උතුරුකරයේ වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම සදහා ක්‍රියාත්මක වැඩසටහනට පවුම් ලක්ෂ 21 ක (රුපියල් කෝටි 45ක් පමණ) මුදල් ආධාර ලබා දීමට බ්‍රිතාන්‍යය සැරසේ.
මේ සදහා මූලිකත්වය ගෙන ක්‍රියාකරනුයේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන්ය.
යාපනය,කිළිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්ක වල විවිධ ප්‍රදේශයන්හි වළ දමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම තවමත් සිදුවේ.
ලැබීමට නියමිත මුදල් ආධාර උපයෝගී කරගෙන යාපනය දිස්ත්‍රික්කයේ වළ දමා ඇති බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත් කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කයන්ගේ වළදමා ඇති බිම්බෝම්බ සෑහෙන පමණ ඉවත් කිරීමටත් හැකි වනු ඇතැයි සදහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කෑ ගහන විදිහට මේ ආධාර එපා කියන්න. ඇයි බැන බැන තව ආධාරත් ගන්නේ. (නදී)
මේ ආධාර කිරිල්ල ගැන ටිකක් සැකයක් මතු වෙනවා. සල්ලි ටික ආධාර කියල එවන්නේ යුද්ධ කරන්න පටන් ගනිල්ලා කියල මට හිතෙනවා. බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ සුද්දන්ගෙන්, (ස)
මෙයා මේ හදන්නේ එයාගේ හමුදාවක් උතුරේ හදන්න සල්ලි දීලා ? පාලනයක් නැති වුනාම හැමෝම දත නියවනවා.අපේ අභ්‍යන්තර කටයුතු වලට හොට දාන එක නීති විරෝධියි කියලා කියන්න කෙනෙක් නැද්ද? (ස)
මම නම් කියන්නේ බිම් බෝම්බ තිබුනොත් හොදයි කියලා (නි)
සුද්දෝ ලංකාවට අාවේ නැත්නම් අපි තවම ගල් යුගයේ. කුල හීන ගැහැනුන්ට උඩට වස්ත්‍ර අදින්න බැහැ. රටේ සම්පත් අයිති රජතුමාට. සුද්දෝ ලංකාවේ තවමත් හිටියා නම් ලංකාව ලෝකේ දියුණුම රටක් වෙලා. අපේ අවාසනාවට සුද්දෝ ලංකාව දාලා ගියා. (නි)
හරි නම් එංගලන්තයයි ඉන්දියාවයි තනියම උතුරේ විනාශ වූ දේවල් ගොඩ නගන්න ඕනෑ. (නි)
අවුරුදු සිය දහස් ගණනකට කලින් කල වැරදි ගැන දැන් කතා කර කර ඉඳල වැඩක් නැහැ. සුද්දෝ ඒ කාලේ වැරදි වැඩ කළා. දැන් ඉන්න සුද්දන්ගෙන් ඒකට පලි ගන්න ඕනේ නැහැ නේ. විජය කුමාරය කල වැරදි වලට දැන් අපි පලිද ? අපි මහා ලොකුවට අපේ අවුරුදු 2500 ක ඉතිහාසේ ගැන කියෙව්වට දැන් අපේ මිනිස්සුන්ගේ වැඩ නම් අන්තිමය්. අද කාලයේ යුරෝපයේ මිනිස්සු හැසිරෙන හැටි, නීතියට ගරුකරන හැටි, වාහන එලවන හැටි සහ අපේ රටේ මිනිස්සු ඒ දේවල් කරන හැටි දැක්කම අපි ගැනම කලකිරෙනවා. අපේ අනන්‍යතාවය, ස්වාදීනත්වය රැකගෙන, අනිත් රටවල් සමග සහයෝගයෙන් වැඩ කරන එක තමයි දක්ෂකම. (නදී)
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන් මේ කරන්න හදන දෙය අගය කල යුතු දෙයක්. ශිෂ්ට සම්පන්න ජාතියක් වශයෙන් අප ස්තුති වන්ත විය යුතුයි. (ස)
අදාර දෙන එක නම් හොඳා.නමුත් ඒ අධාර එන්ට ඕනේ ලංකා ආණ්ඩුව හරහා මිසක් කෙලින්ම උතුරට නෙමෙයි.(අ)
අම්මපා අපේ රටේ කෙරෙන හැම දෙයක්ම කරන්නේ ආදාර සහ නය වලින් නේ. පාලමක් , පාරක් , නෙමෙයි කොහේ හරි බෝක්කුවක් හැදුවත් ඒක කරන්නේ වෙන රටක මුදල් ආදාරයකින් මේ රටේ මිනිස්සුන්ගෙන් අය කරන බදු සල්ලි කොහෙද යන්නේ ? (නදී)
ඔය අාධාර ගත්තොත් මහා විනාශයක් වීම නැවැත්විය නොහැකි බවයි මගේ හැගීම.මේ ගැන රජයේ අවධානය යොමුවේවා! (නි)
මොවුන් කොලේ වහල ගහන ජාතිය,ප්‍රවේසමෙන් ? (අ)
අයියෝ ආධාර මොකටද අර ගෙනාපු බෙන්ස් කාර් එකක් වකුණුව නම් හරිනෙ (ස)
ආරම්භයේ සිටම කොටි පෝෂණය කළේ ඉන්දියාව හා බ්‍රිතාන්‍යය, කොටින්ගේ ජාත්ත්‍යන්තර ගිණුම් තිබුනේ එංගලන්තේ. ඉතින් එයාල වපුරපු පාපතර බීජ වල ඵල එයාලත් කන්න ඕනෑ. තව ඉල්ලන්නයි තියෙන්නේ අපේ රටට වෙච්ච වින්නැහියට. (නි)
මේ ආධාර ගන්න එපා.මෙයාල මේ කරන්න හදන්නේ අපිට ආදරේට නෙමෙයි. (ස)
1815 සහ 1848 අපේ දාස් ගණන් මිනිස්සු බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මැරුවා. මේ ගැන කිසි කෙනෙක් ඇහුවේ නැහැ. බ්‍රිතාන්‍ය තචරම් මානව අයිතීන් කඩපු රටක් මේ ලෝකයේ නැහැ .අපේ මිනිස්සුන්ටත් ලජ්ජා නැහැ.කියක් හරි දුන්නොත් ඕන දෙකට ඔලුව නමනවා (නදී).
ඒගොල්ලන්ව පදිංචි කළා නම් ඒගොල්ලෝ වළලපුවා ඒගොල්ලෝම සොයාගනීවි (නි)
"බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩි කැමරන් මේ කරන්න හදන දෙය අගය කළ යුතු දෙයක්.' සුද්දගේ ලනු කන අය තව ඉන්නවා වගෙයි. (නි)
ඔය ආදර වලින් කොච්චරක් බහිරවය ගිලේද ද දැනේනේ. (ස)