භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ටින් මාළු නිෂ්පාදන සමාගමක් වන Tess Agro PLC සමාගම රුපියල් 671,071,291ක් වන සිය ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 263,000,000ක් දක්වා රු.මි. 408කින් (408,071,291) කින් පහත හෙළිමට යෝජනා කරන බව පවසයි. සමාගම මුහුණ දී ඇති අලාභ මෙම තීරණයට හේතුව වී තිබේ. මේ සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද පසුගියදා හිමිව ඇත.
මෙහිදී දැනට නිකුත් කරන ඇති සෑම ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාවේ වෙනස්කමක් නොකර මෙම පියවර ගන්නා බව සමාගම පවසා සිටියි. Tess Agro PLC සමාගමට අනුව අද වනවිට සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 677,063,049ක් සහ නිෂ්ඡන්ද කොටස් 66,666,667ක් මගින් මෙම ප්‍රකාශිත ප්‍රාග්ධනය සමන්විත වී තිබේ. කෙසේ වෙතත් මෙම තීරණය සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇත.
2025 මාර්තු 31 වනවිට සමාගම ලබා ඇති සමස්ත පාඩුව රු.මි. 461ක් (461,631,703ක්) වී තිබේ. ඒ අනුව ඉන් රු.මි. 408ක් (408,071,291ක්) ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් කපා හරින බව සමාගම පවසයි. මේ සමගින්ම සමාගම ලබා ඇති පාඩුව රු.මි. 53ක් (53,560,412ක්) දක්වා අඩු වන බවත් සමාගම පවසයි
මෙලෙස ප්‍රකාශිත ප්‍රාග්ධනය අඩු කිරීමත් සමගින්ම සමාගමේ කොටස් සම්බන්ධයෙන් පවතින ඍණාත්මක මට්ටම ඉවත් වනු ඇති බවත්, ලාභාංශ ගෙවීමට සහ අනාගත අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් හැකියාව දියුණු වනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Tess Agro ප්‍රකාශිත ප්‍රාග්ධනය රැ.මි. 408 කින් පහළ දමයි