත, සම්පත් බණ්ඩාර, අරවින්දි , පණ්ඩුක යන අයගේ කටේ "මසුරන්" දාලා අර යොහාන් කියන හාදයාගේ කටේ "මැටි ගුලියක් දැම්ම නම් හරි. (ස)
සමීර මහතා, ආඩම්බර වෙනවා ඔබ ගැන. නිර්භයව, ලස්සනට, තාර්කිකව පෑන හසුරුවා තිබෙනවා.ඔබ ඔය අංශයේ උසස් දැනුමක් තිබෙන කෙනෙක් බව පෙනෙනවා.දිගටම ලියන්න. අපි හරිම කැමතියි මේ විදිහට දැනුවත් වෙන්න. (නි)
සමීර අභයවර්ධන මහතාණෙනි, මෙවන් හරවත් ලිපියක් තුලින් පාඨකයන් දැනුවත් කලාට ඔබට, අපගේ ප්‍රණාමය! මහබැංකු අධීක්ෂණ නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හා වගකීම් පැහැර හැරීම හේතුවෙන් අසරණ තැන්පත් කරුවන් පමණක් නොව මුල්‍ය සමාගම්ද විශාල අර්බුදයකට පත් වෙන බව පැහැදිලියි. මහා බැංකුවේ ලියා පදිංචි මුල්‍ය සමාගම් ගැන ඔවුන්ගේ වගකීම මෙවැන්නක් නම් අසරණ තැන්පත් කරුවන් හට කාගේ පිහිටක්ද? අඩුම තරමේ නිත්‍යානුකුල පොලි අනුපාතය ගැනවත් ඔවුන්ගේ කිසිදු අධීක්ෂණයක් නොමැති බව පැහැදිලියි. කරුණාකර ඉදිරියේදීත් මෙවන් ලිපි තුලින් අපව දැනුවත් කරන්න. ඔබට තුති.(දිල්)
සමීර, අප ඔබව හොදින් හදුනනවා. මෙවන් අවස්ථා වලදී ඔබ හැසිරෙන ආකාරය , ඔබගේ ආකල්ප , නොබියව අනුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන ආකාරය අප මහත් සේ අගය කරනවා. ඔබට ජය හා සතුට..! (නි)
මෙය පමණක් නොවේ, මුල්‍ය සමාගම් කිහිපයක් සහ සක්විති වැනි ලෝක හොරුන්ට අනුබල දුන් අයට සහ නිලධාරීන්ට ශාපයක්ම වේවා! මෙම මුදල් වලට වුණේ මොනවාද කියා දන්නෝ දනිති. (නි)
විශිෂ්ට හෙළිදරව් කිරීම් රැසක්. ඔයා ඉන්න තිබුනේ මහබැංකුවේ. නමුත් ඕවලින් කිසි වැඩක් නැහැ. ව්‍යාපාරිකයෝ ටික බේරිලා. (අ)
මම වරලත් ගණකාධිවරයෙක්. මේ අදහස් මමත් බොහොම අගය කරනවා. මමත් ඔය අරුම පුදුම යෝජනාවලිය කියෙව්වා. ඇත්තටම මේ වගේ වැදගත් මිනිස්සුන්ගේ ජීවිත හා සම්බන්ධ වන යෝජනාවලි හදද්දී මහා බැංකුව මීට වැඩ සැළකිලිමත් විය යුතුය. (නි)
ඔය කියන මහබැංකුවේ අරුම පුදුම යෝජනාවලිය මමත් කියෙව්වා. ඒක උසස්පෙළ කරන ළමයෙකුට උනත් ලේසියෙන්ම හදන්න පුළුවන් එකක්. ඕක හදන්න මාස දෙකක් විතර ගත්තලු. අනික බැලු බැල්මට පේනවා ඒක හදල තියෙන්න ගැනුම්කරයෙක්ව ඉලක්ක කරලා ඔහුගේ යහපතට මිසක් අද අසරණවෙලා ඉන්න මිනිස්සු ගැන හිටලා නෙමේ කියල.(ත)
ඔයා නම් සුපිරි වීරයෙක්. බලාගෙන සුදු වෑන් එකකින් උස්සාවී. කළුගල් එක්ක හැප්පෙන්න එපා සමීර ..... (ත)
මමත් පොඩි ගානක් මේකේ දාලා තිබුණා. මම දැනගත්තා මේක යනපොට හොද නැහැ කියලා. මොකද මම ඒ පොඩි ගාණ නැවත ගන්න යනකොට මේ මුල්‍ය සමාගමේ නිලධාරීන්ගේ හැසිරීම ගැන මට සැක සිතුනා. ඉතින් මම ඔය කියන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට කතා කළ විට කිව්වේ ,"ආ , ඒක මේ සුළු ප්‍රශ්නයක්. එහෙ සිස්ටම් බ්රේක් ඩවුන් එකක්නේ. ඒක ඉක්මනට හරි යයි කියලා." ඔන්න වගකීමේ තරම. (නි)
පේනවා නේද ? අර රජ කාලේ මිනිහෙක් " මී කුණකිනුත් ගොඩ ගියා වගේ "ගොඩ යන කොල්ලෙකුට "ලිපියක් ලිව්වත්" ඇති. ඒත් මේවා බැරි අපි හැමදාම වේලෙනවා. අයියෝ, සංසාර චක්කරේ. (ස)
මමත් අවුරුදු 59ක විශ්‍රාමිකයෙක්. මම නම් මේකේ සල්ලි දාලා නැහැ. නමුත් මට හොදට තේරෙනවා ඕකේ සල්ලි දාලා ලැබෙන පාටක් නොපෙනෙනකොට ඒ අයගේ මානසික මට්ටම. ඒ වගේම මම මේකේ තැන්පත්කරුවන් දාල තිබෙන ඔක්කොම අදහස් කියෙව්වා. කොච්චර දුක්මුසුද? මේ වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නොහැකිව ඒ වගේ මොනතරම් ශෝකාන්ත සැගවිලා ඇතිද? ඕවට අදාල වැරදිකරුවන්ට මේ රටේ නම් දඩුවම් ලැබෙන්නේ නැහැ, මොකද ඔවුන් බලවතුන් නිසා. නමුත් ඔවුන්ට දෛවය දඩුවම් දේවී (නි)
මේක මම මතක ඇති කාලෙකට කියැවූ බිදවැටෙන මුල්‍ය සමාගම් වලට බලපාන අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය මනාව විග්‍රහ කරන හොඳම ලිපිය කියලා බය නැතිව කියත හැකියි. (නි)
මේ ලිපිය බොහොම හොඳට කරුණු ගොනුකරගෙන ලිය තිබෙනවා. මේක බලල හරි මහා බැංකුවේ අදාල නිලධාරින්ගේ ඇස් ඇරෙනවානම් හොදයි. මේවගේ තැන්පත් කරුවන් කීප දෙනෙකුත් ඔය කියන අධීක්ෂණ මණ්ඩලයට පත් කර ගන්නවානම් වඩාත් හොඳයි (දිල්)
මේකෙන් කියන්නේ රාජ්‍ය බැංකු වල විතරක් මුදල් තැම්පත් කරන්න කියලද. (දිල්)
මමත් ඔය මුල්‍ය සමාගමේ ලක්ෂ විසිපහක් දැම්මා. දාන්න පෙර ඔය කියන දෙපාර්තුමේන්තුවට කතා කරලා ඇහුවා සල්ලි දාන්න හොද තැනක්ද කියලා. එතකොට කිව්වේ "අයියෝ කිසිදේකට බයවෙන්න එපා. මේක අපි අධීක්ෂණය කරන ආයතනයක් කියලා". දැන් ඇහුවම කියනවා "අයියෝ මොකද ඕකේ සල්ලි දැම්මේ කියලා". කාට කියන්නද මේවා? අපෙත් අවාසනාව, රටෙත් අවාසනාව. (නි)
මමත් මගේ "පාරිතෝෂික " ඔකේ දැම්ම විශ්‍රාමිකයෙක්. ඔය විකාර යෝජනාවලිය අපටත් ලැබුණා. එකේ විදිහට අපිට සල්ලි වෙනුවට දෙන්නේ "කඩදාසි ටිකක්" සල්ලි ලැබෙන්නේ අවරුදු 5 ට විතර පස්සේ. මගේ වයස දැන් 63 අනේ, එතකොට අපි මැරිලා . (දිල්)
මම සරසවි සිසුවියක්. ඔය අංශය මමත් හදාරලා තියෙනවා මගේ 'රිසර්ච්' එකකට. මේ කියන ඒවා සම්පුර්ණ ඇත්ත. නමුත් කිසිම මාධ්‍යයකින් ඔය වගේ ගැඹුරින් ඇතුලාන්තයට බැහැලා ඕවා විග්‍රහ කරන්නේ නැහැ. සමීර මහතා, ඔබට බොහොම ස්තුතියි. (නි)
ඉතාම හොඳ ලිපියක්. වෙනස්ම පැති කඩකින් කෙරුණු වටිනා හෙළිදරව් කිරීම් රැසක්. දිගටම මෙබඳු ලිපි පල කරන්න. (ස)
" අභයවර්දන මහතා" - ඔබටම ගැලපෙන "නමක්" ඔබගේ දෙමාපියන් තබා ඇති බව පේනවා. අපගේ ආශීර්වාද සමග ඔවැනි "දැනුවත් කීරීම් අඛණ්ඩව සිදු කරන්න. ඔබට ජය හා ධෛර්යය.(අ)