IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


උතුරු බිම් මරු නසන්න රුපියල් කෝටි 45ක්

උතුරුකරයේ වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම සදහා ක්‍රියාත්මක වැඩසටහනට පවුම් ලක්ෂ 21 ක (රුපියල් කෝටි 45ක් පමණ) මුදල් ආධාර ලබා දීමට බ්‍රිතාන්‍යය සැරසේ.

මේ සදහා මූලිකත්වය ගෙන ක්‍රියාකරනුයේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන්ය.

යාපනය,කිළිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්ක වල විවිධ ප්‍රදේශයන්හි වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම තවමත් සිදුවේ.

ලැබීමට නියමිත මුදල් ආධාර උපයෝගී කරගෙන යාපනය දිස්ත්‍රික්කයේ වළ දමා ඇති බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කයන්ගේ වළදමා ඇති බිම්බෝම්බ සෑහෙන පමණ ඉවත් කිරීමටත් හැකි වනු ඇතැයි සදහන් වෙයි.



අදහස් (0)

උතුරු බිම් මරු නසන්න රුපියල් කෝටි 45ක්

අසේල Monday, 18 November 2013 10:53 AM

අපේ අය කෑ ගහන විදිහට මේ ආධාර එපා කියන්න. ඇයි බැන බැන තව ආධාරත් ගන්නේ. (නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 22 November 2013 03:16 PM

මේ ආධාර කිරිල්ල ගැන ටිකක් සැකයක් මතු වෙනවා. සල්ලි ටික ආධාර කියල එවන්නේ යුද්ධ කරන්න පටන් ගනිල්ලා කියල මට හිතෙනවා. බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ සුද්දන්ගෙන්, (ස)

:       0       0

තාරුක Monday, 18 November 2013 11:38 AM

මෙයා මේ හදන්නේ එයාගේ හමුදාවක් උතුරේ හදන්න සල්ලි දීලා ? පාලනයක් නැති වුනාම හැමෝම දත නියවනවා.අපේ අභ්‍යන්තර කටයුතු වලට හොට දාන එක නීති විරෝධියි කියලා කියන්න කෙනෙක් නැද්ද? (ස)

:       0       0

නිසර් Friday, 22 November 2013 09:46 PM

මම නම් කියන්නේ බිම් බෝම්බ තිබුනොත් හොදයි කියලා (නි)

:       0       0

අචිර Tuesday, 19 November 2013 06:14 AM

සුද්දෝ ලංකාවට අාවේ නැත්නම් අපි තවම ගල් යුගයේ. කුල හීන ගැහැනුන්ට උඩට වස්ත්‍ර අදින්න බැහැ. රටේ සම්පත් අයිති රජතුමාට. සුද්දෝ ලංකාවේ තවමත් හිටියා නම් ලංකාව ලෝකේ දියුණුම රටක් වෙලා. අපේ අවාසනාවට සුද්දෝ ලංකාව දාලා ගියා. (නි)

:       0       0

කුමාරන Monday, 18 November 2013 05:55 PM

හරි නම් එංගලන්තයයි ඉන්දියාවයි තනියම උතුරේ විනාශ වූ දේවල් ගොඩ නගන්න ඕනෑ. (නි)

:       0       0

ෂෙලන්සියුස් Tuesday, 19 November 2013 02:03 PM

අවුරුදු සිය දහස් ගණනකට කලින් කල වැරදි ගැන දැන් කතා කර කර ඉඳල වැඩක් නැහැ. සුද්දෝ ඒ කාලේ වැරදි වැඩ කළා. දැන් ඉන්න සුද්දන්ගෙන් ඒකට පලි ගන්න ඕනේ නැහැ නේ. විජය කුමාරය කල වැරදි වලට දැන් අපි පලිද ? අපි මහා ලොකුවට අපේ අවුරුදු 2500 ක ඉතිහාසේ ගැන කියෙව්වට දැන් අපේ මිනිස්සුන්ගේ වැඩ නම් අන්තිමය්. අද කාලයේ යුරෝපයේ මිනිස්සු හැසිරෙන හැටි, නීතියට ගරුකරන හැටි, වාහන එලවන හැටි සහ අපේ රටේ මිනිස්සු ඒ දේවල් කරන හැටි දැක්කම අපි ගැනම කලකිරෙනවා. අපේ අනන්‍යතාවය, ස්වාදීනත්වය රැකගෙන, අනිත් රටවල් සමග සහයෝගයෙන් වැඩ කරන එක තමයි දක්ෂකම. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 19 November 2013 09:21 AM

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන් මේ කරන්න හදන දෙය අගය කල යුතු දෙයක්. ශිෂ්ට සම්පන්න ජාතියක් වශයෙන් අප ස්තුති වන්ත විය යුතුයි. (ස)

:       0       0

ගුණරත්න ඩුබායි Friday, 22 November 2013 03:37 AM

අදාර දෙන එක නම් හොඳා.නමුත් ඒ අධාර එන්ට ඕනේ ලංකා ආණ්ඩුව හරහා මිසක් කෙලින්ම උතුරට නෙමෙයි.(අ)

:       0       0

බෙනට් Wednesday, 27 November 2013 11:56 AM

අම්මපා අපේ රටේ කෙරෙන හැම දෙයක්ම කරන්නේ ආදාර සහ නය වලින් නේ. පාලමක් , පාරක් , නෙමෙයි කොහේ හරි බෝක්කුවක් හැදුවත් ඒක කරන්නේ වෙන රටක මුදල් ආදාරයකින් මේ රටේ මිනිස්සුන්ගෙන් අය කරන බදු සල්ලි කොහෙද යන්නේ ? (නදී)

:       0       0

විමලසිරි Wednesday, 20 November 2013 09:47 AM

ඔය අාධාර ගත්තොත් මහා විනාශයක් වීම නැවැත්විය නොහැකි බවයි මගේ හැගීම.මේ ගැන රජයේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

ලාරා Wednesday, 20 November 2013 07:03 PM

මොවුන් කොලේ වහල ගහන ජාතිය,ප්‍රවේසමෙන් ? (අ)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 21 November 2013 11:52 AM

අයියෝ ආධාර මොකටද අර ගෙනාපු බෙන්ස් කාර් එකක් වකුණුව නම් හරිනෙ (ස)

:       0       0

කුමාර් Monday, 18 November 2013 04:03 PM

ආරම්භයේ සිටම කොටි පෝෂණය කළේ ඉන්දියාව හා බ්‍රිතාන්‍යය, කොටින්ගේ ජාත්ත්‍යන්තර ගිණුම් තිබුනේ එංගලන්තේ. ඉතින් එයාල වපුරපු පාපතර බීජ වල ඵල එයාලත් කන්න ඕනෑ. තව ඉල්ලන්නයි තියෙන්නේ අපේ රටට වෙච්ච වින්නැහියට. (නි)

:       0       0

ගිම්හානි Friday, 22 November 2013 02:01 PM

මේ ආධාර ගන්න එපා.මෙයාල මේ කරන්න හදන්නේ අපිට ආදරේට නෙමෙයි. (ස)

:       0       0

ගජබා Monday, 18 November 2013 11:19 PM

1815 සහ 1848 අපේ දාස් ගණන් මිනිස්සු බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මැරුවා. මේ ගැන කිසි කෙනෙක් ඇහුවේ නැහැ. බ්‍රිතාන්‍ය තචරම් මානව අයිතීන් කඩපු රටක් මේ ලෝකයේ නැහැ .අපේ මිනිස්සුන්ටත් ලජ්ජා නැහැ.කියක් හරි දුන්නොත් ඕන දෙකට ඔලුව නමනවා (නදී).

:       0       0

බමුණු Monday, 25 November 2013 09:44 AM

ඒගොල්ලන්ව පදිංචි කළා නම් ඒගොල්ලෝ වළලපුවා ඒගොල්ලෝම සොයාගනීවි (නි)

:       0       0

බමුණු Monday, 25 November 2013 09:45 AM

"බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන් මේ කරන්න හදන දෙය අගය කළ යුතු දෙයක්.' සුද්දගේ ලනු කන අය තව ඉන්නවා වගෙයි. (නි)

:       0       0

තෙෂාන් Monday, 18 November 2013 10:50 AM

ඔය ආදර වලින් කොච්චරක් බහිරවය ගිලේද ද දැනේනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 76 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 170 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 118 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 252 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 49 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 430 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 605 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2107 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1830 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site