IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අන්‍යෝන්‍ය තීරුබදු සාකච්ඡා කඩිනමින් අවසන් කරනන් ඇමරිකාව සැරසෙයි

 

  • වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට හොඳම යෝජනා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය ඊයෙන් අවසන්
  • ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ ලබාදුන් සහන කාලය එළැඹෙන 7 වැනිදායින් අවසන්
  • ලෝකයේ රටවල් 71 කට අයත් මිලියන 84 ක ශ්‍රමිකයන් පිරිසකගේ රුකියා සෘජු හෝ වක්‍රව ඇමෙරිකාවේ සමස්ත ඉල්ලු‍ම මත යැපෙන සැපයුම් දාමය මත රුදිලා
  • ආසියාවේ සහ ශාන්තිකර කලාපයේ ශ්‍රමිකයන් මිලියන 56 ක රුකියා ඇමෙරිකාවේ සමස්ත ඉල්ලු‍ම මත රුදිලා
  • මතුව ඇති ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් ලෝක ශ්‍රම වෙළෙඳපොළට නව රුකියා අවස්ථා ලක්ෂ 70 ක් පමණ අහිමිවන ලකුණු
  • නව රුකියා අවස්ථා පුරෝකතනයත් ලක්ෂ 530 දක්වා පහළට

​විමුක්ති එස් රුද්‍රිගු


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ”‍අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ යටතේ පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට හෝ ලිහිල් කර ගැනීමට සාකච්ඡා මේසයට පැමිණි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක් සමග ඇමෙරිකාව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට ඉතාමත් ආසන්න බව බලධාරීන් ප්‍රකාශ කර තිබුණත්, තවමත් නිල වශයෙන් ගිවිසුමකට එළැඹ ඇත්තේ ප්‍රධාන හවුල්කරුවකු වන බ්‍රිතාන්‍ය සමග පමණක් බව විශේලේෂකයෝ පෙන්වා දෙති.

තීරු බද්ද අත්හිටුවමින් සිය වෙළෙඳ හවුල්කරුවන්ට ලබාදුන් සහන කාලය අවසන් වීමට ආසන්න බැවින් ගිවිසුම්වලට එළැඹීම සඳහා කරන සාකච්ඡා කඩිනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇති බව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය පවසයි.

වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම සඳහා තම තමන්ට ඉදිරිපත් කළ හැකි හොඳම යෝජනා ඊයේ (04)ට පෙර යොමුකරන ලෙස දන්වමින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සාකච්ඡා මේසයට පැමිණි රටවලට ලිපි මාර්ගයෙන් දැනුම් දී ඇත. එම ලිපියේ පිටපතක් රොයිටර්ස් පුවත් සේවයට ලැබී තිබිණි.

ප්‍රධාන අංශ කීපයක් ඔස්සේ හොඳම යෝජනා ඉදිරිපත් කරන ලෙස එහිදී එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන්ට දැනුම්දී ඇත. ඒ යටතේ ඇමෙරිකානු කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට බලාපොරොත්තු වන කෝටාව සහ බදු ප්‍රතිශත පිළිබඳව මෙන්ම ආනයන හා අපනයන සීමා කිරීමට ලක්වන බදු නොවන බාධක මග හරවා ගැනීම සඳහා තිබෙන සැලසුම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සාකච්ඡා මේසයට පැමිණි රටවලට දන්වා ඇත.

එසේම ඩිජිටල් වෙළෙඳාම සහ ආර්ථික ආරක්ෂාව පිළිබඳ ඕනෑම කැපවීමක්, ඒ ඒ රටට විශේෂිත කැපවීම්ද යෝජනාවල සඳහන් කරන ලෙසද වෙළෙඳ නියෝජිත කාර්යාලය ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන්ට පවසා ඇත.

‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය”‍ ලබාදුන් සහන කාලය එළැඹෙන 7 වැනිදායින් අවසන් වන අතර, එළැඹෙන 8 වැනිදා සිට නැවත වරක් එම බදු ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකාව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග මුහුණට මුහුණ සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති අතර, එම සාකච්ඡා ඵලදායි බවත් ඇමෙරිකා පාර්ශ්වයෙන් ධනාත්මක පිළිතුරක් බලාපොරොත්තු වන බවත් මෙරට බලධාරීහු පසුගියදා ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග නිරන්තරයෙන් සබඳතාව පවත්වා ගන්නා බවද ඔවූහු පැවැසුහ.

ජනපති ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය සහ වෙළෙඳ තීරණ ලෝක ශ්‍රම බලකායට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පුරෝකථනය කර ඇත. ලෝකයේ රටවල් 71 කට අයත් මිලියන 84 ක ශ්‍රමිකයන් පිරිසකගේ රැකියා සෘජු හෝ වක්‍රව ඇමෙරිකාවේ සමස්ත ඉල්ලු‍ම මත යැපෙන සැපයුම් දාමය මත රඳා පවතින බවත් එය සමස්ත ලෝක ශ්‍රම බලකායෙන් සියයට 4.3 ක් බවත් එම සංවිධානය පවසයි. එසේම ආසියාවේ සහ ශාන්තිකර කලාපයේ ශ්‍රමිකයන් මිලියන 56 ක රැකියා ඇමෙරිකාවේ සමස්ත ඉල්ලු‍ම මත රඳා පවතින බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කළේය.

එසේම ඇමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තියත්, මතුව ඇති ගෝලීය අවිනිශ්චිතතාත් හේතුවෙන් ලෝක ශ්‍රම වෙළෙඳපොළට නව රැකියා අවස්ථා ලක්ෂ 70 ක් පමණ අහිමි වනු ඇතැයිද එම සංවිධානය පවසයි. මෙම වසර මුලදී රැකියා වර්ධන අනුපාතය සියයට 1.7 කට ළඟා වෙමින් නව රැකියා අවස්ථා ලක්ෂ 600 ක් නිර්මාණය වනු ඇතැයි පුරෝකථනය කර තිබුණත් එම පුරෝකථනය ලක්ෂ 530 දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය කටයුතු කර ඇත.

ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්ද එළැඹෙන 8 වැනිදා ක්‍රියාත්මක වුවහොත් ඉන් වැඩිම බලපෑම එල්ල වන්නේ ඇඟලු‍ම් කර්මාන්තයටය. ඇඟලු‍ම් කර්මාන්තය සෘජුව සහ වක්‍රව මෙරට ලක්ෂ 4 ක පමණ පිරිසකට රැකියා සපයයි.

එක්සත් ජනපද වෙ​ෙළඳ නියෝජිත කාර්යාලයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්වි පාර්ශ්වික වෙළෙඳාමේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 කි. පසුගිය වසරේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 368.2 භාණ්ඩ අපනයනය කර තිබූ අතර 2023 වසරට සාපේක්ෂව සියයට 4.9 ක ඉහළ යාමක්ද විය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර තිබෙන අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 6.1 ඉහළ යාමකි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 කි.

ශ්‍රී ලංකාව ඇමෙරිකානු භාණ්ඩ සඳහා මෙරටදී සියයට 88 ක තීරු බද්දක් පනවන බවට ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරයි.

 



අදහස් (0)

අන්‍යෝන්‍ය තීරුබදු සාකච්ඡා කඩිනමින් අවසන් කරනන් ඇමරිකාව සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 55 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2008 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site