ඇපල් අයි ෆෝන් එස් පහ ජංගම දුරකතන ලබන ජුනි 20 වැනිදා වෙළෙඳ පොළට නිකුත් කිරීමට යයි.
‘රෙටිනා ඩිස්ප්ලේ‘ ,දීර්ඝ බැටරි ආයු කාලය, වේගවත් රැහැන් රහිත සම්බන්ධතාව, මෙගා පිස්කල් අට කැමරාව සහ අතිශය දියුණු අයි ඕ එස් හය මෙහෙයුම් පද්ධතිය මෙම දුරකතනයේ විශේෂතා වේ.
නිෂ්පාදකවරුන්ගේ ප්‍රධාන ඉලක්කය වනුයේ චීන සහ ඉන්දියා වෙළඳපොළයි.
ජුනි 20 සර්ව භෞමික සංවර්ධකයන්ගේ සමුළුවේදී නව එස් පහ ජංගම දුරකතන එළි දැක්වීමට නියමිතය.
කවදා මීළඟ ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන එළිදැක්වුවත් එම නිපැයුම අති සාර්ථක සහ භාවිතයට සුදුසු උපාංගයක් වනු ඇතැයි විද්වත්හු ප්‍රකාශ කරති.
ඇපල් ජංගම දුරකතන ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැති වුවත් ඉන්දියාව චීනය වැනි රටවල මෙම ඇපල් අයි ෆෝන් ජංගම දුරකතන බහුලව දක්නට ලැබේ.
එස් පහ ජංගම දුරකතනයේ මිල ඇමෙරිකා ඩොලර් 799 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 102,272 කි.
සාමාන්‍ය ඇසකට නොපෙනෙන දේ මෙයින් පෙන්නුම් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්
අම්මෝ අපිට හොද කාලයක් උදා වෙන්නෛ හදන්නේ. මේක මැති ඇමති ගොල්ලන්ට හුගාක් වටිනවා. ජනතාවගේ දරිද්‍රතාවය, බඩුමිල වැඩිවීම වාගේ නොදකින දේවල් මේකෙන් දකින්න පුලුවන්.(නදී)
"වේගවත් රැහැන් රහිත සම්බන්ධතාව" ද? "රැහැන් රහිත වේගවත් සම්බන්ධතාව" ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අපේ මිනිස්සුන්ට අවශ්‍ය මොනවද, අවශ්‍ය නැත්තේ මොනවද කියලා හරියටම පෙන්නන්න පුළුවන් ෆෝන් එකක් නම් වඩා හොදයි. (නි)
පාල, ලෝකයේ ගොඩක් නිෂ්පාදන යුරෝපෙට අයිති නැහැ. (නි)
මෙගා පිස්කල් මහත්තය කොයි උසාවියේද වැඩ කරන්නේ?(නදී)
මේක මැති ඇමතිගොල්ලන්ට හුගාක් වටිනවා. ජනතාවගේ දරිද්‍රතාවය, බඩුමිල වැඩිවීම වාගේ නොදකින දේවල් මේකෙන් දකින්න පුලුවන්. (නි)
සල්ලි කාරයින්ට උරුමදේ ඕවා. (නදී)
තරිඳු ප්‍රනාන්දු , ඒ ඔයා අරගත්තේ ගත්තේ අයි 5 එක. දැන් මේ ඉසරහට එන්නේ අයි 5 එස් එක (නි)
තිලක්, ඔයා සල්ලි හම්බ කරලා ගොඩගහලා තිබුණට වැඩක් වෙනවද? (නි)
තිලක්, ඔබ හරියට හරි. මේ ඔක්කොම මායාවන්. (නි)
අපෝ! මට නම් මේකෙන් වැඩක් නැහැ. (නි)
තිලක් සල්ලි තියෙනවනම් ආස නම් ගත්තට කමක් නෑ මොකද ජීවිතේ කියන්නේ පුංචි කාලයක්නෙ (ස)
මේවට වඩා මිලෙන් අඩු ජංගම දුරකථන වෙලද පොලේ තිබෙනවා. යුරෝපයේ ගොඩක් දෙනෙක් මේ නිෂ්පාදන මිලදී ගැනීම අඩු කරලා. (නි)
මේ තරම් මෝඩයෝ ලංකාවේ ඉන්නවද? (නි)
මොනවා උනත් නියම ෆෝන් එක. කැමරා එකත් මෙගා පික්සල් 10-15 වත් වුනා නම් .....(ස)
මේක ගොඩක් පැරණි. (ස)
ඒක තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වෙනවා. මට ඇපල් ෆෝන්5 ,ලැප්ටොප් සහ අයි පෑඩ් තියෙනවා. ඒක මට ගොඩක් වැදගත් සහ ප්‍රයෝජනවත්. තමන් තාක්ෂණය අනුව ඉදිරියට යනවා නම් සල්ලි තියෙනවා නම් හැමෝටම හොදයි. (නි)
රුපියල් 100000/= තියනවනම් ලිසින් එකක් දාල ත්‍රීවීල් එකක් ගන්නවා.(නදී)
මම මාසික වැටුප ලක්ෂ 4.5 ගන්න කෙනෙක්. ලංකාවෙත් ලක්ෂයකට වැඩි ආදායමක් තියෙනවා. එත් මම පාවිච්චි කරන්නේ අවුරුදු 8ක් පැරණි නොකියා එකක්. මේක වැඩ කරන තුරු මම වෙන එකක් ගන්නේ නැහැ. දකින දකින දේ ගන්න එපා. තමන්ට අවශ්‍ය දේ ගන්න. වාණිජ ලෝකය තුල මංමුලා නොවන්න. ජීවිතයේ පසුතැවෙන්න වේවි. (නි)
ඔව් ගාමිණී..(ස)
අප්පේ ෆෝන් තියා ඇපල් ගෙඩියක් දැක්ක කාලයක් මතක නෑ (ස)
මමත් පාවිච්චි කරනවා. ඒක පුදුමාකාරයි. (නි)
මේකෙන් දිව්‍ය ලෝකෙත් පේනවද ? (ස)
මුතුකුඩ කියන දේ හරි. එත් මැති ඇමතිගොල්ලන්ට මොලයක් නැනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක තේරුම්ගන්න. (නදී)
මම ගන්නෙත් ඒ 100 වැඩි පෝන් එකක්. අවුරුදු 5කට වැඩිය පාවිච්චි කරන්න.(නදී)
ලංකාවට අලුත් උනාට අයි. 5 ඇවිත් ගොඩක් කල්.(නදී)
යාලුවනේ මේක ඊළඟ එක ඉෆොනේ 5ස්.(නදී)
නොපෙනෙන දේවල් පෙන්න ගියොත් මේක පාවිචි දී ප්‍රශ්න ඇති වේවි. (ස)
ඉස්සර බෙහෙත්, වාහන,ඇදුම්,ඇතැම් කෑම, වගේ දේවල් අපටත් අවේ යුරෝපෙන්..දැන් සෙරෙප්පු කුට්ටමේ ඉදන් ශල්‍යකර්මෙට ගන්න අක්ෂි කාච පවා ඉන්දියාවෙන්. අපේ ආර්ථිකේ නගිනවා හිටු කියල.
බලලා මැටියෙන් උනත් කමක්නෑ මීයෝ අල්ලනවා නේද..... (ස)
නූගත් සල්ලිකාරයන්ට තවත් ආභරණයක් (ස)
ඒක හරි පුදුම දෙයක්. ලංකාවේ ඉන්දැද්දී කවුරුත් පාවිච්චි කරන්නේ නොකියා. නමුත් ලංකාවෙන් පිට නොකියා හරිම අඩුයි. ඇපල් තම හැම තැනම. (නි)
නියමයි අශේන්. ඔය වගේ හොඳ නිව්ස් දාන්න. බටගම විස්තර ටිකකුත් දාන්න. (නදී)
ඇපල් සමාගමේ ලොක්ක ලදී මරුනා . එයාගේ නම ස්ටීව් ජොබ්ස්. එය තමා ලෝකේ ධනවත්ම බෞද්දයා. මේ එයාගේ මොලේ. ලෝකේ හොදම සහ මිල අදිකම දුරකථනය.(නදී)
ලෝකේ ගොඩක් නිෂ්පාදන වල නම යුරෝපෙට අයිති වුණත් නිෂ්පාදනේ චීනයේ. ඒත් ඇපල් නිෂ්පාදන එකලස් කිරීම පමණයි චීනේදී කරන්නේ. (නි)
මේ දුරකතනේ ලංකාවේ ජනප්‍රිය නැත්තේ අපිට සල්ලි නැති නිසා. (නි)
නිපැයුම හොදයි. ගණන නම් සැරයි! බිම වැටුනොත් කුඩේ- කුඩු. එතකොට කියයි "දුරට ඇපල් ළඟට පැපොල්" කියලා. (නි)
විනිවිද පෙනෙන්නේ නැද්ද දන්නේ නැහැ. (නි)
මේ සමගම ඉන්දියාවයි චීනෙයි ඉලක්ක කරනවා කියන්නේ ඒ රටවල මිලදී ගැනීමේ හැකියාව ඇති සමාජයක් බිහි වෙලයි කියන එකනේ. (නි)
ඇපල් පරිගණක ඉස්සර ලංකාවේ තිබුන. දැන් නහැ. හේතුව අපි එන්න එන්නම දුප්පත් වෙලා. ලෝකේ හොද නිෂ්පාදනයක් මිලදී ගැනීමේ හැකියාව අඩු වේගන යනවා. බාල, ලාබ බඩු වලට තමා තැන.(නදී)
සූකිරි, ඇපල් සමාගමේ ලොක්ක බෞද්දයෙක්. එයා මොළ කාරයා. අපිත් බෞද්දයෝ. ඒ නිසා අපිත් මොලකාරයෝ කියල නේද කියන්න හදන්නේ? එහෙම කියන්න හදන නිසා මටනම් පෙනෙන්නේ සූකිරි බෞද්ධයෙක් නොවෙයි කියලා.(නදී)
මේ දුරකථනය ඇවිත් දැන් ගොඩක් කල් වෙනවා.(නදී)
මම දුප්පත් කොල්ලෙක් මට සල්ලි නැහැ මට සල්ලි දෙන්න.(නදී)
සුදත් , අලුත් දුරකතනය තාම නිකුත් කරලා නැති නීසා මෙතන දමා තිබෙන්නේ දැනට තියන 5 ෆොනේ එකේ පින්තුරයක්.(නදී)
අනේ අපි ෆෝන් එකක් තියන් ඉන්නෙ කෝල් කරන්නෙ මිසක් නොපෙනෙන දේවල් බලන්නයෑ.වඩක් බලන් යනව මනුස්සයො යන්න. (අ)
මේ විකිරණ අපේ ශරීරයට හොදද (දී)
තිලක්, ඔබ හරියට හරි. මේ ඔක්කොම මායාවන්. (නි)
ගුප්ත බලපෑම් වලට විසදුමක් ද
මංගත්ත මිට මාස තුනකට කලින් රොමේ වලින්, එඉට පස්සේ මගේ පෙම්වතියට අරන් දුන්න තවත් එකක්, ඒ ලංකාවෙන්, 130000 කට කොල්ලුපිටියේ ෆොනේ කඩේකින්, ඔරිගීනල්, එතකොට 20 වෙනිදට ලංකාවට හදුන්ව දෙනවි කියන කතාවේ තේරුම මොකක්ද, මගේ යාලුවෝ කීප දෙනෙකුත් ගත්ත ලංකාවෙන්ම, අනේ මන්ද.... (අ)
ඇහෙට නොපෙනන එකක් තියා.පෙඑන එකක් ගන්නවත් සල්ලිනැහැ. (ස)
නොපෙනෙන දේවල් පේන්න ගත්තොත් ඉන්දියාවටයි චීනේටයි වඩා ලංකාවේ මේකට හොද වෙළදපොලක් තියෙයි.(නදී)
කෝල් ගන්න පුලුවන්ද දන්නෙ නැහැ (නි)