තායිලන්තයේ බැංකොක් නුවරට දිනපතා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නම් ආහාරපානවල ප්‍රශ්නය ගැටළුවක් නොවන්නේ බැංකොක් අග නගරයේම පවත්වාගෙන යන ‘මානෙල් ලංකා‘ අවන්හල නිසාය. ශ්‍රී ලාංකීය යුවළක් ඒ අවන්හල පවත්වාගෙන යති.
ගමේ ගෙදරදී වගේ කෑම කෑ හැකි ලෙස සකසා ඇති එම අවන්හලට පසුගිය සතියේ තම පස්වැනි සංවත්සරය සැමරීය.
මීගමුව කොච්චිකඩේ නිමල් ඇන්තනී ප්‍රනාන්දු හා මැනල්ඩා ලක්ෂ්මී මානෙල් යුවළ මෙහි හිමිකරුවෝය.
බැංකොක් නගරයේ පටුනාමි නගරයේ රාජපරොප්සොසි හතරවැනි වීදියේ අංක 447/61 ස්ථානයේ මෙය පවත්වාගෙන යයි.
දිනපතාම පෙරවරු 9ට විවෘත වන මෙම ආපන ශාලාව බොහෝ විට වසා දැමෙන්නේ රාත්‍රී 12 පසුවීය. ශ්‍රී ලංකාවේ ජීවත්වීමට තරම් ප්‍රමාණවත් රැකියාවක් නොවූ නිමල් - මානෙල් යුවළ සියලු දේපළ විකුණා කුඩා දියණිය හා පුතු රැගෙන 2002 වසරේදී තායිලන්තයට පැමිණ ඇත. මෙරටදී හඳුනාගත් අයකුගේ මග පෙන්වීම අනුව තායිලන්තයට පැමිණ ඇත්තේ නවසීලන්තයට යාමේ බලාපොරොත්තුවෙනි. නමුත් පෙරකී පුද්ගලයා ඔවුන් අතරමං කර දමා රටෙන් පළා ගොස් ඇති අතර පසුව බැංකොක් නුවර කතෝලික පල්ලියේ උපකාර අනුව ජීවත් වී පසුව මෙම හෝටලය පටන්ගත් බවත් තම බිරියට රසට කෑම ඉවීමට හැකි නිසා මෙය දියුණු කරගැනීමට හැකිවූ බවත් නිමල් මහතා පැවසීය.
මේක තියෙන්නේ සියම්, චිට්ලොම් අතර රැචප්‍රාෙරාප් අතර. ඔබ පැමිණ තෝරාගන්න හොටෙල් එක අනුව මාර්ගය විස්තර කිරීම වෙනස් විය හැකි නමුත් ලේසිම ආකාරය රට්ටප්‍රරොප් මාර්ගයට මුහුණලා ඇති ඉන්ද්‍ර එස් කුරේ එක ඉදිරිපස හතරවැනි පටුමගෙහි පිහිටා ඇති බව අපේ පාඨකයෙක් අපට දන්වා එවීය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕමාන්වල සිගිරි හෝටලයත් මේ වගේම තමයි. ලාංකික අපිට ආඩම්බරයි. (ර)
සුබ පැතුම්! (නි)
සුපිරියි (බ)
දැනගන්න ලැබීම ගැන සතුටුයි (නි)
මෙතනට යන විදිහ කවුරුවත් කියලා නැහැ.බැංකොක් අති විශාල නගරයක් නිසා හොයා ගන්න බැහැ අහලා හොයා ගන්න කොහොමවත් බැහැ (ම)
මෙතනට යන විදිහ කව්රුවත් කියල නැහැ.බැංකොක් අති විශාල නගරයක් නිසා හොයා ගන්න බැහැ. අහල හොයා ගන්න කොහොමවත් බැහැ. (ස)
කතා දෙකක් එපා (ස)
කතා දෙකක් නැහැ. නියම ආහාර කනවා නම් මානෙල් ලංකා තමයි (නි)
මම ලාංකිකයක් විදිහට ගොඩක් සතුටු වෙනවා වගේම ඔබ දෙපල අපේ රට ජාතිය රැක ගැන කරගෙන යන ඔබ වපාරය දිනෙේ දිනම දියුනුවේවා ඒ වාගෙම ඔබ ගැන හරිම ආඩම්බරයි අපේ ජාතිය සන්කේතයක් වග ඔබ දෙපළ ඔබට සද ජය (අ)
මෙතැන කෑම ගොඩක් හොඳයි. මම යන හැම සැරේම මෙතැනට යනවා (බ)
හොඳයි. හැබැයි තායිලන්ත කෑම රස බැලුවොත් අනෙක් කෑම එපාවෙනවා. එච්චරට රසයි. (නි)
හොදයි, හැබැයි තායිලන්ත කෑම රස බැලුවොත් නම්... එච්චරට රසයි. ග්‍රීන් කරී, ටොම් යම්, ච්කෙන් කරී, ස්ටම් රයිස් එක්ක ෆ්‍රරයිඩ් කායිලන් කාලා. තායිලන්ත පොල් කූල් කරලා බිව්වම නියම තමා. (ර)
මම 2013 දි එහි ඉඳලා තියෙනවා (නදී)
හොදයි, හැබැයි තායිලන්ත කෑම රස බැලුවොත් මොන ශ්‍රී ලංකන් ද කියල හිතෙනවා, එච්චරට රසයි . ග්‍රීන් කරී, ටොම් යම්, පයින්අැපේල් චිකන් කරී, ස්ටම් රයිස් එක්ක ෆ්රයිඩ් කරන් කාල. තායිලන්ත පොල් කූල් කරලා බිව්වම නියම තමා. (බ)
දැන් ගොඩාක් රටවල ලංකාවේ හෝටල් ආරම්භවෙලා තියෙනවා. ඒවායේ කෑම නරක නැහැ. ගොඩක් රසයි. (නි)
මේ කතාවෙන් පේනවා ශ්‍රී ලාංකිකයන්ට මේ මිහිතලයේ ඕනෑම තැනක ඕනෑම වැදගත් රැකියාවක් කිරීමට පුළුවන් වග. මේ යුවලට ජයෙන් ජය ලැබේවා.(නදී)
හොරෙන් බැංකොක් ගිය අය මාට්ටු නේද. (බ)
හොරෙන් බැංකොක් ගිය අය මාට්ටු නේද. (ස)
මම මේ රෙස්ටුරන්ට් එක ගාවටම ගොස් එ්ක ඉස්සරහ තිබ්බ තායි රෙස්ටුරන්ට් එකෙන් කෑවා. තායි කෑමවල රස දුටුවම ලංකාවේ කෑම මොනාද කියා සිතෙනවා (නදී)
මම මේ රෙස්ටුරන්ට් එක ළඟටම ගොස් අන්තිමේදී ඊට ඉස්සරහ තිබුණ තායි රෙස්ටුරන්ට් එකෙන් කෑවා. තායි කෑමවල රස දැනුනහම ආශා හිතුණා (නි)
සුබ පැතුම් අපෙනුත්! (නි)
මේ දෙපලට දියුනුවෙන් දියුනුව ලැබේවායි පතමි.(හේ)
මෙය අපිට ආඩම්බරයක්.(හේ)
සුබ පතනවා මේ ව්‍යාපාරය සාර්ථක වේවා කියා.(හේ)
නියමයිනේ (නදී)
ඔව් ගියමාසේ අපිත් එහෙ ගියා අපිට හොදට සැලකුවා.කෑමත් ගොඩක් රසට උයලා තිබ්බා ගානත් අනිත් ඉන්දියන් කඩ වලට වඩා අඩුයි.මේ දෙපලට දියුනුවෙන් දියුනුව ලැබේවායි පතමි.(හේ)
මම දෙවරක් තායිලන්තයේ සංචාරය කළ වෙලේ , දෙපාරම මේකෙන් කෑවා. ඉතාමත් රසට ලාබෙට ලාංකීය ආහාර ගන්න පුළුවන් තැනක්. ලංකාදීපයෙන් මෙය සියලු දෙනාට දැන ගැනීමට සැළැස්වීම සංචාරය සඳහා තායිලන්තයට යන සියලුම ලාංකිකයන්ට සෙතක්. ලංකාදීපයට ස්තුතියි! මෙම අවන්හල දිනෙන් දින දියුණු වේවායි පතමි (නි)
බොහොම ස්තුති ඔබ සැමට !!!!!! (ම)
මේ හෝටලයේ කෑම මිල ඉහළයි. ලංකාවේ අයගෙන් බොරුවට තැන පෙන්නනවා කියා මුදල් අයකරන්ඩ බලනවා. බැංකොක් වල ඕනෑතරම් ලාබෙට කෑම තියනවා. (නදී)
බොහොම ස්තුති ඔබ සැමට (නදී)
බොහොම ස්තුතියි ඔබ සැමට (නදී)
පින්තුර සහ විස්තර දුටුවම සන්තෝසයක් හිතුනා. මමත් ඉඩ ලැබුනොත් මේ රටට නිවාඩුවක් ගොස් දැක බලා කෑම වල රසය විඳිනවා. ලංකාදීපයට තුති විස්තර දුන්නාට (නදී)
මේක තියෙන්නේ සියම්, චිට්ලොම් අතර රැචප්‍රාෙරාප් අතර. ඔබ පැමිණ තෝරාගන්න හොටෙල් එක අනුව මාර්ගය විස්තර කිරීම වෙනස් විය හැකි නමුත් ලේසිම ආකාරය රට්ටප්‍රරොප් මාර්ගයට මුහුණලා ඇති ඉන්ද්‍ර එස් කුරේ එක ඉදිරිපස හතරවැනි පටුමගෙහි පිහිටා ඇත (බ)
එ්කට දෝහා කථර් වල මෙලෝ රහක් නෑ. අපිරිසිදු පරණ කෑම දෙන්නේ (නදී)
පින්තූර සහ විස්තර දුටුවම සන්තෝෂයක් හිතුනා. මමත් ඉඩ ලැබුනොත් මේ රටට නිවාඩුවකට ගොස් දැක බලා කෑම වල රසය විඳිනවා. ලංකාදීපයට තුති විස්තර දුන්නාට (නි)
පලවෙනි පින්තූරේ බලන්න. (නදී)
ඇත්තටම රසයි. මමත් මෙතනින් කාලා තියෙනවා. (නි)
ලංකාවෙන් තායිලන්තයට සංචාරයේ එන අයට තායි කෑම වලින් එන සෝස් සුවඳ අල්ලන්නෙ නැහැ. ඒ අය හිතනවා තායි කෑම හදන්නෙ ඌරු තෙල් වලින් කියල. ඒ හින්ද ලංකාවෙ හෝ ඉන්දියාවෙ කෑම හොය හොය වටේ යනව. ඇත්තෙන්ම තායි කෑම වලට පුරුදු වුනාම ඒව කොච්චර රසවත්ද කියල තේරෙයි. ඒක නිසා තමයි තායි කෑම ලෝකයේ විවිධ නගර වල ජනප්‍රිය වෙලා තියෙන්නෙ. අනෙත් දේ තමයි වෙන රටකට ගියාම ඒ රටේ කෑම රස විඳිනව මිසක් ලංකාවෙ කෑම හොයන එක මහ මෝඩ වැඩක්. (අ)
විස්තරය අපට ලබා දුන්නට ලංකාදීපයට ගොඩාක් ස්තුති කරනවා. අපේ මිනිස්සු මේ ගන්න උත්සාහය ගැන ආඩම්බර වෙනවා. ලබන වර කොහොම හරි යනවා. ඔබලාට ජයෙන් ජය (නදී)
කෑම ගොඩක් රස, සාදාරන මිලක් ඇති තැනක්. මම බැංකොක් ඉද්දි මේකෙන්ම තමා කන්නේ. (නදී)
මමත් දැනගත්තේ දැන්. (නි)
ඊළඟ සැරේ මමත් යන්න ඕනෑ.මේක දැනගත්තේ අද තමයි. ලංකාදීපයට ස්තුතියි! (නි)
ලාංකිකයන් විදිහට අපිට ආඩම්බරයෙන් අපේම කියලා දෙයක් පෙන්වන්න පුලුවන් (නි)
දියුණුවෙන් දියුණුවට පත්වේවා! වැඩි වැඩියෙන් ලැබේවා! (නි)
නෝ බීෆ්, නෝ පෝර්ක්. ලාංකිකයන් වශයෙන් ආඩම්බරයි මේ වචන ස්වල්පයට. දියුණුවෙන් දියුණුවට පත්වේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
හොරෙන් ගිය බදුල්ලේ කට්ටිය මාට්ටු නේද? (නදී)
දැනුවත් කිරීම ගැන ලංකාදීපයට තුති! (නි)
මමත් අනිවාර්යෙන් එහෙ ගියාම එනවා වේලක් කලා යන්න රට ගියාම අපේ කෑමවල වටිනාකම වැඩී (අ)
සිරි, ඔබ හරි (නි)
සැමදා සැරදේවා! (නි)
ලංකා වේ කෑම කන්න එහෙ යන්න ඕනද? (ස)
මෙතන කෑම හරිම හොඳයි. ලංකාවේ වගේ දැනෙනවා (නි)
සුභ ගමන් (නදී)
අපිටත් මෙහෙ ලංකාවේ කෑම කන රෙස්ටුරන්ට් තිබුනට රස අඩුයි,දැවිල්ල නැහැ. ඒවා අලුත් ස්ටයිල් වලට උයලා. පොල්කිරි වෙනුවට එළකිරි සහ යෝගට් පාවිච්චි කරන්නේ. (නි)
මමත් ගියා හරිම රසයි (නදී)
මමත් දෙපාරක් මානෙල් එකට ගියා. ඉතා සුහදශීලි සේවයක්. ඕනෑම කාරණයක් ගැන අහගන්න පුළුවන්. සමහරු ඉන්නවා ලංකාවේම කට්ටිය විස්තර කියන්නේ නැතුව ඒකෙනුත් හම්බකරගන්න හදන. මානෙල් එකට යන්න. කෑම රසයි. (නි)
සුබ පැතුම් ! (බ)
අපිටත් මෙහෙ ලංකාවේ කෑම කන රෙස්ටුරන්ට් තිබුනට රස අඩුයි. දැවිල්ල නැහැ, කිසි රසක් නැහැ. කෑම අලුත් ස්ටයිල් වලට උයලා. පොල්කිරි වෙනුවට එළකිරි, සහ යෝගට්. පාවිච්චි කරන්නේ. මම හිතනවා ලංකාවේ දන්සල් බත් මිට වැඩිය රස ඇති. (නදී)
මම 20 වතාවක් විතර බැංකොක් ගිහින් තියෙනවා.යන හැම වෙලාවකම මෙතනින් කෑම ගන්නේ.ඉතාමත් හොඳ තැනක්.මගේ සුබ පැතුම්.මම ලබන සතියෙත් යනවා. (නි)
ඒකට සවුදියේ ජුබෙල් එකේ තියෙන ශ්‍රී ලංකා රෙස්ට්ටුරන්ට් එක මෙලෝ රහක් නැහැ. එලවලු රොටියෙත් රොල්ස් එකෙත් බිතර රෝල් එකෙත් එකම පේස්ට් එක. අල ලාබ නිසා අලම තමයි. (ස)
මමත් යනවා, අපිත් යනවා,ඊළඟ වතාවෙත් යනවා,මමත් යන්නේ එහෙටමයි...මමත් ඔය හෝටලයට ගියේ ලංකාවේ කෙනෙක් අගය කළ නිසා.ලංකාවේ හදනවටත් වැඩ හොඳට රසට කෑම දෙනවා.(හේ)
මම නම් 3න් වේලම කන්නේ මේකන්. බොහොම රසයි කෑම (නදී)
අපේ අවංක සුභ පැතුම්. (ස)
බොහොම සන්තෝසයි. බැංකොක් ආවොත් අනිවාර්යෙන්ම යනවා මෙතනට. (බ)
හොදයි, හැබයි තායිලන්ත කෑම රස බැලුවොත් මොන ශ්‍රී ලන්කන් ද කියලා හිතෙනවා, එච්චරට රසයි . (ම)
වෙන රටකට ගියාම ඒ රටේ කෑම බීම රස විඳින්න එපායැ. බත්, හොදි මාළු කන්න ඕනෙනම් ගෙදරම ඉඳගෙන බැරිද ඒක කරන්න.(නදී)
ශ්රී ලාංකිකයෙක් ලෙස ඇත්තටම ආඩම්බරයි .... ජය වේවා ...(ම)