- Fitch Ratings වෙතින් අපේක්ෂිත A+ ණය ශ්‍රේණියක්
ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 2ක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ සඳහා වන අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිව තිබේ. මෙහිදී ලැයිස්තුගත, වර්ගකෙරූ, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර කොටස් මිලියන 20ක් නිකුත් කෙරේ. එහිදී එක් කොටසක් රුපියල් 100ක් බැගින් එහි වටිනාකම රුපියල් බිලියන 2 කි.
මෙම ණයකරය වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරේ. එසේම ඊට හිමිවන පොලිය ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් සඳහන් වෙයි.
මෙම ණයකරය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ඔක්තෝබර් 21 වැනිදා සිය අනුමැතිය ලබාදී තිබේ. කෙසේ වෙතත් මෙම ණයකරය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම සඳහා වන අදාළ නියාමන අනුමැතිය අවශ්‍යව පවතින බවත් සමාගම පවසයි.
මේ අතර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනයද මෙම ණයකරය සඳහා A+ ලෙස ස්ථාවර ඉදිරි දැක්මක් සහිත අපේක්ෂිත ශ්‍රේණිගත කිරීමක්ද ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd