විමුක්ති එස් රුද්‍රිගු
අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා වැඩි දියුණු කරන ලද සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතියේ පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක පමණ (ශ්‍රී ලංකා රුපියල් මිලියන 770ක් පමණ) මුදලක් මුදා හැරි බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සිදුකළ සංචාරය අතරතුරදී දියත් කළ බව මහා කොමසාරිස් කාර්යාලය පැවැසුවේය. ඩොලර් මිලියන 14.87 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘතිය ණයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණත් පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාව සිදුකළ සංචාරයේදී එය ප්‍රදානයක් බවට පත් කෙරුණු බවද මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd