IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 30.1ක ආදායමක්

 
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ථාවර ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් ව්‍යාපාරයක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම, 2022-2023 මූල්‍ය වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 30.1ක ආදායමක් සහිතව, සියයට 30.3ක වර්ධනයක් පෙන්වා තිබේ. එය (EBITDA) පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ කාලානුරූපීව සිදුවන වත්කම් අවප්‍රමාණ කිරීමට පෙර, කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම් වෙතින් වාර්තා වූ, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සියලු‍ අංශවල දායකත්වය ප්‍රදර්ශනය කරමින් පෙන්නුම් කරනු ලබන ආදායමකි. විදේශ විනිමය ලාභ හැරුණු විට, ව්‍යාපාර සමූහයේ සියයට 77.0ක වර්ධනයක් වාර්තා කර තිබීමත් විශේෂත්වයකි.
 
ගිණුම්ගත වර්ෂය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් ලාභය සියයට 15.8ක වර්ධනයක් පෙන්නුම් කරයි. එය රු. බිලියන 16.4 සිට රු. බිලියන 19.0ක් දක්වා ඉහළ යාමකි. තව ද, 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී විදේශ විනිමය ලාභය හැර, ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් ලාභය කලින් වසරට වඩා සියයට 85.2ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබේ.
 
එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය රුපියල් බිලියන 11.2ක පෙර බදු ලාභයක් වාර්තා කර ඇතත්, 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා සලකා බලන කල්හි එය සියයට 21.3ක පහත වැටීමකි. ඊට මූලික වශයෙන් බලපෑවේ පෙර වසරට සාපේක්ෂව විදේශ විනිමය ලාභයේ අඩු වීම සහ වසර පුරාම පැවැති පොලී පිරිවැය ඉහළ යාමයි. කෙසේ වෙතත්, විදේශ විනිමය ප්‍රතිලාභ සඳහා අනුගත වන කල්හි, 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා පෙර බදු ලාභය සියයට 31.9ක වර්ධනයක් පෙන්නුම් කරයි.
 
එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ බදු ගෙවීමට පෙර ලාභය සඳහා විදේශීය අංශයේ සැලකිය යුතු දායකත්වයක් දක්නට ලැබිණ. ඵලදායී ප්‍රතිඵල ගෙන එමින් පෙර බදු ලාභයේ සියයට 60කට වඩා වැඩි වීමක් පෙන්නුම් කරයි.
 
සමාලෝචනය කරන ලද වර්ෂය තුළ, ව්‍යාපාර සමූහයේ ලාභය වෙනුවෙන් ප්‍රමුඛතම දායකයා ලෙස, සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය සියයට 69.8ක දායකත්වයක් පෙන්නුම් කරයි. ඉන් පසුව වැඩිම දායකත්වයක් දක්නට ලැබුණේ ව්‍යාපාර සමූහයේ සංචාරක අංශයෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 20.8කි. සමාලෝචනය කරන ලද වර්ෂය තුළ උපායමාර්ගික ආයෝජන අංශය සියයට 4.8කින් ද, සේවා අංශය සියයට 4.6කින් ද, ව්‍යාපාර සමූහයේ ලාභය වෙනුවෙන් සම්මාදම් වී තිබේ.
 
අදාළ කාලය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සමස්ත කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබේ.
 
ඊට අමතරව, ව්‍යාපාර සමූහයට ඇතුළත් ඇඟලු‍ම් නිෂ්පාදන අංශ සහ මාලදිවයිනේ හෝටල් අංශය කාර්ය සාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු ඉදිරි ගමනක් පෙන්නුම් කර තිබේ. ඉලක්කගත අලෙවිකරණ උපායමාර්ග ක්‍රියාවට නැංවීමෙන් සහ උපායමාර්ගික ගැළපීම් කිරීමෙන්, ‘තූර්යා චෙන්නායි’ හෝටලය, එහි ක්‍රියාකාරීත්වයේ සැලකිය යුතු පරිවර්තනයකට ලක් විය. සිය ව්‍යාපාර ඉතිහාසයේ ප්‍රථම වතාවට බදු ගෙවීමට පෙර ලාභයක් ලබා ගැනීමට තූර්යා චෙන්නායි හෝටලයට හැකි විය.
 
වැවිලි අංශයේ සාර්ථකත්වය ද, එයිට්කන්ස් ව්‍යාපාර සමූහයේ ක්‍රියාකාරීත්වය සඳහා ධනාත්මක ලෙස දායක විය. විශේෂයෙන් හෝටල් ක්ෂේත්‍රවල ආදායම් බදු අනුපාත ඉහළ යාම හේතුවෙන්, කල් දැමූ බදු ගෙවීමේ වගකීම්වල සැලකිය යුතු ඉහළ යාමක් තිබියදීත්, වැවිලි අංශයෙන් සහ හෝටල් වෙතින් ලද සාර්ථකත්වය, ඒ වෙනුවෙන් භාවිත කරන ලද ව්‍යාපාරික උපායමාර්ග දිරිගන්වන්නකි.
 
විදුලිබල උත්පාදන අංශය සඳහා රජයෙන් අය විය යුතු මුදල් ගෙවීමේ අධික ප්‍රමාදය, මෙම ක්ෂේත්‍රයේ ආයෝජකයන් මන්දෝත්සාහී කරවන්නකි. එවන් තත්ත්වයක් තිබියදීත්, එයිට්කන් ස්පෙන්ස් සමාගම, කෙරවලපිටිය කේන්ද්‍ර කරගනිමින් මෙගාවොට් 10ක අපද්‍රව්‍ය බලශක්ති බලාගාරයක් ක්‍රියාත්මක කරයි. එසේ නොමැතිව, අපද්‍රව්‍ය භාවිතයෙන් බලශක්ති නිෂ්පාදනය නවතා දැමුවහොත්, ශ්‍රී ලංකාවේ අගනුවර ද ඇතුළත් කොළඹ දිස්ත්‍රික්කය යළිත් වරක් උග්‍ර කුණු කසළ අර්බුදයකට මෙන්ම සමාජ හා පාරිසරික ගැටලු‍වලට මුහුණ දීම වැළැක්විය නොහැකිය.
පසුගිය කාලය පුරාම දක්නට ලැබුණ පරිදි, විදේශ විනිමය අනුපාත උච්චාවචනය හේතුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය බරපතළ අභියෝග රැසකට මුහුණ දුන්නේය. පොලී වියදම්වල ඉහළ යාම ව්‍යාපාර සමූහයේ ලාභදායිතාවට බෙහෙවින්ම අහිතකර ලෙසින් බලපෑ සාධකයක් වූයේය.
 
ඉහත කී සියලු‍ අභියෝග හමුවේ, ඇති වී තිබෙන වර්ධනීය තත්ත්වය සම්බන්ධයෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ද වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා මෙසේ පැවැසීය.
 
“අපගේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසාත්, අපි මුහුණ දෙන සෑම තත්ත්වයක් දෙසම විමසිලිමත් දෑසින් බැලීම නිසාත්, සුවිශේෂී තීරණ ගැනීමත් හේතුවෙන්, විදේශ විනිමය උත්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාර සම්බන්ධයෙන් උපායමාර්ගිකව ආයෝජනය කිරීමට අප පෙළැඹී තිබෙනවා. මෙම දිගු කාලීන දැක්ම, ගෙවී ගිය අභියෝගාත්මක වසරක කාලයේදී කැපී පෙනෙන ලෙසින් අපට වාසිදායක වී ඇති බවත් පෙන්නුම් කරනවා. අපගේ ව්‍යාපාර සමූහය තුළ, සියලු‍ම ව්‍යාපාරික අංශවල අඛණ්ඩ මෙහෙයුම් සහතික කිරීම සඳහා මෙම ආයෝජන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙන බවත් පැහැදිලිවම දැකගත හැකි කාරණාවක්.
 
ඕනෑම ව්‍යාපෘතියකට මුලපිරීමේදී, එහි වර්ධනය සඳහා කඩිසර ප්‍රවේශයක් ගැනීම අපගේ ව්‍යාපාර සමූහයට හොඳින් ගැළපෙනවා. ඒ වගේම එම ප්‍රවේශය, අපේ රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ධනාත්මක ලෙස දායක වීමේ හැකියාව ඇති කරන බවටත් අපි සහතික වෙනවා.”
 
2022-2023 මූල්‍ය වර්ෂය තුළ කැපී පෙනන සාර්ථකත්වය
 
සූර්ය බලශක්ති බලාගාරයක් අත්පත් කරගැනීම මගින්, පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාවට මෙගා වොට් 10ක් එකතු කිරීම සඳහා රු. බිලියන 1.4ක් ආයෝජනය කර තිබේ. වර්තමානයේදී පුනර්ජනනීය බලශක්තිය ලෙසින්, රටේ උපරිම බලශක්ති ඉල්ලු‍මෙන් සියයට 1.4කට වඩා වැඩි ප්‍රමාණයක් සැපැයීමට එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය දායක වේ.
 
එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ වපසරිය තවදුරටත් පුළුල් කරමින්, කාම්බෝජයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හවුල් ව්‍යාපාරයක ආයෝජනය කර තිබේ.
 
රුපියල් බිලියන 1.6ක වියදමින් වර්ග අඩි 100,000ක බහාලු‍ම් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කර තිබේ.
 
“මට මා වීමට ඇති නිදහස” යන තේමාව යටතේ ‘විවිධත්වය, සමානාත්මතාව සහ සමීපත්වය’ යන අරමුණු ගෙවී ගිය මූල්‍ය 
වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලදී. මෙම දිශානතියේ ප්‍රගතිශීලී පියවරක් ලෙස, මාතෘ නිවාඩු කාලය දින 100 දක්වා දීර්ඝ කරන ලදී. පීතෘ නිවාඩු හඳුන්වා දී තිබෙන අතර මාපිය නිවාඩු වැඩි කර තිබේ.
 
ස්පෙන්සෝනියානුවන් තුළ නවෝත්පාදන සංස්කෘතියක් පැළපදියම් කිරීම අරමුණ කරගනිමින්, නිර්මාණශීලිත්වය සම්බන්ධයෙන් ඔවුන්ගේ හැකියාව මුදාහැරීමට අවස්ථාව සලසා දී තිබේ. ඒ වෙනුවෙන් ස්පෙන්සෝනියානුවන් දිරිගැන්වීමට පියවර ගන්නා ලදී. ඔවුන්ගේ නව අදහස් වඩාත් හොඳින් සැලසුම් කර, සංවර්ධනය කරන ලද විවිධ ව්‍යාපාර මෙහෙයුම්වලදී සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.
 
එයිට්කන් ස්පෙන්ස් සමාගම, එක්සත් ජාතීන්ගේ ගෝලීය බලපෑම් එකඟතාවට ස්වේච්ඡාවෙන්ම එක්වී 2022 මැයි මාසයට වසර 20ක් සපිරෙයි. ස්ථිරසාරභාවය සහ සමාජයීය වගකීමක් ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට රපෝර්තු කිරීම එක්සත් ජාතීන්ගේ ගෝලීය බලපෑම් එකඟතාවට එක්වීමයි.
 
2030 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ලබා ගැනීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දී තිබේ. එමගින් විද්‍යාත්මක පදනමක් සහිත ඉලක්ක කරා යාමට එකඟ වී තිබේ. මෙම උත්සාහයන් දේශගුණික විපර්යාස හසුරුවා ගැනීම සඳහාත්, එහි මෙහෙයුම් තිරසාර ආකාරයෙන් ඒකාබද්ධ කිරීම සඳහාත්, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය විසින් කරනු ලබන ස්ථීර කැපවීම විදහා දක්වයි.
 
595
 
එයිට්කන් ස්පෙන්ස් සභාපති - දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන
 

 එයිට්කන් ස්පෙන්ස් විධායක අධ්‍යක්‍ෂ - ස්ටෂානි ජයවර්ධන

 

 

එයිට්කන් ස්පෙන්ස් නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ - ආචාර්ය පරාක්‍රම දිසානායක



අදහස් (0)

එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 30.1ක ආදායමක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 80 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 136 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 261 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 256 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක
2024 මැයි මස 01 69 0

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැ


ලංකා හොස්පිටල්ස් නව ස්ථුලතා පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ
2024 අප්‍රේල් මස 30 195 0

ලංකා හොස්පිටල්ස් සිය නව ස්ථුලතා පාලන (Bariatric)මධ්‍යස්ථානය ඇරඹීම සහ අතිසාර්ථක ලෙස ස්ථුලතා පාලන (Bariatric)සැත්කම් 250 ක සන්ධිස්ථානය පසු කිරීම පිළිබඳව පසුගියදා නිව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 498 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1948 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site