ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලැබූ 2024 සන්නාම විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ වසරේ හරිත සන්නාමය’ ලෙස බැංකුව රන් සම්මානට පාත්‍ර විය‘
තිරසාරත්වයෙන් ඔබ්බට ගොස් රට පුරා සිටින ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට ජාතික වශයෙන් වැදගත් මුලපිරීම් සිදු කිරීමට සහ එම මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට බැංකුව කර ඇති සැලකිය යුතු ආයෝජන මෙම සම්මානය සඳහා හඳුනාගනු ලැබීය.
මෙහිදී 2023 වසරේ දී බැංකුව විසින් දියත් කරන ලදි. ‘තුරු පිරි රටක්’ වැඩසටහන යටතේ පාරිසරික වශයෙන් වැදගත් ස්ථානවල ගස් 100,000ක් සිටුවීම මාස 12ක් ඇතුළත සම්පූර්ණ කිරීමත් සහ තවත් එවැනිම ගස් 100,000ක් සිටුවීම සඳහා බැංකුවේ ඇති කැපවීමත් මෙම මුලපිරිම් අතර ප්‍රමුඛ විය‘
2021 වසරේදී පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100ක් තුලනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව යන ජයග්‍රහණය ලබා ගත් කොමර්ෂල් බැංකුවේ තිරසාරත්ව ගමන් මග වසර 25 කට පෙර ආරම්භ වූ අතර පසුගිය වසර හතර තුළ එය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එය බැංකුවට මෙන්ම රටට ද තිරසාරත්වයට සම්බන්ධ අවස්ථා කිහිපයක් ජනනය කර ඇත‘
SLIM හි වසරේ හරිත සන්නාමය’ සඳහා තක්සේරු කරන ලද වසරේදී කොමර්ෂල් බැංකුව සිය CO2 විමෝචනය තවත් ටොන් 233,918 කින් අඩු කරමින්” කඩදාසි භාවිතය සියයට 47,57 කින් අඩු කර කිලෝග්‍රෑම් 286,240 ක කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කර සූර්ය ශක්තියෙන් බලගැන්වෙන ශාඛා සංඛ්‍යාව 82 දක්වාත් වැඩි කරන ලදී‘.
මෙම වසරේ අනෙකුත් වැදගත් ජයග්‍රහණ අතර” ශ්‍රී ලංකාවේ පළමු හරිත නිවාස ණය යෝජනා ක්‍රමය දියත් කිරීම සහ කොම්බැන්ක් ඩිජිටල් යෙදුම සඳහා පරිශීලකයන් සංඛ්‍යාව මිලියනයක් පසු කරමින් තිරසාර බැංකු කටයුතු ප්‍රවර්ධනය කිරීම වන්නේය‘
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙදපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ‘ ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුණු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි” ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ‘ බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඞ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි‘
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
SLIM ‘වසරේ හරිත සන්නාමය’ රන් සම්මානය කොමර්ෂල් බැංකුවට