යුරෝපා හා ආසියානු කොටස් වෙළෙදපොළ දර්ශක ඉකුත් පැය හතළිස් අට තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. කොළඹ කොටස් වෙළෙදපොළ ද ඉකුත් දින කිහිපය තුළ සිදු වූ බරපතළ කඩාවැටීම ඊයේ (10) වන විට ආවරණය කරගෙන තිබේ. ප්‍රති බදු වශයෙන් පනවන ලද බදු ප්‍රතිශත දින අනූවක කාලයක් සඳහා අත්හිටුවන ඇමරිකානු තීන්දුව එයට බලපා තිබේ.
ඇමරිකානු බදු ප්‍රතිපත්තිය හා එයට විරුද්ධව චීනය පනවන ලද බදු ලෝකයේ සෑම කලාපයකම කොටස් හා මුල්‍ය වෙළෙදපොළ සඳහා පසුගිය දිනවල තියුණු බලපෑමක් එල්ල කළේය. මෙම බදු හේතු කොටගෙන අවසානයේ දී පාරිභෝගිකයන්ට සිදුවන ආවාසි ගැන විද්වත් අංශ තියුණු විවේචනයක නිරත විය. රටවල් ගණනාවක් ඇමරිකානු ජනාධිපතිවරයා ගේ තීරණය විවේචනය කර තිබේ. ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම සලකා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන මෙරට ආණ්ඩුව එයට පෙර කැබිනට් හා විද්වත් නියෝජිතයන්ගේ කණ්ඩායමක් පත්කර ඇමරිකාව කරන ලද සංශෝධිත බදු වලට මුහුණ දෙන ආකාරය සොයාබලන්නට තීරණය කර තිබිණි.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,565.66 ක් වු අතර එය දර්ශක 693.11 ක වර්ධනයකි. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,638.38 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 285.69 ක ඉහළ යෑමක් සේ දැක්විය හැකිය. දිනයේ පිරිවැටුම රු. බිලියන 6.97 ක් තෙක් ඉහළ ගියේය. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 23,287 ක් වූ අතර කොටස් මිල ඉහළ ගිය සමාගම් ගණන 222 කි. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 32 වේ. වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,328.3 ක් වී ඇත.
සම්පත් රු. මිලියන 708 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 625, හැටන් නැෂනල් රු. මිලියන 618 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 345 ක්, රීල් රු. මිලියන 164 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 161 ක්, ටීජේ ලංකා රු. මිලියන 150 ක්, හේලීස් පැබ්රික් රු. මිලියන 143 ක්, ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 137 ක් සහ ඇක්සස් ඉන්ටර් නැෂනල් රු. මිලියන 125 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
553
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමරිකානු බදු තාවකාලිකව නතර කිරීම වෙළඳ පොළ වර්ධනය ඇති කරයි