IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එස් ඇන්ඩ් පී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ‘CCC+/C’ දක්වා ඉහළ නංවයි

ඉදිරියේදී මෙරට ආර්ථිකය අඛණ්ඩව ස්ථාවරව වර්ධනය වනු ඇති බවට අපේක්ෂාවක්
ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ස්ථාවරයි
ඇතැම් සාර්ව ආර්ථික දර්ශක ආර්ථික අර්බුදයට පෙර පැවැති මට්ටම මේ වනවිට පසුකර ගිහින්
ඇතැම් බාහිර ණය මේ වනවිට ප්‍රතිව්‍යූහගතකර අවසන් වුවත් තවමත් ලංකාවේ ණය බර ඉහළයි
නැවතත් වැරදි දිශාවට ගමන් කළොත් ශ්‍රේණිගත කිරීම පහළට


විමුක්ති එස් රුද්‍රිගු


ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් එස් ඇන්ඩ් පී ග්ලෝබල් ශ්‍රී ලංකාව සඳහා වන කෙටි කාලීන සහ දිගු කාලීන විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේ‍ණිගත කිරීම්  ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ දැමීමට පසුගියදා කටයුතු කළේය. ඒ සමග දේශීය මුදල් ශ්‍රේණිගත කිරීමද ‘CCC+/C’  ලෙස නැවත වරක් තහවුරු කරනු ලැබුවේය.
ශ්‍රී ලංකාව පිළිබඳව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමමින් එස් ඇන්ඩ් පී ග්ලෝබල් ආයතනය ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී මෙරට ආර්ථිකය අඛණ්ඩව ස්ථාවරව වර්ධනය වනු ඇති බවට සිය ආයතනයට තිබෙන අපේක්ෂාව සහ ඉදිරි වසරක දෙකක කාලයේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන ඉහළ ණය සහ අධික පොලී බර අතර සමතුලිතතාව ඉන් පෙන්නුම් කරන බවයි. ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ස්ථාවර බව පිළිබිඹු වන බවද එස් ඇන්ඩ් පී ග්ලෝබල් ආයතනය පැවැසුවේය.
මෙරට ඉතිහාසය තුළ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දීමත් සමග මෙරට ආර්ථිකය ස්ථාවරව ගොඩ නැගෙමින් පවතින බවත් ඇතැම් සාර්ව ආර්ථික දර්ශක ආර්ථික අර්බුදයට පෙර පැවැති මට්ටම වර්තමානය වනවිට පසුකරගෙන ගොස් තිබෙන බවත් එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ස් ආයතනය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ඇතැම් බාහිර ණය මේ වනවිට ප්‍රතිව්‍යූහගතකර අවසන් වුවත් තවමත් ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ බව එම ආයතනය පැවැසුවේය. රජය සහතික කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බැඳුම්කර ඇතුළුව තවමත් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති වාණිජ ණය සම්බන්ධයෙන් ණය හිමියන් සමග ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටියත් තිබෙන කාලයත් සමග වත්මන් තත්වය යටතේ තවදුරටත් විසඳුමක් ලබා ගැනීමට අපහසු බව සිය ආයතනය විශ්වාස කරන බව එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ස් ආයතනය පැවැසුවේය.
කරුණු සියල්ල සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට තීරණය කළ බවද එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ස් ආයතනය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව පිළිබඳව ණය ශේණිගත කිරීම් ඉහළ දැමීමෙන් ඉතිරිවී ඇති වාණිජ ණය ප්‍රතිව්‍යූගත කිරීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය පිළිබිඹු වන බවද එම ආයතනය පැවැසුවේය.
ශ්‍රී ලංකාව නැවතත් වැරදි දිශාවට ගමන් කිරීම ආරම්භ කර ඇති බවට සලකුණු පෙන්නුම් කළහොත් නැවත වරක් ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට කටයුතු කරන බවද එස් ඇන්ඞ් පී ග්ලෝබල් ආයතනය පැවැසුවේය. 

උද්ධමනය ඉලක්කගත ප්‍රතිශතයද පසුකර යමින් අඛණ්ඩව වර්ධනය වීම, රජයේ පොලී බර තවත් වැඩිවීම සහ ආර්ථික වර්ධනය සැලකිය යුතු මට්ටමකින් පහළ යාම ශ්‍රී ලංකාව වැරදි දිශාවට ගමන් කරන බව පෙන්වා දීමේ සංඥා වනු ඇතැයිද එස් ඇන්ඞ් පී ග්ලෝබල් ආයතනය ප්‍රකාශ කළේය.
එසේම ශ්‍රී ලංකාව වර්තමානයේ පෙන්වා ඇති සැලකිය යුතු ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින් මූල්‍ය සහ බාහිර සාධක වැඩි දියුණු කර ගැනීමට කටයුතු කළහොත් මෙරට ණය ශ්‍රේණිගත කිරීම තවත් ඉහළ දැමීමට කටයුතු කරන බවද එස් ඇන්ඩ් පී ග්ලෝබල් ආයතනය පැවැසුවේය.
එස් ඇන්ඞ් පී ග්ලෝබල් රේටින්ස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයේ ‘SD/SD’  ශ්‍රේණිගත කිරීමෙන් අදහස් වූයේ ශ්‍රී ලංකාව ඇතැම් නිශ්චිත මූල්‍ය වගකීම් පැහැර හැර ඇති නමුත් අනෙකුත් ගෙවීම් පිළිබඳ වගකීම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව ඇතුළත් කර ඇති  ‘CCC+/C’  නව ශ්‍රේණිගත කිරීමෙන් අදහස් වන්නේ මෙරට ණය ගෙවීම පැහැර හැරීමේ හදිසි අවදානමක් නොමැති බවයි.
ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යූහගතකරණය ආරම්භ කිරීම සාර්ථකව කිරීම ආරම්භ කිරීමත් සමග ගෝලීය ශ්‍රේණිගත කිරීම ආයතන දෙකක් වන ෆිච් සහ මූඩි ශ්‍රී ලංකාව පිළිබඳ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට කටයුතු කර තිබුණත් පසුගිය 19 වැනිදා තෙක් ශ්‍රී ලංකාව පිළිබඳව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමට එස් ඇන්ඩ් පී ග්ලෝබල් ආයතනය කටයුතු කර තිබුනේ නැත.
එස් ඇන්ඩ් පී ග්ලෝබල් ආයතනය ශ්‍රී ලංකාව පිළිබඳ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමත් සමග ගෝලීය පිළිගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතන තුනම මෙරට ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ඇත.

 



අදහස් (0)

එස් ඇන්ඩ් පී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ‘CCC+/C’ දක්වා ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site