IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


Softlogic සහ Huawei එකතුවෙන් නවතම ආයතනික තාක්ෂණික විසඳුම්

ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei (හුවාවේ) සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී අනුබද්ධ සමාගමක් වන, සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම සමඟ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වන එන්ටර්ප්‍රයිස් සොලියුෂන්ස් ක්ලවුඩ් (Cloud) සහ පරිගණක භාවිත කෘත්‍රිම බුද්ධි විසඳුම් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට සේවා සැපයීමේ හවුල්කාරිත්වයකට පසුගියදා එළැඹියේය.

“පසුගිය දශකය තුළ බොහෝ තාක්ෂණික විප්ලව සිදුවී ඇත. අන්තර්ජාල විප්ලවය, ජංගම දුරකථන විප්ලවය සහ සමාජ මාධ්‍ය විප්ලවය මින් කිහිපයකි. කෙසේ වෙතත් මෙම වෙනස්කම්වලට අනුගත නොවූ සංවිධාන රාශියක් ශ්‍රී ලංකාවේ ඇත. සොෆ්ට්ලොජික් හි අප උත්සාහ කරන්නේ ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීමට ඔවුන්ට උපකාර කිරීමයි. සොෆ්ට්ලොජික් හි අපට මෙම පරිවර්තනය සිදු කිරීම සඳහා ආයතනවලට උපකාර කිරීමට බොහෝ අත්දැකීම් තියෙනවා” සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා පැවසීය. “ලෝක බැංකුවට අනුව ගෝලීය ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 86.598 ක් වන අතර එයින් ඩිජිටල් ආර්ථිකය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් පමණ දායක වන අතර 2025 වන විට සියයට24.3 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ” (UNCTADට අනුව).

මෙම අවස්ථාවට සහභාගි වෙමින් Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ලියැන් යී මහතා මෙසේ පැවසීය, “සොෆ්ට්ලොජික් සමඟ ඇතිකරගත් මෙම සම්බන්ධතාව මඟින් ශ්‍රී ලංකා වෙළෙඳපොළට අපගේ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසඳුම්, උදාහරණ ලෙස ක්ලවුඩ්, AI සහ Smart city තාක්ෂණය ලබා දීමට අපට හැකි වීම ඉතාමත් වැදගත්. මේ සඳහා දුරකථන සේවා මෙන්ම ආයතනික ජාල, උපාංග සහ ක්ලවුඩ් සේවා සහ සබැඳි විසඳුම් ලෙස අද්විතීය තරගකාරී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICT) කළඹක් Huawei සතුව ඇත.

“වර්තමාන ලෝකයේ, සහයෝගීතාවයෙන් කණ්ඩායම් වැඩ කරන ඕනෑම තැනක එකට වැඩ කරමින් සාමූහික ආයතනික ඉලක්ක ළඟා කර ගැනීමට මෙන්ම දෛනික කාර්යාල කටයුතුවල දී එම කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය වූ සම්බන්ධිත කාර්යාල පද්ධති අත්‍යවශ්‍ය වන අතර එහිදී ක්ලවුඩ් සේවා සමගින් බාධාවකින් තොරව වඩාත් පහසු පරිශීලක කේන්ද්‍රීය අත්දැකීමක් ලබා දීමට මෙම තාක්ෂණික විසඳුම් නිර්මාණය කර ඇත”.



අදහස් (0)

Softlogic සහ Huawei එකතුවෙන් නවතම ආයතනික තාක්ෂණික විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31129 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13258 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site