IMG-LOGO

ඕප්පෝ එෆ් සීරියස් වෙළඳපොළට හඳුන්වා දෙයි

ඡායාරූප - ඉෂාන් සංජිව




ඕප්පෝ එෆ් කාණ්ඩය (OPPO F series) ස්මාර්ට් දුරකතන එකතුවේ නවතම දුරකතනය වන ‘ඕප්පෝ එෆ් 9 (OPPO F 9)’ දුරකතනය ඊයේ (4) රාත්‍රීයේ මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.


මෙම නව ජංගම දුරකතනය වී.ඕ.ඕ.සී ෆ්ලෑෂ් චාර්ජින් (VOOC Flash Charging) සුවිශේෂී අංගයෙන් සමන්විත වේ. එම සුවිශේෂී අංගය මගින් විනාඩි 5 ආරෝපණයකින් පැය 2ක කතා කාලයක් හිමි වන ලොව පළමු දුරකතනය මෙය යැයි ද ඕප්පෝ සමාගම පවසයි.


එමෙන්ම ‘ගාඩ්යන්ට් කලර් ඩිසයින් (Gradient Color Design)’ සහ ‘වෝටර්ඩ්‍රොප් ඩිසයින් (Waterdrop Design)’ යන පහසුකම්වලින් සමන්විත වන අතර ඉහත පහසුකම් සියල්ලෙන් සමන්විත පළමු දුරකතනය මෙම ජංගම දුරකතනය මෙය යැයි ද සමාගම සඳහන් කරයි.


මෙම ජංගම දුරකතනයේ ආරම්භක මිල රුපියල් 54,990කි. සැප්තැම්බර් 8 වැනි ලිබර්ටි ප්ලාසාහිදි පැවැත්වෙන ඕප්පෝ ෆෑන්ස් මීට් - අප් (OPPO Fans meet-up) වැඩසටහනේ දී මෙන්ම දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතවරුන්ගෙන් මෙම නව ජංගම දුරකතනය මිලදී ගැනීමේ අවස්ථාව හිමිය.


ජංගම දුරකතනය වෙළඳපොළට නිකුත් කරන අවස්ථාවේදී ඕප්පෝ ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ කීය.


OPPO F9 යනු OPPO සමාගමට පේටන්ට් බලපත්‍ර හිමි VOOC Flash Charging වැනි අති නවීන තාක්ෂණික අංග සමඟ Gradient colour body වැනි අලංකාර නිමාවක් එක්තැන් කරන අපූර්ව නිර්මාණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඒ වගේම ‘water-drop’ නිමාව සහිත දුරකථනයක් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි. මේ  ‘water-drop’ හෙවත් දිය බිංදුවක හැඩය එක්තර දුරකට ශ්‍රී ලංකාවේ හැඩයට සමාන වීමත් විශේෂත්වයක්.”


මෙම දුරකතනය හඳුන්වා දෙන අවස්ථාවේදී, OPPO සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරන දීපිකා පදුකෝන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රඟන රූපවාහිනී දැන්වීමක්ද එළිදක්වන ලදි.  


ශ්‍රී ලංකාව තුළ OPPO F9 නිල වශයෙන් හඳුන්වා දීමේ දීමේ අවස්ථාවට ‘දෙවන ඉනිම’ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන රවීන් කනිෂ්ක සහ ‘සිඳු’ටෙලි නාට්‍යය ඔස්සේ බෙහෙවින් ජනප්‍රිය වූ මනීෂා චංචලා ද සහභාගී වූහ.



අදහස් (0)

ඕප්පෝ එෆ් සීරියස් වෙළඳපොළට හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 241 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 761 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site