IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


TechKids සාර්ථකව නිමකළ සිසුන්ට සහතික

තොරතුරු තාක්ෂණය පිළිබද ප්‍රමුඛතම ආයතනයක වන  SLASSCOM ආයතනයේ ධාරිතා සංසදය විසින් සංවිධානය කළ තාක්ෂණ සහ කේතකරණය වැඩසටහන (TechKids) සාර්ථකව නිමකළ සිසුන්ට සහතික පත් ප්‍රදානය කිරීම ඉකුත් දා රාජකීය විද්‍යාලයේ RCU නිපුණතා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Covid 19 වසංගතයේ උච්චතම අවස්ථාව වන විට සිසුන් 19 දෙනෙකුගෙන් පමණක් ආරම්භ කල රාජකීය විද්‍යාලිය සංගමිය නිපුණතා මධ්‍යස්ථානයේ SLASSCOM TechKids කේතකරණ සමාජය වර්තමානය වනවිට සිසුන් 132 දෙනෙක් TechKids වැඩසටහනේ පළමු අදියර සාර්ථකව නිම කිරීමට සමත් වූහ.

RCU නිපුනතා මධ්‍යස්ථානයේ සභාපති ගයන්ත වීරකෝන්, RCU නිපුණතා මධ්‍යස්ථානයේ ලේකම් තේජක පෙරේරා, RCU නිපුණතා මධ්‍යස්ථානයේ භාණ්ඩාගාරික සජාඩ් ගෆූර්, RCU නිපුණතා මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන කළමනාකරු හර්ෂණ අධිකාරී, SLASSCOM TechKids වැඩසටහන් ප්‍රධානි චමිල් ජීවන්ත, SLASSCOM TechKids වැඩසටහන් කළමනාකාරිනි හසිනි නාරංගොඩ යන මහත්ම මහත්මීන් සම්භාවනීය අමුත්තන් ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

TechKids සාර්ථකව නිමකළ සිසුන්ට සහතික

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site