- ලංකාවේ සහ මාලදිවයිනේ ක්‍රියාත්මක සමාගමක් සම්පූර්ණයෙන් මිලදී ගනී
- සමාගමේ වටිනාකමට රුපියල් මිලියන 260ක කොටස් ලබා දෙයි
මෙරට තුළ ගිනි නිවීම් උපකරණ නිෂ්පාදනයේ නිරත ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගම සිය ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරීමට සූදානමින් සිටින බව පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ක්‍රියාත්මක අයිකන් ඉන්ජිනියරින්ග් එන්ටර්ප්‍රයිසස් (පෞද්) සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගනිමින් මෙම පියවර ගන්නා බව එම සමාගම සඳහන් කරයි.
උණුසුම්කරණය, සංවාතනය සහ වායුසමීකරණය යන විසඳුම් ලබාදෙන සමාගමක් වන මෙම අයිකන් ඉන්ජිනියරින්ග් සමාගම මාලදිවයිනේද සිදු කරන මෙහෙයුම් හරහා ඉදිරියේදී ඩොලර් ආදායම් හිමිවනු ඇතැයිද ඒ හරහා විදේශ මුදල් ගලා ඒම් සිදුවනු ඇතැයිද ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී පවසයි.
එසේම මෙම අත්පත් කරගැනීමත් සමගින් සමාගම් දෙකෙහිම ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 1ක් ඉක්මවනු ඇති බවත්, සමස්ත ලාබයද සියයට 30කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කරන බවත් සමාගම පවසයි. අද වනවිට අයිකන් ඉංජිනියරින්ග් සමාගමේ ප්‍රධාන කොටස්කරුවන් තිදෙනකු සතුව කොටස් 10,000ක් පවතින අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 260ක් ලෙස KPMG ආයතනය ගණන් බලා තිබේ.
ඒ අනුව එම වටිනාකමට සරිලන ලෙස එම කොටස් හිමිකරුවන්ට ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගමේ කොටස් 9,122,807 ක් නිකුත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එහිදී කොටසක් රුපියල් 28.50කට මිල කෙරී තිබේ. මෙම ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගමේ වැඩිම තනි කොටස් හිමිකාරීත්වය වන සියයට 26.82ක් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් ආර්ක්ඒෂියා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට හිමිය.
එසේම තවත් සියයට 25.01 ක් ATX පාර්ට්නර්ස් පෞද්ගලික සමාගමට හිමිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd