IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


SLT – ඩිජිටල් සර්විසස් සහ Surge Global හවුල්කාරීත්වයක්

SLT – මොබිටෙල් හි අලෙවිකරණ සේවා සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT – ඩිජිටල් සර්විසස් ශ්‍රී ලාංකික තාක්ෂණික හා අලෙවිකරණ උපදේශක සමාගමක්වන Surge Global සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹී ඇත. දත්ත පදනම් කරගත් අලෙවිකරණය ප්‍රවර්ධනය සහ ආයතනික මෘදුකාංග විසඳුම් නිර්මාණය එහි මූලික අරමුණ වී තිබේ.

මෙම හවුල්කාරීත්වය, ව්‍යාපාරවලට තම ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් පූර්ණ වශයෙන් කළමනාකරණය කරගැනීමට මහෝපකාරී වනු ඇත. ඩිජිටල්  අවකාශ තුළ සන්නාම ජනප්‍රිය කරවීම සඳහා දත්ත මත පදනම් වූ ක්‍රමවේද අනුගමනය කිරීමට මගපෙන්වීම මෙහි මූලික අරමුණයි. මෙහිදී දේශීය දැනුම සහ ගෝලීය ප්‍රමිතී භාවිතා කිරීමෙන් දේශීය හා ජාත්‍යන්තර අවකාශ ජයගැනීමටත්, තම පාරිභෝගිකයන්ට දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීමටත් ව්‍යාපාරවලට හැකි වනු ඇත.

“අද දවසේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් දියුණුව කරා යාමේදී ව්‍යාපාරවලට නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදුවනවා. SLT-DIGITAL සහ Surge Global අතර මෙම හවුල්කාරීත්වය ඇතිකරගනු ලැබුවේ, ඩිජිටල් යුගය තුළ මහා පරිමාණ සමාගම්වලට නවීනතම ව්‍යාපාරික විසඳුම් සැපයීමේ අරමුණ පෙරදැරිවයි. මෙම පාරිභෝගිකයන්ගේ ඩිජිටල් පරිවර්තනය බලගන්වමින්, අන්තර්ජාල විසඳුම්වල සිට Growth Marketing සහ ව්‍යාපාරික මෘදුකාංග නිර්මාණය දක්වා පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් සැපයීමේ හැකියාව SLT-ඩිජිටල් සර්විසස් සතුයි. ගෝලීය තාක්ෂණය හා ක්‍රමෝපාය දේශීය සන්නාම වෙත හඳුන්වා දෙමින්, දැනට සිටින සහ අනාගත පාරිභෝගිකයන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමට අපට හැකියාව තිබෙනවා. SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා පැවසී ය.

“වර්තමානයේ වේගයෙන් විකාශනයවන ඩිජිටල් තාක්ෂණික අවකාශය තුළ පාරිභෝගික අපේක්ෂා වඩාත් සංකීර්ණ වී තිබෙනවා. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ, තමන්ට වඩාත් හොඳින් ගැළපෙන සේවාවක් විවිධ ක්‍රමවේද ඔස්සේ අඛණ්ඩව තමන් වෙත හිමිවීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් ඩිජිටල් පරිවර්තනයේ ආරම්භයේ සිටම මෘදුකාංග නිර්මාණය සහ නිෂ්පාදන ප්‍රති-ඉංජිනේරුකරණය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකිරීමට ව්‍යාපාරවලට සිදු වී තිබෙනවා.  SLT-DIGITAL සහ Surge Global මෙලෙස අත්වැල් බැඳගත්තේ ඒ සඳහා පාරිභෝගිකයන්ට අත්වැලක් සපයමින්, ඔවුන්ගේ ආයෝජනවලට උපරිම ප්‍රතිලාභ ලබාදෙන විසඳුම් නිර්මාණය කිරීමටයි.” SLT- ඩිජිටල් සර්විසස් ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

595



අදහස් (1)

SLT – ඩිජිටල් සර්විසස් සහ Surge Global හවුල්කාරීත්වයක්

MDD Thursday, 19 October 2023 11:57 PM

MY 0343151745 SPEED 1KB PER SECOND.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site