උතුරේ මේ දිනවල දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ලැබුණු අලූත් දුම්රිය එන්ජින් 3 ක් පසුගියදා කොළඹ වරායට ළගාවිය. මේ දුම්රිය එන්ජින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලින් පසු උතුරේ ධාවනයට යෙදවීමට නියමිතය.
මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනුයේ ඉන්දීය ආධාර වලිනි.දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයතුද පැවැරී ඇත්තේ අයිකන් නම් ඉන්දීය සමාගමකටය.ලැබුණු දුම්රිය එන්ජින් 3 ට අමතරව තවත් දුම්රිය එන්ජින් 3 ක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත ලබාදීමට නියමිත බව අයිකන් සමාගමේ ප්‍රධානී එස්.එල් ගුප්තා සදහන් කරයි.
යුධ සමයේදී උතුරුදිග දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය.දැනට දුම්රිය ධාවනය වන්නේ ඕමන්තෙයි හා මැදවච්චිය දක්වා පමණි.මැදවච්චියේ සිට තෙලෙමන්නාරම් ජැටිය දක්වාත්,ඕමන්තෙයි සිට කන්කසන්තුරේ දක්වාත් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවේ.මීට දුම්රිය පාලනයට නවතම සංඥා හා සන්නිවේදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් සැළැසුම් කර ඇත.වැඩ අවසන් වූ පසු මාර්ගයේ පැයට කිලෝමිටර 120 ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකියාව ඇතැයි කියැවේ.මේ ව්‍යාපෘතිය මාර්ගයෙන් සෘජු රැකියා අවස්ථා 2000 ක් පමණද වක්‍ර රැකියා අවස්ථා 1000 ක් පමණද ඇතිවේයැයි අපේක්ෂිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිපියට සේනාව ගැන කිසිම දෙයක් වැඩක් නැහැනේ. අවශ්‍ය දේවල් ලියන්න. (ස)
උතුරටත් කොච්චි දෙනවාද (දී)
උතුටර සහාය දක්වන්න ඉන්දියාව සැදී පැහැදී ඉන්නවා (දී)
ජයලලලිත එහම හොදින්ද (ස)
ඇත්තම කියනවනම් දැන් මාතර ඉදන් කොළඹ කොටුවට යන්න සීග්‍රඝාමී දුම්රියට යන්නේ පැය 4 ටත් වඩා අඩු කාලයක්. නමුත් ඊට කලින් ඔය ගමනට පය 4 1/2 ත් 5 ත් අතර කාලයක් ගියා. (ස)
ඔව් ඉතින් සුද්ද හදපු රේල්පාර නැත්නම් අපි හදයි.. ඉන්දියාවට බැනලා වැඩක් තියෙනවද ? (නි)
උතුරට ඉන්දීය ආධාර යටතේ දුම්රිය දාන්න එපා (දී)
ජයලලිතාගේත් අනුමැතිය ඇතුවද මේවා ඇවිත් තියෙන්නේ. (නි)
ඔය සහය දෙන්නෙ අපිට තියෙන ආදරේට කියලද හිතන්නෙ.? (ස)
මමත් රෝමානු කතෝලෙකයෙක් , මගේ පුර්ණ සහයෝගය බොදුබල සේනාවට , ජයවේව ! (ත)
නැතුව නැතුව, කුම්බලා මාලු ගිල්ලා නම් දුක විඳින්න වෙනවා (නි)
පව් අනිල් සහෝදරයා... (ස)
මතකනේ කොළඹ - මාතර හොදට තිබුණු පාරට වෙච්ච වැඩේ. (නි)
ඔව්. මාතර ඉඳන් කළුතරටත් අහැදුවේ 100-120ට යන්න. ඒත් ප්‍රමාදයි. කලින් හැබැයි මීට වැඩිය ඉක්මනට ගියා. අන්තිමට අසාර්ථකයි කියලා තේරුණ නිසා කළුතර ඉඳන් හදන එක නැවතුනා. (ස)
අනේ අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය කාලයක්. ඉන්දියාවේ උදව් නැතුව රේල්පාරක් වත් හදා ගන්න බැහැ. ඉස්සර අපි පාරවල් හදාගන්න පිටරටින් එනකම් බලන් හිටියේ නැහැ. (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ජයලලිතා මුකුත් කියන එකක් නැද්ද? (නි)
ඇයි තාමත් අම්පාරට රේල් පාරක් හදන්න බැරිවුනේ. කෝමහරි ඒකත් කලොත් නැගෙනහිරට නවෝදය.(නදී)
ෂාර්ප්රාස් හැමදේටම සේනාව අවශ්‍ය නැහැ. එමගින් ඇතිකරන්නේ සිංහල පුනරුදයක්. කරුණාකර දන්නා දෙයක් කතාකරනවද? (නි)
දිග අඩි 100 ක වත් දුම්රිය පාරක් හදාගන්න ශ්‍රී ලංකික අපිට ශක්තියක් ලැබේවා (අ)
සිල්වා, අපිට පීලි ගන්න මුදල් නැහැ. මේවා ඉන්දියාවෙන් කරන්නේ (නි)
අනිල්, මුතුන් මිත්තන්ගේ දර්ශනයට ගරු කිරීම ඉතා අගයමු (නි)
අපෙ භික්ෂූන් වහන්සේලාට අපහස කරන්න එපා. මුලධර්මවාදීන්ගේන් රට ජාතියට වෙන්න යන විනාශය ඉතාමත් පැහැදීලීයි. බොදු බල සේනාසංවිධානය පෙනි සිටින්නේ මේ මිනිමරු, අමන මුලධර්මවාදීන්ගේන් රට බෙරානිමටයි. (අ)
ජයලලිතා මුකුත් කියන එකක් නැද්ද? (නි)
කෝ සේනාව, කියාපල්ලකෝ ඉන්දියාව වර්ජනය කරමු කියලා.(නදී)
උතුරට විතරද ඉන්දියාවෙන් උදවු කරන්නේ (දී)