රුපියල් කෝටි 1100ක වියදමින් අම්පාර දිස්ත්‍රික්කයේ හැඩ ඔය හරහා ජලාශයක් ඉදි කිරීමට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකාරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
හැඩ ඔය, විල ඔය හා කරඳ ඔය නිම්නයේ ඇති වැව් අමුණු යටතේ ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 6500ක පමණ ඉඩම් වල වගා කටයුතු සිදු කැරෙයි. හැඩ ඔය දෙපස පිහිටි කුඹු රජයෙන් යටවීම හේතුවෙන් මහ කන්නයේ වී වගා කටයුතු පමා වන අතර ජලය ප්‍රමාණවත් නොවීම නිසා යළ කන්නයේ වගා කටයුතු අඩාල වේ.
අම ගැටළු නිරාකරණයට සහ අමතර හෙක්ටයාර 5300කට අවශ්‍ය වාරි ජලය සැපයීමට හැකි වන පිරිදි මෙම ජලාශය ඉදි කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මට නම් ඔය භූගෝල විද්‍යා පාඩම් හරිහැටි තේරෙන්නේ නැහැ. පුංචි කාලේ පාසල් යන අවදියේ පටන් මම භූගෝල විද්‍යාවට අඩු ලකුණු ගත්තු නිසා වැඩිය ඒවා ගැන දන්නේ නැහැ. මම හිතනවා ජලාශ ලංකාවේ කොහේ ඉදිවුනත් කමක් නැහැ කියලා හදන්න අය ඉන්නවා නම් (බ)
විජිත් මහතා කියන දේවල් සිතට ගත යුතුය. දේශපාලකයෝ භූගෝලිය වෙනසකම් වෙන යම් නිර්මාණයක් ගැන යෝජනා කරනවා නම් එය ඉංජිනේරුවන්ගේ සහ භූ විද්‍යාඥයන්ගේ තාක්ෂණ ඇගයීමකට යටත්විය යුතුමය. එය මොරටු විශ්ව විද්‍යාලයේම කියා සීමා කිරීමට අවශ්‍ය නැති බව මගේ වැටහීමයි. බුද්ධිමතුන් කවර තැනක සිටියත් ඔවුන් හඳුනාගෙන අදහස් එකතු කරගෙන තීරණයකට එළඹීම තමයි සුදුසු. (නි)
ලංකාවේ දැන් සහල් අතිරික්තයක් තිබෙන බවටයි වාර්තා පලවෙන්නේ. ඒ හින්දම උතුරු මද කුඹුරු විකල්ප බෝග වගාවනට යොදා ගන්න යෝජනා කළා. මේ වගේ මහා පරිමාන ව්‍යාපෘති සැලසුම් කරන්න කලින් පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් කරලා ශක්‍යතාවය තහවුරු කර ගැනීමයි මුලින්ම කල යුත්තේ. (ර)
ජලාශ හිතුමතේ ඉදිකිරීම පරිසර වෙනස්වීමට බලපානවා. මේවා හදන්න දුප්පත් රටවලට ණය ආධාර දෙන රටවල් මේවා සළකන්නේ නැහැ. (නි)
මොනවා කළත් කමක් නැහැ. භූවිද්‍යාව ගැන දන්නා විශාරදයන් ලවා පාරිසරික ඇගයීමක් කොට ඔවුන්ගේ අනුමැතිය ලැබුනොත් ව්‍යාපෘතිය පටන්ගන්න. සියලුම සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් 100% ම මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයට බාර දෙන්න. දැන්වත් අපේ දැනුම ලබාගන්න රජයට ඇස් ඇරිය යුතුයි. (නි)