කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු ‘ WCIC ප්‍රතිභාභිෂේක - කාන්තා ව්‍යවසායිකා සම්මාන 2025‘ උළෙලේ නිල බැංකු සහකරු ලෙස කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) සමග අත්වැල් බැඳගනිමින්, DFCC බැංකුවේ ‘DFCC ආලෝකා’ කාන්තා බැංකුකරණ ඒකකය මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමේ සිය දීර්ඝකාලීන කැපවීම නැවතත් තහවුරු කරන ලදී.
ශ්‍රී ලංකාව සහ සාර්ක් කලාපය පුරා නවෝත්පාදනය, රැකියා උත්පාදනය සහ ආර්ථික වර්ධනය සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ව්‍යවසායිකාවන් ඇගයීම සඳහා වූ ප්‍රධානතම වේදිකාවක් වන ප්‍රතිභාභිෂේක සම්මාන උළෙලට DFCC ආලෝකා අඛණ්ඩව අනුග්‍රහය දැක්වූ සිව්වැනි වසර මෙයයි.
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලෙන් ඔරොත්තු දීමේ හැකියාව, නායකත්වය සහ මැනිය හැකි ව්‍යාපාරික බලපෑමක් පෙන්නුම් කරන කාන්තා ව්‍යවසායකත්වය ඇගයීමට ලක් කරන අතර, එමගින් තවත් කාන්තාවන් ව්‍යවසායකත්වයට යොමු කිරීමටත් රටේ සමස්ත ව්‍යවසායක පද්ධතිය ශක්තිමත් කිරීමටත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. එහි නිල බැංකු සහකරු ලෙස කටයුතු කරමින් DFCC බැංකුව, කාන්තා ව්‍යවසායිකාවන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන නිර්මාණය කළ DFCC ආලෝකා DFCC ඔවුන්ගේ ආර්ථික සහභාගීත්වය තහවුරු කිරීමට කැපවී සිටින අතර, විශේෂිත මූල්‍ය විසඳුම්, උපදේශන සේවා සහ දිගුකාලීන හවුල්කාරිත්වයෙන් කාන්තා ව්‍යාපාර විශ්වාසයෙන් යුතුව ආරම්භ කිරීමටත්, පවත්වාගෙන යාමටත්, වර්ධනය කිරීමටත් අවශ්‍ය සහාය ලබා දෙයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය. කාන්තා ව්‍යවසායිකාවන් හමුවේ ඇති බාධක ඉවත් කර ඔවුන්ට තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට ප්‍රායෝගික මංපෙත් විවර කිරීමේ පැහැදිලි අරමුණින් DFCC ආලෝකා නිර්මාණය කළ බවත්, WCIC සහ ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල සමඟ පවත්වන මෙම අඛණ්ඩ සබඳතාවෙන් නායකත්වය සහ නවෝත්පාදනය හරහා ආර්ථික ප්‍රගතියට දායක වන කාන්තාවන් දිරිමත් කිරීමට බැංකුව තුළ ඇති කැපවීම පිළිබිඹු වනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd