IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අයවැය අපනයනයට ආර්ථික වර්ධනයට ශක්තියක්

අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය


2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා විවිධ දෘෂ්ටිකෝණවලින් ජාතික සංවර්ධනයට ප්‍රවේශ වන අයවැයක් ඉදිරිපත් කිරීමට රජය දරන උත්සාහය ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ ඇගයීමට ලක් වී ඇත.

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් නියෝජනය කරන ප්‍රමුඛතම වාණිජ මණ්ඩලය ලෙස, වෙළෙඳ හා අපනයන සම්බන්ධ විවිධ යෝජනා ඉදිරිපත් කරමින් මෙම ක්‍රියාවලියට දායක වීම පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ප්‍රසාදය පළ කර ඇත. ආර්ථික ප්‍රගතිය ඇති කිරීම සඳහා අපනයනය ඉටු කරන වැදගත් කාර්යභාරය රජය විසින් පිළිගෙන ඇති බව පිළිබිඹු කරමින් නිර්දේශ කිහිපයක් ජාතික අයවැයට ඇතුළත් කර තිබීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පැහැදිලි කර ඇත.

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම හඳුන්වාදීම අයවැයේ එක් විශේෂත්වයක් බවත්, එය අපනයන ධාරිතාව ඉහළ නැංවීම සහ වෙළෙදපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ අරමුණු සමඟ සමීපව සමපාත වන බවත් පැවැසෙයි. 

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (MSMEs) නව සහ පුළුල් වූ වෙළෙදපොළට ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම සඳහා රජය දක්වන කැපවීම ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සාදරයෙන් පිළිගන්නා බව පැවැසෙයි.අපනයන අංශය ශක්තිමත් කිරීම සහ කුඩා ව්‍යාපාරවලට ජාතික ආර්ථිකයට අර්ථවත් ලෙස දායක වීමට හැකිවීම සඳහා මෙම මුලපිරීම ඉතා වැදගත් වේ. 

අයවැයෙන් නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) සහ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවධාරණය කිරීම තවත් වැදගත් ඉදිරි පියවරකි. ශක්තිමත් වෙළෙඳ ගිවිසුම් සහ ගෝලීය සබඳතා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත වඩා හොඳ ප්‍රවේශයක් ලබා දෙනු ඇත.

අපනයනය ඉලක්ක කරගත් ආයෝජන දිරිගැන්වීමට සහ පාරිසරික කර්මාන්ත උද්‍යාන පිහිටුවීමට පියවර ගනිමින් තිරසාර සංවර්ධනයට ද අයවැයෙන් ප්‍රමුඛත්වය දී තිබේ. අවසාන වශයෙන්, ජාතික අයවැය 2025 වර්ෂය හරහා අපනයන ක්ෂේත්‍රයේ විවිධ අවශ්‍යතා සඳහා ආමන්ත්‍රණය කිරීමේ රජයේ සාකල්‍ය ප්‍රවේශය ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය අගය කරයි. 

 



අදහස් (0)

අයවැය අපනයනයට ආර්ථික වර්ධනයට ශක්තියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site