IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


Vegolicious වෙතින් බහු ධාන්‍ය අධි ප්‍රෝටීන් නූඩ්ල්ස්, පපඩම්, පැස්ටා හා කුකීස් රැසක්

මෙරට පළමු ශාක ප්‍රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious ධාන්‍ය වර්ග රැසකින් නිෂ්පාදනය කරන අධි ප්‍රෝටීන් සපිරි නූඩ්ල්ස්, පපඩම්, පැස්ටා සහ කුකීස් නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් සිය නිෂ්පාදන පරාසය පුළුල් කර තිබේ. දේශීය ධාන්‍ය සැපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Vegolicious සිය නිෂ්පාදන සඳහා තිරිඟු‍ පිටි වෙනුවට මුං ඇට, කඩල, රතු කව්පි, වටානා පරිප්පු, රතු පරිප්පු වැනි ධාන්‍යවලින් ගන්නා පිටි යොදා ගනී. 
වෙළෙඳපොළේ ඇති බොහෝ නිෂ්පාදනවලින් ලැබෙන ප්‍රමාණයට වඩා ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් මෙම නිෂ්පාදනවල අන්තර්ගත වේ. බහු ධාන්‍ය පැස්ටා, පපඩම්, කජු හා රට කජු කුකීස්, රට ඉඳි කුකීස්, චොක්ලට් චිප් කුකීස්, කෙසෙල් ඕට්ස් කුකීස් පසුගිය දා හඳුන්වා දුන් අධි ප්‍රෝටීන් නිෂ්පාදන අතරින් කිහිපයකි. 
අලු‍තෙන් හඳුන්වා දුන් නූඩ්ල්ස් පරිප්පු හා රනිල කුලයේ පැළෑටිවලින් ගන්නා අමුද්‍රව්‍යවලින් නිපදවා ඇත. එම නූඩ්ල්ස් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 17.8ක් සහ තන්තු ග්‍රෑම් පහක් අන්තර්ගත වේ. තමන් ප්‍රිය කරන රසයෙන් යුතු ආහාරයක් ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිතව ගත හැකි වීම පාරිභෝගිකයන්ට ලැබෙන වාසියකි. ක්‍රියාශීලි හා වඩාත් සමබර ආහාර වේලක් ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට සුදුසු නිෂ්පාදන ලෙස මේවා හැඳින්විය හැකිය. කොකෝවා සහ චොක්ලට් චිප් යොදා ගෙන නිපදවන චොක්ලට් චිප් කුකීස් ශාක ප්‍රෝටීන් මිශ්‍රණයකින් සමන්විත වේ. ඉදුණු කෙසෙල් හා ඕට්ස් සහිත කෙසෙල් ඕට්ස් කුකීස් සීනි රහිත නිෂ්පාදනයකි. තන්තු, පොටෑසියම්, මැග්නීසියම් හා ප්‍රති ඔක්සිකාරක සහිත ස්වාභාවික පැණි රසයෙන් යුතු නිෂ්පාදනයක් සොයන පාරිභෝගිකයන්ට රට ඉඳි කුකීස් හඳුන්වා දී තිබේ. දක්ෂ ආහාර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් කණ්ඩායමකින් සමන්විත Misa Foods and Beverages පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සෑම Vegolicious නිෂ්පාදනයක්ම දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුගත වේ. එම සමාගම නිරෝගීභාවය, තිරසාරහාවය හා ශාක පදනම් කර ගත් ආහාර රටා පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරයි.



අදහස් (0)

Vegolicious වෙතින් බහු ධාන්‍ය අධි ප්‍රෝටීන් නූඩ්ල්ස්, පපඩම්, පැස්ටා හා කුකීස් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site