ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්ය රැසක් පසුගිය10 වැනි දින සිට ඩිජිටල්කරණයට ලක්කෙරුණි. ඒ අනුව කඩදාසි රහිත කාර්යක්ෂම මානව සහභාගීත්වයක් සහිත නව සේවාවක් ලබාදිම මෙම වැඩපිළිවෙළේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
නව වැඩපිළිවෙළ යටතේ මෙතෙක් සාමාන්‍ය ආකරයට කරන ලද ආනයන අපනයන ලියකියවිලි ඉදිරිපත් කිරීම හා ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය වීම, සත්‍යෙක්ෂණ ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය,QR කේතය ඇතුළත් ඩිජිටල්කරණය කරන ලද ගේට් පාස් සහිත අපනයන සත්‍යාපන කළමනාකරණ පද්ධතියක් දියත් කිරීම නව වැඩ සටහනට අනුව සිදු කරයි.
මේ තුළින් විද්‍යුත් ගෙවීම් පහසුකම් පැය 24 පුරා සම්පූර්ණ සේවාව, විනිවිදභාවය, මානව සම්පත් අඩු කිරීම සහ පිරිවැය ඉතිරි කිරීම සිදු වනු ඇත. නව වැඩපිළිවෙළ හදුන්වාදීමත් සමග ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ සානු බලයක් හිමි වේ.
මෙම ආයතනයේ සේවා අපේක්ෂාවෙන් ආනයන අපනයන කටයුතු සිදු කරන සමාගම්වල නියෝජිතයන් විශාල පිරිසක් දිනපතා පැමිණෙන අතර, මෙතෙක් ඒ සදහා පැවතියේ පෝරම පුරවන, බලපත්‍ර නිකුත් කරන යල් පැනගිය ක්‍රමවේදයකි. නව ක්‍රමය යටතේ මෙම සියලු ක්‍රමවේද නව්‍යකරණය වෙමින් ඩිජිටල් හදුනා ගැනීමක් සමග ඩිජිටල් පද්ධතියෙන් අදාළ අනුමැතිය ලබාදිම ඇතුළු සියලු කාර්ය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩ සටහනේ ආරම්භක පියවර ලෙස ඩිජිටල් ගේට්ටු අවසරපත් නිකුත් කිරීම ආරම්භ විය.
ආරම්භක අවස්ථාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආයෝජන මණ්ඩලයේ වැඩ ඩිජිටල්කරණය වෙයි