ඉකුත් දෙවසරක කාලයේදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ කටයුතු වල වටිනාකම සියයට 27කට වැඩි ප්‍රතිශතයකින් ඩොලර් බිලියන 1.3ක් ඉහළ ගොස් ඇතැයි දත්ත වාර්තා සඳහන් කරයි.
පසුගිය වසරේදී පමණක් දෙරට අතර වෙළඳාමේ වර්ධනය සියයට 15කට වඩා වැඩි බවත් අවසාන වසර පහක කාලයේදී දෙරට අතර වෙළඳාමේ වර්ධනය සාමන්‍ය අගයක් ලෙස ගත් විට සියයට 8.6ක් වන බවත් මෙරට පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
දෙරට අතර ආර්ථික සබඳතාවල ප්‍රමුඛතම ක්ෂේත්‍රය බවට පත්ව තිබෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයයි. දැනට තිබෙන වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික සිසුන් 9,500කට වැඩි සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අතර තවත් සිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකාවේ තිබෙන ඕස්ට්‍රේලියාවේ පිහිටි විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනවල අනුබද්ධිත ආයතනවල අධ්‍යාපනය ලබන බව ද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
පසුගිය වසරක කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රෙලියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව ද සියයට 10කින් ඉහළ ගොස් තිබෙන අතර ඕස්ට්‍රේලියාවට කරනු ලැබූ අපනයන සේවා ද සියයට 36කින් වර්ධනය වී තිබේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කුහකයන් ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල වහන්න කියමින් මොර දෙන කොට , අපේ සිසුන් අපේ රටේ ජාතික ධනය වියදම් කරමින් පිටරටවල ඉගෙන ගනිති. බොහෝවිට පිටරටවලම රැකියා කරමින් එහෙම ජිවත් වෙති, මෙම තරුණ තරුණියන්ගේ පාසල් අධ්‍යාපනයට වෙනත් පහසුකම් වලට අපේ රජය මුදල් වැයකර මුත් මොවුන්ගේ සේවය ලබන්නේ වෙනත් රටවල්ය............අපේ රටේ විශ්ව විද්‍යාල සිසුන් දේශපාලනයට,උද්ඝෝෂණ කරමින් පාරේ රස්තියාදු වෙමින් සහ නවක සිසුන්ට නවක වද දීමට තම කාලය සහ ශ්‍රමය වය කරන කොට , පිට රට සිසුන් ඉගෙන ගනිති , අන්තිමට අපේ විශ්ව විද්‍යාල වලින් පිට වෙන්නේ ප්‍රමිතියෙන් අඩු සිසුන් පිරිසකි
චන්න මහත්මයාණෙනි, ලංකාවේ අමානුෂික නවක වද විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ වල බලපෑම මත දිනපතා එක එක එක එක උද්ගෝෂණ, ලෝකයේ දියුණු රටවල විශ්ව විද්‍යාල වල මෙහෙම විකාර නැත. ලංකාවේ" නිදහස් අධ්‍යාපනය" කියල කිවුවට 2-3 පන්තියේ ළමයාගෙන් පටන් ගත්තම විශ්ව විද්‍යාල සිසුන් දක්වා ළමුන් ටියුෂන් මාෆියාවට අසුවී ඇත. ඔවුන්ට කිසිම නිදහසක් නැත. උදේ ඉස්කෝලේ යන්නත් හවස කාලය ටියුෂන් වලට වැය කිරීමටත් සති අන්තයේ ටියුෂන් යන්නත් ළමුන්ට සිදුවී ඇත. විශ්ව විද්‍යාල වල සිසුන් දේශපාලන අතකොලු ලෙස භාවිත කරන දේශපාලන සංගම් වල නායකයන්ගේ දරුවන් ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල තුලය. අපේ විශ්ව විද්‍යාල සිසුන් මොවුන් පසුපස ගොස් තම අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමින් අනාගතය අඳුරු කර ගනිති
හොඳින් දුක් මහන්සි විය හැකි තරුණ ළමයින්ට සාර්ථකව තම අධ්‍යාපනය ලබන අතරම පාර්ට් ටයිම් රැකියාවක් (මේවා බොහෝ විට පිරිසිදු කිරීමේ රැකියා , නමුත් ඒවා පහත් ලෙස සලකන්නේ නැහැ. හිටපු අගමැති කෙවින් රඩ් විශ්ව විද්‍යාල කාලේ මාධ්‍යවේදී ලෝරි ඕක්ස් ගේ ගෙදර පිරිසිදු කරන්නා හැටියට වැඩ කල බව උදාහරණයක් ) කරමින් තම වියදම සොයා ගැනීම ඕස්ට්‍රේලියාවේ සුලභ දෙයක්. නවකවදය වැනි ගෝත්‍රික මානසිකත්වයක් හෝ පන්ති වර්ජන නොමැති මෙහි විශ්ව විද්‍යාල වල විභාග දිනයන්, උපාධිය ලැබෙන දිනය පාඨමාලාව ආරම්භයේදීම සිසුන්ට දැනුම් දෙන අතර එම දින කිසිවිටකත් වෙනස් වෙන්නේ නැහැ. අවසානයේ ලැබෙන්නේත් ඉහල දැනුමක් සහිත ලොව පිළිගත් උපාධියක්
අපේ රට ආර්ථික වශයෙන් දුර්වල බැවින් , විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය හැක්කේ ඉතා අතලොස්සකටය , එම සිසුන්ට නවක වදය දී , දේශපාලන උවමනාවන් පිරිමසා ගැනීමට පාරවල් වල රස්තියාදු කරමින් අපේ රටේ අනාගතය කාලකන්නි කරන දේශපාලන කණ්ඩායම් වල නායකයන් අනිවාර්යයෙන්ම සුදු වෑන් වල යැවිය යුතු බව මගේ අදහසය.