IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කොකා-කෝලා බෙවරේජස් ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් හඳුන්වාදීමට Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමග එක්වෙයි


කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා, මෙරට ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් දාමයක් වන Laugfs Super හිදී ආපසු ලබා දිය හැකි සුවිශේෂී වීදුරු බෝතල් හඳුන්වා දෙන ලදී. 

කොකා-කෝලා හි තවත් පරිසර හිතකාමී වැඩසටහනක් ලෙස ඇරඹි මෙම හඳුන්වාදීමෙන් පාරිභෝගිකයන්ට වඩා හොඳ තෝරාගැනීමක් සහ වැඩිදියුණු කළ අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව උදා විය.

ඒ අනුව මෙම ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් දිවයින පුරා පිහිටි Laugfs සුපිරි වෙළෙඳසැල්වලින් ලබා ගැනීමේ අවස්ථාව දැන් මෙරට කොකා-කෝලා පාරිභෝගිකයන්ට ඇත. බීම නිෂ්පාදන සමාගමක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා විසින් සිය බීම වර්ග ඇසුරුම් කිරීමේ නව්‍යකරණ අඛණ්ඩව සිදු කරමින් සිටින අතර, ඒ තුළින් පාරිභෝගිකයන්ට තමන්ට ගැළපෙන වර්ගය හා ප්‍රමාණය තෝරා ගැනීමේ පහසුව ලබා දෙයි.

2022 වසරේ සිට ශ්‍රී ලංකාව මුහුණු දෙමින් සිටින ආර්ථික අභියෝගවලට ප්‍රතිචාරයක් ලෙස කොකා-කෝලා විසින් Big Buddy Pack නමින් ආපසු ලබාදිය හැකි වීදුරු බෝතලයක් (LRGB) හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙමින් බස්නාහිර පළාතේ පමණක් අලෙවි කළ එම වීදුරු බෝතල් දැන් අනෙකුත් පළාත්වලින්ද මිලදී ගැනීමට හැකිය.

ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් (Big Buddy Pack) හඳුන්වා දීමෙන් පසුව 2024 වසරේදී විවිධ ප්‍රමාණවලින් යුත් වීදුරු බෝතල් හඳුන්වා දීමෙන් ආපසු ලබා දිය හැකි ඇසුරුම් නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීමට කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා කටයුතු කරනු ලැබුවේ තිරසාර ඇසුරුම් සඳහා වන පාරිභෝගික ඉල්ලුම ඉහළ නැංවීමේ අරමුණද පෙරදැරි කරගනිමිනි.

එහෙයින් කොකා-කෝලා විසින් Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමග ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය එහි වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය. Laugfs යනු ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් වැදගත් දායකත්වයක් ලබා දෙනු ලබන හා ශක්තිමත් කැපවීමක් සහිත ආයතනයක් වන අතර කොකා-කෝලා හි ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් රට පුරා පාරිභෝගිකයන් වෙත ගෙන යාමේ සුවිශේෂී හවුල්කරුවකු ද වේ.

මෙම වැඩසටහන සඳහා සිය පූර්ණ එකඟතාව පළකර ඇති Laugfs” බෝතල් ලබා දිය හැකි ස්ථාන හා ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසාදීම වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුවීම් ලබා දීමට ද කටයුතු කර ඇත. තවද මෙම පියවර මගින් Laugfs” පාරිභෝගිකයන්ට බුද්ධිමත් තීරණ ගැනීමට අවස්ථාව ලබා දෙයි. 

මෙම වැඩසටහන යටතේ පාරිභෝගික ප්‍රතිචාරය හා සැපයුම්දාමය මත පදනම්ව තවත් සිල්ලර අලෙවිකරුවන් සහ කලාප වෙත ආපසු ලබා දිය හැකි බෝතල් ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා බලාපොරොත්තු වේ.



අදහස් (0)

කොකා-කෝලා බෙවරේජස් ආපසු ලබා දිය හැකි වීදුරු බෝතල් හඳුන්වාදීමට Laugfs සුපිරි වෙළෙඳසැල් ජාලය සමග එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site