
- 45 වැනි සංවත්සරයත් සමරයි
- වත්තල පිහිටි මෙම නවතම කර්මාන්තශාලාවෙන්, ආහාර සැකසුම් ධාරිතාව, තත්ව ප්‍රමිති සහ දේශීය කෘෂිකාර්මික අගය එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරයි
ඔමේගා ට්‍රේඩර්ස්, ශ්‍රී ලාංකේය ආහාර ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ සිය අභිමානවත් 45 වැනි සංවත්සරය සනිටුහන් කරමින් අති නවීන පරිප්පු සහ උඳු සැකසුම් කර්මාන්තශාලාව අංක 258, ඇළ පාර, වත්තල යන ලිපිනයේදී විවෘත කරන ලදී. ඒ සමගින් සිය ව්‍යාපාරික ඉතිහාසයේ නවතම පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමටද ඔමේගා ට්‍රේඩර්ස් සමත් විය.
මෙම නවතම පරිප්පු සහ උඳු සැකසුම් කර්මාන්තශාලාව පසුගිය 18 වන දින නිල වශයෙන් විවෘත කළ අතර මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew Duckworth මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර, ගෞරවණීය අමුත්තා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මියයි. එසේම රාජ්‍ය නිලධාරීන්, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, කෘෂිකාර්මික අංශයේ වෘත්තිකයන්, පාරිභෝගිකයන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් එක්ව සිටියේය.
දශක දෙකකට අධික කාලයක් පුරා දිවයින පුරා විහිදුණු තොග සහ සිල්ලර වෙළෙඳුන්, බෙදාහරින්නන් හරහා මෙරට පාරිභෝගිකයන් වෙත ඉහළම තත්වයේ මයිසූර් පරිප්පු අඛණ්ඩව සැපයීමට ඔමේගා ට්‍රේඩර්ස් කටයුතු කර ඇත. වත්තලදී විවෘත කරන ලද මෙම නවතම කර්මාන්තශාලාව ඔවුන්ගේ ව්‍යාපාරික ගමනේ තීරණාත්මක ඉදිරි පියවරක් වන අතර, එමගින් නිෂ්පාදන ධාරිතාව මෙන්ම පිරිසුදු කිරීමේ සහ සැකසීමේ ගුණාත්මකභාවයද තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව උදා වේ.
දිනපතා පැය අටක නිෂ්පාදන කාලසීමාවක් තුළ පරිප්පු මෙට්‍රික් ටොන් 150ක් සැකසිය හැකි ඉහළ ධාරිතාවකින් යුත් මෙම නව මයිසූර් පරිප්පු සැකසුම් කර්මාන්තශාලාව හේතුවෙන් සමාගමේ වත්මන් පාරිභෝගික ජාලය සඳහා කඩිනමින් නිෂ්පාදන සැපයීමට මෙන්ම ව්‍යාපාරයේ හෙට දවසේ දියුණුව වෙනුවෙන් සූදානම් වීමටද ඔමේගා ට්‍රේඩර්ස් සමාගමට සුවිසල් ශක්තියක් සපයනු ලබයි. නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීම පමණක් නොව පාරිභෝගිකයා වෙත උපරිම ගුණාත්මකභාවයෙන් සහ ඉහළම ප්‍රමිතියෙන් යුත් පිරිසුදු පරිප්පු නිෂ්පාදනය කර ලබාදීම මෙම මූල්‍ය ආයෝජනයේ මූලික අරමුණකි.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අතිනවීන, ඉහළ පෙළේ පිරිසිදු කිරීම්, සැකසීම් සහ තත්ත්ව පාලන ක්‍රියාවලිය හේතුවෙන්, සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය කෙරෙහි වඩාත් ඉහළ පාලනයක් තමන් සතු කර ගැනීමට ඔමේගා ට්‍රේඩර්ස් සමාගමට හැකිවීමයි. එහි ඇති විශිෂ්ට වර්ණ-තේරීමේ තාක්ෂණය (colour-sorting technology) මගින් ප්‍රමිතියෙන් තොර බාල ධාන්‍ය වර්ග සහ වෙනත් බාහිර අපද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගෙන ඉවත් කරනු ලබන අතර, අමුද්‍රව්‍ය කර්මාන්තශාලාවට ඇතුළත් වන අවස්ථාවේ සිට, සැකසුම් ක්‍රියාවලිය හරහා අවසාන නිමි නිෂ්පාදනය දක්වා වූ සෑම ප්‍රධාන පියවරකදීම නිෂ්පාදනවල උසස් තත්වය අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරනු ලබයි.
එසේම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ අභ්‍යන්තර තත්ව පාලන රසායනාගාරයක්ද ස්ථාපිත කර ඇති අතර, එමගින් නිෂ්පාදනවල ප්‍රධාන තාක්ෂණික දර්ශක නිරන්තරයෙන් පරීක්ෂා කිරීමටත්, සෑම නිෂ්පාදන තොගයකම පවතින එක හා සමාන උසස් ප්‍රමිතිය සහ විශ්වසනීයත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් සමාගමට හැකි වනු ඇත.
මෙම නව දියුණු තාක්ෂණික මෙහෙයුම් ධාරිතාව හේතුවෙන් මෙරට විවිධ පාරිභෝගික කොටස් ඉලක්ක කරගනිමින් ඔමේගා ට්‍රේඩර්ස් විසින් නිකුත් කරනු ලබන ප්‍රධාන මයිසූර් පරිප්පු සන්නාම ත්‍රිත්වයට ඉහළ පිළිගැනීමක් හිමි වනු නිසැකය. ඔවුන් විසින් නිකුත් කරනු ලබන ප්‍රධාන මයිසූර් සන්නාම ලෙස ඉහළම ගුණාත්මක භාවයකින් යුත් Rainbow Jumbo Dhal මධ්‍යම වෙළෙඳපොළ ඉලක්ක කර ගත් Komas Dhal සහ සාමාන්‍ය පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ගත හැකි තත්වයෙන් උසස් Rozanna Dhal සඳහන් කළ හැකිය.
මෙම නව මූල්‍ය ආයෝජනයේ පවතින තවත් සුවිශේෂී සාධකයක් ලෙස කර්මාන්තශාලාව සතු උඳු සැකසුම් මෙහෙයුම් ක්‍රියාවලිය සඳහන් කළ හැකිය. ඒ යටතේ දේශීය කෘෂිකාර්මික අංශය සහ අතිනවීන ආහාර සැකසුම් තාක්ෂණය අතර වඩාත් ශක්තිමත් සහ සමීප සබඳතාවක් ගොඩනැගීමට ඔමේගා ට්‍රේඩර්ස් කටයුතු කර ඇති බව මැනවින් දක්නට ලැබේ.
මෙරට ගොවීන්ගෙන් සෘජුවම දේශීයව වගා කරන ලද උඳු මිලදී ගැනීමටත්, මෙම නව කර්මාන්තශාලාව තුළදී ඒවා පිරිසුදු කර උසස් තත්වයේ උඳු පරිප්පු බවට පත් කිරීමටත් සැලසුම් කර ඇති ඔමේගා ට්‍රේඩර්ස් දේශීය කෘෂිකාර්මික අස්වැන්න සඳහා අමතර වෙළෙඳපොළ ඉල්ලුමක් නිර්මාණය කිරීම, ගොවි ජනතාව සවිබල ගැන්වීම, දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන දිරිගැන්වීම සහ ශ්‍රී ලංකාව තුළ සිදුවන වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd