ජයන්ත සමරකෝන්
ආනයනික රෙදිපිළි සඳහා හදිසියේ පැනවු සියයට 15 ක වැට් බද්ද හේතුවෙන් රෙදිපිළි කන්ටේනර් 200 කට අයත් සංඛ්‍යාවක් වරායේ සිරවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම කන්ටේනර් මුදා ගැනීම සඳහා අමතර රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් ගෙවීමට සිදුවීම මීට හේතුව ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.
ඒ සමඟම මහරගම පමුණුව ඇතුළුව රෙදිපිළි කර්මාන්තයේ සිටින දස ලක්ෂයක් රැකියාව කරගැනීමට නොහැකිව පාරට වැටීමේ අවදානමක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාග්‍රාම බෞද්ධ මධ්‍යස්ථානයේ අද (9) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික කළමනාකරණ ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕකේ තියෙන වැරැද්ද මොකද්ද ? දේශීය රෙදිපිළි නිෂ්පාදකයා ආරක්ෂා කරගැනීමට රජය පැනවූ බද්ද ගැනත් මේ අය රජයට දොස් පවරනවා. බදු අඩු කරත් වැරදියි....වැඩි කරත් වැරදියි !
මෙයා හැම එකටම මොනවා හරි කියනවනේ. ඇයි 2500 කින් මාසයක් කන්න පුළුවන් කිව්වෙත් මෙයාම නේද?