
ශ‍්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය සමරමින් කොළඹ 02, Janashakthi Life හිදි එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි.
එමෙන්ම සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව ක්‍රියාත්මක කරන ‘නිදහසේ උපත’ වැඩසටහන මෙවරද ක්‍රියාවට නැංවිණි. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 14 වැනි දින දක්වා මෙරට උපත ලබන සෑම බිලිඳකු වෙනුවෙන්ම රු 2000/= ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා තිබුණි. මහජන බැංකුවේ ඉසුරු උදාන ගිණුම 1998 වසරේදි හඳුන්වාදුන් අතර, දේශිය අභිමානය ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙන්ම සැබෑ නිදහසක් දරුවන් හට උරුම කරදීම සඳහා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් මවුපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින් මහජන බැංකුව ‘නිදහසේ උපත’ වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. ළඟම පිහිටි මහජන බැංකුවට දරුවාගේ උපත තහවුරු කරන ලියකියවිලි සහ මෙම තිළිණ පත ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය.
මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් පෙබරවාරි 04 දින උදෑසන මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා විසින් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී හා බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී සංකේතාත්මකව ඉසුරු උදාන තෑගි තිළිණපත් හා ත්‍යාගයන් පිරිනමන ලදී. මෙම අවස්ථාවන්ට එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය, මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කොළඹ උතුර හා දකුණ ප්‍රාදේශිකයන්හි බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වුහ.
මීට අමතරව නිදහසේ උපත වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව කටයුතු යොදා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd