- Arcasia සහ ATX එක්ව සියයට 50.16 ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට යයි
මෙරට තුළ විශේෂිත බිටුමන් නිෂ්පාදන සිදු කරන සහ නිෂ්චල දේපළ අංශයේ ආයෝජන සිදු කර ඇති ලැයිස්තුගත සමාගමක් වන Industrial Asphalts (Ceylon) PLCහි කොටස් බිලියන 1.8 (1,800,693,010) ක් මිලදී ගැනීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතාට අයත් Arcasia Investment & Trading (Pvt) Ltd සැලසුම් කර තිබේ.
මෙය අදාළ සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 48.03කි. එහි වැඩිම තනිකොටස් හිමිකම සහිත, විධායක අධ්‍යක්ෂ රමනන් ගෝවින්දසාමි විසින් මෙම කොටස් අලෙවිය සිදු කර ඇත.
මේ අතර Arcasia හා එක් වූ ආයෝජකයන් සමූහයකින් සැදුම්ලත් ATX සමාගමද Industrial Asphalts (Ceylon) PLC හි තවත් කොටස් 80,000,000ක් මිලදී ගෙන තිබේ. එය සමස්ත කොටස් අතරින් සියයට 2.13 ක ප්‍රතිශතයකි. ඒවා එහි දෙවැනියට විශාලතම කොටස් හිමියා වන ශ්‍රීකුමාර් බාලසුබ්‍රමනියම් මහතාට අයත් කොටස්ය.
ඒ අනුව Arcasia සහ ATX එක්ව හිමි කරගෙන ඇති Industrial Asphalts (Ceylon) PLC හි කොටස් ප්‍රමාණය බිලියන 1.88 ක් (1,880,693,010ක්) ලෙස සටහන්ව තිබේ. මෙය සමස්ත කොටස් අතරින් සියයට 50.16 කි.
මෙහිදී අදාළ කොටස් ගනුදෙනු සිදු වූ මිල ගණන් පිළිබදව එම අවස්ථාවේදී අනාවරණය කිරිමක් සිදු කර නොමැති අතර, ඉදිරියේදී ඒ පිළිබදව අනාවරණය කරන බව Industrial Asphalts (Ceylon) PLC සඳහන් කරයි.
මේ අතර සියයට 50.16 ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමෙන් අනතුරුව Industrial Asphalts (Ceylon) PLC සමාගමේ ඉතිරි සියයට 49.84ක කොටස් ප්‍රතිශතයද අත්පත් කරගැනීමට එම කොටස් හිමිකරුවන්ට ස්වේච්ඡාවෙන් කොටස් අලෙවි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමටද Arcasia සහ ATX සැලසුම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd