IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අපනයන ගම්මාන 5000 ක් ඉදිකිරීමට යයි

 (නිමල කොඩිතුවක්කු)
විදේශ වෙළඳපොළ ඉලක්ක කර රට තුළ අපනයන ගම්මාන 5000 ක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි ප‍්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය.
 
නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමේ  අරමුණින් දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවත්  අමාත්‍යවරයා සදහන් කළේය.අමාත්‍යංශයේ සංවර්ධන වැඩසටහන් වල ප‍්‍රගතිය සහ රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.
 
මෙම වැඩපිළිවලට සමගාමීව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තම අමාත්‍යංශය මඟින් රට පුරා අපනයන කෘෂි අධි කලාප 23 ක් සහ අපනයන මත්ස්‍ය අධි කලාප 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සදහන්  කළේය.
 
ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රය තුළ 39 ක වර්ධනයක් දක්නට ඇති බවත්, ඒ අනුව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ට වැඩි අදායමක් ලබා ගත හැකි වන පරිදි ඉලක්ක කරගනිමින් මෙම අපනයන ගම්මාන වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (10)

අපනයන ගම්මාන 5000 ක් ඉදිකිරීමට යයි

Raveendra Thursday, 08 August 2019 07:27 AM

අම්මේ දැන් නම් 60ට හැටේ වැඩ කරන්න ලෑස්තිය මේ ගොන් තඩියන්... මෙච්චර කල් දිව්‍ය ලෝකෙද හිටියේ ගොයියෝ? බූරුවන් තොරණ තරගය ළඟ එන බව කිව්වා විතරයි බුරුවන්, කොටළුවන්, කබරයන් ඔක්කොම බැහැලාම වැඩනේ...

:       321       120

rama Thursday, 08 August 2019 11:39 AM

දැන් අපනයන ගම්මාන හදලා මොනවා කරන්නද ඔක්කොම අපනයනය කරන්නේ ඇමතිවරුනේ

:       0       13

isurandi Thursday, 08 August 2019 11:51 AM

ඕක තමයි ලංකාවේ පවතින තත්වය. නින්දෙන් ඇහැරුනා වගේ වැඩ. තව හොද හොද විකාර ඡන්දෙ ලංවෙද්දි බලාගන්න පුළුවන්.

:       0       35

මෝ Thursday, 08 August 2019 07:11 PM

ලංකාවෙ ගම් කීයක් තියෙනවද? අනේ දෙයියනේ අපි ගැන හිතං ඉන්න හැටි.

:       0       0

Sumith Saturday, 10 August 2019 02:12 PM

ගොවියාට මාසයක් කන්න රුපියල් 1200 විශ්‍රාම වැටුපක් දෙන රටේ... කෘෂිකර්මයට පණ දෙන්න හදනවා.

:       49       37

senaka Sunday, 11 August 2019 08:41 AM

හා හා දවල්ද?

:       0       23

Gamini Tuesday, 13 August 2019 01:07 AM

කසල තේ අපනයනය මගින් තේ කර්මාන්තය විනාශ කිරීම, ගම්මිරිස් සහ කරුන්කා ප්‍රතිඅපනයනය මගින් අපගේ නිෂ්පාදනවලට පැවති වෙළඳපොල මිල විනාශ කිරීම, වැනි දේවල් නොකර, අලුතෙන් අපනයන ගම්මාන ඉදිකිරීමට පෙර දැනට තියෙන අපනයන ටික රැකගැනීම වැදගත්යයි මට සිතේ.. වෙනත් රටවල දේශය පාලනය කරන නායකයින් කරන්නේ තම රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදනවලට විදේශීය වෙළඳපොල තුල ඇති තැන තව තවත් ශක්තිමත් කිරීම වුවත් අපගේ අය කරන්නේ සාමාන්‍ය ජනතාව විසින් ගොඩනගාගෙන තියෙන තත්වයද, ලොකු එවුන් එකෙකුගේ දෙන්නෙකුගේ බඩ වඩා ගැනීම සඳහා සදාකාලිකවම විනාශ කිරීමය. ප්‍රථමයෙන් එය නැතිකලයුතුය. එබැවින් අද දින පවතින යථාර්තය ගැන කතා නොකර බොරු කියා ජනතාව මුලාවට පත්කළ හැකියැයි නොසිතීම වැදගත්ය.

:       0       4

kumara Thursday, 15 August 2019 03:59 AM

ගමේ ගොවියාගේ ගම්මිරිස් ටික කුරුඳු ටික, පැඟිරි ටික කුණු කොල්ලෙට අරන් බිලියන ගණන් ලබන දයා ගමගේ මහත්තයට ගොවියා මතක්වෙලා..

:       0       3

අප්පුහාමිMonday, 19 August 2019 01:44 AM

අපනයන ගම්මාන හදන්න ඉස්සර වෙලා ලංකාවේ වැවෙන දේශීය භෝග කිසිවක් ප්‍රති අපනයනය සදහා ගෙන්වීම වහාම නවතන්න. එවිට ඔබේ අදහස ඉටුකරන්න පහසුවේවි. ගොවියාටත් සාධාරණයක් ඉටුවේවි. ආරංචියක් තියෙනවා දැනට මෙරට පොල්මිළ ශීඝ්‍රයෙන් බැහැල තියෙන්නේ පිටි රටින් කොප්පරා ගෙනාපු නිසා කියල. කසල තේ නිසා තේ මිළත් බැහැල. කුරුඳු මිළත් බැහැල මේවාට ප්‍රතිකර්ම නොකර මොනවා කලත් වැඩක් නැහැ.මේවා කයිවාරු විතරයි

:       0       0

ගගන Monday, 19 August 2019 05:10 AM

බින්දුවක් වැරදීමෙන් වැඩියෙන් වැටිලද? මුළු ලංකාවේවත් ගම්මාන 5000ක් නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 60 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 50 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 23 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 57 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 717 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1398 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site