ශ්රී ලංකාව හා තමිල්නාඩුවේ රාමේෂ්වරම් සම්බන්ධ කරමින් විසල් පරිමාණයේ ගුවන් පාලමක් තැනීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් කිරීමට ඉන්දියා රජයේ අවධානය යොමුව තිබෙන බව එරට මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි පැවසීය.
තමිල්නාඩුවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතී කිහිපයක සමාරම්භක කටයුතු වලට සහභාගීව සිටි අතරතුර දී ඔහු මේ අදහස් දැක්වීය.
තමන් මේ සම්බන්ධයෙන් ආසියා සංවර්ධන බැංකුව හා සාකච්ඡා කළ බවත් ව්‍යාපෘතිය සදහා බරපැන දැරීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවත් ඔහු කීවේය.
මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවෙන්නේ ඉන්දියා ජනපති නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියාව හා අසල්වැසි රටවල් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමේ සංකල්පයේ පියවරක් ලෙස බවත් ව්‍යාපෘතියෙන් දෙරටටම වාසි සැලසෙනු ඇති බවත් හෙතෙම සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තිබෙන සිද්ධස්ථාන වැන්ඳහම අපිට හොඳටම ඇති. ඔය රට සහ අපේ රට යාකරන්න එපා (නි)
එකසැරයක් මුහුද හරහා නැව් මාර්ගයක් තනන්න ලැහැස්ති වුනා.වාසනාවකට ඉන්දියාවේ හින්දු අයගේ විරෝධය නිසා එය යටගියා..දැන් මේ තවත් ජරාවක්...අපි වෙනම රටක්..අපි වෙන් වෙලාම ඉමු.වැඩිය ඇයි හොඳයි ඕන නැහැ...(බ)
එකමුතුව සවොම මෙයට විරුද්ද වෙමු ..!.(ම)
ලංකාවේ ජනගහනය මිලියන 20 යි. ඉන්දියාවේ මිලියන 600 ක් දිනක ආදායම ඉන්දියන් රු. 33 යි. කොච්චර ආගමන නීති දැම්මත් විසිටින් වීසා වලින් මෙහෙ එන අය නවතින එක නවත්තන්න බැහැ. (නදී)
මෙය කරන්න එපා පසුවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් (ම)
ලංකාව ඉන්දියාවේ කොලනියක් වෙයි වගේ (නදී)
රටවල් දෙක අතර භාන්ඩ ප්‍රවාහනයේදී වගේම මගීන් ප්‍රවාහනයේදී පාලමක් වැදගත් වේවි. බෝට්ටු සේවාවක් ඇරඹුවත් ගුවනින් ගියත් පාලමක් හැදුවත් අපිට යන්න වෙන්නෙ වීසා අරගෙන පාස්පෝට් පෙන්නලා. ඉන්දියානු වීසා ගන්න උනත් එක පාර බැහැ. ඒකටත් යම් ක්‍රියාදාමයක් තියෙනවා. ගුවනින් යනවාට වඩා ලේසියෙන් යන්න පාරක් හදන එකෙන් හිගන්නෝ එනවානම් එන හිගන්නො පාලනය කරන්න අපිට ආගමන විගමන නීති සහ වීසා නීති තද කරන්න පුලුවනි. බම්බලපිටිය දිහා චීනෙනුත් හිගන්නො ඇවිල්ල හිගා කනවාලු..තායි ගණිකාවො ලංකාවෙ ඇවිත් බිස්නස් එක කරගන්නවාලු..ඒ අය පාලං වලිං ආපු අය නෙමෙයි ගුවනින් ආපු අය.. දඹදිව වන්දනාවේ යන අයට...ඉන්දියානු සංචාරයට ආසා කරන අයට හොද ප්‍රවේශයක් වේවි මේ පාලම හැදුනොත්..ඒ වගේම දකුනු ඉන්දියාවේ චෙන්නායි සහ බැංගලෝර් වගේ නගර ලංකාවට වඩා බොහොම දියුනුයි. බැංගලෝර් වල ඉන්න අයගේ දැනුම දියුනු ශ්‍රමය අපිට ලේසියෙන්ම ගෙන්වාගන්න පුලුවන් මේ පාලම හැදුනොත්.. ....ඒත් ඕක හැදෙන්න තියෙන හැකියාව නම් බොහොම අඩුයි.. හිතනවාට වඩා වියදම බොහෝ වැඩියි..තාම කිසිවෙක් ඕකේ ශක්‍යතා අධ්‍යන වාර්ථාවක් වත් හදලා නෑ..කියන විදියට මුහුද උඩින් කිලෝමීටර 20කට වඩා ලොකු දුරක් ගෙවලා පාලම හදන්න වෙනවා..ඒක ලේසි වැඩක් නම් නෙමෙයි. (නදී)
නාමල් 2015-08-04 02:03:00 වෙත - ලොකය සමග ගණු දෙනු කරන්න ඕනෙ නම් ඔය පාලමම ඕනෙ කියලා කොහෙද තියෙන්නේ. ඒකට ඕනේ ව්‍යාපාර ඥානය වගේම සුක්ෂමතාවය. ආයෝජනයට මුදල්. එහෙනම් ඇමරිකාව ඉන්දියාවට පාලමක් දාලාද ඔය කියපු ලොකු ව්‍යාපාර ශාඛා ටික දැම්මේ? දන්නා කලෙක ඉදලා අපේ රටේ සංවර්ධනයට පරිප්පු දාපු ඉන්දියාව මේ පාලම හදලා අත ලෙවකාවි කියලා හිතනව නම් ඔහේ පල්ම පල් මෝඩ යෙක්...(බ)
කොයි පාලමද? (බ)
පාලම් හදන්න නෙවේ මුහුදු සිමාවේ තව තවත් නාවික හමුදාව යොදා ආරක්ෂාව තර කරන්න ඕනේ , එන තරමක් කුඩු , ආයුධ , කේරල ගංජා, හොර රත්තරන් එන්නේ ඔහෙන් , ඉන්දියාවේ ඉන්න හිඟන්නෝ කුඩු ගුලි ගුද මාර්ගයේ හංගගෙන පෝලිමේ ඒවි , එතකොට හැමෝගෙම ගුද මාර්ග පරික්ෂ කර , කර ඉන්නද කියන්නේ ? අවරුදු 30 දඟලල එක ප්‍රශ්නයක් යන්තම් ඉවර කරගත්ත , දැන් හදන්නේ අහක යන සර්පයෝ රෙද්ද අස්සේ දමාගන්නද? (බ)
ඉන්දියාව සමඟ තිබෙන ලෙඩ මදිවට තව පාලමකුත්? (නි)
ඉන්දියාව සමඟ කිසිම මාර්ග සම්බන්ධකමක් අපට උවමනා නැත. දැනට තිබෙන ක්‍රමය හොඳටම ඇති. පාලම දැම්මොත් පීනලා එන අය බඩුමුට්ටු කර තියාගෙන ඒවි. අන්තිමේදී වැසිකිළි යන්නත් ලංකාවට එයි (නි)
සහමුලින්ම විරුද්දයි මේ වෑඩේට අපි (නදී)
ඔය පාලම අපිට අනවශ්‍යයි . ඉන්දියාවේ තියෙන ඔක්කොමේ කුණු මෙහෙ එ්වි. උන් හිඟන පඩියට වැඩ කරාවී. අපේ උන්ට රස්සාවක්වත් නැතිවේවි. (නදී)
මේකට සුභවාදී අදහස් දාපු උන් වගේ මිනිස්සු ජීවත්වන රටක ආගමන විගමන නීති ගැන මොන කථාද, මුහුදින් වටවෙලා ඉදලත් මෙතරම් විදේශිකයන්ගෙන් ප්‍රශ්න. මුදලට අම්මා තාත්තා වුනත් පාවා දෙන මිනිස්සු ඉන්න රටක, එයාර්පෝට් එක හරහා ආපු ප්‍රශ්න වෙනුවට කොහොමද බොලව් ගොඩබිමින් එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ.ඒවා හොදයි මෙන්න යුරෝපේ වගේ නීතිය මුදලට පාවා නොදෙන රටවලට.බොරැවට දියුණු වෙන්න හොදයි කියලා අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නැතිව රටක දියුණුවට අවශ්‍ය බිංදුවේ තියෙන මිනිස් සාරධර්මත් ඉහලනංවාගෙන ඉදිරිය ගැන බැලුවොත් හොදයි (බ)
පාලම අපිට ඕනෑම නැහැ.ඉන්දියාවට ඕනෑවට වැඩිය සල්ලි තියෙනවා නම් අනේ අර දකුණු ඉන්දියාවේ ඉන්න මිනිසුන්ට වැසිකිළි ටිකක් හදලා දෙන්න.ඊටපස්සේ ඒවා පාවිච්චි කරන්න පුරුදු කරන්න.මේ මිනිස්සු ගැහැණු උදේ පාන්දරම නැගිටලා දුම්රිය මාර්ගවල තමයි ඔය වැඩේ කරන්නේ.දැන් ඒක ඒ අයගේ සංස්කෘතියේම කොටසක් බවට පත්වෙමින් යන්නේ. (නි)
ඔය පාලම හැදුවොත් මහ ලොකු ප්‍රශ්න ගොඩකට අපට මුහුණ පාන්න සිදු වෙයි.(හේ)
ඔය පාලම අපිට අනව්‍යශයි . ඉන්දියාවේ තියෙන ඔක්කොමේ කුණු මෙහේ එවි. (හේ)
ඔය පාලම අපිට අනවශයි . ඉන්දියාවේ තියෙන ඔක්කොමේ කුණු මෙහෙ එ්වි. උන් හිඟන පඩියට වැඩ කරවී. අපේ උන්ට රස්සාවක්වත් නැතිවේවී. ඕකුන් අාවම යන්නේ නැහැ. එලවන්නත් බැහැ. නැති ප්‍රශ්න ඇතිවේවි. ඉන්දියන් කාරයෝ ගියපු තැන කාල වනකරලා බින්න බහිනවා. මෙහෙ තියන වටිනා සම්පත් කුණු කොල්ලෙට අරගෙන උන්ගේ රටට ගෙනයාවී . අප්‍රිකාවෙත් උන් කරන්නේ ඕකමයි. ඕකනම් හොද වැඩක් නොවෙයි. දැන්මම කොස්ස අරගෙන අතු නොගැවොත් මල ඇනයක් වේවි නොබෝ දිනකින්ම. ඕකේ වාසි. පාඩු අපිට . ඒකයි ඔය උන්ගේ වියදමින්ම හදන්න යන්නේ. අපිට ආදරේට නොවෙයි. (බ)
ඉන්දික මෝඩ කථා කියන්න එපා.. දියුනුව කියල මෙතැන අදහස් කරල තියෙන්නේ ලෝකය සමග ගනුදෙනු කිරීමේ හැකියාව, තාක්ෂනය, විෂ්වවිද්‍යාල වගේ දේවල් ගැන.. ඉන්දියාවේ බැංගලෝර්, හයිද්‍රාබාද්, මුම්බායි වගේ නගරවලට ගිහිල්ලා තියෙනවාද? ඇමරිකාවේ තියෙන සමාගම් සියල්ලකම ශාඛා එහේ තියෙනවා... දකුනු ආසියාවේ දියුනුම පර්යේෂණ සිද්ධ වෙන්නේ ඉන්දියාවේ... හිඟන්නෝ ඉන්නවා නම් තමා (ඇමරිකාවෙත් හෝම්ලස් පීපල් හෙවත් හිඟන්නො ඉන්නවා) ඒකට ආගමන නීති තදකරන්න ඔනෑ.. නමුත් මේ පාලම හරහා රටට ඉන්දියාවත් සමග ව්‍යාපාර, දැනුම හුවමාරු ක්‍රම ගොඩනංවාගන්න පුලුවන්..(නදී)
මේකට බරපැන ඉන්දියාවෙන් දරනවා නම් අපිට මොකෝ? පාලම් හැදුවට 'චෙක් පොයින්ට්' තියනවනේ. ඊටපස්සේ ඔය කේන්තියෙන් අදහස් දාන අයම කියාවි හොඳ වැඩක් කියලා. ඉන්දියාවේ වන්දනා කරන්න හොඳ නම් ෂොපින් යන්න හොඳ නම් පන්සල් වලට හාමුදුරුවරු යවන්න හොඳ නම් ආයේ මේකට විරුද්ධ වෙන්නේ මොකටද ?? (නි)
මෙය බොහෝම නරක යෝජනාවක්. මොකද මමත් අවුරුදු 6 ක් තිස්සේ ඉන්දියානුවන් එක්ක වැඩ කරන්නේ. ඔවුන් හරිම ආත්මාර්තකාමියි. මේ පාලම ඇරියොත් සියලු ඉන්දියානුවන් ලංකාවට ඇවිත් ප්‍රශ්ණ ඇති කරාවි (නදී)
අද ලෝකය යන ක්‍රමය අනුව මෙම පාලම හැදීම තුළින් රටට ලොකු ආර්ථික වාසියක් ගන්න පුළුවන්. මෙතන ගොඩක් ලියලා තියෙන අය දැක්කම හිතාගන්න පුළුවන් ඒ ගොල්ලන්ගේ දැනුම තියෙන්නේ 1954 යුගයේ වගේ කියලා. රටකින් රටකට පාලම් හැදුවට හිතුමතේට ගමන් කරන්න බැහැ, වීසා ගන්න ඕනෑ. තමන්ගේ කටයුත්ත පෙන්වන්න ඕනෑ. ඒ වගේම මුදල් ගෙවන්න ඕනෑ. මේ හැම දෙයකටම මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියා සුබ පතනවා. (නි)
ද සිල්වා මෝඩ කථා කියන්න එපා.. ඉන්දියාව කියන්නේ චීනය හා ජපානය ඇරුනහම ආසියාවේ බලවත්ම රාජ්‍ය.. ඒවගේ රාජ්‍යක් එක්ක ආර්ථික සබදතා පවත්වා ගන්න මෙවැනි පාලමක් තැනීම ඉතා වැදගත්..ඉන්දියාවෙන් ලංකාවට කොපමන තාක්ෂණික සහාය ගන්න පුලුවන්ද? ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයට වඩා ලෝක දර්ශකවල ඉහලින් ඉන්න විශ්වවිද්‍යාල තමිල්නාඩුවේ තියෙනවා. පාලමක් හැදුවා කියන්නේ ඉන්දියාවේ ඔනෑ කෙනෙකුට එන්න දෙනවා කියන එක නෙමේ.. ආගමන විගමන පාලනයක් තියෙනවා...ත්‍රස්ථවාදීන්ට එන්න නම් පාලම් හදන්න ඕනෙ නෑ.. ත්‍රස්ථවාදී ක්‍රියාවක් කරන්න මුදල් හා බලය තියෙන කෙනාට ලංකාවට එන්න ගුවන් ටිකට් පතක් ගන්න ඕනෑතරම් පුලුවන්..(බ)
ඉන්දියාවට සහා අපේ අයට පාලමක් සැදීමට උවමනා නම් කොළඹ සිට ඉන්දියාව සම්බන්ධ වන පරිදි එය කළ හැක. නමුත් තමිල්නාඩුව සහ යාපනය සම්බන්ධ නොකළ යුතුය. (නි)
මේ පාලම හදන්න එපා.සහමුලින්ම විරෝධතාව පළකරනවා...(ම)
වැඩි සෙනෙහෙ දබරෙටයි. අතේ දුරින් ඉන්න එක හොඳයි (නි)
අපි අළුත් විදියට සිතිය යුතුයි (නි)
මේවගේ දෙයක් වුණොත් විනාශසවෙයි මේක හරියන් නෑ.... (ම)
මේක 21 වන සියවස. පටු සිතුවිලි, අවම දැනුමෙන් රටක් දියුණු කරන්න බැහැ (නි)
රටට ආදරේ කරන නිදහස් නිවහල් රටක ජීවත් වෙන්න කැමති පක්ෂ විපක්ෂ සියලු ජාතීන් මෙයට විරුද්ධ විය යුතුමයි.. මෙය ක්‍රියාත්මක වුවහොත් ලංකාවද ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් වනු ඇත.. 2500 වසරක අපටම අනන්‍ය වූ ඒ මහා ප්‍රෞඩ සංස්කෘතිකමය අනන්‍යතාවය සදාකල් රැකගත යුතුය..(ම)
රටට ආදරේ කරන නිදහස් නිවහල් රටක ජීවත් වෙන්න කැමති පක්ෂ විපක්ෂ සියලු ජාතීන් මෙයට විරුද්ධ විය යුතුමය.. මෙය ක්‍රියාත්මක වුවහොත් ලංකාවද ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් වනු ඇත.. 2500 වසරක අපටම අනන්‍ය වූ ඒ මහා ප්‍රෞඩ සංස්කෘතිකමය අනන්‍යතාවය සදාකල් රැකගත යුතුය..(බ)
බන්දුල, නැව් ටික ඉන්දියාවට ගියාට කමක් නැහැ. ඉන්දියාවේ ඉන්න හොරු , කුඩුජාවාරම්කාරයෝ ,ත්‍රස්තවාදීන් , හිඟන්නෝ මෙහෙට එන්නේ නැතුව (නි)
අපෝ එපා මේ ආණ්ඩුව ඉල්ලන් කන්න හදන්නේ ආයෙත් !. (බ)
රටට ආදරේ කරන නිදහස් නිවහල් රටක ජීවත් වෙන්න කැමති පක්ෂ විපක්ෂ සියලු ජාතීන් මෙයට විරුද්ධ විය යුතුමය.. මෙය ක්‍රියාත්මක වුවහොත් ලංකාවද ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් වනු ඇත.. 2500 වසරක අපටම අනන්‍ය වූ ඒ මහා ප්‍රෞඩ සංස්කෘතිකමය අනන්‍යතාවය සදාකල් රැකගත යුතුය..(නදී)
නුවන් , ආර්ථික සබඳතා සඳහා පාලමක් අවශ්‍යද? ප්‍රශ්නය එය නොවේ. තමිල්නාඩු ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අාසන්න ලෙස සමාන භුමි ප්‍රමාණයකින් යුතු උනත් ලංකාවේ ජනගහනය කෝටි දෙකක් සහ තමිල්නාඩු ජනගහනය කෝටි නවයකටත් වැඩි ප්‍රමාණයකි. ඔවුනට තිබෙන ජනගහන ප්‍රශ්නයට විසදුමක් ලෙස ලංකාවේ උතුර ඔවුනට යා කර ගැනීමට වෙර දරන්නේ දැනට වසර දහස් ගණනක් පෙර සිටමය. පාලමකින් මෙතෙරට එනවුන් එතෙරට යවා ගැනීමට ඔබ කියන තරම් පහසු වන්නේ නැත. තවද ඒ පාලම සඳහා අප ලෝකෙට ණය විය යුතු අතර එය ගෙවන්නට වන්නේත් ඔබ ඇතුළු අප සැමටය. (නදී)
මේ කට්ටිය දන්නේ නැහැනේ ලාංකිකයන් ඉන්දියාවේ විජය කුමාරයාගේ නෑදෑයෝ බව. ඉතින් පරණ නෑයෝ බලන්න පයින් යන්න පුළුවන්. ඉන්දියාව කියන්නේ තමිල් නාඩුව නෙමෙයිනේ. මුළු ලෝකෙටම යන්න පුළුවන් ගොඩින් ඉන්දියාවට ගියහම.(නදී)
මේ පාලම හදන්න එපා. මේක නවත්වන්න ඕනෙම පරිත්‍යාගයක් කරන්න අපිට වෙනවා. (ම)
ලාංකිකයින්ගේ ඉන්දියානු විරෝධය අර 80 ගණන්වල 'දේශප්‍රේමීන්ගේ' මෝඩ කථා අහල ඇතිකර ගත්තක්.. ඉන්දියාව නොතිබෙන්න තවම රාජපක්ෂලා බලයේ... ඉන්දියාව කියන්නේ කලාපීය බලවතෙක්. සිල්වා ඉස්සෙල්ලා තතු හොයලා බලන්න, ලංකාවට කුඩු එන්නේ පකිස්ථානයේ ඉදන්.. (ලෝකයේ කුඩු ලාහම පකිස්තානයේ ) (බ)
ලංකාවට මේ පාලම හැදුවොත් වෙන්නේ විශාල පාඩුවක්. අපිට විතරක් නෙමෙයි අපේ අනාගතයටම. (නි)
මේ පාලම හැදීමෙන් ලංකාවට විශාල පාඩුවක් සිදුවේවි. ලංකාවේ සංස්කෘතික පරිහානියක් සහ විශාල විරැකියා තත්වයක් ඇතිවේවි.මොකද ඉන්දියානු බත්පත බලාගෙන වැඩකරන මිනිස්සු ඉන්න රටක් මේක (නි)
නොබෙදි දේශපලන පාලම සියල්ලට වඩා සවිමත් නෑත (අ)
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පලමක් අවශ්‍ය වේ.ඒ විට අපට වාහන වලින්ම ලංකාවේ සිට ඉන්දියාවේ සංචාරයක යන්න පුළුවන් .ගුවන් ගමන් වලට යන වියදම අඩු නිසා සංචාරයක කටයුතු වැඩි කර ගත හැකිය .අපේ ගම්වල වැඩිහිටියන්ට දඹදිව අඩු මුදලකට යන්න පුළුවන්.(ම)
සහතික ඇත්ත පුෂ්පා ඕනෙම නැහැ ඕගොල්ලෝ (නදී)
නොබැඳි දේශපාලන පාලම සියල්ලටම වැඩිය සවිමත් නේද ? (නදී)
තිස්ස , සුරාජ් අන්න අද තමිල්නාඩුවේ ඉඳන් කෝටි ගණනක මත් පෙති සහ ගබ්සා පෙති ලංකවට ගෙනෙද්දී රේගුවෙන් අල්ලලා , පාලම් හැදුවොත් මේවා වාහනවල හංගල ගෝනි ගණනින් මෙහෙට ගෙන එන්න පුළුවන් (බ)
අපොයි ඔව්. ඉන්දියාවේ දියුණුව තේරෙනවා එහෙ ගිය අයට. පිරිසිදුකම සහ හැදියාව බිංදුවයි. අපේ රට සුරපුරක්. (නි)
පාලම හැදුවොත් ,ඕනෑවුණොත් ගුවනින් නැතුව පරිප්පු එවන්න පුළුවන්නේ ලෙහෙසියෙන්ම. (නි)
තිස්ස, විජය කුමාරයා ආවේ අවරුදු 2500 කට කලින්. ඊටපසු ලෝකය බොහෝදුරට වෙනස් වී ඇත. ඉන්දියාව කියන්නේ තමිල්නාඩුව නොවේ වුණාට ඔය පාලම හරහා මුලින්ම යාවෙන්නේ තමිල්නාඩුව. ඔය තමිල්නාඩුවේ ඉන්න දේශපාලකයෝ බොහෝ දෙනෙකු ලකුණු දමාගන්නේ ලංකාවට බැනලා,අපිට විරුධව ජනතාව කුලප්පු කරලා.අපිට මුලු ලෝකෙටම පාගමනින් යන්න අවශ්‍ය නැහැ. අපිට ඕනෑ අපේ පාඩුවේ නිවීහැනහිල්ලේ අපේ රටේ ජීවත්වීමටය. කැමති කෙනෙකුට පුළුවන් ගුවන් යානයක නැගිලා ඉන්දියාවට සංචාරය කරන්න. එහෙම නැත්නම් බෝට්ටු සේවයක් මඟින් ඉන්දියාවට යන්න (නි)
එපා ,එපා ,එපා ,එපා. පාලම් එපා... පුළුවන් නම් තව ටීකක් හෝ ඈත්වෙමු (නි)
හපොයි ඔව්, ඉන්දියාවේ දියුණුව තේරෙනවා එහෙ ගියපු අයට. පාරක යන්න බැහැ ජරාව. හැමතැනම මුත්‍රා කරලා ගන්දස්කාරේ බැහැ. මහම මහා ජරා රටක්. පිරිසිදුකම සහ හැදියාව බින්දුවයි. අපේ රට සුර පුරක්. එ්කයි උන් අාවම යන්නේ නැත්තේ. (නදී)
කට්ටිය දන්නේ නැහැනේ ලාංකිකයන් ඉන්දියාවේ විජය කුමාරයාගේ නෑදෑයෝ බව. ඉතින් පරණ නෑයෝ බලන්න පයින් යන්න පුළුවන්. ඉන්දියාව කියන්නේ තමිල්නාඩුව නෙමෙයිනේ.මුළු ලෝකෙටම යන්න පුළුවන් ගොඩින් ඉන්දියාවට ගියාම. (නි)
මෙම මෝඩ ක්‍රියාව සිදු කිරීමෙන් සිදුවනුයේ අප ඉන්දියාවේ තවත් එක් කොලනියක් බවට පත්වීම සහ අප රටේ ස්වාධීනත්වය නැතිව යාම පමණි. එබැවින් පක්ෂ පාට නොබලා සියලු දෙනා මෙයට එක හඩින් විරෝධය පල කරමු (නදී)
මට හිතෙන්නේ ඔය පාලම හැදුවම, හම්බන්තොට වරායට හොද වේවි. නැව් වැඩි වේවි.(ම)
මේ අපේ ලංකාව අපිට ඉන්දියානුවන් ගෙන්න ගන්න ඕනේ නෑ(ම)
කොහොමද ලාංකිකයන්ගේ ඉන්දීය විරෝදය .......ඉන්දියානුවන් ලජ්ජා වෙන්න ඕනේ (ම)
මම සහමුලින්ම විරෝධතාව පළකරනවා... (නි)
හරි පාලම හැදුවා නම් අමිල චතුරංග ඔයා හිතන්න යාළුවා අඩු මිල ශ්‍රමිකයන් ලංකාවට බහුතරයක් පැමිණීමෙන් අපේ ලංකාවේ සේවා නියුක්තිය අඩු වෙනවා නේද?දේශීය අාදායම ඉන්දියාවට යනවා නේද?ඒ වගේම විරකියාවක් ඇති වෙනවා නේද? අපේ සංකෘතියට පහරක් වදිනවා නේද?ඒ වගේම රට දෙකඩ කිරීම පහසුය (නදී)
තවත් රටකට පාලම් ගසා අපිට දියුණුවෙන්න බැහැ (නි)
අපෝ උදේට වැසිකිලි යන්න මෙහෙට එයි. එහෙ වැසිකිලි අඩුයි. මෝදිගේ එක පොරොන්දුවක් නේ යටිතල පහසුකම් වැඩිකරන එක. එ්ක තමා මේ කරන්නේ.
හෙහි අනිටු විපාක අනාගත පරම්පරාව විඳින්න සිදුවේවි (නි)
මම සහමුලින්ම විරෝධතාව පළ කරනවා...(බ)
හපොයි ඔව්. ඉන්දියාවේ දියුණුව තේරෙනවා එහෙ ගියපු අයට. පාරක යන්න බැහැ ජරාව. හැමතැනම මුත්‍රා කරලා ගන්දස්කාරේ බැහැ. මහම මහා ජරා රටක්. පිරිසිදුකම සහ හැදියාව බින්දුවයි. අපේ රට සුර පුරක්. එ්කයි උන් අාවම යන්නේ නැත්තේ. (නදී)
මෙය අනවශ්‍ය දෙයක් . අපේ රටේ ස්වාධිනත්වයට විශාලම පහරක්. (ම)
අපෝ උදේට වැසිකිලි යන්න මෙහෙට එයි. (නදී)
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් අවශ්‍ය වේ. එවිට අපට වාහන වලින්ම ලංකාවේ සිට ඉන්දියාවේ සංචාරයක යන්න පුළුවන්. ගුවන් ගමන් වලට යන වියදම අඩු නිසා සංචාරක කටයුතු වැඩි කර ගත හැක. අපේ ගම්වල වැඩිහිටියන්ට දඹදිව අඩු මුදලකට යන්න පුළුවන්. (නදී)
මේ කට්ටිය දන්නේ නැහැනේ ලාංකිකයන් ඉන්දියාවේ විජය කුමාරයාගේ නෑ දෑයෝ බව . ඉතින් පරණ නයෝ බලන්න පයින් යන්න පුළුවන්. ඉන්දියාව කියන්නේ තමිල්නාඩුව නොවෙයිනේ.මුළු ලෝකෙටම යන්න පුළුවං ගොඩින් ඉන්දියාවට ගියාහම.(අ)
ඉන්දියාව අපිට එපා අපේ මිතුර චීනය (ම)
කරුණාකර මේ පාලම නම් හදන්න එපා , පාඩුව අපිටම තමා , ඉන්දියාවේ ඉන්න හිඟන්නෝ , ත්‍රස්තවාදියෝ බුරුතු පිටින් ලංකාවට ඒවි , (ම)
රටට වැඩකට නැති පාලමක් වෙනුවෙන් නැවතත් කෝටි ගණන් යට කරයි. අපට ඒ ණය ගෙවන්න බැහැ.(ම)
අපෝ වැසිකිලි යන්න මෙහෙට එයි එහෙ වැසිකිලි අඩුයි. මෝඩිගේ එක පොරොන්දුවක් නේ යටිතල පහසුකම් වැඩිකරන එක. එ්ක තමා මේ කරන්නේ.(නදී)
පාලම හදන එක හොඳයි. රටවල් දෙක අතරේ යෝජිත නැව් මාර්ගය දැම්මොත් ඔක්කොම නැව් ටික ඉන්දියාවට යනවා. (නි)
අපි මේ ඉන්න විධිය හොඳටම හොඳයි. ඉන්දියාවේ ආණ්ඩුවට වැඩි පුර සල්ලි තිබෙනවා නම් අර ඉන්දියාවේ මන්ද පෝෂණයෙන් පෙලෙන මිලියන කිහිපයක් වන දරුවන්ට කෑම ටිකක් දෙන්න (නදී)
හරි පාලම හැදුවා. අමිල චතුරංග,ඔයා හිතන්න යාළුවා අඩු මිලට ශ්‍රමිකයන් ලංකාවට බහුතරයක් පැමිණීමෙන් අපේ ලංකාවේ සේවා නියුක්තිය අඩු වෙනවා නේද? දේශීය අදායම ඉන්දියාවට යනවා නේද? ඒ වගේම විරැකියාවක් ඇතිවෙනවා නේද?අපේ සංස්කෘතියට පහරක් වදිනවා නේද?ඒ වගේම රට දෙකඩ කිරීමත් පහසුයි (නි)
හරි පාලම හැදුවම අඩු මිල ශ්‍රමිකයන් ලංකාවට පැමිණීමෙන් අපේ ලංකාවේ සේවා නියුක්තිය අඩු වෙනවා නේද?දේශීය අදායම ඉන්දියාවට යනවා නේද? ඒ වගේම විරැකියාවක් ඇති වෙනවා නේද? අපේ සංස්කෘතියට පහරක් වදිනවා නේද? ඒ වගේම රට දෙකඩ කිරීම පහසුයි (නදී)
හන මිටි අදහස් දාන්නා එපා මෙතැන. රටක් දියුණු වීමේ ලක්ෂණ. ත්‍රස්තවාදීන් කොහේ ඉදන් හරි එන්න පුළුවන්. එ්කට අවශ්‍ය හොඳ බුද්ධි අංශයක් (බ)
සිවිල් සංවිධාන මෙයට විරුධව පෙළ ගැසිය යුතුයි , මේ පාලම හැදුවොත් අනාගතයේදී අපේ රටට ආර්ථික , සමාජමය සහ ආරක්ෂක යන අංශවලින් විශාල ගැටළු වලට මුණ පාන්න සිද්ධ වේවි , රටවල් දෙක අතර භාණ්ඩ සහ ප්‍රවාහනයට නැව් සේවයක් තිබුණම හොඳටම ඇති (ම)
සුරාජ් ඔය කොටි මුලින්ම පුහුණු කලේ ඉන්දියාවේ. 80 ගණන් වල අහසින් පරිප්පු දමා අපිට තර්ජනය කර කොටි සමග සාම ගිවිසුම් ගැස්සෙව්වේ ඉන්දියාව. ඔය ඉන්දියාව තව කිලෝමීටර 50 විතර ඈතින් පිහිටලා තිබුන නම් අපට අතීතයේ තිබුන කරදර තව අඩු වෙන්න පුළුවන්. මම කියන්නේ ඉන්දීයාව තරහ කරගන්න හොඳ නැහැ, නමුත් පාලම හදාගෙන තව කිට්ටු කරගන්න අවශ්‍ය නැහැ (නදී) .
එයාලාගේ දේපලක් වගේනේ හරියට මුදල් වියදම්කරලා හදන්න හදන්නේන. කව්ද මේවට බලතල පවරන්නේ. (නදී)