ආසියා සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකාවෝගේ තෙදින ශ්‍රී ලංකා සංචාරය අද (17) දිනයෙන් ආරම්භ වනු ඇත.
සංචාරය අතරතුරදී රජයේ මුූල්‍ය කටයුතු හා සම්බන්ධ නිලධාරීන් හමුවීමටත්,ආසියා සංවර්ධන බැංකුවේ ආධාර මත කි්‍රයාත්මක වන ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය සොයාබැලීමටත් ඔහු සැලසුම් කර ඇතැයි සදහන් වේ.
ආසියා සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකාව 1966 වසරේදී ඒ හා සම්බන්ධ වී තිඛෙන අතර එදා සිට පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ගතවී ඇති කාලයේ බැංකුවෙන් ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබූ මුළු ණය ප්‍රමාණයේ එකතුව ඩොලර් කෝටි 617කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සංවර්ධන බැංකුව මෑත කාලයේ ලංකාවට ලබා දුන් ණය වල පොලී අනුපාතය ඉතා වැඩි එකක් බවත් අමතක නොකළ යුතුයි. (නදී)
එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ග්‍රාමීය පරිසරයට විදුලිය ,ගම්වල මංමාවත්,කොන්ක්‍රීට් පාරවල් බොහොමයක්ම ඉදිකෙරුණා.සමහර අයගේ දුර්වලකමින් මෙම මුදල් සංවර්ධනයට නොගැනීමෙන් ආපසු බැංකුවටම දෙන්න සිද්ධ වුණා. (නි)